Friday, September 27, 2019

Butterfly effect


Butterfly effect කියන්නේ දැන් ගොඩක් අය උනන්දුවෙන් හොයන මාතෘකාවක් නිසා ඒ ගැන ලියන්න හිතුනා.

Butterfly effect කියන්නේ සරල අර්ථ දැක්වීම යම් තැනක ගණන් ගන්න නොහැකි තරම් කුඩා සිද්දියක් තවත් තැනක මහා විනාසයක් සිදු කරන්න ඉඩ තියෙනවා කියන එකයි.

උදාහරණයක් විදියට ලංකාවේ මොණරාගල හන්දියේ  බිම ඉඳන් ගහක් උඩ තියෙන මලකට පියාඹන්න උත්සහ කරන සමනලයෙක් ගේ අත් තටු සැලීම, ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය විනාස කරන මහා කුණාටුවක් (ටොනේඩෝවක්) වෙන්න පුළුවන් කියන එකයි.

කොහොමද මේක වෙන්නේ?

ලංකාව වගේ රටවල් වල ගොඩක්ම භාවිතා කරන්නේ මෙන්න මේ Butterfly effect එක තමයි හැමතැනම වගේ. අපි නොදැන අපිම කරන දෙයක්.

මුලින්ම අපි බලමු අපේ ජීවිත ගැනම. පුංචි දරුවෙක්ගේ පුංචි කාලෙම අපි එච්චර නොහිතා හෝ හිතා මතා කරන දේවල් කොච්චර නම් ඒ ළමයාගේ අනාගතේට බලපානවද?

පොඩි උදාහරණ කිහිපයක් බලමු.

පහු ගිය දවසක පත්තරයක තිබිලා දකින්න ලැබුණා, දුවෙක් නැති ගෙදරක ඉපදුනු පුංචි පුතාට පොඩි කාලේ ඉඳලම දුවෙක්ට වගේ ඇඳුම් ඇඳලා දුවෙක්ට වගේ සලකලා මොකද ඒ අම්මට තාත්තට දුවෙක්ට ආස නිසා. ළමයා ලොකු වුනාට පස්සේ දිගටම හැසිරිලා තියෙන්නේ දුවෙක් වගේ. කොච්චර දුරට ගිහින්ද කියනවා නම් ඒ පිරිමි ළමයා කෘතීම ලිංග විපර්යාසයකට ලක් වෙලා තමන්ගේ ලිංගය වෙනස් කරගෙන. දැන් ඔහු කියන්න බෑ. ඇය. හේතුව දෙමව්පියන්ගේ අනුවණ ආසාවන් දරුවන්ගෙන් ඉෂ්ට කරගැනීම.

පුතාල නැති ගෙවල් වල අනිවාර්යෙන්ම එක දුවෙක් ඉන්නවා පුතෙක් වගේ හැදෙන. ඇයි ඒ?

මොකද අම්මල තාත්තල ඒ දුවට සලකන්නේ පුතෙක්ට වගේ. දැන් ඒ කෙල්ලෙක් කියලා අමතකයි දෙමව්පියන්ටත් ඒ දුවටත්. ඉතින් කොල්ලෙක්ට වගේ සම්පූර්ණ නිදහස ලැබෙනවා. ගොඩක් වෙලාවට කොල්ලෝ කරන දේවල් වලට අම්මල තාත්තලම යොමු කරනවා. උදාහරණ විදියට දංගල් චිත්‍රපටයේ තාත්තා දුවල දෙන්න මල්ලව පොර වලට යොමු කරන්නේ ගෙදර කොල්ලෝ නැති නිසා. ඒත් මල්ලව පොර කියන්නේ පිරිමි ළමයින්ගේ ක්‍රීඩාවක්. (ඔව් එකේ හැටියට නම් ඒ දරුවෝ දෙන්න ලෝකෙම දින්නා. ඒ තාත්තගේ ක්‍රියාව හොඳ දෙයක් වුනා. ඒත් ගැහැණු ළමයි දෙන්නෙක් පිරිමි ළමයි දෙන්නෙක් කරලා ලෝකේ දිනන එකේ ඇති වටිනාකම මොකක්ද කියල මට නම් තේරෙන්නේ නෑ.)

අපේ ලංකාවෙත් මේ දේ ගොඩක් දකින්න පුළුවන්. පිරිමි ළමයි වගේ හැදෙන්න අම්මල තාත්තලාගේ කැමැත්ත නිසා, හැදෙන ගැහැණු ළමයි. ගැහැණු ළමයි වගේ හැදෙන පිරිමි ළමයි නම් හරි අඩුයි අහන්න ලැබෙනවා මොකද ලංකාව වගේ රටක පුතෙක්ට දෙන වටිනාකම වැඩියි දුවෙක්ට වඩා.

මේ ගැහැණු ළමයි තමන්ගේ ජීවිතේ විනාස කරගන්නවා කොල්ලෝ වගේ හැදෙන්න ගිහින්. එකට වගකියන්න ඕනේ දෙමව්පියෝ. මොකද නිදහස ලැබෙන ගැහැණු ළමයෙක්ට තමන් ගැහැණු ළමයෙක් කියල අමතක ගැහැණු ළමයෙක්ට ගැහැණු ළමයෙක් වගේ හැදෙන්න බෑ. ඉතින් විනාසයට යන එක කොහොම නවත්තන්නද.

මේ වගේ සිද්දි මේ රටේ හරිම සාමාන්‍ය දෙයක් නිසයි ඒ ගැන උදාහරනයක් ගත්තේ. දැන් පුතෙක්ගේ අඩුව පිරවීම කියන පුංචි අහිංසක ආසාව නිසා අවසානයේ තමන්ගේ දුවගේ ජීවිතය විනාස වෙනවා කියන විශාල සිද්දිය ඇති වෙනවා. (නමුත් මේක වෙන්නේ අවුරුදු ගානකට පස්සේ නිසා මේ අවස්ථා දෙක සම්බන්ධයි කියල තේරුම් ගන්න තරම් හැකියාවක් මේ දෙමව්පියන්ට නෑ)

Butterfly effect අපේ ජීවිත වල දකින්න පුළුවන් එක උදාහරණයක්.

මේ වගේ උදාහරණ ඕනෑ තරම් තියෙනවා.

පොඩි කාලේ ඉඳන් ලමයව දඟ නොකර තියාගන්න එක එක දේවල් වලට බය කිරීම ඒ ළමයාගේ මුළු ජීවිතේම ඒ බය තියෙන්න පුළුවන්.

පොඩි කාලයේ සිදු වෙන ලිංගික අතවර ඒ ළමයින්ගේ ජීවිතයේ මකන්න බැරි විශාල හානියක් සිදු කරනවා.

Butterfly effect ගැන තවත් කියන්න ගොඩක් දේවල් තිබුනත් මේ ලිපිය ටිකක් දිග වැඩි වුනු නිසා අපි වෙනත් ලිපියකින් ඒ ගැන කතා කරමු.

No comments:

Post a Comment