Monday, November 4, 2019

ගැහැණු ලොව සහ පිරිමි ලොව... 2


ගැහැණු ලොව සහ පිරිමි ලොව අතර ඇති තවත් ප්‍රධානම වෙනස් කමක් නම් සීමා මායිම්ය.

පිරිමින්ට අසීමිත නිදහසක් ලැබෙන අතර ගැහැනුන් ට අසීමිත සීමා මායිම් වලට මැදිවීමට සිද්ද වේ.

මොකක්ද මේකට හේතුව.

කතාවක් තියෙනවා ඕනේ අහු මුල්ලක රිංගලා ආවම කොල්ලෙක් නම් වතුර කලයක් නාවල ගත්තම හරි හැබැයි කෙල්ලෙක් නම් කිරි කල 7ක් නාවලා වත් ගන්න බෑ කියලා.

අපි මේක සරලව තේරුම් ගමු.

වතුර කියන්නේ සාමාන්‍යය භාවිතා කරන දියරයක් නේ. වතුරට විශේෂත්වයක් ලැබෙන්නේ නෑ අපේ සංස්කෘතියේ.

ඒත් කිරි කියන්නේ පාරිශුද්ධත්වය සංඛේතවත් කරන දියරය අපේ සංස්කෘතියේ හැටියට. ඒ කිරි වලින් නාවනවා කියන්නේ පාරිශුද්ධ අයෙකු පමණයි එහෙම නාවන්නේ.

එතකොට කොල්ලෙක් අහු මුළු වල රිංගනවා කියන්නේ හරි පාරේ නැතුව වෙන වෙන තැන වල යනවා කියන එකනේ. පාර තියෙන නම් හරියට ඇයි අහු මුළු වල රිංගන්නේ? අදහස පැහැදිලියි නේ.

ඉතින් කොල්ලෙක් එහෙම ගිහින් ආවම නිකන්ම නිකන් වතුරෙන් නාවල ගෙට ගන්න පුළුවන් ලු.

ඒත් කෙල්ලෙක් එහෙම ගිහින් ආවොත් කිරිකල 7ක් නාවලා වත් ගෙට ගන්න බෑ ලු.

කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැතුව ඇති. ඒත් චරිතය ඉවරයි එතනින්. ඒ නිසා කිරි කල 7ක් නාවලා වත් ගෙට ගන්න බෑ.

මේ කතාවට ගොඩක් අය විරුද්ධයි. ඇයි කොල්ලොන්ට විශේෂයක්, කෙල්ලොන්ටත් එහෙනම් එහෙමම සමානව සලකන්න ඕනේ කියලා.

අහගන්නකෝ එහෙනම් හොඳට.

ගැහැණු ලොව සහ පිරිමි ලොව කියන්නේ දෙකක් කියලා තේරුම් ගත්තු අපේ මුතුන් මිත්තෝ අපේ 
සංස්කෘතියේ මේ දේවල් පවත්වාගෙන ආවේ මේ ලෝක දෙක කවදාවත් එකතු කරන්න බැරි නිසයි. මේ අන්ත දෙකක තියෙන ලෝක දෙකක්. මේ ලෝක දෙක කවදාවත් එකතු වෙන්නේ නෑ. නිකන් රේල් පීලි දෙක වගේ. එකට යනවා වගේ පේනවා ඒත් යන්නේ වෙන වෙනවම, කවදාවත් එකතු වෙන්නේ නෑ. එකතු වුනොත් කොච්චීය පීලි පනිනවා.

ඇයි කොල්ලොන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන් කෙල්ලොන්ට බැරි?

