Tuesday, October 15, 2019

වෙනසේ වෙනස


වෙනස කියන්නේ මොකක්ද..?

වෙනස කියන්නේ සාමන්‍යය යෙන් පිට දේ.

සාමාන්‍යයයි සැලකෙන ඕනෙම දෙයකට පිටින් දෙයක් තියෙනව නම් ඒකට කියන්නේ වෙනසක් කියලා...
මේ ලෝකේ වෙනස් කරෙත් වෙනස් මිනිස්සු කියල අපි ඕනේ තරම් අහලා තියෙනවනේ.

ඒ මිනිස්සුන් ගේ මේ කියන තරම් වෙනස මොකක්ද..?

මේ ලෝකය වෙනස් කරපු ඕනෙම පුද්ගලයෙක් ගත්තොත් ඒ කෙනා අනිත් අයගෙන් වෙනස් වුනු ගති පැවතුම්, අදහස්, සිතුම් පැතුම් සහ සිහින තියෙන අය.

උදාහරණයක් විදියට මේ ලෝකෙම වෙනස් කරපු කෙනෙක් තමයි, අයිසැක් නිව්ටන් කියන්නේ.

අනිත් අයට ගහකින් ගෙඩියක් වැටෙන එක සාමන්‍යය සිද්ධියක් වුනාට නිව්ටන් ට ඒක සාමන්‍යය වුනේ නෑ. මොකද නිව්ටන් වෙනස් විදියට හිතන කෙනෙක් නිසා.

නිව්ටන් කල්පනා කරා ඇයි මේ ඇපල් ගෙඩිය බිමට වැටුනේ? ඇයි මේක බිමට වැටෙන්නේ නැතුව උඩට පාවෙලා ගියේ නැත්තේ?

මේ ප්‍රශ්න වලට උත්තර විදියට අපි හැමෝම ඉගෙන ගන්න ගුරුත්වාකර්ෂණය කියන සංකල්පය ඔහු හොයාගත්තා.

මතක තියාගන්න නිව්ටන් හොයාගත්තේ ගුරුත්වාකර්ෂණය කියන සංකල්පය මිසක් ගුරුත්වාකර්ෂණය නෙමෙයි.

පොලවට ඇද ගැනීමේ බලය කලින් ඉඳන්ම තිබුනා, නිව්ටන් කරේ ඒක අඳුනගෙන ඒකට නමක් දීපු එක විතරයි. නිව්ටන් නමක් දෙන්න කලිනුත් ඇපල් බිමට තමයි වැටුනේ. උඩට පාවුණේ නෑ.

ඒත් ඔහු මෙතරම් වටිනා සොයාගැනීමක් කරා කියලා පිළිගන්නේ ඔහු අනිත් අය වගේ නොහිතා වෙනස් විදියට හිතපු නිසා.

මේ ලෝකයේ වෙනස් විදියට හිතන අය හරිම අඩුයි.

ඇයි ඒ..?

කලින් කියපු හේතු නිසාමයි.

වෙනස් පුද්ගලයා හිතන පතන විදියේ ඉඳන් හැමදේම වෙනස්. ඉතින් ඒ පුද්ගලයට මේ සාමන්‍යය සමාජයේ රැඳෙන්න හරිම අමාරුයි.

මොකද සාමාන්‍යය සමාජය හැමතිස්සෙම ඔවුන්ට පෙන්නන පාරේ යද්දී වෙනස් කෙනා තමන්ගේ පාර කපාගන්න එක සාමන්‍යය සමාජය දකින්නේ විකාරයක් විදියට. බහුතරය සාමන්‍යය වෙලා ටික දෙනෙක් වෙනස් විදියට ඉද්දි එතන ගැටීමක් ඇති වෙනවා. ඒ නිසා බොහෝ වෙනස් පුද්ගලයින් තමන්ගේ වෙනස් බව “වෙනස්” කරගෙන ඔවුනුත් සාමන්‍යය පුද්ගලයන් වගේ ඉන්න පුරුදු වෙනවා. මොකද ඔවුන් හැමතිස්සෙම අනුන් සතුටු කරන්න ඉන්න අය නිසා.

අපි හිතමු මේ වගේ සමාජයේ ඉන්න වෙනස් පුද්ගලයන් හැමෝම එකතු කරලා අපි එක තැනකට දාල ඔවුන් ට ඉන්න කිව්වොත් ඔවුන් තාමත් වෙනස් අයද?

