කුඩා දරුවන් ඉන්න ගෙවල් වල සෙල්ලම්
බඩුවක් ඒ කුඩා දරුවට ගෙනත් දුන්නොත්, ඒ දරුවා කරන මුල්ම වැඩේ ඒ සෙල්ලම් බඩුව කඩන
එකනේ. ඒ ළමයින්ගේ හැටි.
හැබැයි කැඩුනට පස්සේ ඒ ළමයාම අඬනවා
මහා හයියෙන් සෙල්ලම් බඩුව කැඩුනා කියලා.
දැන් කනක් ඇහෙන්න නැති නිසා අම්මලා
තාත්තාලා තව සෙල්ලම් බඩුවක් ගෙනත් දෙනවා.
මේක අපි පොඩි කාලේ ඉඳන් පුරුදු වුනු
සෙල්ලමක්. හැබැයි අපි ලොකු වෙලාත් මේ සෙල්ලමම කරන බව ඔබට තේරෙනවද?
ඔබගේ පෙම්වතා ඔබට බොරු කරනවා. ඔබව
රවට්ටනවා. ඔබ ඉතින් ඔහුත් එක්ක තවත් ඉන්නේ නෑ. ඔහුව ඇත ඇරලා දානවා.
ඊට පස්සේ මොකක්ද කරන්නේ තවත්
පෙම්වතෙක් හොයාගන්නවා.
ඒකට ලස්සනට කියනවා හැම කෙනාම එක වගේ
නෑ කියලා. ඒ කියන්නේ කලින් පෙම්වතා එහෙම කරාට අනිත් අය එහෙම කරන්නේ නෑ කියලා.
මේකත් නිකන් එක සෙල්ලම් බඩුවක්
කැඩුනම තවත් සෙල්ලම් බඩුවක් ගත්තා වගේ වැඩක් නෙමෙයිද?
ඇත්තටම විසඳුම ඒකද?
අපි ඇත්තටම ප්‍රශ්නය සහ විසඳුම
හොයාගෙනද?
මුලින් ප්‍රශ්නය බලමු.
පෙම්වතා ඔබව රැවටීම.
දැන් මේ පෙම්වතා හොයාගත්තේ ඔබ ද
නැත්නම් වෙන කවුරුවත් බලෙන් කරෙන් ගැහුවද? එහෙනම් මේ ඔබේම තීරණයක් නේ. ඉතින් ඔබම
නේද හොඳයි කියලා ගැලපෙනවා කියලා මේ කෙනාව තෝරාගත්තේ. එහෙනම් දැන් කොහොමද කියන්නේ
අපෝ එයා හරි නෑ, එයා එහෙම කරාට අනිත් අය එහෙම කරන්නේ නෑ කියලා. ඔබ මේ කෙනා ගැනත්
එහෙම හිතලානේ ඔහුව තෝරාගත්තේ. නැත්නම් රැවටෙන්න ඕනෙවට තෝරාගන්නේ නෑ නේ.
එහෙනම් ඔබම තෝරගත්ත කෙනා ඔබව රවටපු
එකයි ප්‍රශ්නේ.
එතකොට මේ ප්‍රශ්නෙට විසඳුම විදියට ඔබ
කරන්නේ ඔහුව ඇත ඇරලා වෙනත් කෙනෙක්ව ආයෙත් හොයා ගන්න එක.
ඔබට තේරෙන්නේ නැද්ද ඔබ ආයෙත් කරන්නේ
එකම ප්‍රශ්නය තමන් විසින්ම ඇති කරගන්න එක කියලා.
ඔබට කෝ සහතිකයක් මේ කෙනත් ඔබව රවට්ටන
එකක් නෑ කියලා. කෝ ඔබට සහතිකයක් මේ කෙනාත් ඔබ හිතන විදියේ කෙනෙක් වෙන එකක් නෑ
කියලා.
ඔබ ප්‍රශ්නේ දැනගත්තට එකට ගන්න
උත්තරේ?
ඔබ ඇත්තටම ප්‍රඥාවන්ත නම් එතනින්
අවබෝධ කරගන්න ඕනේ ඔබේ අඩු පාඩුව මොකක්ද කියල නෙමෙයිද? ඇයි මම මෙච්චර විශ්වාස කරලා
තෝරගත්තු කෙනා මාව රැවට්ටුවේ, එහෙම වෙන්න මගෙන් මොනවද සිද්ධ වුනු අඩුපාඩුව කියල
හොයලා බලන එක නෙමෙයිද?
නැතුව තවත් කෙනෙක් එක්ක එකතු වුනත්
ආයෙමත් වෙන්නේ එකම දේ නෙමෙයිද?
අපි ප්‍රශ්න වලට හොයන්නේ හරිම සරල
විසඳුම්. ඒ නිසා අපි තව තවත් ප්‍රශ්න වලම පැටලෙනවා කියලා තේරෙන්නේ නෑ අපිටම. ඒත්
ප්‍රඥාවෙන් බැලුවොත් අපිට තේරෙයි අපි කරන්නේ තව තවත් ප්‍රශ්න ඇති කරගන්න එකමයි
කියලා.
No comments:
Post a Comment