අපි අපේ ජීවිතේ කරන වැරදි වර්ග 8ක්
තියෙයි.
මේ ලිපිය කලින් ලියපු කතාව ලියන්න නම් නොමැරී ඉන්න... 3 ලිපිය සමග
බැඳෙන බැවින් එම ලිපිය කියවා මෙය ඉදිරියට කියවන්න.
අපි මේවා කරද්දී නම් නිකන් වත්
හිතන්නේ නෑ මේවා වැරදියි කියලා. ඒත් අපේ උඩු හිත මේ දේවල් දන්නේ නෑ කියලා අපි
හිතුවට අපේ යටි හිත හැමතිස්සෙම මේ දේවල් දැනගෙනයි කරන්නේ.
එකම වෙනස අපි මේ දේවල් ගැන හිතන්න
උනන්දු වෙන්නේ නෑ.
අපි එච්චර හිතන්න කැමති මිනිස්සු
නෙමෙයි නේ. අපි ඔහේ සිද්ධ වෙන්න දෙනවා මිසක් ඒ ගැන හිතල බලල වැඩ කරන්න කැමති අය
නෙමෙයි.
ඉතින් අපි වැරදි කරන විදි 8 මෙන්න
මෙහෙමයි.
අපි වැරදි කරන ප්‍රධාන මාර්ග 3ක්
තියෙයි. ඒ තමයි,
අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි,
වැරද්දක් නෑ කියලා හිතාගෙන කරන
වැරදි,
සතුටින් කරන වැරදි.
මේ දේ ගැඹුරින් තේරුම් ගත්තේ නැත්නම්
ඔබට මේ දේ තේරුම් යන එකක් නෑ.
මේ ප්‍රධාන මාර්ග 3න් අපි කරන
ක්‍රියා එකතු වෙලා ක්‍රම 8ක් යටතේ අපි වැරදි කරනවා.
එකතු වෙන්නේ මෙහෙමයි.
ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන
අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන
අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන වැරදි.
ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන
නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන
නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන
වැරදි.
උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා
හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා
හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන වැරදි.
උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා
හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා
හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් හෝරාව
කරන වැරදි.
අපි එකින් එක තේරුම් ගමු.
ඕනෑකමින්
කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
අපි හිතමු ඔබට කවුරු හරි පොඩි කාලේ
ඉඳන්ම උගන්වනවා සර්පයෙක් දැක්කොත් මරන්න ඕනේ කියලා. දැන් ඔබ හිතන්නේ සර්පයෙක් මරණ
එක තමයි හරි දේ කියලා. ඔබ එහෙම කරන්නේ කෙනෙක්ගේ මෙහෙයවීම නිසා. ඔබ ඒ දේ කරන්නේ
සතුටින් අනිවාර්යෙන්ම. මොකද ඔබ එකේ වරදක් දකින්නේ නෑ.
ඉතින් ඔබ මිදුලේ ඉන්න සර්පයෙක්
දැක්කොත්, එතන ඉන්න කෙනෙක් කියනවා අන්න අන්න සර්පයෙක් අනේ ඌව මරන්න ඉක්මනට කියල. ඒ
සර්පයාව හොයාගෙන ගිහින් මැරුවොත් ඔබ එතන කරන්නේ පවක්. ඒකෙ ආයේ කතා දෙකක් නෑ. ඒක
වැරද්දක්.
හැබැයි ඔබ ඒ දේ කරන්නේ අනුන්ගේ
මෙහෙයවීමෙන්, පොඩි කාලේ ඉඳන් එහෙම කරන්න කියලා ඉගෙන ගෙන තියෙන නිසා ඒ දේ කරන්නේ
හරි කියලා හිතාගෙන, ඒ දේ ඔබ කරන්නෙත් හරි සතුටින්.
ඉතින් ඔබ හිතුවට මේ දේ වැරද්දක්
නෙමෙයි කියලා, අනේ ඔබ කරන්නේ වරද්දක්.
රොබින් හුඩ් මතකයි නේද.
සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් හොරකම්
කරාට කමක් නෑ කියලා හිතාගෙන, තමන්ගේ වටේ ඉන්න පිරිසගේ මෙහෙයවීම අනුව, සතුටින්
ෂෙරිෆ් ගේ වස්තුව හොරකම් කරලා අහිංසක මිනිස්සුන්ට ගිහින් දුන්නත් ඒ කරන්නෙත් මේ
වරද්දම නේද.
ඕනෙම රටක හමුදාවක් තමන්ගේ රට
වෙනුවෙන් මිනී මරණ එක හරි දෙයක් කියලා හිතාගෙන, ඉහල නිලාධාරීන් ගෙ මෙහෙමයවීම අනුව
සතුටින් අභිමානයෙන් මිනි මරණ එකත් මෙහෙමම නේද.
ඕනෑකමින්
කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන වැරදි.
තවත් සමහර වැරදි තියෙනවා අපි අනුන්ගේ
මෙහෙයවීමෙන් තොරව, ඒත් හරි කියලා හිතාගෙන සතුටින් කරන වැරදි.
අර මිදුලේ දැකපු සර්පයා දැක්ක ගමන්
ඔබට කවුරුවත් කියන්නේ නෑ අනේ ඌව මරන්න කියලා. ඒත් ඔබට ඕනෙම ඌව මරන්න. එතැනදී
කාගෙවත් මෙහෙයවීමක් නෑ. ඔබට නිකන්ම හිතෙනවා. එහෙම හිතල සර්පයෙක් මරණ එක තමයි කරන්න
ඕනේ කියන වැරදි දෘෂ්ඨිය ඔස්සේ සතුටින් අර සර්පයා මරණ එකෙන් ඔබ කරන්නේ මෙන්න මේ
වැරැද්ද නේද.
රොබින් හුඩ් වටේ ඉන්න පිරිස හදාගත්තේ
පස්සේ නේ. මුලින්ම ඒ විදියට හොරකම් කරේ තනියම මුලින්. ඉතින් එතන මෙහෙයවීමෙන් තොරව
නේද මුලින්ම ෂෙරිෆ් ගේ වස්තුව හොරකම් කරන්නේ. එතැනදී වැරදි දෘෂ්ඨියක් තියෙන්නේ,
වැඩියෙන් තියෙන කෙනෙක්ගෙන්, නැත්නම් වැරදි විදියට හම්බ කරන කෙනෙක්ගෙන් අරගත්තට
කමක් නෑ කියලා හිතාගෙන සතුටින් හොරකම් කරන එකත් එහෙමමයි නේද.
ඉහල නිලධාරින් ගේ මෙහෙයවීමක් නැතුව,
තමන්ගේ දේශප්‍රේමය අනුව සතුරන් මරණ එක තමයි කරන්න ඕනේ කියන වැරදි දෘෂ්ඨිය අනුව
ගිහින් සතුටින් මිනි මරණ එකත් මෙහෙමයි නේද.
ඕනෑකමින්
කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
හිතන්න ඔබගේ දරුවා ළඟ ඉන්නවා
පත්තැයෙක්. දැන් ඔබ ඌට මෛත්‍රී කර කර ඉන්නේ නෑ නේ. ඔබ අනිවාර්යෙන්ම ඒ සතාව මරනවා.
ඔබ ඒ සතාව මරන්නේ පත්තායා කියන සතා
මැරිය යුතු සතෙක් කියලා කියලා හිතාගෙන (වැරදි දෘෂ්ඨියේ ) ඉඳගෙන නෙමෙයි. ඔබ ඒ
මරන්නේ සාපේක්ෂව ඔබගේ දරුවා ගේ ආරක්ෂාවට. එතැනදී ඔබ වැරදි දෘෂ්ඨියක ඉඳන් නෙමෙයි ඒ
සතාව මරන්නේ. ඒත් ඔබට ඒ සතාව මරන්න කියලා ඔබගේ බිරිඳ කිව්වා සැනින් ඔබ ඇවිත් ඌව
මරලා දානවා. ඒ බොහොම ඕනෑකමින්.අනුන්ගේ මෙහෙයවීමෙන්, ඒත් මේ ඉන්නේ දැක්ක ගමන් මරන්න
ඕනේ සතෙක් කියන වැරදි දෘෂ්ඨිය තුල නැතුව, ඒත් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මරණ එක මේ
වගේ වැරද්දක් නේද.
