Friday, September 20, 2019

දැනුම, බුද්ධිය, සහ ප්‍රඥාව

දැන් දැන් හැමෝම වගේ පිලිගන්නවා දැනුම කියන්නේ එකක් බුද්ධිය කියන්නේ එකක් කියල. ඇත්තටම ඒක එහෙමද?

ඔව්. දැනුම කියන්නේ එකක්. බුද්ධිය කියන්නේ තවත් එකක්. එතනින් නවතින්නේ නෑ. තව දෙයක් තියෙනවා ප්‍රඥාව කියලා.

එකින් එක තේරුම් ගමු.

දැනුම...

දැනුම කියන්නේ වෙනත් කෙනෙක් විසින් සොයා ගත් යමක් තමන් මතක තියාගෙන අවශ්‍ය වෙලාවට පාවිච්චි කිරීම.

අපේ මුළු අධ්‍යාපන රටාවම එහෙමයි. මතක තියාගෙන විභාගේ ලිව්වා එතනින් පස්සේ අමතකයි.

දැනුම කියන්නේ ඇත්තටම කුඩාම ඒකකය මිනිහෙක්ගේ හැකියාවෙන්. කවුරු හරි කෙනෙක් අමාරුවෙන් බුද්ධිය වෙහෙසල හොයාගත්තු දෙයක් තමන් මතකේ තියාගන්න එක විතරයි කරන්න තියෙන්නේ. එතනදී අලුත් දෙයක් නිපද වෙන්නේ නෑ. එකම දැනුම සංසරණය වෙනවා විතරයි.

බුද්ධිය...

බුද්ධිය කියන්නේ තමන් ලබන දැනුම එක්ක තමන්ගේ පරිකල්පනය යොදවලා තමන් විසින් යමක් නිර්මාණය කිරීම. ඒ නිර්මාණය යම් අදහසක්, වස්තුවක් වගේම න්‍යායයක් වෙන්නත් පුළුවන්. මෙතැනදී වැදගත් වෙන්නේ දැනුම වගේ සංසරණයක් නෙමෙයි වෙන්නේ. නැවුම් වීමක්.

තමන් වෙන කවුද කියපු දෙයක් දැනගන්නවා. ඒක තමන්ගේ බුද්ධියෙන් හිතල බැලුවම ඒක ඔස්සේ තමන්ට දෙයක් තේරෙනවා. අන්න බුද්ධිය.

සමහර වෙලාවට මීට කලින් කියපු දෙයක් බොරු කියල හිතෙන එකත් බුද්ධිය. විද්‍යාව පවතින්නේ බුද්ධිය නිසා. එක්කෙනෙක් කියන එක සදාතනික සත්‍යයක් කියල කවුරුවත් පිළිගන්නේ නෑ. ඒක වැරදියි කියල කෙනෙක්ට තමන්ගේ බුද්ධියෙන් තේරුනොත් ඔහු ඒක බොරු කියලා ඔප්පු කරනවා. එතැනදී දැනුම වගේම බුද්ධියත් ඕනේ වෙනවා.

ප්‍රඥාව...

මේක තමයි අද ටිකක් දකින්න අමාරුම දේ. මුලින් බලමු ප්‍රඥාව කියන්නේ මොකක්ද කියල.

දැනුම තුලින් දැනගත්තු දේ බුද්ධියෙන්  විමසලා බලද්දී තමන්ට තේරෙනවා මේ තිත් එකතු වෙලා හැදෙන්නේ මොකක්ද කියලා.

අතීතය වර්තමානය ගලපලා අනාගතය දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි. මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි.

අපි මේක තේරුම් ගන්න උදාහරණයක් ගමු.

අපි ගමු හැමෝටම පොදුවේ තේරුම් ගන්න පුළුවන් කරුණක්.

2019 අප්‍රේල් 21 ද ලංකාවේ අන්තවාදී ප්‍රහාරයක් සිද්ද වුනා.

එතනින් පස්සේ පල්ලි වලින් කඩු කිණිසි තුවක්කු හම්බුනා. මුස්ලිම් ගෙවල් වලින් කඩු කිණිසි තුවක්කු මරාගෙන මැරෙන බෝම්බ හදන්න ඕනේ ඔක්කොම දේවල් හම්බුනා. මැති ඇමතිලා හවුල් කියලා කියවුන. ඒවාට වක්‍රාකාරව සාක්ෂිත් හම්බුනා.

මේවා ඔක්කොම දැනුම.

