Saturday, November 2, 2019

අඳුරු ආශා | Dark desires


අපි හැමෝටම අඳුරු ආශා තියෙනවා. කෙනෙක් නෑ කියනවා නම් ඒ බොරු. ඔහුගෙන් ඈත් වෙන්න. ඔහු ඔහුටම අවංක නැති බොරුකාරයෙක්.

අඳුරු ආශා කියන්නේ වෙන කිසිම කෙනෙක් එක්ක කියන්න බැරි, තමන්ගේ හිත ඇතුලේ පෙට්ටගමක දාල, ඉබි යතුරු දාලා වහලා තියෙන ආශාවන් වලට. ජීවිතයේ කෙනෙක් මුණගැහුනොත් හැමදේම කියන්න පුළුවන් විදියේ (මතුපිට අර්ථයෙන් නොව සැබෑවටම සියලුම දේ කිව හැකි{සියලුම දේ යනු සියලුම දේ මිසක තෝරාගත් දේ නොවන බව සලකන්න} කෙනෙකු මුණගැසෙන්නේ ඉතාමත් කලාතුරකින් බැවින් එය සිදුවීමේ සම්භාවිතාව ඉතාමත් අල්ප වේ), අන්න ඒ කෙනා එක්ක මේ අඳුරු ආශාවන් ඔබ බෙදාගනියි. මොකද අඳුරු ආශාවක් කියන්නේ සම්මත යැයි සලකන, ශිෂ්ඨ යැයි සලකන සමාජයේ අශිෂ්ට සහ අසම්මත ආශාවන් නිසාය.

එක එක මිනිසාගේ අඳුරු ආශා එකිනෙකාට වෙනස්.

කෙනෙක්ට අඳුරු ආශාවක් තියෙන්න පුළුවන් නිරුවතින් මහා සෙනගක් මැද්දේ ඇවිදගෙන යාම, තවත් කෙනෙකුට ගැහැණු ළමයින් කීප දෙනෙකු සමග එක වර ලිංගිකව එක් වීම, තවත් අයෙකුට පිරිමි ළමයින් බොහෝ පිරිසක් අතින් එක වර පාවිච්චි වීම, තවත් අයෙකුට යම් විශේෂ කෙනෙකු මරා ඔහුගේ ලේ වලින් චිත්‍රයක් ඇඳීමට. (මේ සියලු අඳුරු ආශා මිනිසුන්ගේ මනසේ ඇති, තිබු ඇතැම් විට සපුරාගත් ආශාවන් බව සලකන්න.)

හෙළ ඉතිහාසයේ මෙලෙස අඳුරු ආශාවක් තිබු එක් ප්‍රසිද්ධ චරිතයක් නම් විහාර මහා දේවියයි.

එළාර රජුගේ ප්‍රධාන සෙන්පතියා වන යෝධයාගේ ගෙල සිඳු කඩුව සේදු ජලය බීමට ඇයට දොළදුකක් ඇති වුනේ ගැමුණු කුමරු ඉපදෙන්න සිටියදී බව සඳහන් වේ. එය අඳුරු අශාවකි.

ඉතින් මෙවැනි අඳුරු ආශා අපි හැමෝටම තියෙයි.

ඒත් මේ ලිපිය ලිව්වේ ඒ ඔස්සේ වෙනත් කාරණයක් කීමටයි.

ඔබ දන්නවද වර්තමාන තරුණයින් මේ අඳුරු ආශා ඉතාමත් දක්ෂ විදියට ඔවුන්ගේ වාසියට ප්‍රයෝජනයට ගන්නා බව?

හොඳින් තේරුම් ගමු මේ කතාව.

දැන් තරුණයින් හරිම බුද්ධිමත්. එහෙමත් නැත්නම් දැන් ඉන්න තරුණියන් හරිම මෝඩයි. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන්ම හරි.

