Tuesday, August 13, 2019

මිනිස් සත්වයා 3


මෙම කොටසින් අප බලාපොරොත්තු වන්නේ “සත්වයන්” හට ලොව පැවරී ඇති කාර්ය භාරය විමසා බැලීම මෙන්ම එහි “මිනිස් සත්වයා” ගේ හැසිරීම කෙසේද යන්නයි.

මෙලොව සියලුම සත්වයින් පෘථිවිය තුල බිහි වූ පසු සිදු කල යුත්තේ එක් දෙයකි. එනම් තම වර්ගයා බෝ කිරීමයි. ඒ සඳහා නොමැරී ජීවත් විය යුතු වේ. එම නිසා ඔවුන්ගේ කාර්යය ආහාර පාන ගැනීම, වර්ගයා බෝ කිරීම ලෙස පෙන්වා දිය හැකිය.

මදක් සිත බලන්න. ඔබ දන්නා, ඔබ මතකයට නැගෙන ඕනෑම සත්වයෙක් පිළිබඳව සිතා බලන්න. උන් හට රැකියාවට යාමට, මුදල් හම්බ කිරීමට, වගකීම් දැරීමට ඇත්ද?

උන් හට ඇත්තේ කා බී තම වර්ගයා බෝ කිරීම පමණි.

නමුත් “මිනිස් සත්වයා” එසේ නොවේ. ඔහුට කෑමට බීමට පසු ඉගෙන ගැනීම, රැකියා කිරීම, වගකීම් දැරීම වැනි විශාල කාර්යය භාරය රැසකට යටත් විය යුතු වේ. මෙය එකින් එක හොඳින් පැහැදිලි කරගත යුතු දෙයකි.
“මිනිස් සත්වයා” පරිණාමය ත් සමග දඩයම සහ වගාව (යම්තාක් දුරකට) ඇත හැර, “ශිෂ්ඨ” සමාජයට පැමිණි නිසාවෙන් ඔහු දැන් තම ආහාර පාන මිලදී ගනී. ඒ සඳහා වෙළඳ පොළ නමැති සංකල්පය බිහි වී තිබේ. නමුත් ඒ සඳහා “මුදල්” නමැති ඒකකය අවශ්‍ය වේ.

මුදල් ලබා ගැනීමට “රැකියාව” ක නිරත වීමට සිදු වේ. රැකියාවක නිතර වීමට “අධ්‍යාපනය” අවශ්‍ය වේ. මෙලෙස අනෙකුත් සත්වයන්ට වඩා ඉතා සංකීර්ණ ජීවිතයක් ගෙවන “මිනිස් සත්වයා” වර්ගයා බෝ කිරීම බොහෝ විට සිදු වන්නේ “විවාහය” නමැති ගිවිසුමෙන් පසුවය. විවාහය යනු සමාජය විසින් “මිනිස් සත්වයන්” දෙදෙනෙකුගේ එක් වීම අනුමත කිරීමකි. අනෙකුත් සත්වයන් මෙන් තමන් කැමති විරුද්ධ ලිංගිකයෙකු සමග සංවාසයේ යෙදී වර්ගයා බෝ කිරීමට “මිනිස් සත්වයා” ගේ සමාජයේ දැකීමට බෙහෙවින් අපහසුය. “මිනිස් සත්වයා” තුල දෙදෙනෙකුගේ එකතු වීම, පවුල් දෙකක එකතු වීමක් තරම් සංකීර්ණ ක්‍රියාවකි. එබැවින් වර්ගයා බෝ කිරීමට නම් පවුල් තුල අනෙකුත් පවුලට ඇති කැමැත්ත අකමැත්ත, අධ්‍යාපනය, රැකියාව වැනි බොහෝ කරුණු සලකා බැලේ. මේ නිසාවෙන් “මිනිස් සත්වයා” තුල ලිංගික හැඟීම් අනෙකුත් සත්වයන් මෙන් නොව තෙරපෙමින් කැකෑරෙමින් පවතී.

අනෙකුත් සත්වයන්ට තමන් තුල ඇති වෙන ලිංගික හැංගීම තමන් කැමති අවස්ථාවක පිට කිරීමට නිදහස සහ වට පිටාව ඇතත් මිනිස් සත්වයා තුල එසේ නොවේ. ඔහුට තමන්ගේ හැඟීම් පිට කිරීමට සංස්කෘතියෙන් ඉඩක් නොලැබේ. මේ නිසාවෙන් මිනිස් සත්වයන් තමන් තුල ඇති වන ලිංගික හැඟීම් යටපත් කරගැනීමට විවිධ උපක්‍රම යොදා ගනියි.

