Friday, November 8, 2019

ලෝක දෙකක්...3


කලින් ලිපි 2 තුල කතා කල කරුණු සාරංශ කරොත් හොඳයි කියල හිතුනා තවත් කරුණක් එකතු කරලම.
ඔබ දන්නවද පුරාන භාරතයේ හිටියේ ද්‍රවිඩියන් ජාතිකයින් බව. කළු හමක් ඇති අපි සියල්ලම ද්‍රවිඩයන් ජාතිකයින්.

ද්‍රවිදියන් යනු ස්ත්‍රී ජාතියක්. (feminine) ස්ත්‍රී ජාතියක් යනු හිංසාවට අකැමති, අනුන්ට කරදර කරන්න අකමැති, අනුන්ට උදව් කරන, සහයෝගයෙන් ඊවත් වෙන, අවිහිංසාවෙන් කල් ගෙවන, බණ භාවනාවෙන් කල් ගෙවන අධ්‍යාත්මික කොට්ඨාශයක්.

පෙරදිග ජාතීන් ද්‍රවිදියන් නමින් හඳුන්වන්නේ එකයි. (අතීතයේ)

නමුත් මීට වසර දහස් ගණනකට පෙර භාරතය ආක්‍රමණය කරනවා ආර්යන් නමැති ජාතියක්. මොවුන් එන්නේ බටහිට පැත්තේ ඉඳන්. ආර්යන යනු පිරිමි ජාතියක්. (masculine) පිරිමි ජාතියක් යනු ආක්‍රමණය ට කැමති, හිංසාවට කැමති, අනුන්ට කරදර කරලා සතුටු වෙන සටන්කාමී ජාතියක්.

මොවුන් භාරතයේ ඉහල කොටසින් මැදපෙරදිග හරහා භාරතයට ඇතුළු වෙලා භාරතයේ ඉහල කොටස ආක්‍රමණය කරන්න සටන් වදින්න සුදානම් වෙනවා.

නමුත් ද්‍රවිදියන් වරු සටනට අකැමති නිසා, තමන්ගේ කැමැත්තෙන්ම භාරතයේ ඉහල කොටස ආර්යන් වරු හට ලබා දීල ඔවුන් භාරතයේ පහල කොටසේ කුඩා ඉඩකට සංක්‍රමණය වෙනවා.

ද්‍රවිදියන් වරු ළඟ තිබුනේ අධ්‍යාත්මික තාක්ෂණයක් වෙද්දී ආර්යන් වරු ළඟ තිබුනේ ලෞකික තාක්ෂණයක්.
නමුත් මේ දෙගොල්ලෝ තම හමන්ගේ තාක්ෂණ අනුව ජීවත් වුනා. අපි ලාංකිකයන් නුත් ද්‍රවිදියන් වරු.
දෙගොල්ලොම තමන්ගේ තාක්ෂනය අනුව ජීවත් වුනත්, ද්‍රවිදියන් වරු ආර්යන් වරුන්ට වඩා දශක ගණනාවක් ඉදිරියෙන් හිටියේ ඔවුන්ගේ අධ්‍යාත්මක තාක්ෂනය එක්ක. ඒ නිසා ඔවුන් ඉදිකර නිර්මාණ අදටත් විශ්මය ජනකයි. දකුණු ඉන්දියාවේ වගේම ලංකාවෙත් අපි ළඟ තිබුනේ මේ අධ්‍යාත්මික තාක්ෂනය. අදටත් කොහොමද මේ දේ කරේ කියල හොයාගන්න බැරි විදියේ තාක්ෂණයක්.

නමුත් කතාව ටිකක් වෙනස් වුනා.ආර්යන් වරු ද්‍රවිදියන් වරු නිකන්ම ඇත ඇරියේ නෑ. මේ වෙද්දී ආර්යන් වරු ලෝකය පුරාම විසිරිලා හිටියේ. ද්‍රවිදියන් වරු සටනට අකැමති නිසා ඔවුන් නිකන්ම යටත් වුනා ආර්යන් වරුන්ට. මේ අතරේ ජාතීන් අතර මිශ්‍රණය ද සිද්ද වුනා.

භාරතයේ කතාව එහෙම වෙද්දී ලංකාව දුපතක් වීම නිසා ද්‍රවිදියන් වරු නිදහසේ තමන්ගේ තාක්ෂනය එක්ක අධ්‍යාත්මික ජීවිතය ගත කරා.

ඒත් ඉංග්‍රීසි ජාතීන් නමැති ආර්යන් වරු ලංකාව ආක්‍රමණය කරලා අපේ අධ්‍යාත්මික තාක්ෂනය වෙනුවට ඔවුන්ගේ ලෞකික තාක්ෂනය ප්‍රචලිත කරා.

අද වෙද්දී අපි මේ අත් විඳින්නේ අන්න ඒ විනාසයි.

විනාසය කිව්වේ මේ නිසයි.