දැන් ඉන්න පිරිමි ළමයි හොඳින් දන්නවා ගැහැණු ලමයින්හේ අඳුරු ආශා ගැන. ඔවුන්ට ගැහැණු ළමයාගේ දිහා බලලා අනාවැකි කියන්න පුළුවන් මේ කෙල්ලා කැමති මෙන්න මේ අඳුරු ආශාවට කියලා.

මොකද ගොඩක් දුරට දැන් ගැහැණු ළමයි තමන්ගේ ඇතුලාන්තය පිටට පේන විදියටයි අඳින්නේ පළඳින්නේ සහ හැසිරෙන්නේ. ඔව් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙනුත් එහෙම තමයි. ඒත් එතන අදහස් කරේ ගැහැණු  ළමයි තමන්ගේ සිතුම් පැතුම් ගති ගුණ ඉස්සර වගේ වහගෙන කුලෑටි විදියට ඉන්නේ නෑ. දැන් ඉන්නේ බොහොම නිදහස් මතධාරී කාන්තා විමුක්තිය ගැන දන්නා ගැහැණු ළමුන්. ඉතින් ඔවුන් තමන්ගේ සමාජීය නිදහස භුක්ති විඳිනවා. ඒ විඳීම අතරින් මේ ගැහැණු ළමයි ව කොටස් කරලා බෙදනවා පිරිමි ළමයි විසින්.

උදාහරණයක් විදියට -

ගවුම ඇඳලා සපත්තු දාන නංගිලා.
බඩ උඩට ඩෙනිම ඇඳලා බඩ පේන්න ටී ෂර්ට් අඳින නංගිලා
ෆිට් ඩෙනිම ඇඳලා කොන්ඩේ උඩට ගෙඩිය ගහන නංගිලා

(මේ ලිපිකරුගේ අදහස් නොවන බවත් සමාජයේ මිනුම් දඬු බවත් කරුණාවෙන් සලකන්න)

දැන් මේ එක එක වර්ගය අනුව ඔවුන්ටම අවේණික අඳුරු ආශාවන් පිරිමි ළමයි අනාවැකි කියනවා.
ඒ කොහොමද ඒ?

මොකද පිරිමි ළමයි හරිම දක්ෂයි ඒ වගේ වර්ග වල ලොකු නියැදියක් අරන් පර්යේක්ෂණ පවත්වන්න. ඉතින් එහෙම පර්යේක්ෂණ පවත්වලා ඔවුන් පොදු නිගමන වලට එනවා. ඒ විතරක් නෙමෙයි ඒවා පිරිමි ළමයි එකිනෙකා අතරේ සාකච්චා ත් කරනවා.

අවසානයේ වෙන්නේ මේකයි.

ගැහැණු ළමයින්ගේ අඳුරු ආශාවන් එකක් හෝ කණාවට හරි වටහා ගන්න කෙනා ඒ අඳුරු ආශාවම ඒ ගැහැණු ලමයව තමන් වෙත ඇදලා ගන්න පාවිච්චි කරනවා.

උදාහරණයක් විදියට ගැහැණු ළමයෙක් ගේ අඳුරු ආශාවක් තියෙයි කියලා හිතෙනවා නම් කාට හරි පිරිමි ළමයෙක් ට “මේ කෙල්ලා ගංජා ගහන්න කැමතියි වගේ” කියලා, ඒ පිරිමි ළමයා කොහොම හරි මේ ගැහැනු ළමයා එක්ක කතා බහ කරද්දී කියනවා, “ගංජා කියන්නේ අපේ දේශීය දෙයක්නේ. ඒක නරක දෙයක් නෙමෙයි ඔය මිනිස්සු නිකන් කිව්වට. අනික ගංජා බිව්වා කියලා මැරිච්ච එක මනුස්සයෙක් කියන්න බලන්න. සිගරට් බීල කී දාහක් මැරෙනවද දවසට. ගංජා වලින් එහෙම වෙන්නේ නෑ.”