එයට හේතුව “මිනිස් සත්වයා” යනු තවත් එක් සත්වයෙකු බැවින් ඔහුටද ස්වභාවධර්මය විසින් නියම කොට ඇති කෑම බීම වර්ගයා බෝ කිරීම යන මූලික කාර්ය තුනට ඔහුද යටත් වන නිසාවෙනි. නමුත් “මිනිස් සත්වයා” තමන් විසින්ම ගොඩ නගා ගන්න ලද කෘතීම සංකීර්ණතාවය නිසාවෙන් ඔහුට එම මූලික කාර්ය ඉටු කිරීමට අනෙකුත් සත්වයන්ට මෙන් නිදහස නැත.

ඉහත පරිච්ඡේදයේ “මිනිස් සත්වයා” තමන්ගේ කුතුහලය නමැති ප්‍රභල ආයුධය වැඩි වියට පැමිණෙනවාත් සමගම මොට වනවා යැයි අප දැනුවත් වූවෙමු. මෙයට හේතුව වැඩිවියට පත්වන “මිනිස් සත්වයා” තමන් තුල ඇති වෙන හැඟීම් අදහස් එලෙසම අත්හදා බැලීම “සංස්කෘතිය” තුලින් වලකා තිබීමයි. මිනිස් සත්වයා සියලුම දේ කල යුත්තේ සංස්කෘතිය තුල හිඳිමිනි. නමුත් ඔහුට අමතක වූ දෙය නම් ඔහු අද වන විට යම් දියුණුවක් අත් පත් කරගෙන තිබේද, ඒ ඔහු තමන්ට උරුම දේ නොකර සෑම විටම පියවරක් ඉදිරියට තැබූ නිසාවෙන් බවයි. කෙසේ නමුත් තමන් විසින් සාදා ගත සංස්කෘතික රාමුව තුල හිඳිමින් තමන්ව කොටු කර ගත “මිනිස් සත්වයා” වර්තමානයේ දී තම කුතුහලය නමැති ප්‍රභල ආයුධය මොට කරගනිමින් පවතී.

අප වර්ගයා බෝ කිරීම මෙහිදී මදක් ගැඹුරින් කතා බහ කල යුතු වේ. මන්ද මෙලොව සිටින සියලුම ජීවින් මේ ලොව බිහි වීමේ එකම අරමුණ තම වර්ගය බෝ කිරීම බැවිනි. ඒ සඳහා නොමැරී ජීවත් වීමට නම් ආහාර පාන අවශ්‍ය බැවින් ඔහුගේ මූලික අරමුණ අහාර පාන ගැනීම හා වර්ගය බෝ කිරීම ලෙස හැඳින්විය හැකිය.

අනෙකුත් සත්වයන් මෙම වර්ගය බෝ කිරීම තමන්ගේ උපරිමයෙන් සිදු කරත්, “මිනිස් සත්වයා” මෙම ක්‍රියාවේදී මදක් පසු පසින් සිටියි, එයට එක් හේතුවක් නම් සංස්කෘතිය තුලින් එල්ල වන බලපෑම මෙන්ම තවත් එක් විශේෂ හේතුවක් තිබේ.

වර්ගය බෝ කිරීමට විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු ලිංගිකව එකතු විය යුතු වේ. අනෙකුත් සත්වයන්ගේ දක්නට අපහසු නමුත් “මිනිස් සත්වයා” ගේ දක්නට ඇති ප්‍රභල ලක්ෂණයක් නම් ඔහු ලිංගික එකතු වීමට දක්වන දැඩි කැමැත්තයි. අනෙකුත් සත්වයන් ලිංගිකව එකතු වන්නේ වසරේ එක් එක නියමිත කාලයන් හි වර්ගයා බෝ කිරීමේ අරමුණ සඳහා පමණි. නමුත් “මිනිස් සත්වයා” ලිංගිකව එකතු වීමෙහි එකම අරමුණ වර්ගය බෝ කිරීම නොවේ. එය හුදු ලිංගික ආශ්වාදය සඳහා එක් වීමක් පමණි. මෙය අනෙකුත් සත්වයන්ගේ දක්නට අපහසු දෙයකි. මිනිස් සත්වයා මෙම ලිංගික ආශ්වාදය සඳහා කෙතරම් නැඹුරු වී ඇතිද කිවහොත්, ඔහු විසින් වර්ගයා බෝ නොකර ලිංගික ආශ්වාදය පමණක් ලබා ගැනීමට විවිධ උපක්‍රමද සොයා ගෙන ඇත. මෙයද ඔහු විසින් අත් පත් කරගත් තාක්ෂණික දියුණුවක් ලෙස ඔහු විශ්වාස කරයි.

