Saturday, November 9, 2019

තවත් ලෝක දෙකක්


ඔබ කුඩා කල දහම් පාසල් ගොස් ඇත්නම් ඔබ ඉගෙන ගෙන ඇති හිරි ඔතප්, කුමර බඹසර, කුමරි බඹසර වගේ වචන.

ඒ කාලයේ වැටහුනා හෝ නොවටහුනා දැන් ඔබට එය හොඳින් වැටහෙනු ඇත.

ලෞකික ලෝකයේ සහ ආධ්‍යාත්මික ලෝකයේ පැහැදිලි වෙනසක් ඔබට පෙන්නුම් කිරීමටයි මේ සුදානම.
දහම් පාසලේදී 8 හෝ 9 ශ්‍රේණියේදී කුමර සහ කුමරි බඹසර රකින මෙන් අපට උගන්වනවා. නමුත් අපට බොහෝ විට ගුරුවරු මොනවද මේ කුමර , කුමරි බඹසර කියා තේරුම් කරන්නේ නෑ. එය හුදෙක් වචනයක් ලෙස පමණක් ඉගෙන ගනා අපි පසුව එය තේරුම් ගන්නවා බුද්ධියෙන් අප විසින්ම.

කුමර සහ කුමරි බඹසර යනු විවාහය තෙක් තමන් කිසිවෙකු සමග ලිංගිකව එක් නොවීම යි.

මෙය ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශවයටම පොදු කරුණක් බැවින් කුමර බඹසර සහ කුමරි බඹසර ලෙස කොටස් දෙකක් ඉදිරිපත් කර ඇත.

හොඳින් මතක තබා ගන්න මෙය අධ්‍යාත්මික කරුණක් බව. එනම් විවාහය තෙක් කිසිදු ලිංගික ඇසුරක් නොපැවැත්වීම.

දැන් අපි ලෞකික ලෝකය දෙස බලමු.

අද කාලයේ විවාහය තෙක් ලිංගික ඇසුරක් පවත්වන්නේ නැති පිරිමි ළමයෙක් ව පිරිමියෙක් හැටියට සලකනවද? ඔහු නපුංසකයෙක් ලෙසටයි සලකන්නේ.

ඔබ කැමතිද ඔබට කිසිවෙක් නපුංසකයෙක් විදියට සලකනවට?

එසේ ඇසීමටවත් ඔබ කැමතිද?

එසේ නම් ඔබ කුමර බඹසර රකිනවද?

යුරෝපයේ කන්‍යාවියක් යනු ලජ්ජාවට කරුණක්. තරුණියක් අවුරුදු 15න් පසුවත් කන්‍යාවියක් නම් කිසිදු අයෙකු සමග ලිංගිකව එකතු වී නොමැති නම් ඇයව කොන් කරනු ලබනවා. ඇයගේ යහළුවක් පමණක් නොව ඇයගේ දෙමවුපියන් ද ඇයව කිසිවෙකු සමග ලිංගිකව එකතු කිරීමට උත්සහ කරනවා.

තරුණයන්ගේ මව විසින්මයි ඇයගේ බෑගයට උපත්පාලන කොපු දමන්නේ.

මේ ලෞකික ලෝකයේ සාමන්‍යය ක්‍රමය.

නමුත් ආධ්‍යාත්මික ලෝකයේ කුමර සහ කුමරි බඹසර යනු ඉතාමත් වැදගත් කරුණක්.

නමුත් අද අප ලෞකිකත්වය තුල කෙතරම් අතරමන් වී ඇත්ද?

අද කුමර හෝ කුමරි බඹසර රකින කෙනෙකු සොයා ගත හැකිද? (වාසනාවකට තවම ගැහැණු ළමුන් සම්බන්ධයෙන් මෙය එතරම් දරුණු ලෙස නොමැත. නමුත් ඉතා ඉක්මනින් එය එසේ වනු ඇත)

එසේ අහම්බෙන් හෝ සිටියොත් ඔහුට හෝ ඇයට කුමක් නොකියාවිද උසුළු විසිළු කිරීමට?

එවිට ඔවුන් ඒවා දරාගෙන සිටිවිද? නැත්නම් ලෙහෙසි ම දේ ලෞකිකත්වය තුලටම යයිද?

අරක්කු බොන්නේ නැති කොල්ලෙක් කොල්ලෙක් නෙමෙයි කියන තැන දක්වා ඇදවැටුණු ලාංකික ලෞකික සමාජය තුල ආධ්‍යාත්මය කෙසේ නම් සොයන්නද?

දහම් පාසල් තුල මෙය ඉගැන්වීම කෙසේ නම් කරන්නද? 8, 9 ශ්‍රේණි වන විටත් වර්තමාන කුමරුවන් සහ කුමරියන් තමන්ගේ බඹසර නැති කරගෙන අවසන් නම්?

නැවතත් පවසමි.

එක්කෝ ඔබ ලෞකික අන්තයේ රැඳෙන්න, නැතිනම් ආධ්‍යාත්මික අන්තයේ රැඳෙන්න. දෙපැත්තේම කකුල් තබාගෙන සිටීම ඔබව අතරමන් කරනු ඇත.

No comments:

Post a Comment