Monday, August 26, 2019

මාරයාද සාතන්ද?

කළු පේන්න නම් සුදු තියෙන්න ඕනේ වගේ, මිටි පේන්න නම් උස තියෙන්න ඕනේ වගේ, මහත පේන්න නම් කෙට්ටු තියෙන්න ඕනේ වගේ ඕනෑම කතාවක වීරයෙක් ඉන්න නම් දුෂ්ටයෙක් ඉන්න ඕනේ. ඒක පොදු සිද්ධාන්තයක්. හොඳ ඉදිරියට එන්න ඕනේ නරක තියෙන තැනක. නැත්නම් හොඳ මොකක්ද කියල කාටවත් තේරෙන්නේ නැති නිසා. සිංහයෙක් ගේ අගය දැනෙන්න බූරුවෙක් රජ වෙන්න ඕනේ කියල කියනවනේ.  සෑම විටම යමක් කැපී පේන්න නම් ඊට විරුද්ධයක් තිබිය යුතුමයි. මේක හොඳටම දන්නේ ගෑණු ළමයි. දැකලා නැද්ද සුදු ලස්සන ගෑණු ළමයි ගේ යාලුවෝ කළු ගෑණු ළමයෙක්. උස ගෑණු ළමයි ගේ යාලුවෝ මිටි ගෑණු ළමයි. කෙට්ටු ගෑණු ළමයිගේ යාළුවො මහත ගෑණු ළමයි. ඒ තමන්ව හොඳින් කැපී පෙනෙන බව ඔවුන් දන්නා නිසා. සුදු ලස්සන ගෑණු ළමයි ගොඩක් එකට හිටියොත් එක්කෙනෙක් කැපී පෙන්නේ නෑ. ඒ නිසා සුදු ළමය ඉන්නේ කළු ළමය එක්ක. ඒක ඕනෑම වෙලාවක සමාජයට ගියොත් දකින්න පුළුවන් පොදු සිද්ධාන්තයක්.

හැබැයි මේ කතාව ඒ සුදු කළු ගෑණු ළමයි ගැන නෙමෙයි. ඊට වැඩ ගැඹුරු දෙයක් ගැන. සෑම ආගමකම හතුරෙක් ඉන්නවා. සාතන්, මාරයා වගේ එක එක නම් වලින් ඒ ඒ ආගම අනුව අපි හඳුන්වනවා. මම සාතන් ගැනවත් මාරයා ගැනවත් විස්තර කරන්න යන්නේ නෑ. එත් පැහැදිලි කරන්නම් කවුද මේ අය කියලා.

ඒ බව තේරුම් ගන්න නම් මුලින් අපි මේ කාරණය තේරුම් අරන් ඉමු. ඔබ ඕනෑතරම් දැක ඇති අධර්මිෂ්ටව සමාජයේ ජීවත් වෙන අය ඉතා සුපිරි ජීවිත ගත කරන බව. ධර්මිෂ්ටව ජීවත් වන අය අඩු පහසුකම් මැද අසීරු ජීවිත ගෙවන බව. මේක අපි සරලව තේරුම් ගමු. හරි නම් වෙන්න ඕනේ ධර්මිෂ්ටව ඉන්න අය ඉහල ජීවිතත් අධර්මිෂ්ට ඇය පහල ජීවිතත් ගත කිරීම. එත් ඇයි අනිහැ පැත්තට සිද්ධ වෙන්නේ?

A සහ B කියලා එකම වයසේ එකම සමාජ තත්ත්වයේ එකම කුලයේ එකම ජාතියේ, එකම ආගමේ, සියල්ල සමාන සාධක ඇති පුද්ගලයින් දෙදෙනෙක් උපකල්පනය කරමු. A ධර්මිෂ්ට ව ඉන්නා අතරේ B අධර්මිෂ්ටව සිටිතැයි සිතමු. මින් ඉහලම දියුණුවක් ලබමින් සමාජයේ ඉහලටම යන්නේ අධර්මිෂ්ටව හැසිරෙන B මිස A නොවේ. ඒ ධර්මයේ හෝ ආගමේ බලපෑමක් නිසා නොවේ. සමාජය සැදී ඇත්තේ එලෙස බැවිනි.

සමාජයේ අනුන්ට පීඩා කරමින් අනුන්ට කරදර කරමින් සොරකම් කරමින් මිනීමරමින් ජීවත් වෙන මිනිසාට මුළු සමාජයම බිය වේ. ගරු කරයි. (නිකරුනේ ජීවිතය නැති කරගැනීමට අවශ්‍ය නැති නිසා) ඔහුට අවශ්‍ය සියලු දේ ඔහු ඉතා පහසුවෙන් ලබා ගනියි. හොඳට වඩා නරකින් තමන්ගේ වැඩය කරගනියි. ඔහු දැන් සමාජයේ ඉහලට පැමිණි අයෙකි.

