දේව්දාස් සති අන්තේ රුහුණු විශ්ව විද්‍යාලේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරන බව කලින් කිව්වනේ... ඔන්න ඔය ගමන යන්න ගිහින් තමයි මේ දේවල් උනේ... නමුත් මෙතනින් ඔබ්බට සිදු වූ දේවල්...
වේලාසනින් දේශන ශාලාවට ගිය දේව් කව්රුවත්ම ඇවිත් හිටියේ නැති නිසා නිකමට විශ්ව විද්‍යාලය වටේ ඇවිදලා එන්න තීරණය කළා... මුළු විශ්ව විද්‍යාල භූමියේම ඇවිදින්න දවසක් නුත් මදි නිසා ටිකක් දුර ගිහින් ආයෙත් ශාලාවට ආවා.... ඇවිත් අනිත් අය කීයට එයිද කියල හිත හිතා ඉන්නකොට දේව් නිකමට ලේන්සුව නහයට ලං කරගත්තා...
දේව් ගේ පාර්වතිය, නැතිනම් පාරෝ නම් වූ ඒ අහිංසකාවිය වෙතින් හමා ආවා වූ, දේව් ගේ හදවතේ යම් සැඟවුණු පෙදෙසක අදටත් රහසින් සැඟවී තිබෙන්නා වූ එම සුවඳ, දේව් ගේ මතකයට නැගුනේ කෙසේදැයි දේව් මදක් සිතන්නට විය...
"මට සෙන්ට් ගන්න සල්ලි නෑ දේව්. තිබුනත් මේ ඔඩිකොලෝන් එක මට හොඳයි... මම මේ සුවඳට ආසයි..."
"ඉතින් සෙන්ට් එක වගේ ඔඩිකොලෝන් එක spray කරන්න බෑ නේ..."
"ඔව්, බෑ තමයි. මම ඔඩිකොලෝන් ටිකක් ඔලුවට දාගෙන, ලේන්සුවටත් දාගෙන එන්නේ..."
"එතකොට මේ මෙච්චර සුවඳ එකයි එහෙනම්..."
දේව්දාස් ටත් නොදැනීම දේව් ගේ හිත අතීත සිද්ධීන් වලින් දේව් ගේ හිත පුරවන්නට විය... අතිශය චාම් යුවතියක් වූ ඇයව, දේව් අහිමි කර ගත් කාරණාව ඇයද තවමත් නොදන්නවා විය හැකිය... ඇය ඒ බැව් දැන ගත්තද නැවත දේව් හට ඇය නොලැබෙන බව දේව් නියත වශයෙන්ම දනී...
"පාරෝ, මට ඔයාගේ ලේන්සුවක් දෙනවද...?"
"අනේ දේව් දන්නේ නැද්ද ලේන්සු දුන්නම තරහ වෙනවා කියලා..."
"හ්ම්ම් එහෙනම් එපා..."
පාරෝ, හොඳින් බලන්න, ඔයාගේ සුදු පාට කොටු වැටිච්ච රෝස පාටට හුරු ලේන්සුව තියේද කියල... බැලුවට වැඩක් වෙන්නේ නෑ... ඒක මගේ ලඟ...
ඔබගෙන් ලැබූ සෑම මතකයක් මෙන්ම, සෑම මතක සමරුමක්ම දේව් ලඟ පරිස්සමට තියෙන බව ඔබ දන්නවානම්... අපි මුණ ගැහුණු අවසාන දිනයේ මගෙන් ලැබූ සියලු මතක සැමරුම් නැවත මා හට දුන් පසු ඒවාද ඔබගේ මතක සැමරුම් අසල අලුතින් පදිංචි වූ බව ඔබ දන්නවානම්...
මේ ලිපිය ලිව්වේ දේව් ගේ හිත සැහැල්ලු කරගැනීමේ අරමුණින්... ඔබලාගේ කාලය අපතේ යැවූ ලිපියක් කියල හිතෙනවා නම් දේව්දාස් ට සමාවෙන්න... මේ දේව්දාස් නම් වූ මොඩයා ගැනයි...
දේව්දාස්...
අනේ අනේ දෙවිදාස් අමතක කරන්නම බැ නේද ... කොච්චර කියුවත්
ReplyDeleteමුහුදේ ඉන්නේ එක මාලුවද? එයා දාල ගියාට් දුක් වෙන්න එපා කෙල්ලෝ ඕන තරම් ලෝකේ ඉන්නවා. මේ වගේ බන කියන්න ඕන තරම් අය ඉන්නවා. එත් ආදරේ වේදනාව, ඒ ආදරේ හිතින් අතුගාල දාන්න තියන අමාරුව දන්නේ ඇත්තටම ආදරේ කරපු හිතක්ම විතරයි.
ReplyDeleteමාත් ලියන්නෙ ගොඩක් වෙලාවට හිත සෑහෑල්ලු කරගන්න.අපිත් ඉතින් පාවිච්චි කරන්නෙ බේබි ශෙරමි බාබි ඩෝල් ඕඩික්ලෝන් එක.හික්ස්
ReplyDeleteවෙලාව ලඟයි - මතකයන් අමතක කෙරුවත්, අමතක වෙන්නේ නෑ... අමතක කරන්නෙත් නෑ...
ReplyDeleteදේව්දාස්...
Aruna - ඇත්ත, මුහුදේ ඉන්නේ එක මාලුවෙක් නෙමෙයි... ඒත් දේව්දාස් ට තියෙන්නේ එක හදවතයි... ඒ හදවත දීල ඉවරයි...
ReplyDeleteආදරේ වේදනාව දන්නේ ඇත්තතට ආදරේ කළ අය විතරයි කියන එකට නම 100% එකඟයි...
