Tuesday, November 5, 2019

ගැහැණු ලොව සහ පිරිමි ලොව... 3


ඔබ දැකල තියේද උඩුකය නිරුවත්ව ඉන්න පිරිමි ළමයි?

ඔව් ඕනේ තරම්. නැත්නම් දැන් බහින්න එලියට ඔබට පෙනෙයි කීප දෙනෙක් පාර අයිනේ ඉන්නවා. නැත්නම් ෆේස්බුක් එකේ බලන්නකෝ කී දෙනෙක් ඉන්නවද උඩුකය නිරුවත් ෆොටෝ දාලා තියෙන කියලා.

ඔබ දැකලා තියේද  උඩුකය නිරුවත් ගැහැණු පාරේ අයිනේ ඉන්නවා? නැත්නම් ෆේස්බුක් එකේ ෆොටෝ දාල තියෙනවා?

මොකක්ද මේ වෙනස?

පිරිමි ලොවේ උඩුකය නිරුවත් වීම කියන්නේ අතිශය සාමන්‍යය දෙයක්. ඒක නිකන් අපි කෙනෙක්ව දැක්ක ගමන් පෙන්නේ ඒ කෙනාගේ මුණ නේ. අපිට මුණ දිහා බලන එක ලජ්ජාවට කරුණක් නෙමෙයිනේ. ඒක අතිශය සාමාන්‍යය දෙයක්.

පිරිමින්ගේ උඩුකය කියන්නෙත් මුහුණ වගේ අතිශය සාමාන්‍යය දෙයක්. උඩුකය නිරුවත්ව ඉන්න එකත් සාමාන්‍යය දෙයක් ඒ දිහා අනිත් අය බලන එකත් සාමන්‍යය දෙයක්.

මේ සාමාන්‍යකරණය සිද්ද වුනේ අතීතයේ ඉඳන්මයි. පිරිමින් එලියට ගිහින් දුවල ඇවිදලා දඩයම් හොයන අතරේ උඩුකය නිරුවත්වයි හිටියේ මොකද දාඩිය දැමීම වැඩි නිසා. හැම යුගයකම පිරිමියා හිටියේ එහෙමයි.
ඒත් ගැහැණිය මේ හැම යුගයකම හිටියේ ගුහාව හෝ නිවස තුල. ඒ නිසා ඇය සම්පූර්ණයෙන්ම ඇඟ ආවරණය කරගෙනයි හිටියේ. මෙය අවුරුදු මිලියන ගණනක සාමාන්‍යකරණය වීමක්.

එතකොට යටත් විජිත කාලයේ අපි ගැහැණු උඩුකය නිරුවත්ව හිටියේ.

ඒ ඔබ ඉතිහාසය දන්නා තරම තමයි.

ඉංග්‍රීසින් හැම දෙයටම බද්දක් පනවලා අවසානයේ ඉතාමත් නිර්ලජ්ජිත බද්දක් පැනවුවා “තනපුඩු බද්ද” නමින්. කෙනෙක් තමන්ගේ තනපුඩු වසාගන්නේ නම් ඇය රජයට බද්දක් ගෙවිය යුතුයි. මේ ඉතාමත් නිර්ලජ්ජිත බද්දක් වුනත් කාටවත් මීට එරෙහි වෙන්න බැරි වුනා.

ඒ නිසා බදු බරෙන් මිරිකිලා හිටපු ගැමි කාන්තාවන් තනපුඩු බද්ද ගෙවන්න තරම් ඉපයුයේ නෑ. ඒ නිසා ඔවුන් තීරණය කරා තනපුඩු නිරාවරණය කරගෙන ඉන්න.

ඒත් මේ හැමෝගෙම බදු එකතු වුනු තැන, ආරච්චි ගේ බිරිඳ, දුවල නම් උඩුකය ආවරණය කරගෙන හිටියා. මොකද ඔවුන්ට ආදායම තිබුනා. (අද වගේම අහිංසක මිනිස්සුන්ගේ බදු වලිනුයි ඔවුන් ඔවුන්ගේ ගෙවීම් කරේ)
ඒත් අපි ඉගෙන ගෙන තියෙන්නේ රදල පවුල් වලට උඩුකය වහන් ඉන්න පුළුවන් වුනා ඉස්සර, පහල කුල වලට එහෙම බැරි වුනා. ඉංග්‍රීසි ඇවිත් ඒක නැති කරා කියලා. ඔව් ඉංග්‍රීසින් විසින්ම ලියපු ඉතිහාසයේ එහෙම තියෙන එක අහන්න දෙයක් නෙමෙයි.