කතාවක් අහල තියේද කොල්ලෝ බල්ලෝ කියලා. ඔව් ඒකත් පරණ කතාවක්. කොල්ලෝ කියන්නේ නිකන් බල්ලෝ වගේ යන යන තැන ලගින ජාතියක්. ඉතින් බල්ලෝ කොච්චර ගැට ගහල තියන්න හැදුවත් උ දම්වැල කඩාගෙන හරි, කුඩුව කඩාගෙන හරි, තමන්ට තුවාල කරගෙන හරි යන එක යනවමයි දඩාවතේ. එක වලක්වන්න බෑ. ඉතින් ඒකට උත්සහ කරලා වැඩ තියේද? බොරු වැඩක් නේද?

හැබැයි අපිට පුළුවන් නේද බල්ලියෝ ටික ආරක්ෂිතව පරිස්සම් කරලා තියන්න දඩාවතේ යන හැම බල්ලටම ලං වෙන්න බැරි විදියට. හරි කාලය ආවම හොඳ බල්ලෙක් එක්ක එකතු වෙන්න ඉඩ සලස්වන්න. ඔබ ගෙදර බල්ලෝ ඇති කරනවා නම් ඒක නෙමෙඋඉ ද කරන්නේ ක්‍රොස් කරනවා කියලා?

ඉතින් ඇයි බල්ලොන්ට එහෙම කරද්දී මිනිස්සුන් ගේ ඒ ගතිය විවේචනය කරන්නේ?

බල්ලෝ හදන්න බෑ. උන් දඩාවතේ ගිහිපු දෙන. හැබැයි අපිට පුළුවන් බල්ලියෝ ටික ගෙයි පරිස්සම් කරලා කාලේ ආවම හොඳ බල්ලෙක් එක්ක ක්‍රොස් කරවන්න.

හැබැයි ඒ බැල්ලි දම්වැල කඩාගෙන ගිහින් දවස් දෙකකින් විතර ආවම අපි ඒ බල්ලිව ආයෙත් කලින් වගේ ආරක්ෂා කරනවද දම්වැල දාගෙන. නෑ. අපි දන්නවා දවසක් එළියේ ඉද්දි දඩාවතේ යන බල්ලොන්ගෙන් බේරෙන්න බෑ කියලා.

අන්න ඒ නිසයි දඩාවතේ කොල්ලෝ ඇත ඇරලා සමාජය විසින් කෙල්ලෝ පරිස්සම් කරන්නේ. ඇත්තටම කිව්වොත් පරිස්සම් කරේ. දැන් එහෙම වෙන්නේ නෑ. දැන් කාන්තා විමුක්තිය නිසා කෙල්ලොත් දඩාවතේ යනවා.

මේ පරිස්සමට තමයි හැම සීමා මායිමක්ම ඇතුලත් වෙන්නේ. හරම අඳින්න එපා, මෙහෙම පළඳින්න එපා, හරම හිනා වෙන්න එපා, මෙහෙම කතා කරන්න එපා, තව තව ගොඩක් සීමා. මොකද අපි පරිස්සම් කරන නිසා. අපි පරිස්සම් කරන්නේ අපිට වටිනා දේයි. අපි පරිස්සම් කරන්නේ තත්වය හොඳ දෙකයි. අතැරලා දාපු දෙයක් නෙමෙයි.

ඒ නිසයි කොල්ලොන්ට කිසිම සීමාවක් නැත්තේ. මොකද උන් දඩාවතේ යන උන්. උන්ගේ හදන්න දෙයක් නෑ. උන්ව අතැරලා ඉවරයි දැනටමත්.

හැබැයි මතක තියාගන්න අර පරිස්සම් කරපු වටිනා බල්ලියෝ ඉන්නවා නේද, උන්ව ක්‍රොස් කරන්නේ දඩාවතේ යන නිදහස විඳින බල්ලෙක් ට නෙමෙයි. අර වගේම ගෙදරක හොඳට හැදිච්ච පරිස්සම් කරපු වටිනා බල්ලෙක්ටමයි.

දඩාවතේ යන උන්ට හම්බෙන්නේ ඒ වගේම දඩාවතේ ගිය බල්ලියෝ මයි.

No comments:

Post a Comment