Wednesday, November 6, 2019

ගැහැණු ලොව සහ පිරිමි ලොව... 4


ගැහැණු ලොව සහ පිරිමි ලොව වෙනස් වෙන්නේ මෙන්න මේ කරනෙන් තමයි වැඩියෙන්ම.

ලිංගිකත්වය.

පිරිමි සහ ගැහැණු දෙගොල්ලොම ලිංගිකත්වයට ඉතාමත් කැමතියි. ඒක අපි හැමෝම දන්නවා.

ඒත් මේ ලිංගිකත්වය ගැන කරන ගැඹුරු විමසා බැලීමක්.

පිරිමින් ලිංගිකව සතුටු කිරීම හරිම ලේසි වැඩක්. බොහොම පොඩි වෙලාවක් ඇතුලත ඒ දේ කාල ඉවරයක් කරන්න පුළුවන්.

ඒත් ගැහැණිය ලිංගිකව සතුටු කිරීම ඉතාමත් අපහසු දෙයක්. මේ ලෝකයේ ගැහැණුන් අතරින් 2% වත් ලිංගික උපරිම තෘප්තියට පත් වී නැති බව සොයාගෙන තියෙනවා.

ඒ ඇයි?

පිරිමින් ගේ තෘප්තිමත් බව ඉතාමත් කෙටි වෙලාවක් ගන්න දෙයක්. ඔවුන්ගේ සියලුම නිල, නහර සහ උත්තේජන ග්‍රන්ථි පිහිටා තිබෙන්නේ පිටතින් නිසා ඒවා ඉතාමත් ලෙහෙසියෙන් උත්තේජනයට ලක් වී උපරිම තෘප්තිය ලබයි.

නමුත් ගැහැණුන්ගේ සැකැස්ම මීට හාත්පසින්ම වෙනස්. ඔවුන්ගේ සියලු උත්තේජන ඉන්ද්‍රියන් ඇත්තේ අභ්‍යන්තරයේ. ඒවා සැඟවී ඇති අතර ලිංගික කාර්යය අතරතුර කෙමින් කෙමින් ඒවා පිටතට පැමිණේ. එවිට ඇය උත්තේජන වීම ඇරඹේ.

නමුත් එසේ ගැහැණිය උත්තේජනය වීම ඇරඹෙන විට, පිරිමියා තමන්ගේ උත්තේජනයේ උච්චස්ථානයට පැමිණ හමාරයි. ඉතින් ඔහු ලිංගික ක්‍රියාව එතනින් නවත්තනවා.

නමුත් ගැහැණිය උත්තේජනය වීම ඇරඹුනා පමණයි.

මේ නිසයි වර්තමානයේ කෘතීම ලිංගික උපරිම තෘප්තිය ලැබීම ප්‍රමාද කරවන බෙහෙත් වෙළඳ පොලේ තියෙන්නේ සහ ඊට ඉතාමත් ඉහල ඉල්ලුම තියෙන්නෙත්.

ඉතින් පිරිමියා ඉක්මනින් උපරිම තෘප්තියට පත් වෙද්දී ගැහැණිය ඊට සුදානම් වුන පමණයි. මෙය තේරුම් ගන්න පිරිමියා මුලින් ගැහැණිය ලිංගික කාර්යය සඳහා සුදානම් කරලා ඊට පසු ඇය උත්තේජනය වී ඇති බව තේරුණු පසුවයි ලිංගික කාර්යයේ යෙදෙන්නේ. එහිදී දෙදෙනාම එක විට සුරාන්තයට පත් වීමේ ඉඩ කඩ වැඩියි.

ඉතින් ඒ පිරිමි ලෝකයේ සහ ගැහැණු ලෝකයේ ලිංගික උපරිම තෘප්තියේ වෙනස. මෙය තේරුම් නොගෙන ඔබට සාර්ථක පවුල් ජීවිතයක් ගත කර නොහැකිය.

නමුත් මෙහි තවත් කොටසක් ඇත.