ඕනෑකමින්
කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන වැරදි.
ඔබ දරුවා ගාවින් යද්දී ඔබ දකිනවා
දරුවා ගාව පත්තායා ඉන්නවා. දැන් ඔබට කාගේවත් උපදෙසක් ඕනේ නෑ ඒ සතාව මරන්න කියලා.
ඔබ ඉක්මනින් ඕනෑකමින් අර සතාව මරනවා.
ඒත් ඒ මේ සතා දුටු තැන මැරිය යුතු සතෙක් කියන වැරදි දෘෂ්ඨිය අනුව වත් කාගේ වත්
මෙහෙයවීම අනුවත් නෙමෙයි. ඒත් සිද්ධ වෙන්නේ මේ දේම නේද?
උපේක්ෂාවෙන්
කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
ඔබ මළගෙදරක රෑ පිරිසක් සමග රාත්‍රිය
ගෙවද්දී, ඔබේ අතේ මදුරුවෙක් වහලා අර පිරිසෙන් කෙනෙක් ඔබට පෙන්නනවා ඔන්න ඔයාගේ අතේ
මදුරුවෙක් වහලා මරන්න කියලා.
ඔබ මදුරුවා කියන්නේ මාරුවට කමක්
නැති, පවක් පිරෙන්නේ නැති පුංචි සතෙක් කියලා හිතාගෙන විශ්වාස කරන කෙනෙක්. ඉතින් ඔබ
අර මදුරුවව ඉක්මනින මරනවා.
මෙතන සිද්ධ වෙන්නේ වැරදි දෘෂ්ඨිය මත,
අනුන්ගේ මෙහෙයවීමෙන්, ඒත් ඔබ ඒ මදුරුවව මරන්නේ කිසිම හැගීමක් නැතුව. අර කලින්
උදාහරණ වල වගේ ඉතා ඕනෑකමින් නෙමෙයි. අපිට මදුරුවෙක් දැක්ක ගමන් අපි කුරුමානම් අල්ල
අල්ල ඉන්නේ නෑ නේ. අතේ රිදුමක් දැනෙද්දීම අනිත් අතින් එතෙන්ට ගහනවා චටාස් ගාලා.
අන්න ඒකටයි උපේක්ෂාවෙන් කියන්නේ.
මදුරුවා මරන්නේ කුරුමානම් අල්ලලා
ලොකු උත්සහයක් දරලා, ඕනෑකමින් නෙමෙයි. නිකන්ම කරනවා පුරුද්දට වගේ. ඒත් කරන්නේ
අනුන්ගේ මෙහෙයවීමෙන්, මදුරුවෝ මරණ එක වැරද්දක් නෙමෙයි කියලා හිතාගෙන.
උපේක්ෂාවෙන්
කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන වැරදි.
ඒ
මළගෙදරම ඉද්දි ඔබේ දකුණු අතේ පොඩි රිදුමක් දැනෙනවා. බලද්දී ඔබ දකිනවා මදුරුවෙක්
කියලා. ඔබ එහෙමම වම් අතින් ගහනවා දකුණු අතේ ඒ රිදෙන තැනට. මොකද ඔබට ඕනේ වුනේ
මදුරුවව මරන්න. ඒත් ඒකෙන් මදුරුවා මැරෙන්නම ඕනේ කියලා හිතාගෙන සැලසුම් කරලා ගහන්නේ
නෑ. මදුරුවා මැරෙනවා නම් මැරෙයි. නැත්නම් ඌ යැයි. දෙකෙන් එකක්. කොහොම හරි අර රිදුම
ඉවර වෙනවනේ.
ඉතින්
ඔතනදි වෙන්නේ ඔබ උපේක්ෂාවෙන්, වෙන කාගෙවත් මෙහෙයවීමක් නැතුව, ඒත් මදුරුවා කියන්නේ
මැරුවට කමක් නෑ කියලා හිතාගෙන කරන දෙයක්නේ. එහෙනම් ඒ දේ වැටෙන්නෙත් මේ ගොඩට නේද?