සියල්ල නීතියට අනුව, කල යුතු ආකාරයට කරමින්, හොඳින්, සියලු දෙනාගේ ආදරයට පාත්‍ර වෙමින් කටයුතු කරනා මිනිසා එක් දෙයක් කරගැනීමට සැපිරිය යුතු කොතෙක් නම් කොන්දේසි කාරනා ඇත්ද? ඔහු සියලු කොන්දේසි ඉටු කරමින් නීතියට අනුව සියල්ල සිදු කරන අතර ඔහුට එම කාර්ය එපා වන අවස්ථා බොහොමයි. මේ සමාජයේ සරල සත්‍යයි. එය සනාතන ධර්මයයි.

දැන් මොහොතක් හිතන්න. සියලුම සාධක එක හා සමාන වූ A සමාජයේ අසීරුවෙන් ක්‍රියා කිරීමටත් B ඉක්මනින් ඉහලට යාමටත් හේතුව කුමක්ද?

හේතුව නම් හොඳ පැත්තට යාමට වඩා නරක පැත්තට යෑම ඉතාමත් පහසු වීමයි. එය අතිශය සාමාන්‍ය දෙයකි. සමාජයේ නරකට යාම ඉතාමත් පහසු දෙයකි. නමුත් සියල්ල ඉවසා දරා හොඳින් ජීවත් වීම අතිශය අපහසු දෙයකි. (කලියුගය හොඳ 25% සහ නරක 75% බව ඔබ මතකයේ ඇතැයි සිතමි)

හොඳ සහ නරක ඔබට වැටහුනේ නම් මෙතනින් එහා ආගමික කාරණය වටහා ගනිමු.
මින් අදහස් කරනුයේ නරක කරනා අය සාතන් යන්නක් නොවේ. මෙය ඉතා සියුම් මෙන්ම ඉතා ගැඹුරු කාරණයකි. එය ඉතා පරිස්සමින් තේරුම් ගනිමු.

ඔබගේ ජීවිතයේ යම් දෙයක් දැඩි ලෙස අවශ්‍ය වී එය ලබා ගැනීමට උත්සහ කර එය අසාර්ථක වූ නිසා සියලු බලාපොරොත්තු ඇත හැර දැමූ පසු ඔබට අවශ්‍ය වූ දෙය නිකන්ම ඔබට ලැබුණු අවස්ථා ජීවිතයේ කොතෙක් නම් ඇත්ද? නමුත් එසේ ලැබුණු මුත් දැන් ඔබට එහි කිසිදු වටිනාකමක් නැත. මේ කාරනාව සියලුම දෙනාට පොදු ධර්මතාවයකි.

දැන් මෙලෙස සිතන්න. ඔබට අවශ්‍ය විට නොලැබුණු දෙයම ඔබට අවශ්‍ය නැති විට ලැබේ. නමුත් දැන් එහි කිසිදු වටිනාකමක් නැත. එසේ වන්නේ ඇයි?
විශ්වයේ අපට නොපෙනෙන යම් බලයක් විසින් අපව සෑම විටකම මේ භෞතික ලෝකයට අලවා තැබීමට උත්සහ කරයි. එය අපට සෑම විටකම අරමුණක් ලබා දෙයි. එය පසු පස අප ලුහුබන්දීමට ඉඩ හසරවයි. නමුත් එය පසු පස අප දිව ගොස් හති වැටුණු විට එය අපට නොමිලේම ලැබේ. එය ලබා දී එම අරමුණ ඉෂ්ට කරන මොහොතේම අපට තවත් අරමුණක් ලබා දෙයි. මෙලෙස අප සෑම විටකම යම් අරමුණක් පසු පස දුවමින් සිටියි. මෙම අදෘශ්‍යමාන බලය සාතන් ලෙසත් මාරයා ලෙසත් හඳුන්වන බව මාගේ පුද්ගලික අදහසයි. එබැවින් මෙම මාරයා ඔබව ඔහුගේ අල්ලේ නටවන බව මාගේ අදහසයි.
නමුත් ඔබ දක්ෂයෙක් නම්. නෑ. ඔබ ඉතා දක්ෂයෙක් නම් ඔබට මාරයා හෝ සාතන් ඔබගේ අල්ලේ නැටවිය හැකිය.

1 comment: