Saturday, September 14, 2019

ඔබ අයත් වන්නේ කොතනටද..?

අපි කලින් කතා කරපු මාතෘකා එක්ක හිතුනා ටිකක් සරළව තේරුම් ගන්න පුළුවන් විදියට ඔබට යමක් පැහැදිලි කරන්න. ඇත්තටම මේක තේරුම් ගන්න අවශ්‍ය සියලුම දේවල් ඔබ දැනටමත් දන්නවා. නමුත් මේ ලිපිය කියවීමෙන් තවත් ඔබට පැහැදිලි වේවි.

සංසාර චක්‍රය කියද්දී අපි හැමෝගෙම ඔලුවට එන්නේ අනිත් හැම චක්‍රයක් වගේම රවුම කියන හැඩයනේ. ජල චක්‍රය, ජීවන චක්‍රය කියද්දී එක පාරට ඔලුවට රවුමක්. නමුත් සංසාර චක්‍රය කියන්නේ රවුමක් නෙමෙයි. එක රවුමක් වුනා නම් සිදුහත් කුමාරයා බුදු වෙන්නෙත් නෑ. තාමත් එහෙනම් සංසාර චක්‍රයේ කොහේ හරි හිර වෙලා ඉන්නවා. මොකද චක්‍රයක් නම් මුලකුත් නෑ අගකුත් නෑ. ඒත් බුදුහාමුදුරුවෝ අග හොයාගෙන එතනින් එලියට ගියානේ. බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි, රහතන් වහන්සේලාම කී කෝටියක් ඒ අග හොයාගත්තද. ඒ නිසා මේක අපේ දැනුමේ තියෙන චක්‍ර වලට ගොඩක් වෙනස් චක්‍රයක්. අද අපි ඒ ගැන කතා කරමු.

ඔබ අහල තියෙනවද "ෆිබෝනාචි අනුක්‍රමණය"(Fibonacci sequence) ගැන? මම ඒ ගැන ගැඹුරින් කියන්න යන්නේ නෑ, ඒත් Fibonacci sequence කියන්නේ ස්වභාවධර්මයේ රටාව කියල සරලව කියන්නම්.Fibonacci sequence එක අනුව තමයි ස්වභාවධර්මයේ හැම දෙයක්ම වගේ නිර්මාණය වෙලා තියෙන්නේ. පහල පින්තුරෙන් ඔබට ඒ බව හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි.



දැන් අපේ මාතෘකාව එක්ක මේක ගැලපෙන්නේ කොහොමද කියල නම් ගැටලුව, සංසාර චක්‍රයත් මේ රටාවටම අනුව යන දෙයක් නිසයි මේ ගැන කලින් කිව්වේ.

ඒක තේරුම් ගන්න නම් පහල රූප හොඳින් තේරුම් ගන්න වෙනවා.



ඔබට තේරෙනවද මේ ලෝකයේ වැඩියෙන්ම ඉන්නේ, අතිබහුතරයක් ඉන්නේ මිත්යාදෘෂ්ටිකයින් කියලා. ඔවුන්ට සංසාරයේ යන්න තියෙන දුර නිමක් නෑ. ඔවුන් නිවනට යන්න තියා හිතල තියා එහෙම දෙයක් ගැන අහලවත් නෑ. 

ඊට වඩා බොහෝ අඩු පිරිසක් තමයි ඉන්නේ සම්‍යා දෘෂ්ටිකයින්. ඒ කියන්නේ නමට හරි බෞද්ධයින් වුනු අය. මේ අය නිවනට දුරයි, එත් මිත්යාදෘෂ්ටිකයින්ට වඩා නිවනට ලඟයි. නමුත් තාමත් සංසාරයේ යන්න තියෙන දුර බොහෝයි.

එතනිනුත් ඉතාම අඩු පිරිසක් තමයි ඉන්නේ මෙම දර්ශනය අවබෝධ කරගත්තු අය.ඔවුන් නිවන් මාර්ගයේ පිහිටි අය. ඔවුන් නිවනට සාපේක්ෂව ලඟයි. ඔවුන් සංසාරයේ තව යන්න තියෙන්නේ පොඩි දුරක් විතරයි.

එතනිනුත් ඉතාම අල්ප ප්‍රමාණයක් තමයි ඉන්නේ සත්‍ය වටහා ගත අය. මොවුන් තමයි නිවනට කිට්ටුම අය. මොවුන් සංසාරයේ අගට ඉතාමත් ආසන්නයෙන් ඉන්නේ.

අපි මේක මිනිස් ආත්ම ලැබුවන් පමණක් ඉන්න රූපයකින් තේරුම් ගමු.


ඔබ දැක ඇති පුනුරුප්පත්තිය විශ්වාස නොකරන, මේ ආත්මයේ ඉන්නකන් ඕනේ දෙයක් කරලා ජොලි කරලා මැරිලා දිව්‍ය ලෝකයේ ගිහින් කන්‍යාවියෝ බලාපොරොත්තු වෙන අය. තවත් සමහරු ජීවත් වෙන්නේ එක පාරයි මේ ජීවත් වෙන ටිකේ හැම ෆන් එකක්ම ගන්න ඕනේ කියලා ඉන්න අය. මේ අය ගොඩක් නිවන කියල දෙයක් දන්නේ නැති අය. ඒ මොකද ඒ අය මිනිස් ආත්ම ලැබුවත් අයත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික ගොඩට. මේ අයට සංසාරය ඉතාමත් දිගයි.

ඔබ දැක ඇති උපතින් බෞද්ධයින් වුවත් පුනුරුප්පත්තිය විශ්වාස නොකරන බෞද්ධයින්. මොවුන් මිනිස් ආත්ම ලබා බෞද්ධයින් වීමට තරම් කුසල් රැස් කර තිබුනත්, ඔවුන්ගේ සංසාර ගමන තව දිගු වීම නිසා ඔවුන්ද සත්‍ය අවබෝධ කරගැනීමට නොහැකිව මුලාවෙහි වැටේ. 

සංසාර ගමනෙහි කෙලවරට ආසන්න පිරිසෙන් පළමු පිරිස මිනිසුන් වී ඉපිද, බෞද්ධයින් වී ඉපිද, එම දර්ශනය අවබෝධ කරගත් යයි. මොවුන් නිවනට ආසන්න පිරිසකි.

නමුත් මිනිස් ආත්මයක් ලබා, එම දුර්ලභ භාවයේ බෞද්ධයෙකු වී, එම දර්ශනය අවබෝධ කරගනිමින්, සත්‍ය දැකීමට හැකි වූ පුද්ගලයා නිවනට ඉතාමත් ආසන්න සංසාර ගමනෙහි අවසානයේ ඉන්න පුද්ගලයෙකි.

මෙම සියලු දෑ එක් රූපයකට නැගුවහොත් එය පහත පරිදි වේ.


ඔබ මින් අයත් වන්නේ කුමන කාණ්ඩයට ද යන්න ඔබම තීරණය කරන්න.

No comments:

Post a Comment