Wednesday, September 11, 2019

ඉබ්බාගෙයි හාවගෙයි අලුත්ම කතාව season 2...


ඉබ්බගෙයි හාවගෙයි කතාව ලියල ඉවර වුනු ගමන් ඊට අදාලව තවත් දෙයක් මතක් වුනු  නිසා එකත් එහෙමම ලියනවා කියල හිතුනා.

ඔබ දැකල ඇති නළුවෝ වගේ වෙන්න උත්සහ කරන පිරිමි ළමයි, නිලියෝ වගේ වෙන්න උත්සහ කරන ගැහැණු ළමයි ඕනේ තරම්. එයාල හරි කැමතියි තමන් අහවල් නළුවා හෝ නිළිය වගේ කියල අනිත් ඇයගේ කටින් අහගන්න. ඒ නිසාම එයාල ඒ අදාළ නළුවා හෝ නිළිය වගේ අඳිනවා, පළඳිනවා, කොන්දේ කපනවා, ඒ නළුවාගේ නිළියගේ ෆිල්ම් බලනවා, ඒ හැසිරීම අනුකරණය කරන්න හදනවා.

හිතන්න කුසුම් කියල ගැහැණු ළමයෙක් ඉන්නවා. එයා හිතාගෙන ඉන්නවා එයා පූජා උමාශංකර් වගේ කියලා. දැන් එයා අඳින්නේ පළඳින්නේ කොටින්ම කතා කරන්නෙත් පූජා වගේ. දකින අයත් කියනවා ශා ඔයා නිකන් පූජා වගේ කියලා. දැන් ඉතින් කුසුම් ට ඊට වඩා දෙයක් නෑ.

එත් ඇත්තම කතාව කුසුම් කියන්නේ මේ ලෝකේ ඉන්න ඔරිජිනල් පූජා උමාශංකර් ගේ තවත් එක ඩුප්ලිකේට් අනුකරණයක් විතරයි. ඒ වගේ අය ඕනේ තරම් මේ ලංකාවේ සහ තමිල්නාඩු වල ඉන්න පුළුවන්. අපි හිතමු ඒ සංක්‍යාව 100යි කියලා. එතකොට කුසුම් කියන්නේ 100 ක් අතරේ තවත් එක්කෙනක් විතරයි. හැබැයි පූජා කියන්නේ බිලියන 7 ක් අතරින් එක්කෙනෙක්. ඒ නිසයි මිනිස්සු පූජාව අනුකරණය කරන්නේ.

එත් කුසුමට හරි සතුටුයි එයා පූජා වගේ කියලා මිනිස්සු කියනවට. ඒ නිසා එයා දිගටම පූජාව අනුකරණය කරනවා.
කුසුම් පූජා වගේ මිසක් පූජා නෙමෙයි. එත් ඇත්තටම කුසුම්ට බැරිද බිලියන 7ක් අතරින් ඔරිජිනල් “කුසුම්” වෙන්න?
පුළුවන්.

එත් එකට මුලින්ම ඩුප්ලිකේට් වෙන එක නවත්තල ඔරිජිනල් වෙන්න පුරුදු වෙන්න ඕනේ. එකට තමන්ගේ හීනමානය නැති කරගන්න ඕනේ.

කුසුම් පූජා වෙන්න උත්සහ කරන හැම මොහොතකම කුසුම් කියන බ්‍රෑන්ඩ් එක ටිකෙන් ටික නැති වෙලා යනවා. මෙහෙම ගිහින් කුසුම් කියන බ්‍රෑන්ඩ් එක නැත්තටම නැති වෙලා යනවා අයෙත් කවදාවත් උඩට එන්න බැරි තරමටම. මොකද කුසුම් ඒ නාස්ති කරන්නේ තමන්ගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් උඩට එවිත් කුසුම් කියන නම ඉහලට ගෙනියන්න තියෙන කාලය.

හිතන්න. ලසිත් මාලිංග ක්‍රිකට් වලට ඇවිත් චමින්ද වාස් වෙන්න හැදුවේ නෑ. කවුරුවත් කිව්වේ නෑ මේ ඇවිත් ඉන්නේ ඊළඟ වාස් කියල. හැබැයි අද වෙද්දී ලසිත් මාලිංග කියල වෙනම බ්‍රෑන්ඩ් එකක් හැදිලා ඉවරයි. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම. මාලිංග වගේ බෝල දාන්න දැන් හැමෝම ජීවිතේ එක පාරක් හරි උත්සහ කරලා තියෙනවා. මාලිංග කියන්නේ කවුරුවත් වගේ වෙන්න ගියේ නැති තමන් වගේ වෙන්න වෙනම ම පිරිසක් ලෝකේ හදාගත්තු මනුස්සයෙක්. අන්න එහෙමයි මනුස්සයෙක් තමන්ව බ්‍රෑන්ඩ් කරගන්නේ. එක ලේසි නෑ. කට්ටක්. මඩ, තර්ජන ඝර්ජන ඔක්කොම මැද යන්න වෙන්නේ.

අවසානයේ එක දෙයක් කියන්නම්.

ඔබ පොඩි කාලේ ඔබ පාරේ යද්දී ඔබව හැඳින්වුණේ “අර යන්නේ සෝමලතා ගේ පුතා / අර යන්නේ සිරිපාලගේ දුව” කියලා නම් එක කමක් නෑ.

එත් දැනුත් ඔබ යද්දී ඔබව හඳුන්වන්නේ එහෙමම නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ තාමත් කිසිවක් නොකරපු සිරිපාලගේ දුවමයි, සෝමලතා ගේ පුතා මයි.

ඔබ සාර්ථක නම් ඔබේ අම්ම යද්දී කියයි අන්න කුසුම් ගේ අම්ම යනවා කියල.
ඔබ සාර්ථක නම් කියයි අර යන්නේ කමල් ගේ තාත්තා කියලා.

නමුත් ඔබ අති සාර්ථක නම් ඔබ වගේ වෙන්න අනිත් මිනිස්සු උත්සහ කරයි. ඔබ වගේ අඳින්න පළඳින්න, හැසිරෙන්න, කතා කරන්න කොටින්ම ඔබව අනුකරණය කරන්න උත්සහ කරයි.

හැබැයි එතෙන්ට යන්න ඔබ බ්‍රෑන්ඩ් එකක් විය යුතුයි.

ඔබ බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඔබ ඔබෙගේ හීනමානය නැති කරලා තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කල යුතුයි.

No comments:

Post a Comment