Sunday, November 17, 2019

ප්‍රතිශක්තීකරණය


ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියල අපි හැමෝම දන්නවා.

අපේ ශරීරයේ තියෙන ලෙඩ රෝග වලින් බේරිලා ඉන්න තියෙන හැකියාව.

නෑ. අපි ඇත්තටම දන්නේ න ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා ඒ ගැන කතා කරමු.

ප්‍රතිශක්තිය කියන්නේ හරියට රටක හමුදාව වගේ අපේ ඇඟේ තියෙන හමුදාව.

අපි හිතමු මේ හමුදාව ඉන්නේ අපේ උදරයේ කියලා.




මෙන්න මෙහෙම හමුදාව ඉන්නවා හැමවෙලාවෙම ප්‍රහාරයක් ආවොත් ඒක වලක්වගන්න සුදානමෙන්.



මේ හමුදාව මොන ලෙඩක් හැදුනත් ඒකට විරුද්ධව සටන් කරන්න පුළුවන් හැකියාවක් සහ ආයුධ වලින් සන්නද්ධයි.

ඒ උණ හෙම්බිරිසාව වගේ පුංචි හතුරෙක් වෙන්නත් පුළුවන් ලොකු ලොකු නම් තියෙන ලොකු සතුරන් වෙන්නත් පුළුවන්.

අපි හිතමු ඔන්න ඔබට උණක් හැදෙනවා.

දැන් ඔබගේ ඇඟේ ඉන්න හමුදාව මේ උණ ට විරුද්ධව සටන් කරනවා. ඉතින් මේ වෙලාවේදී තමයි ඔබට දැනෙන්නේ ඇඟ රස්නෙයි, ඇඟට පණ නෑ, කට තිත්තයි වගේ දේවල්. ඔබ දන්නෙත් නැතුවයි මේ සටන පටන් ගෙන තියෙන්නේ.



ඇත්තටම් උණ කියල ඇඟ රස්නෙට දැනෙද්දී නෙමෙයි ඔබට උණ හැදිලා තියෙන්නේ. ඊට ගොඩක් කලින්. ඔබට ඇඟ රස්නේ බව දැනෙන්නේ උණ ට විරුද්ධව ප්‍රතිශක්තිය සටන් කරද්දියි.

දැන් ඔන්න සටන ඇවිලිලා යනවා.



මෙන්න මේ දේ හොඳින් තේරුම් ගන්න ඕනේ.

ප්‍රතිෂක්තියට තියෙන පහසුකම් අනුව ඒ හමුදාව හිමින් ඒ සටන ගෙනියනවා. කලබලයක් නෑ. අවසානයේ කොහොම හරි සටන ජය ගන්නවා උණ පරද්දලා.

හැබැයි ඔන්න අපේ මිනිස් ගතිය උඩට එනවා. අපිට හදිස්සියි, කලබලයි.

අපිට ඕනේ ඉක්මනට මේක ඉවරයක් කරගන්න.


ඉතින් අපි මොකද කරන්නේ යනවා දොස්තර කෙනෙක් ගාවට.
ගිහින් අරගන්න බෙහෙත්. එහෙම නැත්නම් අපිම පැනඩෝල් බොනව. දැන් උණ ඉක්මනටම හරි යනවා.
මෙතැනදී මොකක්ද වෙන්නේ?

මෙතනදී වෙන්නේ ඔබ ප්‍රතිෂක්තියට බල කරනවා ඉක්මනින් වැඩ කරන්න කියලා. වෙන විදියකට කිව්වොත් ඔබ ඔබේ හමුදාවට ඉහලින් අණක් දෙනවා අද හවස වෙද්දී සටන ඉවරයක් කරන්න ඕනේ කියලා. මේ අණ පිළිගන්න හමුදාව කැමති නැතත් කරන්න දෙයක් නෑ. ඉහලින් අණක් ආවොත් පිලිගන්නම වෙනවනේ.

ඉතින් ඔන්න දැන් ප්‍රතිශක්තිය හරි හරියට කාඩියෝ වගේ සටන් කරලා මේ සටන හවස් වෙද්දී ඉවරයක් කරලා දානවා.
හැබැයි මේකෙන් අතුරු ප්‍රතිඵලත් ලැබෙනවා. ඉක්මනින් සටන ඉවරයක් කරන්න ඕනේ නිසා කඩු පොලු වලින් සටන් කරපු හමුදාව කාලතුවක්කු පාවිච්චි කරලා සටන කරනවා. දැන් සිද්ද වෙන්නේ හතුරු උණ ට විතරක් නෙමෙය් හානි වෙන්නේ. සමහර විට අපේම ඇඟේ මිතුරු කොටස් නුත් හානි වෙන්න පුළුවන්.

නිකන් හිතන්නකෝ යුද්දෙකදී බර අවි පාවිච්චියෙන් හතුරෝ විතරක් නෙමෙයිනේ මැරෙන්නේ. සිවිල් වැසියෝ ත් මැරෙනවානේ. අන්න ඒ වගේ.

