Friday, September 13, 2019

ඔබ මෙතරම් දුර්ලභ ද?


මදක් සිතා බලන්න.

ඔබ තිරිසන් සතෙකු නොවී මිනිසෙක් ලෙස ඉපදී ඇත. ලෝකයේ වැඩිම ජීවින් පිරිසක් ලෙස සිටින තිරිසන් සතෙකු නොවී බිලියන 7ක් තරම් වූ සුළු මිනිස් ජීවින් අතර එක් අයෙකු ලෙස ඔබ ඉපිද ඇත.  බල්ලෙක් වූවා නම් ඉඳුල් කමින් පහර කමින් සිටින්නට වේ. හරකෙක් වූවා නම් ජීවත්ව සිටින තාක් කල් බර ඇද, කිරි ලබා දී, අවසානයේ පන පිටින් බෙල්ල කපා ඝාතනය කර, මරණයෙන් පසු තමන්ගේ මස් ලබා දීමටද සිදු වේ. මදුරුවෙක් වූවා නම් සෑම ආහාර වේලක්ම මරණය ට ඇත වැනීමක්. ජීවිත් කාලය සති දෙකකි. ඒ අතරේ ඕනෑම මොහොතක දෙඅත්ලක් මැද තැලී පොඩි වී මිය යා හැක.

ඔබ පෙරේත ආත්මයක් නොලැබ මිනිස් ආත්මයක් ලබා ඇත. ඇසට නොපෙනෙන නමුත් සංඛ්‍යාවෙන් ඇති විශාල වූ  අකුසල කර්මය ගෙවෙන තාක් කල් දුක් විඳිමින් සිටින පෙරේත ආත්මයක්  නොලැබ ඉතා දුර්ලබ මිනිස් ආත්මයක් ලබා ඇත.

ඔබ ශුද්‍ර ජීවියෙක් වී ඉපදුනේ නැත. ඇසට නොපෙනෙන ශුද්‍ර ජීවින් මිලියන ගණනක් මේ මොහොතේද ඔබේ පරිඝනක හෝ දුරකථන තිරයේ සිටි. ඔබේ ඇඟිලි තුඩු මත දහස් ගණනක් බැක්ටීරියා සිටි. ඔබගේ පිට අත්ල මත මිලියන ගණනක් මයිටාවන් ඇත. මදක් සිතන්න ඔබේ පිට අත්ල මත මිලියන ගණනක් ශුද්‍ර ජීවින් සිටි නම් ඔබේ ශරීරයේ කෙතරම් සිටිනවා ඇත්ද? ඔබ වැනි බිලියන 7ක් මෙලොව මිනිසුන් පමණක් සිටි. ඔවුන්ගේ ශරීරය මත කෙතරම් සිටිනවා ඇත්ද. තිරිසන් සතුන් ගේ ශරීර මත මෙතරම් සිටිනවා ඇත්ද. ඔබ අවට පරිසරයේ කෙතරම් සිටිනවා ඇත්ද.  නමුත් ඔබ එම ගැනිය නොහැකි තරම් වූ (10000000000000000000000000000 ටත් වැඩි ) ශුද්‍ර ජීවියෙක් නොවී දුර්ලබ මිනිස් ආත්මයක් ලබා ඇත.
මුහුදේ එක් ජල බින්දුවක් තුල වෙනමම ජීවී පද්ධතියක් ඇති බව විද්‍යාඥයින් මෑතකදී සොයාගනු ලැබුණි. ඔබ සිතන්න එසේ නම් මේ මුළු මහා සාගරයේම කෙතරම් ජීවින් ඇත්ද. නමුත් ඔබ ඉන් එකෙකු නොවී මිනිසෙකු ලෙස ඉපිද ඇත.

ඔබ කෙතරම් දුර්ලභ දැයි ඔබට වැටහෙනවා ඇති.

නමුත් ඔබ මීටත් වඩා දුර්ලභ අයෙකි.

මෙලොව බිලයන 7ක් වූ ජනගහනයෙක් ඔබ මෙන් නොව අධික සීතල පරිසර තුල, උෂ්ණාධික පරිසර තුල, නිතර ස්වාභාවික විපත් සිදු වන පරිසර තුල මිනිසුන් මිලියන ගණන් වාසය කරයි.

