Saturday, November 2, 2019

ඔබත් මෙච්චර වල් ද..?


ඔබ වල් ද?

අපි හැමෝම වල්. ඒත් ලිපියක් ලියන්න තරම් මොකක්ද මේකේ තියෙන්නේ?

මේකයි කතාව.

අපි හැමෝගෙම ඇතුලේ ඉන්නවා මහා වල් සතෙක්. අපි හැමෝම කොච්චර සුදනෝ වගේ හිටියත් ඒ තමයි ඇත්ත.

අපි වල් වෙන්න ඕනේ. නැත්නම් අපිට පවුල් ජීවිතයක් ගත කරන්න බෑ නේ.

ඒත් ඔබට හිතෙන්නේ නැද්ද හැම තැනම වල් වෙන්න ගියොත් ප්‍රශ්න ඇති වෙයි කියලා.

අන්න ඒකයි කතාව.

අපි වල් වෙන්න ඕනේ අපි අපේ ජීවිතේ ලොකුම රහස් බෙදාගන්න කෙනා එක්කයි.

ලොකුම රහස් කියන්නේ ඔබ කියපු දෙයක් හෝ කරපු දෙයක් ගැන කාට හරි රහසින් කියලා ඒක රකින කෙනා නෙමෙයි.

අපි ඇඳුම් අඳින්නේ අපේ රහස් ප්‍රදේශ වහගන්නයි. අපි ඇඳුම් අඳින්නේ අපේ නොපෙන්විය යුතු තැන හංගන්නයි.

ඒත් අපි දවසක මේ රහස් පෙදෙස්, හංගන තැන කෙනෙක්ට පෙන්නනවා. අපි අපේ ජීවිතේ බෙදාගන්න කෙනා ට.

ඉස්සර නම් කසාදෙන් පස්සේ තමන්ගේ සැමියාට හෝ බිරිඳට. දැන් නම් මාසෙට වතාවක් කාට හරි.

අපි වර්තමාන තත්වය පොඩ්ඩක් පැත්තකින් තියක, අතීත තත්වය ගැන කතා කරමු.

තමන්ගේ සැමියා හෝ බිරිඳ එක්ක වල් වෙන්නේ නැතුව වෙන කවුරු එක්ක වල් වෙන්නද?

ඔබ මේ ලෝකයේ වල් වෙන්න ඕනෙත් ඔබේ සැමියා හෝ බිරිඳ එක්ක විතරයි. මොකද ඒ බව දන්නේ ඔබ දෙදෙනා විතරයි. ඔබේ රහස් දන්නා ඔබේ සහකරුවා ඔබේ වල් වීම අපේක්ෂා කරනවා.

ඒ මතයි සාර්ථක පවුල් ජීවිතයක් පදනම් වෙන්නේ.

ඉතින් ඔබ ඔබේ සහකරු එක්ක කොච්චර වල් ද එච්චර ඔබේ පවුල් ජීවිතය සාර්ථකයි. (සාමාන්‍යයක් ලෙස)
ඒත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද?

අපි හැමෝම එක්ක වල්.

අපි අපිට හම්බෙන හැමෝම එක්ක වල් වෙනවා. විහිළුවක් කරත් කරන්නේ වල් දෙයක්. කතාවක් කිව්වත් අතරෙන් වල් කතාවක් දානව. බැලුවත් බලන්නේ වල් බැල්මෙන්.

මෙන්න ප්‍රශ්නේ.

ඔබ ඔබේ සහකරු එක්ක පමණක් කරන්න ඕනේ දේ ඔබ දැන් මුළු ලෝකයම ඉස්සරහ හැම එක්කෙනා එක්කම කරනවා.

කෝ ඔබේ ලැජ්ජාව? කෝ ඔබේ බිය?

බලන්න අද තරුණ පරම්පරාව කිසිම හිරිකිතයක් නැතුව ප්‍රසිද්ධියේ කුණුහරුප කියන හැටි. ඒවාට තරුණ ගැහැණු ළමයි මුකුළු පාන හැටි. ඒකත් වල්. ඒකත් වල් කමට උල්පන්දම් දීමක්.

ඉතින් ඔබ ඔබේ සහකරු එක්ක පමණක් වල් විය යුතු වුනත් අද ඔබ ඇඳුමෙන් පැළඳුමෙන් නුත් වල් වෙන්නයි බලන්නේ.

ඇඟ හැඩය කැපිලා පේන්න අඳින්නේ ඇයි එහෙනම්? ඇඟ විනිවිද පේන්න, නිරාවරණය වෙලා පේන්න, උලුප්පලා පේන්න අඳින්නේ?

ඔබ උත්සහ කරන්නේ වල් වෙන්න නෙමෙයි ද?

ඉතින් ඔබේ සහකරු පමණක් දකින්න ඕනේ ඔබේ වල් කම ඇයි ඔබ ප්‍රසිද්ධියේ හැමෝටම පෙන්නන්නේ?

ඔබ මුළු ලෝකයටම වල් වෙන්න කැමතිද?

No comments:

Post a Comment