ඔන්න ඕකයි ඉතින් බෙහෙත් වලින් කෙරෙන්නේ. බෙහෙත් වලින් ලෙඩේ සනීප කරන්නේ නෑ. බෙහෙත් වලින් කරන්නේ ඔබ ප්‍රතිෂක්තියට බල කරනවා ඉක්මන් කරන්න කියලා. ප්‍රතිශක්තිය ඇර වෙන කිසිම දෙකට බෑ ලෙඩක් හොඳ කරන්න. බෙහෙත් වලට පුළුවන් එකම දේ ඒ ඒ අදාළ ප්‍රතිශක්තිය තියෙන රසානය ද්‍රව්‍ය ඉක්මනින් සහ වැඩියෙන් නිකුත් කරන්න ඇඟට බල කරන එක.
ඉතින් එහෙම බැලින්නම් ඔබ බෙහෙත් බිව්වම වෙන්නේ කොහොමත් සිද්ද වෙන දෙයක් (හිමින්) බලෙන් වේගවත් කරන එක විතරයි.

ඇයි හිමින් වෙන්නේ?

මොකද ඒක තමයි නියමිත වේගය. ඇඟ දන්නවා ඇඟට අවශ්‍ය මොකක්ද කියල. ඒ අවශ්‍ය වේගයට ඇඟ විසින්ම අවශ්‍ය දේ කරනවා. අපි ඕකට ඇත දාන්න ගියාම වෙන්නේ ඇඟ බලෙන් කලබලෙන් වැඩේ කරන්න හදනවා. එකෙන් ලැබෙන්නේ අතුරු ප්‍රතිඵල.

මෙච්චර කතා කරපු එකේ මේ දේත් කියන්න ඕනේ.

ඔබ දැකල ඇති සමහර ලෙඩ්ඩුන්ට බෙහෙත් අහුරු අහුරු දෙනවා.

දන්නවද ඒ ඇයි කියලා?

ඒකට හේතුව එක ලෙඩකට දෙන බෙහෙතෙන් අර සිද්ධ වෙන අතුරු ප්‍රතිඵල වලටත් එක්කමයි බෙහෙත් දෙන්නේ.
උදාහරණයක් විදියට අපි හිතමු ඔබට පොඩි කොන්දේ කැක්කුමක් ඇවිත්. ඔබ ගිහින් බෙහෙත් අරන් එනවා. මෙතන තියෙනවා බෙහෙත් අහුරක්ම.

මෙන්න මේකයි සිද්ද වෙන්නේ.

ඔබ කොන්දේ අමාරුවට බෙහෙත් බොද්දි එකෙන් සැර රසායනික නිකුත් කරනවා උදරයේ. දැන් නිකන් බඩ දැවිල්ලක් වගේ එනවා. දොස්තර ඕක හොඳටම දන්නවා එහෙම වෙනවා කියලා. ඉතින් අර බඩේ දැවිල්ලටත් එක්කමයි බෙහෙත් දෙන්නේ. බඩේ දැවිල්ලට බෙහෙත් බිව්වම හිසේ කැක්කුමක් එනවා. දොස්තර ඕකත් දන්නවා. ඉතින් එකටත් එක්කමයි බෙහෙත් දෙන්නේ. ඒ බෙහෙත බිව්වම නින්ද යන්නේ නෑ, දවසම ඇහැරිලා ඉන්නේ. ඉතින් රෑ වේලට දෙනවා නිදි පෙතිත් වෙන නමකින්. ආයේ උදේ වෙනකන් නිදි.
දැන් බලන්න එක කොන්දේ අමාරුවක් ඉක්මනින් හොඳ කරගන්න ගිහින් ඔබ නැති ලෙඩ 3ක් හදාගෙන ඒවටත් එක්කම බෙහෙත් බීලා.

ඇයි මේ?

මොකක්ද ඔච්චර හදිස්සිය?

කොන්දේ අමාරුව හොඳ වෙන්න නම් වැඩක් නොකර එක තැනකට වෙලා ඉන්න, හොඳම දේ හාන්සියක් දාගෙන ඉන්න එකනේ.
ඒත් බෑ. එහෙම කොහොමද, වැඩට යන්න තියෙනවා, කොච්චර වැඩ තියේද?

ඔව් වැඩට යන්න හිතාගෙන නිකන් නැති ලෙඩ හදන ඒවාට බෙහෙත් බීල ලබන දේ මොකද කියල නම් තේරෙන්නේ නෑ. නමුත් එක දෙයක්. ඔබ අද දවසේ මේ කරන හැමදේකට ඉක්මන් ප්‍රතිඵල ඔබටමයි ලැබෙන්නේ තව කාලෙකින්. එතකොට හිතෙයි ඇයි මම මෙහෙම කරේ කියලා.

දැන් මම මෙහෙම කිව්වා කියල බෙහෙත් නොබී ඉන්න එපා. ඒ ඇයි කියලා වෙනම කියන්නම්.

No comments:

Post a Comment