උපේක්ෂාවෙන්
කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
අර මළගෙදර ඔබ ඉද්දි කෙනෙක් කියනවා,
ඔන්න ඔයාගේ දරුවාගේ පිටේ මදුරුවෙක් කියලා. ඔබ ඉක්මනින් පිටට අතින් ගහනවා. දැන් ඔබ
ඒ දේ කරන්නේ මදුරුවා කියන්නේ මරන්න ඕනේ සතෙක් කියලා හිතාගෙන නෙමෙයි.ඔබේ දරුවාගේ
ආරක්ෂාව වෙනුවෙන්. මේ දවස් වල ඩෙංගු නේ. ඒත් ඔබ එහෙම කරන්නේ මදුරුවා ට වඩා දරුවා
ගේ ගැන හිතලා. එතැනදී ඔබ මදුරුවා මැරිය යුතුයි කියලා හිතාගෙන නෙමෙයි, ඒ මදුරුවා
ගෙන් දරුවා ආරක්ෂා කරගන්න.
නමුත් එතැනදී මදුරුවා මරනවනේ. ඒක
වෙන්නේ අනුන්ගේ මෙහෙයවීමෙන්, ඒත් උපේක්ෂාවෙන්, අර වැරදි දෘෂ්ඨියේ ඉඳන් නෙමෙයි
(මදුරුවෙක් කියන්නේ මරන්න ඕනේ සතෙක් කියලා හිතාගෙන).
උපේක්ෂාවෙන්
කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් හෝරාව කරන වැරදි.
ඔබ දකිනවා ඔබේ දරුවාගේ අතේ මදුරුවෙක්
වහලා ඉන්නවා. ඔබ ඉක්මනින් ඒ මදුරුවා මරනවා. හැබැයි ඔබ මදුරුවෝ දැක්ක දැක්ක තැන මරණ
කෙනෙක් නෙමෙයි. ඔබ මදුරුවා කියන්නේ මරන්න ඕනේ සතෙක් කියලා හිතාගෙන ඉන්න කෙනෙක්
නෙමෙයි. ඒත් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ඒ දේ නිරායාසයෙන් කරනවා.
ඉතින් එතැනදී කවුරුවත් ඔබව
මෙහෙයවන්නේ නෑ. ඔබමයි ඒ දේ කරන්නේ ඔබගේ දරුවාගේ ආරක්ෂාවට. ඒත් ඔබ වැරදි දෘෂ්ඨියක
ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ අවස්ථාවේ ඔබ ඒ දේ කරනවා දරුවා වෙනුවෙන්. ඔබ ඒ දේ කරන්නේ
උපේක්ෂාවෙන් මිසක් මදුරුවා මරනවමයි කියලා හිතාගෙන නෙමෙයි. දරුවාගේ අතෙන් මදුරුවා
අයින් වෙන එකයි ඔබට ඕනේ. ඉතින් ඒ වෙන්නෙත් මේ වැරැද්ද නෙමෙයි ද?
දැන් ඔබ හිතන්න, ඔබ මෙච්චර කල් කරපු
හැම වරදක්ම මේ කොටස් 8ත අයිති වෙනවා නේද. එක්කෝ වෙන කෙනෙක්ගේ මෙහෙයවීමෙන්, නැත්නම්
මෙහයවීමක් නැතුව. එක්කෝ ඕනෑකමින් නැත්නම් උපේක්ෂාවෙන්. එක්කෝ වැරදි දෘෂ්ඨියෙන්
නැත්නම් එහෙම වැරදි දෘෂ්ඨියක් නැතුව. මේ ප්‍රධාන මාර්ග 3 එකතු වෙලං, සංකලනය වෙලා
හැදෙනවා මෙන්න මේ ක්‍රම 8.
අදින් පස්සේ දෙයක් කරද්දී හිතල බලන්න
මේ 8න් මොකටද වැටෙන්නේ කියලා. මේ 8න් එකකට හරි අයිති වෙනවා නම්, ඔබ ඒ කරන්නේ
වැරද්දක්. පවක්.
හිතලා බලන්න.
No comments:
Post a Comment