Tuesday, August 13, 2019

හින්දු ධර්මය 3


හින්දු ධර්මයේ මූලික සංකල්ප 3කි.

බ්‍රාහ්මණ යනු විශ්වයේ ඇති සියලුම ශක්තීන්ය. එය පහත පරිදි කොටස් තුනකි.

1.හට ගැනීම  (බ්‍රහ්ම)
2.පැවතීම  (විෂ්ණු)
3.විනාශ වීම  (ශිව)

මේවා විශ්වයේ සදාකාලික සිදු වන දේ වේ. හට ගැනීමක් එය පැවතීමක් සහ එය විනාශ වීමක් යන්න මූලික ධර්මතාවන් ය. අද වන විට දේව සංකල්ප ලෙස මේවා වන්දනාවට බඳුන් වුනත් මෙහි නියමාර්ථය විශ්වයේ මූලික ධර්මතාවන්ය. ( ඒ පිළිබඳව ගැඹුරින් පසුව කතා කරමු)

1. බ්‍රහ්ම

මැවුම්කරුවා ලෙස අද වන විට වන්දනාමානයට ලක් වේ. බ්‍රහ්ම යනු හට ගැනීමයි. මේ විශ්වයේ පවතින සියලුම දේ හට ගැනීමට ලක් වේ යන ධර්මතාවයයි.

2. විෂ්ණු

හට ගනා දේ පවතින බවට වූ ධර්මතාවයයි. අද වන විට ආරක්ෂා කරන්න ලෙසට වන්දනාවට පාත්‍ර වේ.

3. ශිව

හින්දුන් අතර වැඩියෙන්ම වන්දනාවට පාත්‍ර වන දේව සංකල්පයයි. විනාශය යන ධර්මතාවය යි.

හින්දු ග්‍රන්ථයන්හි මෙම දෙවියන් 3 නා ත්‍රිමුර්ති ලෙස හඳුන්වයි. එනම් ප්‍රධාන තිදෙනා යන අදහසයි.  විශ්වයේ ශක්තිය වන බ්‍රාහ්මණ සෑදෙන්නේ මෙම ත්‍රිමුර්ති න්හි එකතුවෙනි. මෙම ත්‍රිමුර්තින් අතරින් එකෙකුට හෝ තනිව පැවතිය නොහැකිය. තිදෙනාටම තිදෙනාගේ අවශ්‍යතාවය පවතී. ඉපදීමක් නොමැතිව පැවතීමක් හෝ විනාශයක් නොමැති නිසාත් පැවතීමක් නොමැතිව ඉපදීමක් හෝ විනාශ වීමක් නොමැති නිසාත් විනාශ වීමක් නොමැතිව ඉපදීමක් හෝ පවම්තීමක් නොමැති නිසාත් මොවුන් තිදෙනා එකිනෙකාගෙන් වෙන් කර විශේෂ කර දැක්විය නොහැකිය.

නමුත් වර්තමානයේ මේ ධර්මතාවයන් දෙවියන් ලෙසින් වන්දනාමානයට ලක් වෙන අතර බ්‍රහ්ම සුළු වශයෙන් ද විෂ්ණු බොහෝ දෙනා අතරද ශිව ඇති බහුතරයක් වූ හින්දුන් අතර වන්දනාමානයට පත්‍ර වී ඇත.

අපගේ දැනුමට සහ ඉදිරි ලිපි සඳහා අප මේවා දේව සංකල්ප ලෙස නොව ධර්මතාවයන් ලෙස සලකමු. එනම් විශ්වයේ මූලික ධර්මතාවන් වන ඇති වීම පැවතීම සහ නැති වීම යන ධර්මතාවන් ලෙස.

No comments:

Post a Comment