අපේ මත බලෙන් ගොදගපු ලෞකික තාක්ෂනය වගේම අපි විසින් ගත්තු ලෞකික තාක්ෂණයත් තියෙයි.
ඒ දේ සිද්ධ වුනේ මෙහෙමයි. අපි හිතුව බටහිරෙන් හොඳ දේ විතරක් අරන් නරක දේ අයින් කරා නම් හරි කියලා.

ඒත් අපිට අමතක් වුනා අපි දෙගොල්ලෝ සම්පූර්ණ අන්ත දෙකක ලෝක දෙකක තාක්ෂණ දෙකක් හිමි ජාතීන් දෙකක් කියලා.

උදාහරණයක් විදියට, අපි බටහර වෛද්‍ය විද්‍යාව අරගත්තා. ඒ ලෞකික තාක්ෂණයක්. බටහිර වෛද්‍ය විද්‍යාවේ ගෙම්බන් කපන්න, මීයන් මත පර්යේක්ෂණ සිදු කරන්න වෙනවා. මොකද ලෞකික තාක්ෂනය පදනම් වන්නේ ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂණ මත නිසා.

ඒත් අධ්‍යාත්මික තාක්ෂණයේ අපි කවදාවත් ගෙම්බන් කැපුවේ නෑ, මීයන්ගෙන් පර්යේක්ෂණ කරේ නෑ. මොකද අපේ අධ්‍යාත්මය අනුව අපි දන්නවා ඒ දේවල් වැරදි වැඩ කියලා. අපි කවදාවත් මිනිස්සුන්ගේ දියුණුව වෙනුවෙන් සත්තු මරල බෙහෙත් හෙවේ නෑ. මොකද අධ්‍යාත්මික තාක්ෂනය ඉන්ද්‍රීය ගෝචර ප්‍රත්‍යක්ෂය මත නෙමෙයි, අධ්‍යාත්මික මනස තුලින් ප්‍රඥාව තුලින් දැකීමයි සිද්ද කරේ.

ඉතින් අපි බටහිර වෛද්‍ය විද්‍යාව හොඳ දෙයක් නිසා ගත්ත අපිට අමත වුනා අපි ඒ හොඳ දේ කරද්දී අපේ අධ්‍යාත්මික කරුණු අපි අමතක කරලා බව. සත්තු මැරීම. ප්‍රාණඝාතය.

ඉතින් එහෙම වෙන්නේ කොහොමද?

මොකද ලෞකික තාක්ෂනය සහ අධ්‍යාත්මික  තාක්ෂනය කවදාවත් එකතු කරන්න පුළුවන් අන්ත දෙකක් නෙමෙයි.

ලංකාව ඉන්දියාව වගේ රටවල් තමන්ගේ අධ්‍යාත්මික තාක්ෂනය ඇතුලට ලෞකික “හොඳ” දේ විතරක් ගන්න ගිහින් තමන්ගේ අධ්‍යාත්මික තාක්ෂණයත් නැති කරගත්තු රටවල් දෙකක්.

මොකද ඒ දෙක කවදාවත් එකතු කරන්න බැරි ලෝක දෙකක්.

ඉතින් මේ විදියට එකින් එක හොඳ දේවල් ගද්දි ලෞකික (පිරිමි) තාක්ෂනය අධ්‍යාත්මික (ගැහැණු) තාක්ෂනය යටපත් කරගෙන තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න පටන් ගත්ත.

ඒ නිසයි අපි අද අධ්‍යාත්මික තාක්ෂනය මිත්‍යා විදියට සලකලා බටහිර ලෞකික තාක්ෂනය මේ තරම් අගය කරන්නේ.

අද අපි ලෙඩක් වුනාම යන්නේ ආයුර්වේද බෙහෙත් ගන්න නෙමෙයි, බටහිර බෙහෙත් ගන්නයි. මොකද ලෞකික තාක්ෂනය ආධිපත්‍ය පතුරලා ඉවරයි. අපිට ආයුර්වේදය අද වෙද්දී ප්‍රථමික දෙයක්.

එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා.

අධ්‍යාත්මික තාක්ෂනය තිබුණු අපේ රටවල් මීට අවුරුදු 2500 කට කලින් විශ්මකර්ම වැඩ, නිර්මාණ කරද්දී ආර්යන් ජාතිය හිටියේ ගස් වල කොළ කාලා, ගුහා වල නිරුවතින්.

