Monday, November 18, 2019

ප්‍රතිශක්තීකරණය 2


දැන් ඔබ බෙහෙත් නැවත්තුවොත් වෙන්නේ මොකක්ද?

වෙන්නේ පෙට්‍රල් වලින් යන්න හදපු වාහනයක් භූමිතෙල් වලින් දුවන්න ගියොත් සිද්ද වෙන වැඩේම තමයි.

දැන් ඔබේ ඇඟ නැත්නම් ප්‍රතිශක්තිය තමන් ගැන විශ්වාසයක් නැති හමුදාවක්. ඒ අයට දැන් පිටින් අණක් එන්නම ඕනේ වැඩේ කරන්න. 

ඇයි ඒ?

මොකද ඔබ අවුරුදු ගානක් දැන් එහෙම පුරුදු කරවල තියෙන නිසා. පොඩි කැස්ස ටයි හෙම්බිරිසාවටයි උණ ටයි හැමදේටම බෙහෙත් ගන්න ඔබට දැන් බෑ එක පාරට බෙහෙත් නැතුව ඉබේම ලෙඩ හොඳ වෙන්න දෙන්න. දැන් එහෙම කරන්න ගියොත් වෙන්නේ ඔබේ හමුදාව උඩ බලන් ඉන්නවා අණ ලබෙනකන්, ඔබ අණ දෙන්නේ නෑ එයාලම හිතල වැඩ කරයි කියල හිතලා. හැබැයි ඔබමයි ඒ හිතල වැඩ කරන දේ නැති කරේ. දැන් හමුදාව උඩ බලන් ඉන්නවා ඔබගේ අණ එනකන් (බෙහෙත්), ඔබ හිතන් ඉන්නවා හමුදාව හිතල වැඩ කරයි කියලා. දෙගොල්ලෝ දෙපැත්තට වෙලා ඉද්දි සතුරු හමුදාව ඔබව විනාස කරනවා.

ඒ නිසා ඔබ මේ දේ කියවල බෙහෙත් නොබී ඉන්න යන්න එපා.

හැබැයි ඔබට පුළුවන් ටික ටික බෙහෙත් බොන එක අඩු කරන්න. ආයෙත් අර හමුදාවේ නැති වුනු හිතල තමන්ගේ වේගෙන් වැඩ කිරීමේ හැකියාව ලබල දෙන්න. ඔබමයි බලෙන් බෙහෙත් කියන ඉහල අණ දුන්නේ. ඔබටමයි එය නැති කරන්නත් පුළුවන්. ඒත් බොහොම හිමින්. නරක දෙයක් ඇති කරන්න යන්නේ බොහොම ටික වෙලාවයි නරක දෙයක් නැති කරනවට වඩා.

ඒත් දැන් ඔබ කරගන්න පුළුවන් හානිය කරගෙන ඉවරයි.

දැන් ඉස්සරහට ඒවගේ ප්‍රතිඵල ලැබෙන්නයි තියෙන්නේ.

නමුත් ඔබට කුඩා දරුවන් ඉන්නවා නම් ඔවුන් ට කැස්සක් හැදුනු ගමන් සිරප් දෙන්න හදන්න එපා. බෙහෙත් බොන්න යන්න එපා.
හෙම්බිරිසාවක් හැදුනු ගමන් බෙහෙත් අරන් දෙන්න යන්න එපා.

උණක් හැදුනු ගමන් පැනඩෝල් දෙන්න යන්න එපා.

ඔබට බේරෙන්න බැරි වුනු දෙයින් දරුවන් වත් බේරගන්න උත්සහ කරන්න.


කැස්සක් කියන්නේ ලෙඩක් නෙමෙයි.
ඔබේ ඇඟට (ගැඹුරින් නැතුව සරලව කියන්නම්) අපි කියමු ස්වශන නාලයට කියලා, මොකක් හරි කෑම කෑල්ලක් ගියා කියමු. දැන් ඔබ කරන්නේ මේක කැහලා කැහලා එලියට ගන්න එකද, ඒක එහෙමම තිබ්බට කමක් නෑ මම කහින්නේ නෑ කියලා හිතල ඉන්න එකද?

කැස්ස එන්නේ අන්න එහෙම දෙයක් නිසා. මොකක් හරි දෙයක් ඔබේ ස්වසන නාලයේ හිර වෙලා තියෙන නිසා. කැස්සත් එක්ක සෙම නැත්නම් හොටු (දෙකම එකයි, කටින් ආවොත් සෙම නහයෙන් ආවොත් හොටු) එන්නේ අන්න ඒ කෑල්ල හොටුත් එක්ක එලියට ගන්න. ඉතින් එකට කරන්න ඕනේ කරන එක නෙමෙයිද?

බෙහෙතෙන් කරන්නේ කැස්ස ට විරුද්ධ රසායනික ද්‍රව්‍යක් පිට කරලා කැස්ස වේලවනවා. දැන් කැස්ස නෑ. හරි සතුටුයි. ඒත් අර රොඩ්ඩ?

දැන් ඕක කවදාක හරි ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ඔය හිර වුනු කෑල්ල නිසා අපේ හුස්මත් හිරවෙන්න බැරිද?
හෙම්බිරිසාව

විසබීජ එලියට ගන්න විදියක් තමයි හෙම්බිරිසාව කියන්නේ. කලින් වාගේම හොටු එක්ක එලියට ගන්නයි හචිං යවන්නේ. විසබීජේ එලියට ගියාට පස්සේ හචිං යන එකත් ඉවරයි.

ඒත් අපිට ඕනේ හචිං යන එක නවත්තන්නනේ. ඉතින් බෙහෙත් බොනවා. දැන් විසබීජේ එහෙමමයි. රසායනික වලින් සෙම වේලවනවා. දැන් හෙම්බිරිසාව ඉවරයි. හැබැයි විසබීජේ එහෙමමයි.

උණ කියන්නෙත් ඇඟේ විසබීජයක් ආවොත් ඒක නැති කරන ක්‍රමයක්,.

ඇඟ රස්නේ වෙන්නේ ඒ නිසයි.

මේ දේවල් ඔබ පිළිගන්නේ නෑ කියල දැන දැනත් මේ ලිපිය ලිව්වේ, ඔබට කවදාක හරි අනාගතයේ මේ ගන්න බෙහෙත් වල අතුරු ප්‍රතිඵල ලැබුනම මතක් වෙයි මම එදා මෙහෙම දෙයක් කියෙව්වා නේද කියලා. අන්න එදාට ඔබට ඔබ ගැනම පසුතැවිල්ලක් එයි.
මේ දේවල් දොස්තර කෙනෙක්ගෙන් ඇහුවට වැඩක් වෙන්නේ නෑ, මොකද දොස්තර ට ලෙඩ්ඩු එන්නේ නැත්නම් බිස්නස් නෑ. 

එහෙනම් දොස්තර කීයටවත් කියන්නේ නෑ ඔව් ඔව් ඒ කතාව ඇත්ත කියලා. ඔබ දොස්තර කෙනෙක් නම් හිතින් මේ කතාව ඇත්ත බව දැනගත්තත් ඔබ මීට විරුද්ධව කතා කරයි. ඒ තමයි ස්වාභාවය.

හිතල බලන්න. තීරණය ඔබේ අතේ.

No comments:

Post a Comment