මෙලෙස ස්වභාවධර්මයාට අභියෝග කිරීමේ හැකියාව නිසාවෙන් මිනිස් සත්වයා තමාට පවරන කාර්ය භාරය පසෙකින් තබා තමා විසින්ම තමාට කාර්යයන් පවරා ගනියි. මෙම කොටසේ අරමුණ එලෙස මිනිසා විසින් තමන් විසින් ස්වභාවධර්මයේ නියමයන්ට විරුද්ධ වෙමින් ලබා ගත ඉහලම ජයග්‍රහණය පැහැදිලි කිරීමයි.
අප මෙතෙක් දැනුවත් වූ පරිදි සියලුම සත්වයන් හට ස්වාභාවධාරාමය විසින් ලබා ඩී ඇති කාර්යය නම් තම වර්ගය බෝ කිරීමයි. මෙය අඛණ්ඩව සිදු වීම තහවරු කිරීමට එම වර්ගයා බෝ කිරීමට ලිංගිකව එකතු වීම මෙලොව ඇති ඉහලම ආශ්වාදය ලෙස සත්වයින්ට දැනෙන්නට දීම ස්වභාවධර්මයේ උපක්‍රමයයි. එම ආශ්වාදයට නතු වූ කිසිදු සත්වයෙකු එම ආශ්වාදය තව තවත් ලබා ගන්නවා මිසක ඉන් බැහැර වීමට නොසිතයි. මෙය මෙලොව සිටින සියලුම සත්වයින් සඳහා පොදු ලක්ෂණයකි. අනෙකුත් සත්වයන් මෙයට ගැඹුරින් නතු වී සිටියත් මනසින් උසස් “මිනිස් සත්වයා” මෙම උගුලෙන් මිදී සිටීම අප විසින් අපේක්ෂා කල යුතු වේ. මන්ද “මිනිස් සත්වයා” සෑම විටකම ස්වභාවධර්මයට අභියෝග කර අනෙකුත් සත්වයන්ගෙන් තමාව විතැන් කර පෙන්වීමට කටයුතු කර ඇති බැවිනි. නමුත් ලිංගික ආශ්වාදය නමැති මාතෘකා වේදී මිනිස් සත්වයා අනෙකුත් සත්වයන් මෙන්ම එම උගුලේ හිර වී ඇත.

අනෙකුත් සත්වයන්ට මෙන් ලිංගිකත්වය සඳහා පුඋර්ණ නිදහස නැති බැවින් “මිනිස් සත්වයා” තමන්ගේ කැකෑරෙන ලිංගික හන්ගීම් මුදා හැරීම සඳහා විවිධ උපක්‍රම යොදා ගනී.

නමුත්
මෙම උගුලෙන් මිදීම සඳහා හැකියාව ඇති එකම සත්ව කොට්ඨාශය නම් “මිනිස් සත්වයා” ම පමණි.

මිනිස් සත්වයා සෑම විටකම තම බුද්ධිය නිසාවෙන් තමන්ගේ දියුණුව අත් පත් කරගත් සත්ව කොට්ඨාශයකි. ස්වභාවධර්මය තමන්ගේ පැවැත්ම සඳහා සියලුම සත්වයින්ගේ දුර්වල ස්ථානය වන ලිංගික ආශ්වාදය යොදා ගනිමින් මෙලොව පැවැත්ම තහවරු කර තිබේ. මෙය වටහා ගැනීමට මෙලොව වෙසෙන වෙනත් කිසිදු ජීවියෙකුට හැකියාවක් නොමැත. එයට හේතුව ඒ සඳහා අවශ්‍ය බුද්ධිය ඔවුන් තුල නොමැති වීමයි. ඊට අවශ්‍ය බුද්ධිය ඇති මිනිස් සත්වයා හටද තවමත් ස්වභාවධර්මයේ මෙම උපක්‍රමයට අභියෝග කිරීමට නොහැකිවී ඇත. මෙයට හේතුව කුමක්දැයි අප විමසා බලමු.