මේ බද්ද ඉවත් කරෙත් ඉංග්‍රීසින් මයි. එකට හේතුව, දකුණු ඉන්දියාවේ ත් මේ බඩු ක්‍රමය උග්‍රව තිබුනා. නමුත් එක ගැහැණියක් මීට විරුද්ධ වුනා. ඇය දිගටම බද්ද නොගෙවා උඩුකය වහගෙන හිටියා. දවසක් ඉංග්‍රීසි හමුදාව ඇවිත් ඇය ව එලියට ඇදලා දාලා ඇයගේ උඩුකය වපු රෙද්ද ඇදලා ඉරලා ඇයව උඩුකය නිරුවත් කරා. ඇය තමන්ගේ ගෞරවය එතනි නැති වුනා කියලා තේරුම් අරන්, ගේ ඇතුලට ගිහින් මන්නය අරන් ඇවිත් තනපුඩු බද්ද ගෙවන්න වෙන්නේ තනපුඩු තිබ්බොත් නේ, කියලා තමන්ගේම අතින් තමන්ගේ තනපුඩු කපලා දැම්ම. ඇය එහෙමම මිය ගියා අධික ලේ වහනය නිසා. ඒත් මේ ආරංචිය ආණ්ඩුකාර වෙනකන් ගියා. එදා ඉඳන් තනපුඩු බද්ද සම්පූර්නෙන්ම තහනම් වුනා. ලංකාවත් පාලනය වුනේ මදුරාසියේ නැගෙනහිර ඉන්දියානු ආයතනය විසින් (East India Company) නිසා ලංකාවෙත් මේ බද්ද තහනම් වුනා. හැබැයි ඉංග්‍රීසින් යන්න කලින් ඉතිහාසය ලස්සනට ලිව්වා.

ඉතින් කතාව වෙන පැත්තකට ගියා. පිරිමි උඩුකය නිරුවත් වීම සාමන්‍යය වෙන්නත් ගැහැණුන්ට එහෙම නොවෙන්නත් හේතුව මොකක්ද?

එතන තියෙන්නෙත් ලෝක දෙකේ වෙනස.

ගැහැණියගේ උඩුකය බොහොම පාරිශුද්ධ වූ දෙයක් විදියටයි පිළිගන්නේ. මොකද දරුවන් පෝෂණය කරන්නේ එතනින්. දරුවෙකුට කිරි දෙන අම්ම කෙනෙක් දිහා අපි අහම්බෙන් ඇස් ගැටුනොත් අපි කන්න වගේ ඒ දිහා බලන් ඉන්නේ නෑ. ඒ අපි දක්වන ගෞරවය. අඩුම ගානේ අපි එතන හිටගේනවත් ඉන්නේ නෑ ඈතට යනවා බස් එකක වගේනම්. (පිරිමින්)

ඒත් පිරිමි උඩුකය නිරුවත්ව හිටියට අපිට ගානක් වත් නෑ.

ඒ සමාජය තුල මේ ලෝක දෙක උපයාගෙන ඇති ගෞරවය නිසයි.

පිරිමි ලෝකයේ ගෞරවය නිතැතින්ම ගැහැණු ලොවට ලැබෙනවා. ඒ නිසයි බුදුන්ගේ පස්සේ බුදුන් විදියට අම්මව නම් කරන්නේ. ගැහැණිය ට ඒ දක්වන ගෞරවය පිරිමි පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්නවා ගෙදරින්. ඒ අපේ සංස්කෘතිය. හැබැයි එහෙම වෙන්නේ මේ ලෝක දෙකක් බව අපේ සංස්කෘතියෙන් අපි ඉගෙන ගන්න නිසා.

මේ ලෝක දෙකේ කිසි වෙනසක් නැත්නම් කාටත් උඩුකය නිරුවත්ව ඉන්න පුළුවන්. අම්ම කෙනෙක් දරුවෙක්ට කිරි දෙද්දී ඒක අමුතු දෙයක් නෙමෙයි වගේ ඒ දිගා බලන් ඉන්න පුළුවන්.

නෑ, මේක ලෝක දෙකක්. කවදාවත් එකතු නොවෙන ලෝක දෙකක්.

ඒත් දැන් නම් උඩුකය නිරුවත් කියන්නේ සාමාන්‍යය දෙයක් බවට පත් වෙනවා. බටහිර ජාතීන් උඩුකය නිරුවත් උද්ගෝෂණ පවත්වනවා. උඩුකය නිරුවත් මුහුදු වෙරල නම් කරලා තියෙනවා.

බය වෙන්න එපා ඒ කාන්තා විමුක්තිය අපේ රටටත් ඉක්මනට එයි. බොහොම ඉක්මනට.

මේ ලෝක දෙක සමාන කරන්න උත්සහ කිරීමෙන් සිද්ධ වෙන්නේ කාන්තාවන් තමන්ගේ ගෞරවය නැති කරගැනීම පමණයි. එතනින් එහාට සමාජයේ පිරිහීම ඔබ තේරුම් ගත යුතුයි.

No comments:

Post a Comment