Sunday, November 3, 2019

ගැහැණු ලොව සහ පිරිමි ලොව...


අපි ජීවත් වෙන්නේ මේ පෘථිවිය කියන ලෝකයේ වුනාට එකම ලෝකයක් තුල අපි ඉන්නේ වෙන වෙනම හදාගත්තු අපේම ලෝක තුලයි.

මේ අතරින් ප්‍රධානම ලෝක දෙක නම් ගැහැණු ලොව සහ පිරිමි ලොවයි.

මේ ලෝක දෙක සම්පූර්නෙන්ම එකිනෙකට වෙනස් අන්ත දෙකක තියෙන ලෝක දෙකක්.

මේ ලිපියත් එක්කම මේ අන්ත වල තියෙන විවිධ ලෝක ගැන ලිපි මාලාවක් ලියන්න අදහස් කරනවා.

අපි මුලින්ම බලමු ගැහැණු ලොව සහ පිරිමි ලොව කියන අන්ත දෙකක ඇති ලෝක ගැන.

අපි විහිලුවටත් කියනවා කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන්නේ ගැහැණිය කවදාවත් කියවන එක නවත්තන්නේ නැති නිසයි කියලා. මතක තියාගන්න හැම විහිලුවකම භාගයක් ඇත්ත කියලා. මොකක්ද මේකේ තියෙන ඇත්ත.

ගැහැණිය කියන්නේ ගොඩක් කතා කරන කෙනෙක්. අපි විද්‍යාත්මකව කතා කරොත් මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුනාම ගැහැණියට ඕනේ ඒ ප්‍රශ්නේ විසඳගන්න නෙමෙයි. ඒ ප්‍රශ්නය හිතින් අයින් කරලා දාන්න. ඇයට විසඳුමක් අත්‍යවශ්‍ය නෑ ඒ ප්‍රශ්නය ඔලුවෙන් නිදහස් කරගන්න ක්‍රමයක් තියෙයි නම්. ඉතින් ඇය කරන්නේ කාට කාට හරි ඒ ප්‍රශ්නේ කියනවා. බලන්න අනේ මට මෙහෙම වුනා නේ මාර වැඩේ කියල. දැන් ඇයගේ හිතින් ඒ ප්‍රශ්නය යටපත් වෙලා. ඇය හරි සතුටින්. ඇයි? දැන් ප්‍රශ්නයක් නෑ නේ. ඇත්තම කතාව ප්‍රශ්නේ එහෙමමයි. විසඳුමක් ලැබිලා නෑ. එහෙනම් ප්‍රශ්නේ ඉවරත් නෑ. හැබැයි ඇගේ හිත නිදහස් නේ. තාවකාලිකයි කියලා ඇයට තේරෙන්නේ නෑ.

ඒ නිසයි ප්‍රශ්නයක් වුනාම ගැහැණු අය අනිත් අයත් එක්ක වට වෙලා ඒ ගැන කියවන්නේ. ගොඩක් වෙලාවට අනුන්ගෙන් ඒ මොහොතේම විසඳුම් හම්බෙනවා ඒ ප්‍රශ්නෙට. ඒත් ඇය බලාපොරොත්තු වෙන්නේ විසඳුම් නෙමෙයි, තමන්ගේ ප්‍රශ්නේ අහන ඉන්න කෙනෙකුයි.

නමුත් පිරිමි ලෝකය මීට වැඩ සම්පූර්නෙන්ම වෙනස්. පිරිමින්ට ප්‍රශ්නයක් ආවම ඔවුන්ට ඕනේ තනි වෙන්න. නිදහසේ කල්පනා කරන්න. මොකද ඔවුන්ට ඕනේ ප්‍රශ්නෙට විසඳුමක්. කාට වත් කියලා හිත නිදහස් කරගන්න එක කොහෙත්ම කැමති නැති වැඩක්. තමන්ම හිතලා ප්‍රශ්නෙට විසඳුමක් අරගන්නයි උත්සහ කරන්නේ. මොකද පිරිමි කැමති නෑ ප්‍රශ්න ගොඩ ගහගෙන ඉස්සරහට යන්න. ප්‍රශ්නේ ඇති වුන වෙලාවේම ඒක විසඳගෙන යන්නයි ඔවුන් කැමති.

ඒ නිසයි ගොඩක් වෙලාවට පිරිමි කොහේ හරි බලාගෙන, උඩ බලාගෙන කල්පනා කරනවා අපි දකින්නේ. මේ වෙලාවට ඔහුට කරදර කරන එක ඔබ ඔබේ ජීවිතයේ කරන ලොකුම වැරැද්ද වෙනවා. ආයෙමත් කියන්නම්, එහෙම කල්පනා කරන වෙලාවට ඔබ ඔහුට කරදර කරන එක ඔබ මේ ලෝකේ කරන ලොකුම මෝඩකම වෙනවා. ඔහු ඔබට කොච්චර ආදරය වුනත් ඒ වෙලාවට ඔහුට කරදර කරන හැමෝම ඔහුට පිළිකුල් වෙනවා. ඒ නිසා පිරිමියෙක් කල්පනා කරන වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි සද්ද බද්ද නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න එක.

