Friday, November 8, 2019

ලෝක දෙකක්...2


අපි කලින් ලිපියෙන් කතා කරා ලෞකික ලෝකය ගැන.

දැන් අපි බලමු මොකක්ද අධ්‍යාත්මික ලෝකය කියන්නේ කියලා.

ආධ්‍යාත්මික ලෝකයට අවශ්‍ය වන්නේ ප්‍රඥාවයි.

ප්‍රඥාව පහල වන්නේ ලෞකික ලෝකයේ මායාව අතර ඇතිවෙන සිදුරු තුලින් සත්‍ය දැකීමෙන්.

ලෞකික ලෝකයේ මායාවේ සිදුරු ඇති වෙන්නේ ලෞකික ලෝකයේ අපි ජීවත් වෙන අතරේ සිද්ධ වෙන සිදුවීම් තුලින්.

අපි පෙර උදාහරණයම බලමු.

විශ්වවිද්‍යාලයේ ඔබ දැන් මරාගෙන හරි උපාධිය ගන්නයි සුදානම.

ඔබ දැනටමත් ලෞකික මායාව තුලින් ඇති වූ සිදුරු අතරින් සත්‍ය දැක අවසන්.

මම වෙනස් නිසා, මම අනිත් අයට ඕනේ විදියට නටන්නේ නැති නිසා, මම බොරු කියන්න, ආචාර්යවරුන්ට එරෙහිව යන්න කැමති නැති නිසා, මම විකෘති දේ කරන්න අකැමති නිසා මට මේ විශ්ව විද්‍යාලයේ ඉඩක් දෙන්නේ නෑ මේ අය. මට හැමතැනම කැපිල්ල.

ඔබ දුටුවා සත්‍ය. ඒත් ඔබ එතනින් එහාට හිතුවේ නෑ.

මම අවුරුදු තුනක් ඉන්න ඕනේ මේ පිරිස එක්ක. මම අවුරුදු තුනක් මේ අය එක්ක මරාගන්නද. ඇයි මම මරාගන්නේ. විශ්වවිද්යාලේ හැමෝටම නිදහස තියෙන්න ඕනේ තමන් කැමති විදියට ඉන්න. අපි කවුරුවත් කියන විදියට ඉන්න ආපු වහල්ලු නෙමෙයි. එහෙනම් ඇයි මේ. ඇයි මේ බහුතරයට ඒ බව නොතෙරෙනේ.
ඒ සත්‍ය දකින්නේ ඔබ විතරයි. මොකද ඔබ විතරයි ප්‍රඥාව පහල කරගෙන ඉන්නේ.

ඔබ එතනින් එහාට දකින්න උත්සහ කරන්න.

මම මේ මරාගන්න හදන්නේ මුළු විශ්වවිද්‍යාලයක් එක්ක. රටේ හැම විශ්වවිද්යාලයම මෙහමයි. එතකොට රටේ බිහිවෙන හැම උපාධිදාරියාම වහලෙක්ද? උපාධිය ඕනේ නිසා රටේ නීතියෙන් තහනම් නවක වදයෙන් පටන් අරන් අනුන්ට ඕනේ විදියට හැසිරුණු, තැනට අනුව හැගහුණු කොන්දක් පන නැති වහල්ලුද.
එතකොට මේ රටේ තීරණ ගන්නේ එහෙම වහල්ලු කොටසක් ද.

ඔබ දැන් මායාවේ තිර පට ඉරා දමමිනුයි ඉන්නේ.

මෙතනින් උපාධිය අරගෙන එලියට ගිහින් මම ආයෙමත් රැකියාව කරන්නෙත් මේ අය එක්කම නේද? එතනත් මේ ගැටුම ඇති වෙනවා නේද මම වෙනස් නිසා. එහෙනම් මම මේ ජීවිත කාලෙම මරගාන්න ද හදන්නේ අනුන් එක්ක?

ඔබට තේරෙනවද, ප්‍රඥාව පහල වූ අයෙක්ට එක සිදුරකින් මුළු මහත් සත්‍යම දකින්න හැකියාව තියෙනවා කියලා.

මොකද ප්‍රඥාව පහල වූ අයෙකුගේ සිත බලවත් නෑ ඔහුට වෙන වෙන ලෞකික දේ පෙන්නලා ආයෙමත් ලෞකික මායාව තුල ඉඳගන්න තරම්.

අධ්‍යාත්මික ලෝකය කියන්නේ තමන්ගේ කෝණයෙන් හරි වැරැද්ද කියලා අර්ථකතන දෙන්නේ නැතුව, හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදියටත් දැකීම වගේම, හරි දේ පමණක් කිරීමත් වැරදි දේ දෙවියන් කිව්වත් නොකර සිටීමත් ය.

