Thursday, October 24, 2019

බඩුව...


බඩුවක් කියන්නේ මොකක්ද? ආහ් සමාවෙන්න ඔබ හිතුවේ මම මේ “බඩුවක්” කියල ගැහැණු ළමයිට කියන වචනේ අදහස් කරා කියලද? අනේ නෑ. ඒත් ඔබට එහෙම හිතුනු නිසා අපි ඒකත් බලමු ඇයි මේ ගැහැණු ළමයින්ට  “බඩුව” කියලා කියන්නේ කියලත්.

බඩුව කියන්නේ මොකක්ද?

බඩුව කියන්නේ අපි පාවිච්චි කරන දෙයකට. නැත්නම් පාවිච්චි වෙන දෙයකට.

අපි යමක් පාවිච්චි කරනවා නම් ඒක බඩුවක්. යමක් අපෙන් පාවිච්චි වෙනවා නම් ඒක බඩුවක්.

මම බඩු ගන්න කඩේට යනවා.
මම එද්දී බඩු ටික අරන් එන්නම්.
අපේ මාමා රට ඉඳන් බඩු වගයක් එවලා.

මේ ඔක්කොම අපි එදිනෙදා පාවිච්චි කරන දේවල් කියන අර්තයනේ.

එක තේරුම් ගන්න එච්චර අමාරු නෑ.

බඩුව කියල ගැහැණු ළමයින්ට කියන්නේ ඇයි?

ඒකත් ඉතින් කලින් උත්තරේ ඇතුලෙම තියෙනවා. අපි පාවිච්චි කරන හෝ අපෙන් පාවිච්චි වෙන ගැහැණු ළමයෙක් “බඩුවක" කියල අඳුන්වනවා.

මෙන්න මේක තේරුම් ගන්න බැරි මොකද කියන එකයි ඇත්තටම ප්‍රශ්නෙත්.

හැම ගැහැණු ළමයෙක්ම බඩුවක් ද?

අපෝ නෑ. බඩුවක් කියලා පිරිමි ළමයි කියන්නේ එකකට වැඩි පිරිසකගෙන් පාවිච්චි වෙන ගැහැණු ළමයෙක්ට මිසක් තමන්ගේ පෙම්වතා මත්තේ නැහෙන ගැහැණු ළමයින්ට නෙමෙයි.

කීපදෙනෙක් ගෙන් එක පාර පාවිච්චි වෙන ගැහැණු ළමයත් බඩුවක් කියල කියනවා, එක්කෙනෙක් ගෙන් පස්සේ තව එක්කෙනෙක් විදියට කීප දෙනෙක් ගෙන් පාවිච්චි වෙන ගැහැණු ළමයත් බඩුවක් කියල කියනවා.

ඒ උනාට ඇඳුමෙන් පැළඳුමෙන් නුත් ගැහැණු ළමයින්ට බඩුව කියලා කියන්නේ..?

ඔව් එහෙමත් කියනවා.

එහෙම කියන්නේ හැබැයි ලස්සනට ඇඟ වැහෙන්න ඇඳලා, පිළිවෙලකට, චාම් විදියට ඇඳන් යන ගැහැණු ළමයින්ට නම් නෙමෙයි.

ඇඟ පේන්න, කොටට, පටි පේන්න ඇඳුම් ඇඳන් යන, කිසිම පිළිවෙලක් නැති, ඉරිච්ච කලිසම් බ්ලවුස් ඇඳන් යන, පච්ච ගහන් ඉන්න ඕනෙවට වඩා විලාසිතා කරන ගැහැණු ළමයින්ට විතරයි.

ඒත් එහෙම කියන්න මොකක්ද තියෙන අයිතිය, ඒක ඒ ගැහැණු ළමයින්ගේ කැමැත්ත. කාටවත් මොකද කවුරු කොහොම ඇන්දම..?

ඒක හරි. කාටවත් මොකද කවුරු කොහොම ඇන්දම. මේක නිදහස් රටක්.

ඒත් ඉතින් අනිත් මිනිස්සු ත් ජීවත් වෙන්නේ මේ රටෙමනේ. එහෙම ඇඳන් යද්දී ඒ දිහා නොබලා ඉන්න නම් ඉතින් රහත් වෙලා ඉන්න ඕනේ. රහත් නැති ඕනෙම මනුස්සයෙක් ඒ දිහා බලලා සිතක් ඇති කරගන්නවා. ඉතින් එතකොට එහෙම ඇඳන් ආපු අය නිකන් ඔරවාගෙන, තරහෙන් පුපුරා පුපුරා කනට ගහන්න වගේ දත්මිටි කනවා.

මෙතන දෙගොල්ලොම හරිද, දෙගොල්ලොම වැරදිද. අනේ මන්ද.

ඒත් මෙහෙම වුනා නම්, මිනිස්සු රහත් වෙලා නැති බව දන්නා නිසා, එහෙම ඇඳන් එන එක තමන්ගේ කැමැත්ත නම්, එහෙම ආවම බලනවා කියලත් දන්නවා නම්, එහෙම බලද්දී ඔරවන්නේ නැතුව ඒ මනුස්සයට තමන්ගේ එලියට පේන දේවල් රසවිඳින්න ඉඩ දුන්න නම් හරි.
අනිත් මිනිස්සුත් එහෙම ආවම, රහත් නැත්නම් ඉතින් බලනවනේ, ඒ නිසා රසවින්දට මුකුත් කියන්නත් බෑ නේ.

