Wednesday, November 13, 2019

තවත් ලෝක දෙකක් 2


අපි පෙර ලිපි මාලාවෙන් ලෝක දෙකක් ගැන බොහෝ විස්තර කතා කරා.

මේ ඒ ලිපි මාලාවේ අවසන් ලිපිය වීමට බොහෝ විට ඉඩ තියෙනවා.

මෙතෙක් කතා කර කරුණු අනුව ලෞකික ලෝකය ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් කටයුතු කරන බවත්, අධ්‍යාත්මික ලෝකය ප්‍රඥා ගෝචර ප්‍රත්‍යක්ෂයෙන් කටයුතු කරන බවත් ඔබට පැහැදිලි ඇති.

අප පෙර ලිපිය සාකච්ඡා කර බටහිර විද්‍යාව මත පදනම් වූ තාක්ෂනය සහ පෙරදිග අධ්‍යාත්මය මත පදනම් වූ තාක්ෂනය යනු මේ ලෝක දෙකේ ප්‍රතිඵලයකි.

බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ගෝචරයෙන් කටයුතු කරන අතර ඒ සඳහා ඉන්ද්‍රිය ගෝචර පර්යේෂණ සිදු කරයි. එහිදී ඔවුන්ට එම සියලු දේ ඇසට පෙනීමට, කනට ඇසීමට වැනි පංචේන්ද්‍රියන් ට හසු විය යුතුමය.

නමුත් පෙරදිග ප්‍රඥා ගෝචරයෙන් කටයුතු කරයි. එහිදී ඔවුන් ප්‍රයෝගික පර්යේෂණ සිදු කර එය ඇසින් බැලීම හෝ කනින් ඇසීම සිදු නොකරයි. ඔවුන් එය තමන්ගේ මනසින් සිදු කරයි.

ඔබ නිකොලා ටෙල්සා ගැන අසා ඇත්නම් ඔහුට ඕනෑම නිර්මාණයක් සිදු කිරීමට කිසිදු සැලැස්මක් ඇඳ රූප සටහන් සැදීම අවශ්‍ය නොවුනි. ඔහු ඒ සියල්ල ඔහුගේ මනසින් සිදු කර අයෙකි.

ඔහු පවසා ඇති පරිදි යම් නිර්මාණයක් සිදු කිරීමට ඔහු සිතද්දී ඔහුගේ මනසින් එම නිර්මාණය ඔහු විසින් නිපදවයි. එය කොතෙක් දුරට සංකීර්ණ ද කිවහොත් ඔහු පවසන පරිදි එම නිර්මාණයේ ඇන මුරිච්චි පවා ඔහු මනසින් තද කරන බව.

මෙය වර්තමානයේ හොලෝග්‍රෑම් තාක්ෂනය තමන්ගේ මනසින් සිදු කිරීම වැනිය.

එය ප්‍රඥා ගෝචරයෙන් කටයුතු කිරීමයි.

එබැවින් ප්‍රඥා ගෝචරය යනු පෙරදිගට පමණක් අයත් දෙයක් නොවේ. එය මුළු මහත් මිනිස් සංහතියටම හැකි දෙයකි. නමුත් ඒ සඳහා ඉන්ද්‍රිය ගෝචරයෙන් දුරට සිතිය යුතු වේ.

දැන් ඔබ මෙසේ සිතන්න.

මීට වසර 10000 පෙර හින්දු දර්ශනයේ පවසා ඇති මීට වසර 2500 ට පෙර බුද්ධ දර්ශනයේ පවසා ඇති එකින් එක වර්තමානයේ බටහිර විද්‍යාව විසින් සොයාගනිමින් සිටි.

මෙහි සත්‍ය ඔබට නොතේරෙන්නේ ද?

හින්දු සහ බෞද්ධ දර්ශනය ප්‍රඥාවෙන් දුටු දේ දුටුවේ මීට වසර දහස් ගණනකට පෙරය. නමුත් ඔවුන් එය දුටුවේ මනසිනි. මනසින් දුටු දේ ඔප්පු කර නොහැක. නමුත් ඔවුන් එය සත්‍ය බව දන්නා නිසා එය පැවසුහ.
එය පරිසරය අඳුරු වන විට ඔබ ඉක්මණි ගොස් රෙදි ටික ගේ ඇතුලට අරගනීමක් වැනිය.

ඔබට ඔප්පු කිරීමට කිසිදු හැකියාවක් නැහැ ඔබ රෙදි ටික ගත්තේ මේ නිසා කියලා ඒ අදාළ මොහොතේම. ඊට ඔබට ඉවසා සිටිය යුතුයි ඔබ මනසින් දුටු දේ සිද්ධ වෙන තෙක්.

ඉතින් ඔබ එසේ රෙදි ටික ගත විට ඔබගේ අසල වැසියා ඔබට හිට්නා වෙනවා, හරි මෝඩයි නේ, කළුවර කරා කියලා එඩි අකුලන්න ඕනෙද. අනේ මන්ද මොන විකාරද කියලා. ඇයත් රෙදි ටික වැලේ වනා ඇති බව මතක තබා ගන්න.

ඔබට දැන් ඔප්පු කර නොහැකියි ඇයි ඔබ රෙදි ටික ගත්තෙ කියලා. මොකද ඔබ එය දුටුවේ ප්‍රඥාව මගිනි. එය ඉන්ද්‍රිය ගොචාරයට හසු වන්නේ නැත. (දැන්ම)

නමුත් ඔබ ඉවසගෙන ඉන්නවා ටික වෙලාවක්. දැන් ටිකෙන් ටික වැහි බින්දු වැටෙන්න පටන් ගන්නවා. ඔබ ප්‍රඥාවෙන් දුටු දේ දැන් සියල්ලගේම ඉන්ද්රියට ගෝචර වෙනවා.

ඔවුන් හානි හනිකට රෙදි ටික ඇතුලට ගන්නවා. නමුත් දැන් රෙදි ටිකක් තෙමිලා ඉවරයි.

කෙසේ හෝ ඔබේ අසල වැසියා දැන් ඔබට මුහුණ දෙන්නේ නෑ. මොකද ඇය තේරුම් ගත්තා ඒ මොහොතේ ඔබව සමච්චලයට ලක් කරාට, ඒ මොහොතේ ඔබව පහතට හෙලා කතා කරාට, ඔබ ඇයට වඩා දෙයක් දකිනා බව.

බටහිර විද්‍යාව සහ පෙර දිග දර්ශනත් මෙන්න මේ වගේ.

මීට වසර දහස් ගණනකට පෙර පෙරදිග දර්ශන ප්‍රඥාවෙන් දුටු සියල්ල දැන් දැන් බටහිර විද්‍යාව එකින් එක ඔප්පු කරමින් සිටි.

මන්ද ඒ දේවල් ඉන්ද්‍රිය ගොචාරයට හසු කරගැනීමට තරම් තාක්ෂණයක් තිබෙන්නේ දැන් නිසාවෙනි.

නමුත් ඔවුනුත් සිදු කරන්නේ ප්‍රඥාවෙන් උපකල්පනය කර එයම එසේ සිද්ද වේදැයි තහවරු කරගනීමම නොවේද?

ඔවුන් යමක් මෙසේ සිදු විය හැකියැයි මනසින් සිතා එය එසේ වන බව ඉන්ද්‍රිය ගෝචරයෙන් තහවරු කරගැනීම මිසක වෙන කුමක් නම් කරන්නේ ද?

ඔවුන් පුදුම වෙනවා මේ තාක්ෂනය නැතුව මීට වසර දහස් ගණනකට පෙර මේ පෙරදිග මිනිසුන් මේවා ගැන කිව්වේ කොහොමද කියලා.

පිළිතුර හරිම සරලයි.

ප්‍රඥාව මගින්. එයට කිසිදු මිල අධික තාක්ෂණ, උපකරණ කිසිවක් අවශ්‍ය වන්නේ නෑ.

දත්ත ඔබේ පංචේන්ද්‍රියන් ගෙන් ඇතුල් කර මනස නැත්නම් ප්‍රඥාව මගින් සැකසීම පමණයි කර යුත්තේ.

නමුත් අද වන විට මේ ප්‍රඥා ගෝචරය කොයි තරම් භාවිතා වෙනවද? කොහේද ප්‍රඥා ගෝචරයට අවස්තාවක් දෙන්නේ.

අද සියල්ලම සිදු වන්නේ, තීරණය වන්නේ කොටින්ම පිළිගන්නේ ද ඉන්ද්‍රිය ගෝචරය මත පදනම් වයි. 

පෙරදිග අපද අද වන විට මෙම ඉන්ද්‍රිය ගෝචරය මත සියල්ල සිදු කරමින් සිටි.

කෙසේ නම් තාක්ෂණයක් ප්‍රඥාවක් තිබු පිරිසක් ද..?

No comments:

Post a Comment