Saturday, September 21, 2019

නිශ්චල ලංකා බෝනස්

නිශ්චල ලංකා ලිපි මාලාවේ ලියවුනේ නැති නමුත් ඉතාමත් වැදගත් තවත් කාරණයක් මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා.

ඒකට අපි ටිකක් අපේ අවුරුදු 2500 ප්‍රෞඩ ඉතිහාසය පොඩ්ඩක් කබල් ගාන්න වෙනවා.

ඔව් බටහිර ජාතිකයෝ ගස් උඩ ඉද්දි සත්තු මරාගෙන අමුවෙන් කද්දී පෙරදිග ජාතිකයෝ තට්ටු ගෙවල් වල හිටියේ, වැසිකිලි පවා ගලෙන් නෙලලා තිබුනේ. මහා විශ්මිත නිර්මාණ කරේ.

ඒත් දැන් බලද්දී මෙහෙම දෙයක් තේරෙන්නේ නැද්ද? අපි දැන් ප්‍රාථමික ජාතීන් වෙලා බටහිර දියුණු ජාතීන් වෙලා. ඒ කොහොමද එහෙම වුනේ?

මේකට හේතුව යටත් විජිත යුගයෙන් පටන් අරගෙන ගෝලීයකරණය දක්වා විහිදෙනවා. අපි සරලව එකින් එක හේතු පැහැදිලි කරගමු.

මීට අවුරුදු 2500කට කලින් ලිඛිත ඉතිහාසයක් තියෙන අපේ ජාතිය බෞද්ධාගම සහ සිංහල සංස්කෘතිය කියන දෙක මතයි යැපුණේ.

අපි අපේ පාලනය ගෙනගියේ බුදු දහම අනුව. ඉන්දියාව නම් හින්දු දහම අනුව. මේ දර්ශන දෙකම එකම තාත්තගේ දරුවෝ දෙන්නෙක් කියල අපි මීට කලින් හින්දු දර්ශනය ගැන ලිපි මාලාවේ කතා කරා.

අපි අපේ රට ගැන කතා කරමුකෝ. ශ්‍රී ලංකාව කියන දූපත තමන්ගේ පාඩුවේ බුද්ධ දර්ශනය අනුව පැවතුනු රටක්. පාලකයෝ වැඩ කරේ රටේ ජනතාව ගේ ජන ජීවිතය දියුණුවට විතරක් නෙමෙයි ආධ්‍යාත්මික දියුණුවටත් පාලකයෝ වැඩ කරා.

පන්සිල් පද පහෙන් එකක්වත් කඩන්නේ නැතුව ජන ජීවිතය දියුණු කරගන්න පුළුවන් තැනට රටේ සැකැස්ම තිබුන. මොකද මේ රටේ හැම මනුස්සයම මේ ආත්මෙන් පස්සේ අයෙත් මේ රටේම ඉපදෙන්න පෙරුම් පිරුවා. මේ රටේ හැම මනුස්සයම දනන් හිටියා මේ ආත්මේ කරන හොඳ නරක අනුව ඊලග ආත්මේ තීරණය වෙන බව.

මේ රටේ මිනිස්සු තමන්ගේ මඩිය තර වෙනවා නම් අනිත් මිනිස්සුන්ට කෙල වුනත් කමක් නෑ කියල වැඩ කරේ නෑ. මට සල්ලි හම්බෙනවා නම් මම අනිත් උන්ට වස කවනවා කියල හිතල වැඩ කරේ නෑ. වැව්වේ උපරිම හොඳ දේ. තමන්ට කන්න හොඳ දේම තමයි අනිත් අයටත් දෙන්න වැව්වේ.

මේකට නම් ගොඩක් අය විවේචනය කරයි. හැබැයි මේක නොකියම බෑ.

අපේ රටේ කුල ක්‍රමය හැමෝම විවේචනය කරත් ඒ කුල ක්‍රමය මේ සමාජ ක්‍රමයේ තිබුණු එක අංගයක්. අපිට එක වෙනම අරං විවේචනය කරන්න පුළුවන්. ඇත්තටම කුල ක්‍රමය වෙනම ගත්තම ඒක කිසිම සාධාරණ නැති දෙයක් තමයි. ඒත් සමාජ ක්‍රමය එක්ක පොදුවේ බැලුවම ඒක යම් හේතුවක් මත තිබුණු දෙයක්.

එක ටිකක් අපි විවෘත මනසකින් තේරුම් ගමු පාට කන්නාඩි නොදා.

ඒ කාලයේ කුලය අනුව තමන් ඉපදෙද්දීම තමන්ගේ අනාගතය තීරණය වෙලා ඉවරයි. තමන් ගොවියෙක්ද, කුඹල් කරුවෙක්ද, රන් කරුවෙක්ද, රජෙක්ද, වෙළෙන්දෙක් ද කියලා.