නෑ. ඔවුන් දැන් වෙනස් ඇය නෙමෙයි.

වෙනස් අයම නම් එකතු වෙලා ඉන්නේ, දැන් එතන “වෙනස” කියන්නේ සාමන්‍යය දේ. එතන වෙනස් කෙනෙක් නෑ.

උදාහරණයක් ගත්තොත්, ඔබ ඉන්නේ ශාලාවක නම්, හැමෝම ඉන්නේ වාඩි වෙලා නම්, ඔබ විතරක් හිටගෙන හිටියොත්, හැමෝම ඔබ දිහා අමුතු විදියට බලාගෙන ඉන්නේ නැද්ද?

මොකද ඔබ විතරයි වෙනස් විදියට ඉන්නේ අනිත් හැමෝම වාඩි වෙලා ඉද්දි.

දැන් හිතන්න එක එක්කෙනා ඔබ වගේ හිටගන්නවා. එක්කෙනෙක් ඇර අනිත් හැමෝම ඔබ වගේ හිටගන්නවා.

දැන් හිටගෙන ඉඳීම කියන්නේ වෙනස නෙමෙයි. සාමන්‍යය. දැන් වෙනස වෙන්නේ අර හිටගන්නේ නැතුව වාඩි වෙලා ඉන්න එක්කෙනා.

ඔබට තේරෙනවද වෙනස කියන දෙයත් වෙනස් වෙනවා කියලා.

හැමතිස්සෙම වෙනසක් නම් එය අඩුවෙන් තිබිය යුතුයි. නැත්නම් එය වෙනස වෙන්නේ නෑ.

දැන් කැම්පස් ගත්තොත් හැමෝම විපලවාදින් නේද? මොකක්ද එතන තියෙන වෙනස. ඒක දැන් තනිකරම විකාරයක් වෙලා. හැමෝම විපලවාදීන් වෙලා. ඇත්තම කතාව දැන් විපලවාදීන් කියල හිතන් ඉන්න අය ඇත්තටම දන්නේ නෑ මොකක්ද විප්ලවවාදය කියන්නේ කියලවත්. රැවුල වවල කොන්දේ වවල තොප්පියක් දැම්මම විපලවාදියෙක්.

විප්ලවවාදීන් ඉන්නේ කැම්පස් එකටම ටික දෙනයි නම්, අන්න එතන වෙනසක් තියෙනවා.

හැබැයි මුළු කැම්පස් එකම විප්ලවවාදීන් නම් වෙනස තියෙන්නේ පාඩුවේ ඉන්න අය අතරයි.

කැම්පස් වලම තියෙන නවක වදය ගන්න.

ඉස්සර නවක වදය කරන අය අඩුයි. ඒ නිසා ඔවුන්ව කැපිලා පෙනුනා.

දැන් නවක වදය ට විරුද්ධ අය හරිම අඩුයි. ඒ නිසා ඔවුන්ව කැපිලා පේනවා.

මේ අතරේ ඉන්න මතු නොවෙන අය තමයි තමන්ගේ ඇඟ බේරගන්න තමන්ගේ වැඩේ කරගන්න ඕනෙම දෙයක් කරන අය. ඒ අයට වටින්නේ නෑ ලෝකේ වෙනස් කරන එකවත්, තමන්ගේ ආත්ම අභිමානයවත්, චරිතයවත් මුකුත්. වටිනා එකම දේ මට උපාධියක් ඕනේ කියන එක විතරයි. ඉතින් නවක වදයේ කියන ඕනෙම දෙයක් කරනවා. මොකද නැත්නම් නිකන් anti rag කියලා කැපිලා පෙනිලා නැති ප්‍රශ්න නේ.

මතක තියාගන්න වෙනස හැමතිස්සෙම කැපිලා පේනවා. ඒක නවත්තන්න බෑ. කැපිලා පෙන්නේ නැත්නම් එතන වෙනසකුත් නෑ.

ඔබ වෙනස් නම් ඒ ගැන සතුටු වෙන්න. හැබැයි ඔබට මේ සමාජයේ රැඳෙන්න ඕනේ නම්, ඔබ සාමන්‍යය කෙනෙක් වෙන්න. වෙනස් විදියට රැඳෙන්න ඕනේ නම්, එන ඕනෙම දෙකට මුහුණ දෙනවා කියන ශක්තිය තියෙන්න ඕනේ, නැත්නම් පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්න.

No comments:

Post a Comment