බොහොම ස්තුතියි දේව්දාස් ගේ ලිපි කියවල අදහස් පල කළාට... අයෙත් මේ පැත්තේ එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...
දේව්දාස්...
හිම හංසි - එහෙනම් හංසි දන්නවා ඇති මේ වගේ පොස්ට් එකක් දැම්මම හිතට දැනෙන සැහැල්ලුව... හංසියේ ලේන්සුව පරිස්සම් කරගන්න... නැත්නම් දේව් අරගත්තා වගේ හිම හංසයෙක් ගනියිද දන්නේ නෑ...
ReplyDeleteදේව්දාස්...
ඔබේ පද නදියෙන් , මා මගේ අතීතයට ගසා ගෙන ගිය වග කියමි ..
ReplyDeleteමහේෂ් නිශාන්ත - අපි හැමෝගෙම අතීතයන් බොහෝ විට සමාන කමක් ගන්නා බවට තවත් උදාහරණයක්... බොහෝම ස්තුතියි අදහස් දැක්වූවාට... ඉදිරියේදීත් දේව්දාස් ලියන ලිපි කියවන්න එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...
ReplyDeleteදේව්දාස්...
ආදරේ සිම්පල් උනාම දැනෙනවත් වැඩියි.
ReplyDeleteපිණිබිඳු - ආදරේ ගොඩක් සංකීර්ණ වුනාමත් එතන ආදරේ කිරීමට වඩා සංකීර්ණත්වයෙන් මිදීමට යි වැඩි කාලයක් ගතවෙන්නේ... ආදරේ පුද්ගලානුබද්දයි... අපි එකිනෙක එක එක විදියට මෙය දකිනවා... එයයි ආදරේ...
ReplyDeleteදේව්දාස්...
මට හිතා ගන්න පුලුවන් ඔයාගෙ හැඟීම් ගැන..ඔන්න මං අදමයි මේ පැත්තට ආවේ.දිගටම එන්නම්කෝ...
ReplyDeleteනිසුපා - ඒ හැගීම නිසුපාට තේරුම් ගන්න පුළුවන්වෙන්න හේතුව නිසුපා ටත් මේ වගේම අද්දැකීම් තිබීම කියලයි දේව් ට හිතෙන්නේ... බොහෝම ස්තුතියි...
ReplyDeleteදේව්දාස්...
ආදරේ සරළයි, ඒත් ආදරේ කරන හිත් සංකීර්ණයි,. හිතට ගොඩාක් දැනුනා දේව්දාස්, පාරෝ ගැන මතකය ලියන එකෙන් ඔයාට සැනසීමක් ලැබෙයි කියලා හිතනවා,..
ReplyDeleteප්‍රාර්ථනා - 100% එකඟයි ප්‍රාර්ථනා... ආදරේ සරල උනත් ආදරේ කරන හිත් බොහොම සංකීර්ණයි... බොහෝම ස්තුතියි අදහස් පළ කළාට...
ReplyDeleteදේව්දාස්...
ආදරේදී උබ මෝඩයෙක් නම් මම මහා පොල් බුරුවෙක් මෙන්න මගේ කතාව
ReplyDeletehttp://ape-ambalama.blogspot.com/2011/08/01_22.html
ReplyDeleteහ්ම්ම්..... සමහර මතක ජීවිතෙන් ඈත් වෙන්නෙ නෑ.. අපි මැරෙනකම් ම.අමතක කරන්නත් බෑ. සැරෙන් සැරේට මතක් වෙනවා.සරල සුන්දර සැහැල්ලු ආදරේ මතක නිතර හිතට වද දෙනවා.ඒකනම් ඇත්තක්. හිතුවක්කරිටත් එහෙමයි.. මෙහෙම ලිව්වහම හිත සැහැල්ලු වෙනවා. ලියන දිගටම දේව්. ජය...!!!
ReplyDeleteඅම්බලම - අපි කළ එකම සොඳුරුම වැරැද්ද ආදරේ කිරීම තමයි... කාලයට ඉඩ දීල බලන ඉන්නවට වඩා දෙයක් කරන්න නෑ අපිට...
ReplyDeleteදේව්දාස්...
හිතුවක්කාරී - හිතුවක්කාරීට දේව්දාස් තේරුම ගන්න හැකි වීම ගැන සතුටුයි...
ReplyDeleteදේව්දාස්...
මාගේ ආචාරය ...... නියමයි..
ReplyDeleteඇහුවට තරහා ගන්න එපා, "ඇයි පාරෝ නැවත එන්නෑ කියන්නේ...."
රහස් පරීක්ෂකයා - බොහෝම ස්තුතියි... පාරෝ අයෙත් එන්නේ නැත්තේ දේව්දාස් නම් වූ මෝඩයා පාරෝ ට අයෙත් එන්න ඉඩ නොදෙන නිසා...
ReplyDeleteදේව්දාස්...
hmm..so is this the reason that u became Devdas? sometimes love is like a ghost...it keeps haunting us..
ReplyDeleteRed Riding Hood - Hmmm... Yes... it can be so... Sometimes love is like a ghost, but sometimes love is like a god... It makes us strong in believe...
ReplyDeleteDhevdhaas...
ආදරය කියන්නේ බොහොම සියුම් දෙයක් ............
ReplyDeleteThe Lion - බොහෝම සියුම් වගේම බොහෝම සංවේදී දෙයක්...
ReplyDeleteදේව්දාස්...
අදයි මේ පැත්තට අවේ ... සුබපැතුම්
ReplyDeleteSanjaya සිතුවිලි - බොහෝම ස්තුතියි... ඉදිරියටත් එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...
ReplyDeleteදේව්දාස්...