ඒත් ඔවුන් ලෞකික (පිරිමි) ජාතියක් නිසා ඔවුන් ඉතාමත් ඉක්මනින් දියුණුවට පත් වුනා. (ලෞකික දියුණුවට).
අධ්‍යාත්මික අපි සෙමින් අධ්‍යාත්මික ගමන් මගේ යද්දී, ඔවුන් අනුන් එක්ක සටන් කරලා, අනුන්ගේ රටවල් හුරා කාල, නරකින් දියුණුවට පත් වුන. (ලෞකික දියුණුවට)

එක් කාලයක් ආවා ආධ්‍යාත්මික අපිත් ලෞකික ඔවුනුත් එකම රේඛාවක මුහුණට මුහුණ මුණගැහුණු.  එදා සිද්ධ වුනෙත් ලෞකික (පිරිමි) ඔවුන් විසින් අධ්‍යාත්මික (ගැහැණු) අපිව යටත් කර එකමයි.

දැන් අපි කවලම් ජාතියක්. අපි අධ්‍යාත්මික නෑ. ලෞකිකත් නෑ. ඒ නිසාම අපිට කිසිම දියුණුවක් නෑ.

මොකද ලෞකික දියුණුව ලබන්න නම් අධ්‍යාත්මයට අනුව වැරදි කල යුතුයි. අධ්‍යාත්මික දියුණුව ලබන්න නම් ලෞකිකයට අනුව වැරදි කර යුතුයි.

මේ විදියට දෙපැත්තට ඇදීමෙන් අන්තිමට සිද්ධ වෙන්නේ හැමදාම එකම තැන ඉන්න වෙන එකයි.

ඉන්දියාව මේ බව තේරුම් ගත්ත මේ දශකයේ මැද භාගයේ.

ඔවුන් තේරුම් ගත්තා අපිට දියුණු වෙන්න නම් එක අන්තයක් තෝරාගන්න වෙනවා කියලා.

ඔවුන් තේරුම් ගත්ත අපිට ආයෙමත් මේ ලෞකික ලෝකය තුල උඩුගම් බලා පීන්නන්න බෑ රටක් විදයට අධ්‍යාත්මික තාක්ෂණයට  කියලා.

ඒ නිසා ඔවුන් දැන් ලෞකික දියුණුව කරා යනවා. ඔවුනුත් බටහිර කරණය වෙලා යනවා. මොකද ඒ තමයි ලේසිම අන්තය. ම්,මෙච්චර කලක් අන්ත දෙක මැද හිටපු ඉන්දියාව දැන් ලෝක බලවතෙක් වෙන්නේ ඒ නිසයි.

ලංකාව තවමත් මැදුම් පිළිවෙතේ ඉඳගෙන ඒ පැත්තටත් නෑ, මේ පැත්තටත් නෑ කියන කවලම් වුනු කාලකන්නි තැනක ඉන්නවා.

ලංකාවත් ඉක්මනින් එක් අන්තයක් තෝරාගත යුතුයි. එක්කෝ උඩුගම් බලා පීනන්න ඕනේ අධ්‍යාත්මික තාක්ෂනය කරා. නැත්නම් ලෝකේ අනිත් අය එක්ක ලෞකික තාක්ෂනය කරා.

හැබැයි අනිවාර්යෙන්ම එකක් ඇත හරිය යුතුයි.

ලෞකිඅ තාක්ෂනය කරා යන්න නම් අධ්‍යාත්මික තාක්ෂනය සහ ඊට අදාළ සියලුම දේ ඇත අහරිය යුතුයි.
මොකද දෙපැත්තේ කකුල් තියාගෙන කවලම් විදියට අවුරුදු 72 පුරා අපි කාලකන්නි ජාතියක් වෙලා අත්දැකීම් තියෙන නිසා.

ඔබටත් එක් අවවාදයක්.

එක්කෝ ඔබ අධ්‍යාත්මික මනුස්සයෙක් වෙන්න. නැත්නම් ලෞකික මනුස්සයෙක් වෙන්න.

දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න එකෙන් ඔබට දෙකෙන් එකක්වත් වෙන්න ලැබෙන්නේ නෑ වගේම ඔබ අතරමං වෙලා කාලකන්නි වෙන එක විතරයි එකෙන් සිද්ධ වෙන්නේ.

එක්කෝ කැම්පස් එකේ උප සංස්කෘතියට අනුගත වෙලා උපාධිය අරගෙන එලියට ඇවිත් බැඳලා රස්සා කරලා ළමයි හදලා වාහන අරන් ගෙවල් හදලා මැරිලා ගිහින් ආයෙත් ඉපදිලා ඒ වගේම කට්ට කන්න.

නැත්නම් සත්‍ය තේරුම් අරන් ලෞකික මායාව නම් සළුව ඉරලා දාල අධ්‍යාත්මික ජීවිතයක් ගත කරලා මේ භාවයෙන්ම මේ සංසාරය ඉවරයක් කරගන්න.

තීරණය ඔබේ අතේ.

එක්කෝ ලෞකික වෙන්න, එකෝ අධ්‍යාත්මික වෙන්න. දෙකෙන් එකයි. දෙකම බෑ. එහෙම වුනොත් ඔබට සිද්ධ වෙන්නෙත් ලංකාව වගේ කාලකන්නි වෙන්න.

No comments:

Post a Comment