Thursday, November 7, 2019

ලෝක දෙකක්...


අපි කලින් ලිපි මාලාවේ ගැහැණු ලොව සහ පිරිමි ලොව ගැන කතා කරා. මේ ලිපිය ඒ වගේම තවත් ලෝක දෙකක් ගැනයි.

අපි අහලා තියෙන නමුත් විශ්වාස කරන්න එච්චර කැමැත්තක් නැති ලෝක දෙකක් ගැනයි මේ කතාව.

ලෞකික ලෝකය සහ අධ්‍යාත්මික ලෝකය.



මොකක්ද ලෞකික ලෝකය කියන්නේ.

ලෞකික ලෝකය කියන්නේ මිනිස්සුන්ට  මේ ලැබෙන භාහිර පරිසරය තුල තියෙන සියලුම දේ.

ඊට අමතරව මේකට එකතු වෙනවා අපේ ආශාවන්, කැමති දේ, අකමැති දේ, බලාපොරොත්තු වගේ ගොඩ දේවල්.

මොකක අධ්‍යාත්මික ලෝකය කියන්නේ.

අධ්‍යාත්මික ලෝකය කියන්නේ අපේ භාහිර පරිසරයේ පෙන්නේ නැති, අපේ ආශාවන්, කැමති අකමැති දේ තුල නැති, බලාපොරොත්තු වෙන දේ තුල නැති සියලුම දේ.

තේරෙන්නේ නෑ නේ. පැහැදිලි කරගමු.

ලෞකික ලෝකය තුල අපේ අරමුණ වෙන්නේ ඉහලට යාමයි. සැප විඳීමයි. සතුට විඳීමයි. බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමයි. ඒ වෙනුවෙන් අපි ඉපදුනු දවසේ ඉඳන් මැරෙන දවස වෙනකන් අපි මහන්සි වෙනවා.

අපි ඉපදුනු දවසේ ඉඳන් අපේ අම්මල අපිව සුදානම් කරවන්නේ මේ ලෞකික ලෝකයේ ජගතෙක් වෙන්න. හොඳ ඉස්කෝලෙකට දාල, හොඳම පන්ති වලට යවලා, හොඳ රස්සාවක් කරලා, හොඳ ගෙයක් දොරක් හදලා, හොඳ වාහනයක් අර, හොඳ කෙනෙක් බැඳලා, හොඳ දරුවෝ හදලා, a දරුවෝ හොඳ ඉස්කෝලේ යවල, හොඳ පන්ති යවල... මෙහෙම මෙහෙම පරම්පරා හැම එකටම කියන්න පුළුවන්. ඒත් පොදුවේ ගත්තොත් එකම දේ.
ඉතින් මේ සියල්ල අතරේ හැමදේම හොඳට සිද්ද වෙන්නේ නෑ. නරක දවල් නුත් සිද්ධ වෙනවා. ඒ වෙලාවට අපි ලෞකික ලෝකයෙන් ටිකක් ඇහැරෙනවා.

වෙන විදියකට කිව්වොත් අපි මේ ලෞකික ලෝකය කියන මායාවෙන් එලිය යන්තම් දකිනවා. ඒත් අපි කොච්චර මේ ලෞකික ලෝකයේ ඇලිලා ද කිව්වොත් අපිට ටිකකින් ආයෙත් ඒ මායවටම ඇලෙන්න හිතෙනවා.

උදාහරණයක් විදියට ඔබ ප්‍රේම සම්බන්ධයක් තියෙන කෙනෙක් නම්, ඔබට ඔබේ පෙම්වතිය බොරුවක් කරලා අහු වෙනවා. දැන් ඔබට ලෞකික මායාවෙන් එපිට යන්තම් පේනවා. මොකද ප්‍රඥාව පහල වෙන්නේ අපිට සිද්ධ වෙන නරක මතයි. ප්‍රඥාව පහල වෙන්නේ අපි ලෞකික මායාවෙන් එපිට දැක්ක විටයි.

මේ කෙල්ල මට දැන් මෙහෙම බොරු කරා. මේ වගේ තව කොච්චර බොරු කරලා ඇත්ද? අද වෙනකන් කියපුව මම පිළිගත්තේ මට බොරු කරන්නේ නෑ කියලා හිතලා. ඒත් දැන් කොහොමද මම ඒවා විශ්වාස කරන්නේ? ඉස්සරහට බොරු නොකිය ඉඳියි ද?

ඔබට දැන් ප්‍රඥව පහල වෙලා. මොකද ඔබට ඒ හිතුනු කිසිම දෙයක් වැරදි නෙමෙයි. ඒ තමයි සත්‍ය. එක පාරක් බොරු කරන කෙනා ආයෙත් කරන්නේ නෑ කියලා කොහොමද විශ්වාස කරන්නේ. මීට කලින් කියපු දේ ඇත්ත කියලා කොහොමද විශ්වාස කරන්නේ?

ඒත් ඔබ ලෞකිකත්වය තුල මායාව තුල රැවටිලා ඉන්න නිසා ඔබේ සිත ඔබට කියනවා, ඔව් බොරුවක් කරා තමයි. ඒත් ඉතින් අර අහවලාගේ කෙල්ල ඌට කරන බොරු වල හැටියට මේක මොකක්ද? අනිත් හැමෝගෙම කෙල්ලොන්ට වඩා මේ මගේ කෙල්ල කොච්චර ලස්සනද. මට කොච්චර ආඩම්බරයක්ද මේ වගේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ලැබුණු එකම. අනික මම මේ කෙල්ලගෙන් නේ මට ඕනේ කරන හැම ආසාවක්ම සපුරා ගන්නේ. මේ කෙල්ලත් කොච්චර ඒ දේ මට ලබල දෙනවද. හරි බොරුවක් කිව්වා තමයි. ඒත් ආයෙත් එහෙම කරන එකක් නෑ. බලමු තව පාරක් අවස්තාව දීල.