බීමට ජලය පොදක් සොයාගැනීමට සැතපුම් ගණනක් ඇවිද ගොස් පිපාසයේ මිය යන දහස් ගණනක් අප්‍රිකාවේ මේ මොහොතේත් වාසය කරයි.
කෑමට යමක් නොමැති නිසා, කුසගින්නේ මිය යන දහස් ගණනක් අප්‍රිකානු මහාද්වීපයේ සුලභ දසුනකි.

නමුත් ඔබ, ශ්‍රී ලංකාව නමැති පරාදීසයේ ඉපදී ඇත. කෑමට ඕනෑ තරම් දේ මේ කුඩා දුපතේ අවශ්‍ය පමණට ත් වඩා ඇත. බීමට ජලය ඕනෑ තරම් ඇත. ලොව පිරිසිදුම ජලය ඇත්තේ ඔබ ඉපදුනු මේ කුඩා දුපතේය.

ඔබ කෙතරම් වාසනාවන්තද?

ඔබ පුර්ණ බුද්ධියකින් යුතුව ඉපිද ඇත. ඔබට යමක් වටහා ගැනීමේ ශක්තියක් ඇත. නමුත් මේ ලංකාවේම බුද්ධියෙන් හීන, මන්ද බුද්ධික මිනිසුන් දහස් ගණනක් සිටි. නමුත් ඔබ එසේ නොමැත.

ඔබගේ ශරීරාංග පරිපුර්ණව ඇත. නමුත් මේ රටේ ආබාධිත මිනිසුන් දහස් ගණනක් සිටි. ඔබ එසේ නොමැතිව පරිපුර්ණව ඉපිද ඇත.
එපමණක් නොව, ලංකාවේ බොහෝ විට දැකිය හැකි දර්ද්‍රතාවය ඔබට බලපා නැත. දරිද්‍රතාවය නිසා පාසල් යා නොහැකි ළමුන් දහස් ගණනක් සිටින රටක ඔබ මෙම  ලිපිය කියවිය හැකි තරම් අවම අධ්‍යාපනයක් ලැබුවෙකි. එපමණක් නොව ඔබ තාක්ෂනය හැසිරවිය හැකි ඉතා අල්පයක් අතරින් කෙනෙකි.

නමුත් විශේෂම කාරණය, ඔබ ශ්‍රී ලංකාවේ සිංහලයෙකු ලෙස ඉපදීමයි. උතුර නැගෙනහිර වැනි පලාතක ඉපිද සිටියා නම් ඔබ අද කොතැනක සිටිනාව දැයි වටහා ගැනීම අපහසු නැත.

සිංහලයෙකු පමණක් නොව ඔබ සිංහල බෞද්ධයෙකු ලෙස ඉපිද ඇත. එය කෙතරම් දුර්ලභ දෙයක්ද. ඔබ ලංකාවේ ඉපදුනත්, අබෞද්ධයෙකු ලෙස උපත ලැබුවා නම් ඔබට මේ සත්‍ය කිසිම දිනක සවන්නොගැටෙනු ඇත.

බෞද්ධයෙකු ලෙසත් ඔබ මායාව පසු පස දිව යන මතට කාමයට ගිජු පුද්ගලයෙක් ලෙස උපත ලබා නොමැත. බෞද්ධයන් අතරින් ඇති විශාල පිරිසක් මතට ගිජුව තම ජීවිතය විනාසය දෙසට රැගෙන යන සමයක ඔබ එසේ නොමැත.

එපමණක් නොව, ඔබ ඉහල බුද්ධියකින් හෙබි අයෙකි. මන්ද බෞද්ධ දර්ශනය ප්‍රඥාවන්තයින් ගේ දර්ශනයකි. ඔබ ට නිසි ප්‍රඥාවක් නොමැති නම් ඔබ මේ ලිපිය මෙතෙක් දුර කියවන්නේද නැත.

සිතන්න, ඔබ කෙතරම් දුර්ලභ කෙනෙක්ද කියා. ඔබ සිතනවාට වඩා ඔබ බෙහෙවින් දුර්ලභ මිනිසෙකි. නමුත් ඔබ මේ දුර්ලභ මිනිස් භවය ගත කරන්නේ කෙසේ දැයි නැවත සිතා බැලුව හොත්?

No comments:

Post a Comment