දැන් රජ පවුලේ ඉපදෙන කෙනාට තියෙන්නේ රජෙක්ට අවශ්‍ය දේ ඉගෙන ගෙන නිසි කාලය ආවම තමන්ට අයිති වැඩේ කරන්න. මැටි කරුවෙක්ට ඉගෙන ගන්න තියෙන්නේ මැටි වැඩ කරන්නේ කොහොමද කියල වගේම ගොවියෙක්ගේ දරුවෝ ඉගෙන ගන්න ඕනේ ගොවි තැන කරන හැටි.

දැන් කිසිම තරඟයක් නෑ. මැටි කරුවා තමන්ගේ වැඩේ කරනවා, ගොවියා තමන්ගේ වැඩේ කරනවා රජා තමන්ගේ වැඩේ කරනවා. කවුරුවත් කාවවත් අභිබවා යන්න කිසිම හේතුවක් නෑ.

හැබැයි මේක සමාජ ක්‍රමයේ එක අංගයක් විතරයි කියලා අමතක කරන්න එපා. පන්සිල් පද පහම රැකපු සමාජයක, අනුන්ට වල කපන්න උත්සහ නොකරපු සමාජයක, තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ ඉඳපු සමාජයක මේක තවත් එක අංගයක් විතරයි. වර්තමානය එක්ක ගලපන්න කිසිම හැකියාවක් නෑ.

දැන් අපි බලමු මේක තුලින් ලැබුණු හොඳ මොකක්ද කියලා. කලින් කිව්වා වගේ මැටි කරුවා ගොවියෙක් වෙන්න වත් ගොවියා රජෙක් වෙන්නවත් උත්සහ කරේ නෑ. හැම රස්සාවම එකම තත්වයේ තිබුනේ. මොකද ඒක උපන් රැකියාව නිසා. කුලය අනුව මිනිස්සු උස් පහත කිරීම ආරම්භ වුනේ නායක්කාර රජවරු අපේ රටේ රජ වුනාට පස්සේ. මොකද භාරතයේ ඒ වෙද්දී කුල ක්‍රමය දරුනුවටම සමාජ මට්ටම් විදියට බෙදිලා තිබුණු නිසා.

අපි මේ කතා කරන්නේ කුල ක්‍රමය නායක්කාර රජවරු රජ වෙන්න කලින් වෙනකන්.

ගොවියා ගේ පුතා පොඩි කාලේ ඉඳන් තාත්තාගෙන් ඉගෙන ගත්ත ගොවිතැන් කරන්න. ඒකට ඉස්කෝලේ ගියේ නෑ. විභාග ලිව්වේ නෑ. දුව හොඳ බිරිඳක් වෙන්න ඉගෙන ගත්ත අම්මගෙන්.
රන් කරුවාගේ පුතා තාත්තාගෙන් ඉගෙන ගත්ත රන් වැඩ කරන හැටි. දුව හොඳ ගෘහනියක් වෙන හැටි.

රජාගේ පුතා රජෙක් වෙන හැටි. එකට අවශ්‍ය ශිල්ප ඉගෙන ගත්ත. රජ දුව බැන්දේ තවත් රජ කුමරෙක්. ඒ නිසා රජ දුව ඉගෙන ගත්ත රැජිනක් වෙන හැටි.

දැන් මොකක්ද මේකෙයි අපේ කතාවෙයි සම්බන්ධය?

මේකයි සම්බන්ධය. යටත් විජිතයත් එක්ක අපි මිශ්‍ර සංස්කෘතියක් හිමි ජාතියක් වුනා.

ඉංග්‍රීසින් ඇවිත් කුල ක්‍රමයට පිටින් අධ්‍යාපනය හඳුන්වල දීල හැමෝටම පොදු රැකියා කරන්න අවස්තාව හදල දුන්න. මොන රැකියාද? රන් කරුවෙක් වෙන්නද? ගොවියෙක් වෙන්නද? රජෙක් වෙන්නද?

නෑ

රජයේ තනතුරු.

මේවා අපේ රටේ මිනිස්සු අහලවත් තිබුණු රැකියා නෙමෙයි. අලුතෙන් ඉංග්‍රීසින් ගේ සංස්කෘතිය සහ පාලනය එක්ක හැදුනු රැකියා.

දැන් මේවා අපේ රටේ නොතිබුණු දේවල් නිසා මේකට හැමෝටම අවස්තාව තිබුන අධ්‍යාපනය තුලින් සුදුසුකම් ලබන්න.