අනෙකුත් සත්වයින් ඉපදුනු දා පටන් තමන් මියැදෙන දිනය දක්වා ආහාර සොයා ගැනීම දිවිය ගැට ගසා ගැනීම වර්ගයා බෝ කිරීම යන කාරණා හැර වෙනත් කිසිදු දෙයක් සිදු නොකරයි. නමුත් මිනිස් සත්වය තමන්ගේ බුද්ධිය හේතුවෙන් තමාට පැවරු ක්‍රියාවෙන් බැහැරව බොහෝ දේ සිදු කරයි. කෙසේ වෙතත් මිනිස් සත්වයාද වක්‍රාකාරයෙන් සිදු කරන්නේ ආහාර සොයා ගැනීම (මුදල් වැය කිරීමෙන්, මුදල් සෙවීම සඳහා රැකියාවක් කිරීමෙන්, රැකියාව සඳහා අධ්‍යාපනය ලැබීමෙන්) සහ තම වර්ගයා බෝ කිරීම ම පමණි.
ඉපදුනු දා පටන් එකිනෙකට බැඳී ඇති මෙම කාරණා ඉටු කරන අතරේම ඔහු මියැදෙයි. එනම් තෘප්තිමත් නොවූ අවසානයක් ලබයි. මෙය තවත් භවයක් ලැබීමට හේතු කාරණා වේ.  තවත් භවයක් ලැබීම වැළක්විය හැක්කේ කෙසේද. එය අප වැඩිදුර සාකච්ඡා කල යුතු වේ.

“මිනිස් සත්වයා”  තෘප්තිමත් කල හැකිද?

සරලම සහ කෙටිම පිළිතුර නම් “නැත” යන්නයි.

“මිනිස් සත්වයා” යනු කෙලෙසකවත් තෘප්තිමත් කල නොහැකි සත්වයෙකි. මෙලොව සිටින සියලුම සත්වයන් සේම “මිනිස් සත්වයා” හටද එය පොදු ලක්ෂණයකි. කිසිදු සත්වයෙකුට කිසිදු භෞතික තෘප්තිමත් භාවයකට පත් විය නොහැක.

නමුත් එය “භෞතික තෘප්තියක් ලැබීමට නොහැක” යන ප්‍රකාශයෙන් පෙනී යන්නේ භෞතික නොවන තෘප්තියක් ලැබිය හැකිද යන්නයි.

මෙහිදී “මිනිස් සත්වයා” විසින් “ආගම” නමැති සංකල්පය බිහි කර ගෙන ඇත. ආගම තුලින් “මිනිස් සත්වයා” ගේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරයි. එය එසේ සිදු වනවා දැයි අප මෙහිදී සලකා බලමු.
ආධ්‍යාමික දියුණුව නම් මිනිසා ස්වභාවධර්මයේ උගුලේ සිර නොවී ඉන් පිටතට පැමිණීමයි. එනම් යමෙක් භෞතික බැඳීම් වලින් නිදහස් වීමයි.

ලෝකයේ “මිනිස් සත්වයා” විසින් සොයා ගන්න ලද අනුගමනය කරන්න වූ බොහෝ ආගම් වේ. මෙම ආගම් තුලින් “මිනිස් සත්වයා” ව ඉහත කී අරමුණ වෙත යොමු කරන්නේද?
යම් ආගමක් “මිනිස් සත්වයා” භෞතික ඇලීම්, භෞතික ආශ්වාද තුලින් ගලවා ගනීද එය ඔහුගේ ආධ්‍යාත්මික දියුණුවට හේතු වේ.

යම් ආගමක් “මිනිස් සත්වයා” භෞතික ඇලීම්, භෞතික ආශ්වාද තුලට යොමු කරයිද එය ඔහුගේ ආධ්‍යාත්මික පරිහානියට හේතු වේ.

වර්තමාන ලෝකයේ ලොව සීග්‍රයෙන් ම ව්‍යාප්ත වන ආගම “ඉස්ලාම්” ආගමයි. ඉස්ලාම් ආගම මෙලෙස ව්‍යාප්ත වීමට හේතු සලකා බැලීම වටිනේය.

