Saturday, November 9, 2019

ඔබත් head phone භාවිතා කරනවද?


ඔබ head phone හෝ head set භාවිතා කර ඇති ඕනේ තරම්. ගමනක් යද්දී අනිත් අයට බාධාවක් නොවෙන්න සින්දුවක් අහන්න, ඇයි අනිත් අයගේ කරදරයෙන්  බේරෙන්නත් අපි පාවිච්චි කරනවනේ.



එහෙම සින්දුවක් අහගෙන යද්දී හොඳ නැටවෙන සින්දුවක් ඇහෙද්දී ඔබට නිකන්ම නැටවෙනවා නේද? ඔබට සිහියක් නෑ සින්දුව ඇහෙද්දී අඩුම ගානේ අතපය හරි හෙලවෙනවා නිකන්ම.

දැන් මේ සින්දුව ඇහෙන්නේ ඔබට විතරයි. වටේ පිටේ ඉන්න කාටවත් ඇහෙන්නේ නෑ. ඒත් වටේ පිටේ ඉන්න අනිත් අයටත් ඒක මහා අමුතු විකාරයක් වෙන්නේ නෑ. ඔබ පිස්සෙක් කියල බනින්නේ වත් බය වෙන්නෙවත් නෑ. ඔවුනුත් ඒක ගණන් ගන්නේ නැතුව ඔවුන්ගේ වැඩක් කරගෙන ඉන්නවා.

ඔබ දන්නවද එහෙම වුනේ ඇයි කියලා?

මොකද ඔවුනුත් head set එක ගහගෙන සින්දු අහන නිසා. ඔවුන් අත්දැකීමෙන් දන්නවා ඔබත් මේ ඔබට විතරක් ඇහෙන්න සින්දුවක් අහනවා කියලා. ඔවුනුත් ඒ දේ කරලා තියෙන නිසා ඒ දේ මහා අමුතු දෙයක් නෙමෙය්.

නමුත් මීට අවුරුදු කීපයකට පෙර ඒ දේ විකාරයක් වුනා. පිස්සෙක් දිහා බලනවා වගේ බැලුව head set එක කනේ ගහගෙන යන ගමන් කතා කර කර ගියොත්. සින්දුවක් අහගෙන ඉද්දි නිකන් ඇඟ නැටවුනොත් ඒක නිකන් පිස්සෙක් ගේ හැසිරීමක් විදියට දැක්කා.

ඒත් ටිකෙන් ටික සාමාන්‍යකරණය වීමත් එක්ක හැමෝටම head set එක ගහගෙන කෝල් එකක ඉන්න, සින්දුවක් අහන්න අවස්තාව ලැබුන නිසා හැමෝටම ඒ දේ අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන් වුනා.

ඉතින් තව දුරටත් ඒ දේ විකාරයක් වත් පිස්සු වැඩක්වත් නෙමෙයි.

දැන් හිතන්න මෙහෙම.

අනිත් කාටවත් නොතේරෙන ඔබට විතරක් තේරෙන දෙයක් තියෙනවා. ඔබ ඒ අනුව වැඩ කරනවා.

දැන් සමාජය ඔබ දිහා බලන්නේ කොහොමද?

අනිවාර්යෙන්ම පිස්සෙක් දිහා බලනවා වගේ.

මොකද ඔබ දන්නා දේ, ඔවුන් දන්නේ නෑ. ඔවුන් දන්නේ නැති සියලුම දේ ඔවුන් දකින්නේ පිස්සුවක් විදියට.
හිතන්න ඔබ විශ්වයට ඇහුන්කම් දීමෙන් ඔබට ඇහෙන දේවල් අනුව ඔබ වැඩ කරනවා. (head set එකෙන් සින්දුවක් අහන නටනවා). ඒ දේ ඇහෙන්නේ ඔබට විතරයි. (සින්දුව ඇහෙන්නේ ඔබට විතරයි.) ඔබ ඒ අනුවයි වැඩ කරන්නේ. (ඔබ සින්දුව අනුවයි නටන්නේ)

ඒත් සින්දුවට  නටද්දී ගණන් ගන්නේ නැති සමාජය ඇයි ඔබ විශ්වයට ඇහුන්කම් දීල වැඩ කරද්දී ඒකට පිස්සු විකාර කියල ගරහන්නේ?

මොකද ඔවුන්ට ඒ විශ්වයෙන් ඇහෙන සින්දුව ඇහෙන්නේ නෑ. ඔවුන්ට ඒ අත්දැකීම නෑ. ඒ නිසා ඔවුන්ට ඒ දේ තේරෙන්නෙත් නෑ. හරියට නිකන් head set ගහගෙන කෝල් ගත්තු මුල්ම කාලේ වගේ.

ඔවුනුත් ඒ දේ අත්දකිනකම් ඔබට පිස්සු කියයි. ඔබට මානසික රෝගියෙක් කියයි. ඔබ කරන්නේ විකාර කියයි.
හිතල බලන්න. ඔවුන්ට ඇහෙන්නේ නැති සින්දුව ඔබට පමණක් ඇහෙද්දී ඔබ සින්දුව ට අනුව වැඩ කරනවද, සින්දුව ඇහෙන්නේ නැති පිරිස කියන දේ අහල ඔවුන්ට ඕනේ විදියට ඉඳල ඔවුන් සතුටු කරනවද?

විශ්වය ඔබව තෝරාගෙන ඔබට පමණක් පණිවිඩ දෙන්නේ ඊට සුදුසු ඔබ පමණක් නිසයි. නැත්නම් විශ්වය මේ ලෝකේ හැමෝටම ඒ පණිවිඩය දෙනවා.

ඔබ තීරණය කරන්න ඒ අහඹු දුර්ලභ අවස්තාව අනුන්ව සතුටු කරන්න ඇත හරිනවද නැත්නම් ප්‍රයෝජනෙට ගන්නවද කියලා.

No comments:

Post a Comment