දැන් දැනුම ඔස්සේ හිතුවොත් අපිට තේරෙනවා පිහි කඩු කිණිසි තියාගෙන හිටියේ ඒ කිව්වා වගේ තණකොළ කපන්න නෙමෙයි කියලා. එහෙනම් මොකටද? අන්න එක බුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ.
කොයි වෙලාවක හරි ප්‍රහාරයක් එල්ල කරන්න සුදානම් පිට ඉඳල තියෙනවා.

මේක බුද්ධිය.

දැන් මේක ඔස්සේ තිත් ටික සම්බන්ධ කරොත් අපිට තේරෙනවා එයාලා අහිංසක විදියට ඉඳල ආගමේ නාමෙන් යටින් හොඳින් සංවිධානය වුනු බව. තැන් කීපයක බෝම්බ පුපුරවලා ඒකට අනිත් මිනිස්සු ඇවිස්සිලා ආවොත් ඒකට ප්‍රති ප්‍රහාර දෙන්න හොඳින් සුදානම් වෙලා හිටිය බව.

දැන් මේකට අමතර දැනුම ටිකක් එකතු කරොත් කුරානයේ තියෙන දේවල් නුයි අපේ රටේ මුස්ලිම් ජාතිකයෝ දැන් දැන් හැසිරෙන විදියයි එක්ක බැලුවම අපිට තේරෙනවා අප්‍රේල් 21 සිද්දිය ආරම්භයක් විතරයි කියලා. එහෙනම් මෙතනින් එහාට මොනවා වෙයිද?

ඒකට ලෝකයේ මෙහෙම වුනු වෙනත් අවස්ථා ටිකක් ගමු. මියන්මාරය, බංගලාදේශය, තායිලන්තය වගේ උදාහරණ ගත්තොත් මෙහෙමම තමයි පටන් ගත්තේ.

සුළු ජාතිකයෝ විදියට ටික ටික නීතියට පිටින් වැඩ කරන්න ගත්ත. ඒක සාමාන්‍ය දෙයක් වුනාට පස්සේ ජනගහනයෙන් අඩක් වුනාම සටන් කරන්න පටන් ගත්ත අනෙකුත් ජාතීන්ට විරුද්ධව. අනිත් ආගමිකයින් මරන්න පටන් ගත්තා. රටේ ජීවත් වෙන්න නම් මුස්ලිම් වෙන්න වුනා. නැත්නම් මැරෙන්න වුනා. අද මේ ඔක්කොම රටවල් මුස්ලිම් රටවල්.

දැන් එමු ලංකාවට. මේ ලංකාවට වෙන්නෙත් එකමයි. පටන් ගත්ත විතරයි තාම. තව අවුරුදු 10ක් ඇතුලත මුස්ලිම් ජාතිකයින් අනිත් ජාතිකයින්ට විරුද්ධව කතා කරලා නිකන් ඉන්නේ නෑ. දැනටමත් හාමුදුරුවරුන්ට ගහන්න දිව විකාගෙන අත් උස්සන් එන එකේ තව අවුරුදු 10 කින් නොගහ හිටියොත් පුදුමයි. සුළු ජාතික ඡන්ද වලට ගිජු කමේ ඒවාට ඉඩ දීල නොදැක්ක වගේ ඉන්න දේශපාලන තක්කඩි ඒවාට උල්පන්දම් දෙනවා මුකුත් නොකර ඉන්න එකෙන්. දැන් මේක ඉවර වෙන්නේ 2030 - 2035 අතර කාලේදී ලංකාව මුස්ලිම් රටක් වීමෙන්.

තාම එහෙම වෙලා නෑ. එහෙම වෙන්න පටන් ගෙන විතරයි. හැබැයි ඒක එක පාරට නොපෙනෙන තරම් බොහොම පොඩි දෙයක්. තාම පොඩි අංකුරයක් විතරයි. හැබැයි මේක එන්න එන්න වැඩි වෙලා පිළිලයක් වෙනවා කියල පෙන්නේ ප්‍රඥාවට. ඒ එකින් එක සිද්ධීන් ගලපලා වුන දේ සහ වෙන දේ ඔස්සේ වෙන්න යන දේ තේරුම් ගැනීමයි.

එදා දවසේ වෙන දේ තව සතියක් යන්න කලින් අමතක ජාතියකින් ප්‍රඥාව කොහොම නම් බලාපොරොත්තු වෙන්නද?

No comments:

Post a Comment