ඉස්ලාම් ආගමෙහි ආරම්භය මොහොමඩ් නබි නමැති අයෙකු එක්තරා දිනක නින්දෙහි සිටින අතරවාරයේ “අල්ලා” නැමති දෙවියන් ඔහු වෙත සිහිනෙන් පෙනී සිට ඉස්ලාම් ආගම ඔහුට කියා දී, එය මිනිසුන් අතර ව්‍යාප්ත කරන ලෙස දී තිබේ. මෙය ඉස්ලාම් ආගමේ ආරම්භය ලෙස සරලව පෙන්වා දිය හැකිය.
මෙහිදී මතු වන ගැටළු කිහිපයක් තිබේ.

1.       යමෙක් තමන් දුටු සිහිනයක් එලෙසෙම මතකයේ තබා ගැනීමට සමත් වේ ද. ඉස්ලාම් ආගමේ කුරානය නමැති ග්‍රන්ථය මුළුමුනින්ම එදින අල්ලා දෙවියන් විසින් නබි හට සිහිනෙන් පැවසු සියල්ල අන්තර්ගත කර ලියන ලද ග්‍රන්ථයයි. සිහිනෙන් පැවසු සියලුම දේ මතකයේ තබා ගැනීම සහ එය එලෙසම ග්‍රන්ථ ගත කිරීම තෙක් මතක තබා ගැනීම මෙන්ම එම පැවසු සියල්ල කිසිවක් අඩු නොකර එලෙසම ග්‍රන්ථයේ සඳහන් කිරීම තරමක් මවිතයට හේතු වේ.

2.       අල්ලා දෙවියන් දැක ඇත්තේ මොහොමඩ් නබි විසින්ම පමණක් වීම. වෙනත් කිසිදු අයෙකුගේ සිහිනයට අල්ලා දෙවියන් පැමිණ මෙලෙස පවසා නොමැති වීම.
මෙවැනි ගැටළු පැවතියද අද වන විට එය ලොව වැඩිම ව්‍යාප්තියක් ඇති ආගම වේ. එලෙස සීග්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු කවරේද යන්න සලකා බලමු.

·         කුරානයේ ඇති පරිදි ඉස්ලාම් දහමේ ගැහැණිය යනු පිරිමියාගේ යටතේ සිටින පිරිසක් වීමත් ගැහැණිය සෑම විටකම පිරිමියාගේ අණට යටත්ව සිටිය යුතුය
·         පිරිමියාට ගැහැණිය සමග ලිංගිකව එක් වීමේදී ගැහැණියගේ කැමැත්ත හෝ අකමැත්ත සලකා බැලීම අවශ්‍ය නොවේ. එය කුරානයේ ඇති නීතියයි.

·         ඕනෑම වයසක ගැහැණු ළමයෙකු හෝ අත දරුවකු වයසක ගැහැනියක් හෝ තරුණියක් සමග එක් වීමේ නිදහස කුරානයෙන් අල්ලා දෙවියන් විසින් ලබා දී ඇත. එනම් අවුරුදු 10 ගැහැණු දරුවකු සමග විවාහ වීමට කිසිදු බාධාවක් නොමැත. එය අල්ලා දෙවියන්න්ගේ කැමැත්තයි. (මොහොමද නබි හට බිරින්දෑවරු කිහිප දෙනෙක් සිටි අතර ඔහුගේ ප්‍රියතම බිරිඳ වුයේ ෆාතිමා අයිෂා නමැති 8 හැවරිදි කුඩා දරුවාය.)
·         ඉස්ලාම් දහමට අනුව පිරිමියකුට තම බිරිඳගෙන් වෙන් වීමට (දික්කසාද) වීමට අවශ්‍ය නම් තෙවරක් “තලාක්” ලෙස පැවසීමෙන් ඇය කිසිදු නඩුවක් ප්‍රශ්න ඇසීමක් කිසිවක් නොමැතිව ඔහුගෙන් වෙන් වේ. එය අල්ලා දෙවියන්ගේ කැමැත්තයි.