දැන් මොකක්ද වුනේ.

ගොවියටත් ඕනේ වුනා රජයේ තනතුරකට යන්න. රන් කරුවාගේ පුතාටත් ඕනේ වුනා. හැමෝටම ඕනේ වුනා. ඔන්න තරඟය ඇති වුනා.

දැන් පටන් ගත්ත අපේ සංස්කෘතියේ නොතිබුණු අනිත් එකාව කපාගෙන තමන්ගේ වැඩේ කරගන්න පුරුද්ද.

මොකද තනතුරු ප්‍රමාණය අඩුයි. සුදුසුකම් ලබපු ප්‍රමාණය වැඩියි. තනතුරට තේරෙන්න නම් තරඟය වැඩියි.

ඉංග්‍රීසින් එක්ක අවා වයින් බොන සංස්කෘතිය. අපේ මිනිස්සු කවදාවත් නොදැක තිබුණු දෙයක් ඉංග්‍රීසින් අපේ මිනිස්සුන්ට පුරුදු කරලා එකෙන් වාසිය ගත්ත. අපේ මිනිස්සු මේ වයින් එකට ගිජු වෙලා රටක්ම පාවල දෙන තැනට පත් වුනා.

ඉංග්‍රීසින් රට අල්ල ගන්න ඕනේ නිසා පහල කුල කියල මේ වෙද්දී හංවඩු ගැහුණු (ඒ වෙද්දී පාලනයේ ඉඳපු නායක්කාර වරු නිසාම) කුල වල මිනිස්සුන්ට ඉහල තනතුරු දුන්න. මේකට ඉහල කියන කුල වල මිනිස්සු කුලප්පු වුනා. දැන් පටන් ගත්ත තනතුරු වලට මරාගන්න.

අපේ ජාතියට පුරුදු වුනා පන්සිල් පද කඩන පුරුද්ද.

බොරු කිව්වා, මත් පැන් බිව්වා, ලංසි ගැහැණු දීලා අපේ මිනිස්සුන්ට ඉංග්‍රීසි උන්ගේ වැඩ ටික කරගත්තා.

මේ ඔක්කොම අපේ සංස්කෘතියේ නොතිබුණු පිටින් ආපු වෙනස්ම සංස්කෘතියක් නිසා අපේ සිංහල සංස්කෘතියට මිශ්‍ර වුනු කරුණු.

නමුත් මේ අතීත කරුණු.

අපි බලමු වර්තමානයේ මේක කොහොමද බලපාන්නේ කියලා.

ගෝලීයකරණය එක්ක අපි වැඩි වැඩියෙන් ලෝකය එක්ක සම්බන්ධ වුනා. ලෝකයේ දේවල් අපිත් දැනගත්ත. අපි ඒ හැමදේම උකහාගත්තා.

අන්න එතනයි ප්‍රශ්නය.

අපේ සංස්කෘතියට සම්පූර්ණ කාසියේ අනිත් පැත්ත වගේ සංස්කෘතියක් බටහිර පවතින්නේ. අපේ කිසිම දෙයක් එහාට ගැලපෙන්නේ නෑ වගේම එහෙ කිසිම දෙයක් අපිට ගැලපෙන්නේ නෑ. ඒක හොඳ දේවල් වුනත් නරක දේවල් වුනත් එකයි.

කෙනෙක්ට කියන්න පුළුවන් එහෙ හොඳ දේවල් විතරක් ගත්ත නම් හරි නේද කියල. නෑ. හොඳ දේවල් වුනත් අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැතුව කොටු කොටු තියෙන තැනකට රවුමක් දැම්ම වගේ වෙනවා.

උදාහරණයක් විදියට අපේ රටේ සම්පූර්ණම පරිපාලන ක්‍රමය ඉංග්‍රීසින් විසින් වෙනස් කරනවා. ඒක කරන්නේ රටේ තිබුණු පරිපාලන ක්‍රමය පහතට ඇදලා දාන්නත්, ඔවුන් පත් කරන තනතුරු ඉහල තත්ත්වය ඔසවල ඔවුන්ගේ වැඩ කරගන්නත්.

මේකෙන් නිලමේ තනතුර නාමික වෙනවා, මුලාදෑනි, ගම් සභා, රටේ රාල, හාමුදුරුවෝ වගේ චරිත නිකන් නාමික චරිත බවට පත් වෙනවා.

ඒ වෙනුවට හදනවා ග්‍රාම සේවක, දිසාපති, නඩුකාර, උසාවි වගේ තනතුරු සහ ආයතන.