ඔබ අධ්‍යාත්මික නම් ඔබට තේරෙයි මම වැරදි කරන්නේ වැරදි බව දැනගෙන ඒත් මමම ඒ වැරැද්ද, වැරද්දක් බව වහගන්න මගේම හිතින් හේතු ඉදිරිපත් කරනවා කියලා.

උදාහරණයක් විදියට නවක වදයට කැමති වෙන ශිෂ්‍යයා දන්නවා මේක වරදක් බව. ඒත් ඔහුට උපාධිය අවශ්‍ය නිසා ඔහු ඒ වරද, වරදක් නොවෙන බව තමන්ටම අඟවා ගන්න තමන්ටම හේතුවක් දෙනවා, මේක තමයි විශ්වවිද්‍යාල උපසංස්කෘතිය. ඒ නිසා මේක වැරද්දක් නෙමෙයි කියලා.

ඒත් ඔබ අධ්‍යාත්මික නම් ඔබට තේරෙයි, නෑ මේ උපසංස්කෘතිය කියන සළුවෙන් වහගෙන කරන්නේ වරදක් මම. මම වැරදි කරන කෙනෙක් නෙමෙයි. මට උපාධියක් වෙනුවෙන් වැරදි කරන්න වෙනවා නම්, මට උපාධි එපා. මොකද මම ලෞකික දෙයක් ලබන්න වැරදි කරලා කර්ම රැස් කරගන්න කෙනෙක් නෙමෙයි කියලා.

ඒත් ඔබට තේරෙනවද ඒක කටින් කිව්වට කරන්න බැරි දෙයක් කියලා. අවුරුදු ගානක් දුක් විඳලා ගිහින් උපාදිය දාල එන්නේ නෑ කවුරුවත් සරල නවක වදයක් නිසා. කොහොම හරි තමන්ම තමන්ට හේතු දීල ඒ දේට අනුගත වෙලා උපාධිය අරන් එනවා.

ඒත් අධ්‍යාත්මික කෙනා හිතන විදිය ඊට වඩා සම්පූර්නෙන්ම වෙනස්. ඔහු දෙවියන් කිව්වත් වැරැද්ද වැරැද්ද විදියට දකිනව. මොකද ඔහු තමන්ටම හේතු දෙන්නේ නෑ වැරැද්ද වහගන්න. ඔහු තමන්ගේ වැරදිත් වැරදි විදියට දකින කෙනෙක්. ඉතින් ඔහු උපාධිය පැත්තකට දමලා තමන්ගේ අධ්යාතිමික ජීවිතය ගත කරනවා.

මොකද අධ්‍යාත්මික කෙනෙක්ට ලෞකික මායාවේ තියෙන බොරුව පේන නිසා.

ඔබට දැන් තේරෙනවද ලෞකික ලෝකය සහ අධ්‍යාත්මික ලෝකය කියන්නේ සම්පූර්නෙන්ම අන්ත දෙකක තියෙන ලෝක දෙකක් කියලා.

මේ ලෝකේ කිසිම අධ්‍යාත්මික කෙනෙක්ට බෑ මේ ලෝක දෙක අතරේ තැනක ඉන්න. මේ ලෝකේ කිසිම ලෞකික කෙනෙක්ට බෑ මේ ලෝක දෙක අතරේ තැනක ඉන්න. එතන මැදුම් පිළිවෙතක් නෑ. ඒ මැදුම් පිළිවෙත ඔබව ගෙනියන්නේ විනාශයටයි.

ඒ නිසයි ලෞකික අය ඒ ලෝකයේ දකින හරි දේවල් අධ්‍යාත්මික ලෝකයේ අය වැරදි විදියට දකින්නේ.
ඒ නිසයි ලෞකික ලෝකයේ අය දකින වැරදි දේවල්, අධ්‍යාත්මික ලෝකයේ අය හරි විදියට දකින්න ඉඩ තියෙන්නේ.

මොකද හරි වැරැද්ද කියන්නේ මේ කිසිම ලෝකයටක අයිති දෙයක් නෙමෙයි. එය සනාතන ධර්මයක්. හරි නම් හරි. වැරදි නම් වැරදි.

අපි සනාතන ධර්මය දකිනවා නම් හරි වැරැද්ද දකිනවා එහි යතා ස්වරුපයෙන්.

සනාතන ධර්මයට කිට්ටු අධ්‍යාත්මික ලෝකය මිස ලෞකික ලෝකය නොවේ.

No comments:

Post a Comment