දැන් මේකෙන් පිරිමි ළමය අර ගැහැණු ළමයාගේ අඳුරු ආශාව අවුස්සලා ඒ අඳුරු ආශාව ගැන ධනාත්මකව කතා කරනවා. දැන් ගැහැණු ළමයා හිතනවා “මරුණේ. මම වගේම හිතන අයියා කෙනෙක්. මෙන්න මරු පොර මටම ගැලපෙනවා. මෙච්චර විවෘතව හිතන කෙනෙක් මම දැකලම නෑ” කියලා.

දැන් මොකක්ද වෙන්නේ, ගැහැණු ළමයාගේ අඳුරු ආශාව අර පිරිමි ළමයා ඇම විදියට පාවිච්චි කරනවා තමන්ගේ ගාවට ඇයව ඇදලා ගන්න. අසරණ කෙල්ල මේ නම් පුදුම විවෘත කොල්ලෙක් කියලා ලඟට යනවා.
කොල්ලා ගංජා අතරේම තමන්ගේ ආසාව ඉෂ්ට කරගන්නවා. කෙල්ල ඒක තේරුම් ගන්න තරම් මෝරලා නෑ.

හිතන්න මේකම මෙහෙම වුනා නම්.

අපෝ නංගි, ගංජා කියන්නේ මහා ජරාවක් නේ . අපෝ ඒවා බොන්නේ මහා ජරා මිනිස්සු. ඒක මත්ද්‍රව්‍යක්. මිනිස්සු දැන් ජොලියේ බිව්වට අවුරුදු 10 කින් විතර ඒවගේ ප්‍රතිඵල ලැබෙද්දී තෙරයි. මට ඕව පේන්න බෑ.” කිව්වොත් පිරිමි ළමයා?

දැන් ගැහැණු ළමය මේ පිරිමි ළමය ගැන හිතක් පහල කරගනියි ද? අපෝ නෑ. මේ මොන ගොඩයෙක්ද කියල හිතල ඒ කතාව එතැනින්ම ඉවරයි.

ඔබට වටහෙනවද? අද සමාජයේ ගැහැණු ළමයි ඇයි මෙච්චර පාවිච්චි වෙන්නේ කියලා. ඔවුන්ගේ දුර්වලම නිලය වෙන අඳුරු ආශාවන් පිරිමි ළමයි විසින් අවුස්සලා ඒ ගැන ධානත්මකව කතා කරලා ගැහැණු ළමයින්ව නිලයෙන්ම අල්ලන්න ඔවුන් දන්නා නිසා.

ඔබ පිරිමි ළමයෙක් නම් මේ ලිපිය කියවල, ඒ දේ අත්හදා බලන්න යන්න එපා. ඔබ ඒ කරන්නේ මහා පවක්. ඒ මේ සමාජයේ වටිනාකමක් තියෙන කෙල්ලෙක් ඔබ පහලට ඇදලා දාන්න යන්නේ. කරද්දී සතුටු හිතෙයි. කර්මය කියන්නේ බල්ලෙක් කියල අමතක කරන්න එපා.

ඔබ ගැහැණු ළමයෙක් නම්, ඔබ මේ විදියට පාවිච්චි වුනා නේද කියලා මතක් කරලා බලන්න. වුන දේ වෙනස් කරන්න බෑ. ඒත් තවත් නොවී ඉන්න බැරිත් නෑ.

ඒ නිසා ආච්චි ආච්චි පොල් කඩන්නේ නැතුව දැන් ඉඳන් තමන්ගේ අඩු පාඩු හදාගෙන ආයෙත් හිටපු තත්වෙට යන්න බැරි වුනත්, දැන් ඔය ඉන්න තත්වෙම ඉන්න තවත් පහල තත්වෙට වැටෙන්නේ නැතුව.

ඔබ මේ කොටස් දෙකටම අයිති නැත්නම්, ඔබ අනිවාර්යෙන්ම 90 දශකයේ හෝ ඊට පෙර දශකයක කෙනෙක්. ඔබ ඔබේ ගැන සතුටු වෙන්න.

No comments:

Post a Comment