ඒත්... මේ මහ රෑ බ්ලොග් කියෙව්ව දේව්දාස් ට මේ පොස්ට් එක ලියන්නම හිතුණා... ඒ සමහර පොස්ට් දැක්කම හිතට එන හැගීම් පාලනය කර ගන්න බැරි වුණු නිසයි... මාතෘකාව දැක්කම කතාව මොන වගේද කියලා හිතා ගන්න පුළුවන් වෙයි... ඒත්...
මෙන්න කතාව...
පාරෝ ගේ හොඳම යාලුවෙක් හිටියා... නම *****... දේව්දාස් පාරෝ ගැන උනන්දු වුණේ දේව්දාස් - පාර්වතී කියන හොඳ යාළුවොන්ගේ යාළුකම ඇති වෙලා ගොඩක් කාලෙකට පස්සෙයි... මේ යාළුකමට එකතු වෙන්න ***** ආසාවෙන් හිටියා... ඒත් පාරෝ ඒකට කැමති වුණේ නෑ... දේව් - පාරෝ කොච්චර හොඳ යාළුවො වුණත්, දේව් ට වෙනම යාළුවො පිරිසකුත්, පාරෝ ට වෙනම යාළුවො පිරිසකුත් හිටියා... පාරෝ ගේ යාළුවෝ අතරින් ලඟින්ම හිටිය යාළුවා තමයි *****...
කතාව පටන් ගන්නේ දේව් - පාරෝ යාළුකම, දේව් - පාරෝ - ***** යාළුකම විදියට වෙනස් වුණු දා ඉඳං... දේව් ට පාරෝ එක්ක විතරක් කතා කරන්න බෑ... මොකද දේව් ට තමන් පාරෝ ගැන උනන්දු වෙන බව අඟවන්න ඕනේ නෑ... ඉතින් දේව් ට සිද්ධ වෙනවා ***** එක්ක කතා කරන්න... ඒත් හැම දේම වෙනස් වුණේ, ***** ගේ ගෙවල් දේව් ලගේ ගෙවල් පැත්තේ තියෙනවා කියල දැනගත්ත දවසේ ඉඳං... මේ වෙනකන් දේව් ගියේ වෙනම, ***** ගියේ වෙනම... ඒත් ගෙවල් එක පැත්තේ කියල දැන ගත්තු දවසේ ඉඳං දේව් සහ ***** පන්ති ගිහින් ගෙදර යන්නේ එක බස් එකේ... එක දවසක්...
එක දවසක්... ***** වාඩි වෙලා ගිය තැන ඉඩ තිබුණු නිසා දේව් එතනින් වාඩි වුණා... ඒ දේව් ජීවිතේ පළවෙනි වතාවට ගෑණු ළමයෙක් ලඟින් වාඩි වෙල ගිය දවස... එදා හිතට දැනුනු වෙනස් හැගීම, දේව් ට දිගින් දිගටම ඒ දේ කරන්න කියල බල කළා... ඒත්... ***** වෙනස් වුණා... දේව් ට ලං වෙන්න උත්සහ කළා... දේව් ට ඒ බව නොතේරුණා නොවෙයි... ඒත් දේව් නොතේරුණා වගේ හිටියා... ඒත් ඒ අතරේ දේව්දාස් - පාර්වතී ආදර කතාව ලියවුණා...
ඒ ආදර කතාව ලිව්ව එක් කතුවරයෙක් තමයි ***** කියන්නේ... ඒත් එහෙම දේව් - පාරෝ ආදර කතාව ලියන අතරතුරෙත් දේව් ට ලංවෙන්න උත්සහ කළා... දේව් නොදැනීම ඒ ලංවීමට උනන්දුවෙනුයි හිටියේ... ඒත් දේව් කවරදාකවත් ඇයට ලංවෙන්න උත්සහ කලේ නෑ...
මේ ලියන මොහොත වෙන විට දේව් ට පාරෝ අහිමි වෙල ඉවරයි... දේව් තමන්ගේ ආදරේ වෙනුවෙන් ***** නැති කරගෙනත් ඉවරයි... දේව් ට සියලු දේ නැති වී හමාරයි... නමුත් එක් කාලයකදී, දේව් ට සමීපතම මිතුරා ලෙස සිටියේ ***** යි... දේව් උදවු බලාපොරොත්තුවෙන් ගියේ ***** වෙතටයි... කිසිදු අපේක්ෂාවකින් තොරව දේව් ට උදවු කලෙත් ***** මයි...
දේව්දාස් දන්නවා... මේ ලියපු, කියපු කිසිම දෙයක් ඔබට වැටහෙන්නේ නැති බව... හිතන්න... මේ කියූ කාරණා අනුව ***** යන්නට දිය හැකි හොඳම වචනය චන්ද්රමුඛී යන්න නොවෙයිද? දැන් ඔබ චන්ද්රමුඛී යන නාමය යොදමින් නැවත කියෙව්වොත් ඔබට යම් වැටහීමක් ගත හැකි වෙයි... නමුත් ඔබ එය නොකරන බව දේව්දාස් මනාව දනියි... කතාවක් පටන් ගත්තානම් අතරමග නැවැත්වීමේ පුරුද්දක් දේව්දාස් ට නොමැති බැවින්, ඔබට තේරෙන ලෙස නැවත මෙය ලිවීමට අදහස් කරමි...
දැන් ඔබ සිතනවා ඇති දේව්දාස් මේ සමාජයේ සිටින තවත් එක් පිරිමියෙකු පමණක් බව... ඔබට සිතෙන දේ ලියන්න... දේව්දාස් තවමත් ඔහු කලේ වැරද්දක් දැයි දන්නේ නැත... හේතුව... දේව් ගේ හදවතේ සිටියේද, සිටින්නේද, සිටිය හැකි වන්නේද පාර්වතී යට පමණක් බැවිනි...
ඔබට සිතෙන දේ ලියන්න... මේ දේව්දාස් හා චන්ද්රමුඛී ගැනයි...
දේව්දාස්...