Friday, November 1, 2019

දේශපාලකයෝ විතරක් නෙමෙයි, ඔබත් ගෙම්බෙක්...


වතුර පුරවපු භාජනයක් ලිපේ තියලා ගින්දර දාලා රත් වෙන්න තියලා, ඒකට ගෙම්බෙක් දැම්මොත් මොකද වෙන්නේ?

ගෙම්බා එලියට පැනලා යැයි. මොකද ඌට පේනවා වෙන්න යන්නේ මොකක්ද කියලා.

නෑ.

එහෙම යන්නේ බොහොම අහම්බෙන් ගෙම්බෙක් හෝ දෙන්නෙක් විතරයි.  අති බහුතරය ඊට වඩා වෙනස් දෙයක් කරන්නේ.

ගෙම්බා ට තියෙනවා අපූරු හැකියාවක් තමන්ගේ ඇඟේ උෂ්ණත්වය අඩු වැඩි කරගන්න පුළුවන් පරිසරය අනුව.

ඉතින් වතුරට දාපු ගෙම්බා තාම වතුර රත් වෙලා නැති නිසා ඔහේ ඉන්නවා වතුරේ පාවී පාවී, පීන පීන.
ට්කක් වතුර රත් වේගෙන එද්දී, ගෙම්බා ඒ රස්නයට ගැලපෙන්න තමන්ගේ ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්නවා. ආයෙත් පීන පීන ඉන්නවා.

ආයෙත් රස්නය වැඩි වෙද්දී වතුරේ, ගෙම්බා කරන්නේ ආයෙත් ඇඟේ උෂ්ණත්වය ඊට ගැලපෙන්න වෙනස් කරගනවා. ආයෙත් පීන පීන ඉන්නවා.

මෙහෙම මෙහෙම රස්නයට ගැලපෙන්නේ ගෙම්බා තමන්ගේ ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්නවා.

හැබැයි ඔන්න වතුර උතුරන ගානට එනවා. දැන් ගෙම්බා ට බෑ ඒ තරම් ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්න. ඉතින් උ තීරණය කරනවා දැන් මම මේකෙන් එලියට පැනලා යන්න ඕනේ කියලා.

ඒත් දැන් එලියට පැනගන්න ගෙම්බා ගේ ඇඟේ ශක්තියක් නෑ. ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගන්න සියලුම ශක්තිය වැය වෙලා.

දැන් මොකක්ද වෙන්නේ, ගෙම්බා ඉතුරු වෙලා තියෙන ශක්තියෙන් උපරිම උත්සහ කරනවා එලියට පනින්න. ඒත් වැඩක් වෙන්නේ නෑ. අන්තිමට ගෙම්බා උණු වතුරේ පිච්චිලා දිය වෙලා මැරෙනවා පුදුම වේදනාවක් විඳලා.

ගෙම්බා මැරුණේ වතුරේ රස්නේ ට ද?

නෑ.

ගෙම්බා ට එලියට පනින්න ඕනේ තරම් අවස්තාව තිබුනා. ඒත් ගෙම්බා ඒ හැම අවස්තාවම එලියට පැනලා බේරෙන්නේ නැතුව, ඇඟේ උෂ්ණත්වය වෙනස් කර කර ඒ අවස්ථාවට අනුගත වෙන්න හදපු නිසයි ඌ මැරුණේ.

අපිත් මේ ගෙම්බා වගේමයි.

අපිට මේ වතුර හැලියෙන් එලියට පනින්න පුළුවන් කම තාමත් තියෙයි. ඒත් අපි ඒ හැම අවස්ථාවේම උෂ්ණත්වය වෙනස් කරගෙන පීන පීන ඉන්නවා.

අපිට වතුර රත්වෙලා කියලා දැනෙනවා හැමදාම වගේ. දුකක් ඇති වුනාම, ආදරය කෙනෙක් වෙන් වුනාම, ප්‍රිය කෙනෙක් නැති වුනාම, කරදරයක් වුනාම, අපිට තේරෙනවා වතුර රස්නෙයි නේද කියලා.

ඒත් අපි ඒවා ට අනුගත වෙනවා. උෂ්ණත්වය වෙනස් කරගන්නවා.

මොකද අපිටත් ගෙම්බා ට වගේ වෙන්න යන්නේ මොකක්ද කියලා පෙන්නේ නෑ. පෙනෙද්දී පරක්කුත් වැඩියි.
අන්තිමට සත්‍යය අවබෝධ වෙද්දී අපි ගෙම්බෝ අපේ ශක්තිය උෂ්ණත්වය වෙනස් කරන්නම වැය කරලා ඉවර යි. අනුගත වෙන්න වැය කරලා.

මීට අවුරුදු 2500 කට කලින් එහෙම හිටියා වෙන්නේ මොකක්ද කියලා පෙනුන, හොයාගත්ත, වේලාසනම වතුරෙන් එලියට පැනගත්ත ගෙම්බෙක්.

එලියට පැනලා අපිටත් කිව්වා ඔය වතුර රත් වේවි ගිහින් අන්තිමට උඹල පිච්චිලා දිය වෙලා මැරෙන්නයි යන්නේ, ඒ නිසා මේ පුළුවන් වෙලාවේ එලියට පැනගනිල්ලා කියලා.

ඒක අහලා ඒ කාලේ නම් ගොඩක් ගෙම්බෝ එලියට පැනලා මේ භායනක තත්වයෙන් බේරුනා.

ඒත් අපි ගෙම්බෝන්ට එහෙම බැරි වුනු නිසයි අපි තාමත් මේ ඉන්නේ. ඒත් අපි ගෙම්බෝන්ට තාමත් ඒකට කිසිම උවමනාවක් නෑ.

අපි තාමත් වතුර රත් වෙද්දී, ඇඟේ උෂ්ණත්වය වෙනස් කරගෙන ජොලියේ පීන පීන, ඉගෙන ගෙන, උපාධි කරලා, රස්සාවක් කරලා, ඒ රස්සාවෙන් ඉහලටම ගිහින්, කසාද බැඳලා, ළමයි හදලා ඔක්කොම කරද්දී, වතුර උතුරන තරමට රත් වෙලා. දැන් ඉතින් ඇඟේ ශක්තියක් නෑ මේ උතුරන වතුර හැලියෙන් අලියට පනින්න.

සුභ ගමන් ඒ හැම ගෙම්බෙක්ටම. රත් වෙච්ච වතුරට පිච්චි පිච්චි ටිකෙන් ටික බලන් ඉද්දි දිය වෙලා යද්දී ගත්තු උපාධි ගැනවත්, හම්බ කරපු සල්ලි ප්‍රමානේවත්, මිලට ගත්තු යාන වාහන ප්‍රමානේවත්, කොටින්ම හදපු ළමයි වත් නෑ.

සල්ලි හොයලා, ළමයි හදලා පිච්චිලා මැරුණත් සැපයි නේද..?

No comments:

Post a Comment