·         නමුත් ගැහැනියකට වෙන් වීමට අවශ්‍ය වුවොත් ඇය ඒ සඳහා හේතු ඉදිරිපත් කර ඊට සාක්ෂි ලෙස (සහය ලෙස) පිරිමින් දෙදෙනෙකු ඉදිරිපත් කර හේතු දක්වා අවසානයේ පල්ලියේ ප්‍රධානි තැන විසින් (ඔහුද පිරිමියෙකි) එම කරුණු සලකා බලා දෙන තීන්දුව පිළිගත යුතුය. ප්‍රධාන තැන සාක්ෂි කොපමණ තිබුනද වෙන් වීමට විරුද්ධ නම් අයට එම තීරණය පිළිගෙන සිටින්නට සිදු වේ. එය අල්ලා දෙවියන්ගේ කැමැත්තයි.
·         ඉස්ලාම් දහමට අනුව පිරිමින් හට බිරින්දෑවරු 4 දෙනෙකු තබා ගත හැකිය. (ඔවුන්ට සැලකීමට වත්කම් තිබේ නම්)

·         නමුත් ගැහැනුන් හට එසේ සිදු කර නොහැක.

·         පිරිමින් මිය ගොස් දිවය ලෝකයේ ඉපදෙ. එහිදී ඔහුට “කන්‍යා” දිවය අප්සරාවන් 7 දෙනෙකු ලැබෙයි. එම දිව්‍ය අප්සරාවන් සමග ලිංගිකව එකතු වීමට ඔහුට හැකියාව ලැබෙයි. එසේම එම එක් දිව්‍ය අප්සරාවක් සමග පරිවාර “කන්‍යා” සේවිකාවන් 7 දෙනෙකු සිටියි. එනම් දිව්‍ය අප්සරාවන් 7 දෙනා සමග පරිවාර සේවිකාවන් 49 දෙනෙකු. ඔවුන් සමගද ලිංගිකව එක් වීමට ඔහුට අවසර ලැබේ.

ඔබගෙන් මා මෙසේ ඇසුවහොත්, ඔබ “මිනිස් සත්වකි”. ඔබගේ ස්වභාවික අරමුණ වර්ගයා බෝ කිරීමයි. ඔබ මෙලොව බිහි වී ඇත්තේ ඒ සඳහායි. දැන් ඔබ ඉහත කී කිසිවක් සමග එකඟ නොවන්නේද? මෙලොව පමණක් නොව ඔබේ මරණින් පසු ඔබට දිව්‍ය ලෝකයේදීද එම ආශ්වාදය විඳිය හැකි නම් ඔබ එවැනි ආශ්වාද ජනක දහමක් ඇත හැර යන්නේද?

නැත.

මේ හේතුව නිසාවෙන් ඉස්ලාම් දහම ලොව සීග්‍රයෙන් ම ව්‍යාප්ත වන දහම බවට පත්ව ඇත. ඔබ ඉස්ලාම් නොවුනද ඔබ පිරිමියෙක් නම් ඔබේ ප්‍රාර්ථනාව ඉස්ලාම් වීම නොවේද.

මෙලොව ඇති ඉහලම සතුට නම් ලිංගික සතුටයි. එබැවින් එම සතුට දෙවියන් විසින්ම හැකි උපරිමයෙන් ලබා දෙන්නේ නම් එය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම මවිතයට හේතුවක් නොවේ.

ලෝකයේ අති  බහුතරයක් මෙලෙස ලිංගික සතුට මුල් කොට සිතන අවධියක ලෝකයේ අධ්‍යාත්මික දියුණුවක් කෙලෙස අපේක්ෂා කරන්නද.

දැන් අප ලෝකයේ සීග්‍රයෙන් නැති වීගෙන යන ආගමක් වන බුදුදහම පිළිබඳව විමසා බලමු.

බුදුදහමේ ආරම්භය පහත පරිදි සරලව දැක්විය හැකිය.
1.       සිදුහත් නමැති කුමරෙක් රජ පවුලක ඉපදීම.
2.       ඔහු වැඩිවියට පත් වී සක්විති රජ බවට පත් වීමට සියල්ල සැකසී තිබීම.
3.       ඔහු කිසිදු විටක දුක යනු කුමක්දැයි නොදැනගන්න තරමට ඔහුට රජ සැප ලැබීම.
4.       ඔහු විවාහ වන තෙක් නාට්‍යන්ගනාවන් පිරිවරා ඉහලම ලිංගික සතුට ලැබීම.
5.       විවාහ වී පුතෙකු ලැබීම.
6.       කිසිදු දුකක් නොවිඳි සිදුහත් ප්‍රථම වතාවට දුක නමැති අත්දැකීම සියසින් දැක ඒ පිළිබඳව සිත යොමු කර විට ඔහු විඳි සියලු සැප තාවකාලික බවත් මරණය නමැති දුක කිසිවිටෙක වැලැක්විය නොහැකි බවත්, මේ ආත්මයෙන් පසු නැවත ඉපිදී (මනුෂ්‍ය හෝ සත්වය ආත්මයක) නැවත මේ දුක විඳීමට සිදු වන බවත්, මෙය නොනැවතී සිදු වන දෙයක් බවත් අවබෝධ කරගැනීම.