එනම්, පිරිමින් සුරාන්තය සහ ශුක්‍රානු විදීම එක වර සිදු වෙද්දී, ගැහැණුන් සුරාන්තය වෙනමත් ඩිම්බ විමෝචනය වෙනමත් සිදු වේ.

මෙය පැහැදිලි කරගමු.

පිරිමින් උපරිම තෘප්තිය ලැබීම සුරාන්තය වේ. සුරාන්තයෙදී පිරිමින් විසින් ශුක්‍රානු පිට කරයි. මේ දෙකම එක වර එක මොහොතේ සිදු වන සිද්ධීන් දෙකකි.

නමුත් ගැහැනුන් සුරාන්තය පත් වීම සහ ඩිම්බ විමෝචනය යනු සම්පූර්ණ වෙනස් ක්‍රියා දෙකකි.

ගැහැණිය සුරාන්තයට පත් කිරීම අපහසු බව ඉහතින් පවසන ලදී. පිරිමින් සුරාන්තයට පත් වීම පහසු බවත් පවසන ලදී.

නමුත් දන්නවද පිරිමින් සුරාන්තයට පත් වීම  එක් අවස්ථාවට එක වරක් පමණක් සිදු වෙන බවත් ගැහැණිය බහු වාරයක් සුරාන්තයට පත් විය හැකි බවත්?

පිරිමින් උපරිම තෘප්තිය ලැබූ විට ශුක්‍රානු පිට වීම සමග ඔහුගේ ලිංගික ආසාව කැමැත්ත නැති වී කලකිරීම එපා වීම යන හැංගීම මතු වේ. එනම් එක් සුරාන්තයකින් ඔහුට ලිංගික කාර්යය පිළිකුල් වේ. (ඒ මොහොතට පමණක්)

නමුත් ගැහැණිය එක් වරක් සුරන්තයට පත් වූ පසු ඇයට නැවත කිහිප වරක් සුරන්තයට පත්විය හැකිය. එසේම ඇය තවත් ලිංගික කාර්යය බලාපොරොත්තු වේ. එනම් ඇය බහු සුරාන්තයන් බලාපොරොත්තු වේ.

එසේ උපරිම 5 වරක් දක්වා ගැහැණියට එක් ලිංගික කාර්යකදී සුරාන්තයට පත් විය හැකිය. එසේ කිහිප වරක් ඇය සුරාන්තයට පත් වෙද්දී ඇය ඩිම්බ විමෝචනය සිදු කරයි. එය අතිශය දුර්ලභ අවස්ථාවකි.

ඉතින් ඔබට වැටහෙනවා ඇති, පිරිමි ලොව තුල විනාඩියක් ඇතුලත ලිංගික තෘප්තිය, උපරිමය, සුරාන්තය සහ ශුක්‍රානු පිටවීම යන සියල්ල සිදු වී අවසානයේ පිරිමියාට සියල්ල එපා ව. කලකිරේ.

නමුත් ගැහැණු ලෝක තුල තුරුප්තිය ලබා දීම සඳහා වැඩි වෙලාවකුත්, උපරිමය ලබා ගැනීමට වැඩි මහන්සියකුත්, සුරාන්ත එකින් පසු තවත් එකක් ලෙස 5 වරක් දක්වා ලැබීමට අවශ්‍යතාවයක් සහ හැකියාවකුත්, ඩිම්බ විමෝචනය අවසානයේ මේ සියල්ල නිවැරිදිව සිදු වුවහොත් පමණක් සිදු වන දුර්ලභ දෙයක් බවටත් ඔබට වැටහෙනවා ඇති.

එසේනම්, ලිංගිකත්වය තුල පිරිමි ලොව සහ ගැහැණු ලොව කෙතරම් වෙනස් දැයි ඔබට වටහෙනවද?

මේ ලෝක දෙක කිසිම දාක එකතු කර නොහැකි ලෝක දෙකකි.

No comments:

Post a Comment