ඔහුගෙන් මොකක්ද ප්‍රශ්නේ, මටත් කියන්න, මමත් උදව් කරන්නම් වගේ මෝඩ කතා කියා කියා එල්ලී එල්ලී ප්‍රශ්නය අහන්න තරම් මෝඩ වෙන්න එපා. මොකද පිරිමියෙක් ප්‍රශ්නයක් නම් එක කාටවත්ම කියන්නේ නෑ තමන්ම විසඳුම හොයාගන්නකන්. හැබැයි ඔහු තමන්ට විසඳුමක් ලැබෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම වෙනත් කෙනෙක්ගේ උදව් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහු ඔබගෙන් අහයි. එතකන් බලෙන් අහන්න යන එකෙන් සිද්ද වෙන්නේ ඔහුට ඔබවත් ප්‍රශ්නෙට උත්තර සෙවීමත් එපා වීමයි.

එහෙනම් මේ ලෝක දෙකේ පළමු වෙනස නම්,

ප්‍රශ්නයක් ආවොත් ගැහැණිය කැමති ප්‍රශ්නෙට විසඳුම් සෙවීමට වඩා ඒ ප්‍රශ්නේ කාට හරි කියලා හිත නිදහස් කරගැනීමයි. විසඳුමක් අත්‍යවශ්‍යම නෑ හිත නිදහස් වෙනවා නම්.

පිරිමියා කැමති කාටවත් නොකියා තමන්ම ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙනම ප්‍රශ්නේ විසඳගෙන ඉවරයක් දැකීමයි. විසඳුමක් අනිවාර්යෙන්ම අවශ්‍යයි, නැත්නම් හිතේ නිදහසක් නෑ.

ගැහැණිය අනිත් අය එක්ක ප්‍රශ්නය කියලා බෙදා හදා ගන්න අතරේ පිරිමියා තනියම විසඳුම කල්පනා කරයි.
ගැහැණියට අවශ්‍ය ඇහුම් කන් දෙන්නෙක් මිසක විසඳුම් දෙන කීක් නොවේ.

පිරිමියාට අවශ්‍ය බාධා නොකරන කෙනෙක් මිසා හාරාවුස්සා ප්‍රශ්නය අවුල් කරන කෙනෙකු නොවේ.

ඔබ සම්බන්ධතාවයක් ඇති අයෙක් නම්,  සහ

ඔබ පිරිමියෙක් නම්,

ඔබේ සහකාරිය ප්‍රශ්නයක් ඔබ සමග කතා කරන විට ඊට විසඳුම් දීමට තරම් හදිසි නොවන්න. ඇයට අවශ්‍ය ඔබ එය හොඳින් ඇහුම්කන් දීම පමණි. නමුත් ඔබේ පිරිමි මොලය නිතරම විසඳුම් දීමට ඉක්මන් වනවා ඇති. එය වහාම නවත්තන්න. ඇය ඔබට මුළු ප්‍රශ්නයම කී පසු ඔබ විසඳුමක් කල්පනා කරන්න. නමුත් ඇය ප්‍රශ්නය කියනා අතරේ එසේ නොකරන්න. තවද ඇයගේ ප්‍රශ්නයට හොඳින් ඇහුම්කන් දෙන බව පෙන්නුම් කරන්න. හු මිටි තබන්න. ප්‍රශ්න අහන්න. ඇය ගේ ප්‍රශ්නය ඔබට සම්පූර්ණ විස්තරය කීමෙන් පසු සදහටම අවසන් වනු ඇත.
ඔබ ගැහැනියක් නම්,

ඔබ සහකරු ප්‍රශ්නයකින් බව ඔබට වැටහෙයි නම්, ඔහුගෙන් ඒ බව විමසීමට හදිසි නොවන්න. ඔහුම එය පවසනු ඇත. ඔබ ඇසු විට ඔහුගේ මානසික ඒකාග්‍රතාවය විනාස වී යනු ඇත. මොකද ඉන් පසු ඔහු ඔබට කියලාත් බෑ, නොකියාත් බ. ඒ නිසා ඔහුට පාඩුවේ එය කල්පනා කිරීමට ඉඩ දෙන්න. අවට පරිසරයේ සද්ද බද්ද හැකිතාක් අඩු කරන්න. ඔබ කරනා ලොකුම උදව්ව එයයි. පුළුවන් නම් ඔහුට උණුසුම් කොපි කෝප්පයක් ගෙනවිත් තබා මොහොතක් වත් එතන නොඉඳ යන්න. ඔබ ඔහුව තේරුම් ගත්තා යැයි උත්තේජනයක් ඔහුට ලැබෙනු ඇත. ඔහුගේ ප්‍රශ්න විසඳීමේ වේගය වැඩි වනු ඇත. පැය කිහිපයක් ඇතුලත ඔහුම ඔබට ප්‍රශ්නය සහ විසඳුම පවසනු ඇත.

තවත් ලිපියකින් හමුවෙමු.

1 comment:

  1. තාම ලියනවා නේද .අනේ හොදයි .. ඔහොම යං

    ReplyDelete