මෙය අප කොතෙකුත් අසා ඇති කතාවකි. නමුත් මෙහි ඔබ නොදකින යම් විශේෂ කරුණක් ගැබ්ව ඇත. එය තරමක් ගැඹුරින් සාකච්ඡා කල යුතු වේ.

සිදුහත් උප්පත්තිය ලැබුවේ සාමාන්‍ය පවුලක නොවේ. එකල සිටි ඉහලම පවුලක් වන රජ පවුලේය. ඔහුට අන් අයට මෙන් ඉහල අරමුණු නොවිය. ඔහු පියාගෙන් පසු රජ වනු නොඅනුමානයි. නමුත් ඔහුට සක්විති රජ නමැති ඉහල අරමුණක් ඒ වන විටත් පිය රජු විසින් සකසා දී තිබුණි.

සිදුහත් කුඩා කල සිටම කිසිදු දුකක් වින්ද නොතිබුණි. සියලු දේ සේවකයින් විසින් සිදු කලෝය. දැසි දාසියන් සෑම විටම ඔහුගේ සේවයට සිටියෝය. ඔහුට ඍතු අනුව ජීවත් වීමට මාලිගා තුනක් තිබුණි. උණුසුම් කාලයට සීතල මාලිගයකුත්, සීතල කාලයට උණුසුම් මාලිගයකුත් ලෙස කිසිදු දුකක් නොදැනෙන ලෙස ඔහුට සියලු සැප සම්පත් ලැබුණි.

ඔහු විවාහ වන තෙක්ම ඔහුට ලිංගික සතුට ලබා දීමට නාට්‍යන්ගනාවන් සිටියෝය. ඔහුට තමන්ගේ සිතේ තෙරපෙන ආශාවන් සිර කර ගෙන සිටීමට අවශ්‍ය නොවුනි.

මේ සියල්ල නිසාවෙන් සිදුහත් යනු සැප සම්පත් මැද ඉපිදී සැප සම්පත් මැද හැදී වැඩුණු රාජ කුමාරයෙකි. නමුත් මෙහි ඔබ වටහා නොගන්නා යමක් ඇත. එනම්,

සිදුහත් සාමාන්‍ය පවුලක ඉපදුනේ නම්, ඔහුට රජ සැප නොලැබේ, දැසි දසුන් නොලැබේ. ලිංගික සතුට ලබා ගෙනීමට වෙහෙස වීමට සිදු වේ. මේ අනුව ඔහු තමන්ගේ ජීවිත කාලය ගත කරන්නේ තමන්ට නොලැබුණු නමුත් සමාජයේ ඉහල තල වල සිටින අය ලබනා සැප සම්පත් රස කර ගැනීමටයි. ඔහුගේ අරමුණ වනු ඇත්තේ මුදල් රැස් කර විශාල නිවසක් තනා ගැනීමයි. සේවකයින් බඳවා ගැනීමයි. මේ සියල්ල සිදු කිරීමට ඔහුගේ ජීවිතය ඔහු වැය කරනවා නොඅනුමානයි.

නමුත් ඔහුගේ පෙර කුසල් බලයෙන් ඔහු රජ කුමරෙක් බවට පත් විය. එබැවින් ඔහු එම සියල්ල උප්පත්තියෙන්ම සපුරාගෙන තිබුණි. එබැවින් ඔහුට තමන්ගේ ජීවිතය ගත කිරීමට අරමුණක් නොතිබුණි. (මුදල් ඉපයීම නිවාස තැනීම වැනි ) නමුත් ඔහුට පිය රජු විසින් අරමුණක් සපයා දෙන ලදී. සක්විති රජ වීම නම් අරමුණ ඔහුගේ මනසේ රඳන ලදී.