අන්න එහෙම හිතුව නම් මේ ප්‍රශ්නේ ඉවරයි.

ඒත් වෙන්නේ අනිත් පැත්ත.

එහෙම ඇඳන් ඇවිත්, බලද්දී ඔරවනවා. එහෙනම් ඇයි ඇන්දේ?

මෙන්න මේ නිසා තමයි සමාජය ඉරක් ගහල තියෙන්නේ සංස්කෘතිය කියන දේ මගින්.
කෙනෙක් පච්ච ගහනවා නම්, කොටට අඳිනවා නම්, ඇඟ පේන්න අඳිනවා නම්, විකාර විලාසිතා කරනවා නම්, ඒ අය එහෙම අනිත් අයට පෙනුනට කමක් නැති නිසයි එහෙම කරන්නේ. ඉතින් ඒ අය කැමතියි අනිත් අයගේ ඇස් වලින් ඔවුන්ව ඉඳුල් වෙනවට. ඉතින් ඔවුන් කැමතියි ඇස් වලින් පාවිච්චි වෙන්න.

ඉතින් පාවිච්චි වෙන අයට කියන්නේ බඩු කියලනේ. එහෙනම් එකත් වැරදි නෑ.

ඔබ පාවිච්චි වෙන්න කැමති නම්, හණමිටි අදහස්, බම්බුවේ සංස්කෘතිය වගේ වචන කිය කියා ඉන්න ඕනේ නෑ. ඔබේ කැමැත්ත ඔබ කරන්න. ඔබ ඔබේ කැමැත්ත කරද්දී සමාජය ඔවුන්ගේ කැමැත්ත කරාවි.

ඔබ කියනවා නම් තමන් කැමති විදියට වැඩ කරන්න මේ සමාජයේ නිදහස තියෙයි කියල, සමාජය කැමති විදියට හිතන්නත් ඔවුන්ට නිදහස තියෙනවා. ඔබේම තර්කය ඔවුන්ටත් අදාලයි.

අපි වටිනා යමක් ගෙනාවොත්. ඒ වටිනා දේ පරිස්සමට කැබිනට් එකේ දාලා, දූවිලි වදින්නේ නැති වෙන්න, ඉටි කොලේ වත් කඩන්නේ නැතුව, පරිස්සමට අරන් තියල තියනවා. සැරින් සැරේ පිහිදලා පිරිසිදු කරනවා. ඒ මොකද ඒක වටිනා නිසා.

හැබැයි අපි හැමතිස්සෙම පාවිච්චි කරන බඩු අපි එහෙම කැබිනට් එකේ දාලා පරිස්සම් කරන්නේ නෑ. ඔහේ තියෙන තැනක තියෙනවා. අද මෙතන, තව ටිකකින් තව තැනක. දූවිලි වැදුනත් එකයි නැතත් එකයි. බිම වැටිලා කැඩුනත් එකයි නැතත් එකයි. පාවිච්චි කරන්නෙත් එහෙම ඕනේ කමින් පරිස්සමින් නෙමෙයි.
ඔබ තීරණය කරන්න ඔබ කැබිනට් එකේ ඉන්නවද එළියේ පාවිච්චි වෙනවද කියලා.

සමහර ගැහැණු ළමයින්ව කොච්චර කැබිනට් එකේ දාලා පරිස්සමට බලාගන්න, වටිනාකමක් දෙන්න හැදුවත් ඔවුන්ට ඕනෙම කැබිනට් එකේ ජීවිතේ නෙමෙයි. ඔවුන්ට ඕනෙම එළියේ පාවිච්චි වෙන්න. කැඩෙන්න, බිඳෙන්න, අරපරිස්සමක් නැතුව පාවිච්චි වෙන්න, දූවිලි වදින්න.

තවත් සමහර ගැහැණු ළමයි ඉන්නවා ඔවුන්ව සමාජයෙන් පාවිච්චි කරනවා බඩුවක් වගේ, ඒත් ඔවුන්ට ඕනේ කැබිනට් එකේ තැනක්. ඔවුන් කැමති වටිනාකමක් ලැබෙනවට.

මේ දෙගොල්ලොම මේ සමාජයේ ඉන්න ගැහැණු ළමයින්ගේ හරස් කඩක්. ඔබ ගැහැණු ළමයෙක් නම් හිතන්න ඔබේ වැටෙන්නේ කැබිනට් එකටද, නැත්නම් එළියේ දුහුවිලි ගොඩටද කියලා.

ඔබ පිරිමි ළමයෙක් නම් හිතන්න, ඔබ මේ ගැහැණු ළමයින්ව කැබිනට් එකේ දාල වටිනාකමක් දෙන කෙනෙක්ද නැත්නම් පාවිච්චියට ගන්න කෙනෙක් ද කියලා.

No comments:

Post a Comment