දැන් මේ මොකක්ද වුනේ. ඔබට සත්‍යය තේරුනා විතරයි ඔබ නැවතත් අර ලෞකික මායාවේම හිර වුනා නේද? ඔබට ලෞකිකත්වය තුල ඇලෙන්න හේතු හිත චිසින් ඔබට ඉරිදිපත් කරා නේද? අනිත් අයට වඩා ලස්සන කෙල්ල, ඉෂ්ට වෙන ආසාවන් වගේ දේවල් වලින් ඔබට පෙනුන අර මායාවේ සිදුර හිත විසින් වසා දැම්ම. දැන් ඔබ ආයෙමත් ඉන්නේ මායාව ඇතුලේ.

නමුත් කලින් කතාව තාමත් වලංගුයි නේද. එක පාරක් බොරු කියපු කෙනා ආයෙත් කියන්නේ නැති වෙයදා? අක්ලින් කියපු ඔක්කොම ඇත්තමද?

ඒවා තාමත් වලංගු සැකයන්. ඒත් ඔබ ඒවා අමතක කරලා, නොසලකාහැරලා යනවා ඔබට ලැබෙන ලෞකික සැප නිසා.

තවත් උදාහරණයක් ගනිමු.

ඔබ ඉගෙන ගන්න යනවා. අපි හිතමු විශ්වවිද්‍යාලයකට කියලා.

එතනට ගියාම ඔබට තේරෙනවා විශ්වවිද්‍යාලයේ උපසංස්කෘතිය අනුව ඔබට ජීවත් වෙන්න බෑ කියලා. ඔබට සිද්ධ වෙනවා ප්‍රශ්න නොකර කියන හැමදේම කරන්න. ඔබට සිද්ධ වෙනවා අනුන්ට ඔලුව නමාගෙන ඉන්න. ඔබට සිද්ධ වෙනවා නොසැහෙන්න බොරු කියන්න. ඔබට සිද්ධ වෙනවා ඔබට උගන්වන ආචාර්යවරුන්ට එරෙහිව වැඩ කරන්න.

ඉතින් ඔබට තේරෙනවා මේ උපාධිය කියන ලෞකික මායාව ඇතුලේ මට ඉන්න බෑ කියලා. ඒත් එක්කම ඔබට හිත කියනවා, ඒ වුනාට උපාධිය වටිනවා නේද? අම්මල තාත්තලා උඹ ඉගැන්නුවේ මෙතෙන්ට ගෙන්න නේද? දැන් මොකක්ද මේ හිතන්නේ. එහෙම තමයි තැනකට ආවම ඒ විදියට හැඩගැහෙන්න වෙනවා. උපාධිය ඕනේ නම් මේවට පුරුදු වෙන වෙනවා කියලා.

ඉතින් ඔබ තීරණය කරනවා ඒ අනුව හැඩගැහෙන්න.

මේ අතරේ ඉන්න පුළුවන් ඊට හැඩ ගැහෙන්නේ නැතුව තමන්ගේ විදියට ඉඳගෙන උපාධියත් සම්පූර්ණ කරන අය. එයාල භාහිර කිසිම දෙකට යන්නේ නෑ, ඉගෙන ගන්නවා පමණයි.

ඒත් ටිකක් කල් යද්දී ඔවුන්ට බහුතර උප සංස්කෘතියේ න් බලපෑම් එල්ලවෙනවා. දැන් ඔබට හිතෙන්නේ මෙහෙම පිස්සෝ ඉන්න තැනක මට ඉන්න ඕනේ නෑ කියලා. ඒත් ඔබට උපාධිය අතාරින්නත් බෑ. මොකද ඔබට බලාපොරොත්තු රැසක් තියෙයි උපාධිය අරගෙන හොඳ තැනක රැකියාවක් කරන්න ගෙවල් හදන්න දරුවෝ හදන්න. ඒ සියල්ලටම මේ උපාධිය අත්‍යවශ්‍යයි.

ඉතින් ඔබ තීරණය කරනවා එන දෙකට මුහුණ දීල මම සටන් කරලා හරි කොහොම හරි මේ උපාධිය අරගන්න මේ එක එකාට මගේ උපාධිය නැති කරන්න දෙන්නේ නෑ කියලා. මොකද ඔබ දන්නවා බහුතර උපසංස්කෘතියට අවශ්‍යත් ඔබව විශ්වවිද්‍යාලයෙන් එලවා දැමීමට බව. මොකද ඔබ ඔවුන්ට එරෙහිව යන කෙනෙක් නිසා. ඒත් ඔබ තීරණය කරනවා මම උන්ට දිනන්න දෙන්නේ නෑ, මගේ වැඩේ මම මරාගෙන හරි කරගන්නවා කියලා.

මේ ලෞකික ලෝකය තුල අපි අත්විඳින දේ.

ලිපිය දිග වැඩි වුනු නිසා ඉතුරු කොටස වෙනම ලිපියකින් බලපොරොත්තු වන්න.

No comments:

Post a Comment