Wednesday, September 11, 2019

ඉබ්බාගෙයි හාවගෙයි අලුත්ම කතාව...


ඔන්න 21 වෙනි සියවසේ හිටියලු ඉබ්බෙකුයි හාවෙකුයි. මේ කාලේ ඉබ්බෝයි හාවෝයි දෙගොල්ලොම වඳ වීගෙන යන කාණ්ඩයට අයිති නිසා මේ දෙන්නම හිටියේ මෙයාලව රැක බලාගන්න තැනකලු. පවුලේ කෙනෙක් වත් නැති නිසා මේ දෙන්නට දෙන්න පොඩි කාලෙම ආශ්‍රයට වැටුනලු. ඉබ්බා නම් කලින් ඉඳලම හිටපු නිසා ඉබ්බා ටිකක් senior. හාවා දැක්කලු ඉබ්බා හරි හිමින් හිමින් අමාරුවෙන් ඇවිදගෙන (බඩ ගාගෙන) යනවා. ඉතින් හාවා කල්පනා කරාලු ඉබ්බා යන්නේ හරි හිමින්, එහෙනම් ඉතින් මටත් එච්චරම තමයි, ඉබ්බාට ට බැරි දේ මට පුලුවන්ද කියලා හාවත් ඉබ්බාගේ වේගයටම ඇවිදින්න පුරුදු උනාලු.  අවුරුදු ගානක් ගිහිල්ලත් හාවා කවදාවත් හයියෙන් දිව්වේ නෑලු. මොකද හාවා හිතුවේ ඉබ්බා යන්නේ හිමින් නිසා මටත් පුළුවන් එච්චරයි කියලා. හා මැරෙනකන්ම ඉබ්බා වගේ හිමින් හිමින් ඇවිද ඇවිද හිටිය.

මේ හාවා වගේ කී දෙනෙක් අපේ සමාජයේ ඉන්නවද? තමන් ගැන කිසිම විශ්වාසයක් නෑ. අනුන් කරන දිහා බලාගෙන ඒකම කරන. තමන්ගේ ශක්තිය මොකක්ද කියල හොයාගන්න උත්සහයක් වත් නොකරන. අනිත් අයට බැරි නම් මටත් බෑ කියල හිතන.

මම හිතන්නේ ලංකාවේ මේ වගේ ප්‍රමාණය වැඩියි. මොකද අපේ අධ්‍යාපන තුලින්ම හදන්නේ අනුන්ව අනුගමනය කරන පරම්පරාවක්. තමන්ගේ දක්ෂතාව, හැකියාව අඳුනගන්න පිරිසිම හරිම අඩුයි. එහෙම අඳුන ගත්තත් ඒ දේ ඔස්සේ ගිහින් ඒ දේ ලබා ගන්න අය ඉන්නවද කියල හිතන්නවත් අමාරුයි.

සමහරවිට අපි නොදන්නවා වුනාට අපි ඇතුලේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් ගාව නැති විශේෂ හැකියාවක් තියෙන්න පුළුවන්. එත් අපිට අපි ගැනම තියෙන හීනමානය නිසා අපිට අපිව විශ්වාස නෑ.

අපි අපේ දක්ෂතාවය අඳුනගන්න නම් අපිට අපි ගැනම විශ්වාසයක් තියෙන්න ඕනේ. එත් අපි කීයෙන් කී දෙනාටද තමන් ගැන විශ්වාසයක් තියෙන්නේ. අපිට අපි ගැන හීනමානයක් නම් තියෙනවා. අපි හැමතිස්සෙම අපේ ගැන මනින්නේ අනිත් අයගේ දිහා බලල.

ඔබ ඔබව මනින්නේ අන්ත මෝඩයෙක් එක්ක  නම් ඔබට කවදාවත් ඔබගේ හැකියාව අඳුනගන්න ලැබෙන්නේ නෑ. මොකද ඔබ ඔබගේ දක්ෂතාවය අඳුනගන්නේ නෑ කවදාවත්.

ඔබ ඔබව කිසිම කෙනෙක් එක්ක සංසන්දනය කරන්නේ නැත්නම් මනින්නේ නැත්නම් ඔබ තමන්ගේ දක්ෂතාවය අඳුනගන්න පලවෙනි පියවර තියල ඉවරයි.

හාවා හිතුව ඉබ්බාට බැරි නම් වේගෙන් යන්න මටත් බෑ කියලා. එත් ඇත්තටම හාවා කියන්නේ උපතින්ම වේගයෙන් දුවන්න පුළුවන් සතෙක්. නමුත් හාවා තමන්ව මැන්නේ ඉබ්බෙක් එක්ක.

මේ සමාජයේ මේ වගේ හාවෝ කීදෙනෙක් නම් ඇත්ද. ඔබත් මේ වගේ හාවෙක් කියල මම කිවොත්..?

No comments:

Post a Comment