එකම කාර්යය සිදු කරන වුනත් අපේ තිබුණු සහ ඉංග්‍රීසි පත් කර කියල දෙකට බෙදෙනවා. ඉංග්‍රීසි වැඩි තැන දෙන්නේ ඔවුන් පත් කරපු තනතුරු සහ ආයතන වලට. නිකන්ම අපේ රටේ තිබුණු පැවතුනු තනතුරු නැති වෙලා යනවා.

දැන් අපේ සංස්කෘතියේ දේවල් නැති වෙලා ඔවුන්ගේ සංස්කෘතියේ දේවල් පවතිනවා.

මේක කෙනෙක්ට කියන්න පුළුවන් හොඳයි පිළිවෙලට නීතියට වැඩ කරන නිසා හොඳයි කියලා. ඔව් හොඳයි. ඒත් මේක විතරක් තනි කරලා ගත්තම විතරයි හොඳ.

අපේ සිහල සංකෘතියේ මිශ්‍ර වුනු කොටසක් විදියට ගත්තම මේකෙන් වෙන්නේ නරකක්. මොකද මේක අපේ අනිත් දේවල් එක්ක පෑහුණේ නෑ. එතනින් හට ගත්තේ ප්‍රශ්න.

අද වෙනකන් හැම මිශ්‍ර සංස්කෘතියක් තුලම තියෙන්නේ ප්‍රශ්න මිසක් උත්තර නෙමෙයි.

අපේ රටට මේ තත්ත්වය ඇති වෙන්න තවත් හේතුවක් අපි අපේ අපිට ආවේණික සංස්කෘතිය තුලට අපිට වැඩ සම්පූර්නෙන්ම වෙනස් සංස්කෘතීන් ගෙන් එක එක දේවල් අර ගන්න එක.

වර්තමානයේ උදාහරණයකින්ම අවසන් කරන්නම්.

බටහිර රටවල කොටට දුහුල් ඇඳුම් අඳින්නේ ඇඟ විවෘත වෙන ඇඳුම් අඳින්නේ ඇඟ පෙන්නන්න නෙමෙයි. ඒ රටවල දේශගුණය නිසා. සීතල කාලයට ඉන්න බැරි තරම් සීතලයි. රස්නේ කාලයට ඉන්න බැරි තරම් රස්නෙයි.

ඒ නිසා සීතල කාලයට පුළුවන් තරම් ඇඟ උණුසුම් වෙන්න ඇඟ වැහෙන්න අඳිනවා වගේම උණුසුම් කාලෙට පුළුවන් තරම් අඩුවෙන් දුහුල් ඇඳුම් අඳිනවා රස්නේ නිසා.

අපේ රටේ හැමදාම එකම දේශගුණය. සීතල වුනත් රස්නේ වුනත් අපිට ඉන්න බැරි වෙන තරමට වැඩි වෙන්නේ නෑ. හැබැයි අපි අනුකරණය නිසා ඒ විදියට අඳිනවා. එකට විලාසිතා කියල නමකුත් දාගන්නවා.
අපේ සංස්කෘතියේ නැති පිටින් ආපු දෙයක් හැබැයි අපේ සංස්කෘතියට කොහෙත්ම ගැලපෙන්නේ නැති.

මේකට ගොඩක් දෙන ගොඩක් දේවල් කියයි. ඒත් හිතින් අහල බලන්න ඇත්ත එක නෙමෙයිද කියල.

නමුත් දැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා ඉවරයි.

බටහිර රටවල අවුරුදු 16න් පස්සේ ගැහැණු ළමයෙක් කන්‍යාවියක් නම් ඒක ඒ ළමය හාස්‍යට ලක් කරන්න හේතුවක්. ඒ ළමය එක්ක අනිත් ගැහැණු ළමයි කතා නොකර තැනටම දරුණු වෙන්න පුළුවන් හේතුවක්.

අපේ සංස්කෘතියේ කසාදයට කලින් එහෙම වුනොත් අන්න ඒ ගෑණු ළමය එක්ක අනිත් අය කතා කරන්නේ නැති වෙන්න හේතුවක්.

මේ අපේ සංස්කෘතීන් දෙකේ වෙනසට එක උදාහරණයි.

ඒත් බය වෙන්න එපා. ළඟදීම අපේ රටෙත් අවුරුදු 16න් පස්සෙත් කන්‍යාවියක් නම් ඒ ගැහැණු ළමය අමුතු සතෙක් විදියට දකින කාලය වැඩි ඈතක නෙමෙයි. ඔබත් මමත් මැරෙන්න කලින් ඒ දවස උදා වෙනවා. ඔබේ දුවට එසේ නොවේ වායි ප්‍රාර්ථනා කිරීම හැර වෙනත් යමක් ඉතුරු වී නොමැත.

No comments:

Post a Comment