ඔහු දුක කියා කිසිවක් හැදින සිටියේ නැත. නමුත් ඔහු දුක කියා යමක් හඳුනා ගත මුල් අවස්ථාවේම ඔහු ඒ පිළිබඳව සැලකිලිමත් විය. කිමද ඔහුට අනෙක් අයට මෙන් දවස පුර වෙහෙසී සිදු කිරීමට කිසිවක් නොතිබුණු බැවිනි. ඔහුගේ මනස නිරවුල් බැවිනි. ඔහුගේ මනසින් ඔහු දුක යනු කුමක්ද මෙනෙහි කර අවසානයේ ඔහු සත්‍ය අවබෝධ කරගත්තේය.

මෙහිදී සිදුහත් චරිතය සහ වර්තමාන සමාජය අප සංසන්දනය කර බලමු.

වර්තමාන සමාජයේ 99% දෙනා තමන් සිටින තත්වයෙන් ඉහල තත්වයට යන්නේ කෙසේදැයි සිත ඒ සඳහා වැඩ කටයුතු කරන පිරිස වේ. එබැවින් ඔවුන් හට සත්‍ය අවබෝධ වීම සිදු නොවන්නකි.
නමුත් 1% පිරිසක් සියලු සැප සම්පත් මැද ඉපදී හැදී වැඩෙමින් සිටි. මෙම පිරිස හටද ඉහල අරමුණු දැනටමත් මනසේ රජ කරයි.

එබැවින් ඔවුන් ද ස්වභාවධර්මයේ උගුලේ පැටලී සිටි.

නමුත් සිදුහත් එම උගුලෙන් ගැලවුණු ලොව ප්‍රථම “මිනිස් සත්වයා” වේ. ඔහු තමන් “මිනිස් සත්වයකු” ලෙස හැඳින ගෙන ඉන් මිදීමට අවශ්‍ය ක්‍රමය තමන් විසින්ම අවබෝධ කරගනිමින් ස්වභාවධර්මයට අභියෝග කර ඉන් මිදුණු අයෙකි. එබැවින් ඔහුගේ දහම මෙම උගුලෙන් ගැලවීමට මිස එහිම ඇලී ගැලී සිටීමට නොවේ. සිදුහත් විසින් වර්ගයා බෝ කිරීමට “මිනිස් සත්වයා” හට ලබා දී ඇති ලිංගික ආශ්වාදය “මිනිස් සත්වයා” ගේ දුර්වල ස්ථානය බව හඳුනාගත් අතර ඔහු එම ආශාවන් ප්‍රහීන කර (නැති කර) දැමුවේය. එබැවින් ඔහු මෙලොව ඇති සියලුම බැඳීම් ප්‍රහීන කර දැමූ බැවින් ඔහු නැවත කිසිදු භවයක ඉපදීම තමන් විසින්ම වලක්වා ගත්තේය.
බුදු දහමේ සරල අරමුණ සියලු ආශාවන් ප්‍රහීන කර දැමීමයි. එනම් ස්වභාවධර්මයේ උගුල වන ලිංගික ආශ්වාදය ද ප්‍රහීන කර දැමීමයි. එවිට බුදු දහම තුලින් සෑම විටම ආශාවන් නැති කිරීමට අනුබල දෙනවාක් මිස ආශාවන් ලබා දීමට කිසිදු අනුබලයක් ලබා නොදෙයි.

දැන් ඔබම තීරණය කරන්න. ලිංගිකත්වයෙන් පිරුණු ලොව තුල ලිංගිකත්වයට අනුබල දෙන ඉස්ලාම් දහම සීග්‍රයෙන් ව්‍යාප්ත වීම සහ ලිංගිකත්වයෙන් මිදීමට අනුබල දෙන බුදුදහම සීග්‍රයෙන් නැති වී යාම අරුමයක් නොවේ.

මෙම කොටසින් සාකච්ඡා කලේ මනසින් උසස් “මිනිස් සත්වයා” තමන්ගේ බුද්ධිය හේතුවෙන් දියුණු වූවාක් මෙන්ම තමන්ගේ බුද්ධිය නිසාවෙන් ස්වභාවධර්මයාගේ මර උගුලෙන් මිදීමටද හැකි වුයේ කෙසේද යන්නයි. මෙලෙස මෙම මර උගුලෙන් මිදීමට හැකි එකම සත්ව කොට්ඨාශය “මිනිස් සත්වයා” ම පමණක් වේ. එබැවින් අවුරුදු මිලියන ගණනක් පුරාවට මිනිස් සත්වයා තමන්ගේ බුද්ධිය හේතුවෙන් ලැබූ ඉහලම දියුණුව නම් අධ්‍යාත්මික දියුණුවයි.

No comments:

Post a Comment