Monday, August 26, 2019

මිනිස්සු වෙනස් ඇයි?

මිනිස්සුන්ගේ ජීවිතේ ඉපදුනු දවසේ ඉඳන් මැරෙන දවස වෙනකන් කාලය අපි හිතමු අවුරුදු 50යි කියල. එක උපකල්පනය කරගෙන අපි දැන් මේ කතාව තේරුම් ගමු.
කෙනෙක් ඉපදුනු ගමන් කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. අවුරුද්දක් විතර ගියාම බොහොම පුංචි දේවල් තේරුම් ගන්න පුලුවන්. අම්ම කවුද, තාත්ත කවුද වගේ. අවුරුදු 5ක් ගියාම ටිකක් කලින්ට සාපේක්ෂව ගොඩක් දේවල් තෙරුම් ගන්න පුළුවන්. ඒ නිසයි අවුරුදු 5න් පාසලට ඇතුල් කරවන්නේ.
පාසලේදී 5 වසරේ ඉගෙන ගන්න ළමයෙක්ට තේරෙන දේවල්, 1 වසරේ ඉගෙන ගන්න ළමයෙක්ට තේරෙන්නේ නෑ. 5 වසරේ ඉගෙන ගන්න ළමයට 11 වසරේ ඉගෙන ගන්න ළමයෙක්ට තේරෙන දේවල්, තේරෙන්නේ නෑ. උසස් පෙළ ඉගෙන ගන්න ළමයෙක්ගේ තේරුම් ගැනීමේ ශක්තිය 11 වසරේ ළමයට නෑ වගේම තමයි කැම්පස් ළමයෙක්ගේ තේරුම් ගැනීමේ ශක්තිය උසස් පෙළ ළමයෙක්ට නෑ. කැම්පස් ළමයට බෑ අවුරුදු 35 වැඩිහිටියෙක් තේරුම් ගන්න තරමට යමක් වටහා ගන්න. ඒ වගේමයි අවුරුදු 50 ක පුද්ගලයෙක් ට තේරෙන ප්‍රමාණය අවුරුදු 35 වැඩිහිටියාට තේරෙන්නේ නෑ.
දැන් මෙහෙම හිතල බලන්න. අපිට අවුරුදු 5ක ළමයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ උසස් පෙළ ගැටළුවක් තේරුම් ගනියි කියල. ඒ නිසා අපි 5 වසරට හරියන සිලබස් එකක් හදනවා. ඒ වගේ තමයි උසස් පෙළ ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ අවුරුදු 35 කෙනෙක් වැටහ ගන්න දෙයක් තේරුම් ගනියි කියල. එකට කියන්නේ අත්දැකීම කියල. ඒ ඒ වයසේදී අපි අත්දැකීම් එක්ක අපේ තේරුම් ගැනීමේ ශක්තිය වැඩි කරගන්නවා.
මෙතෙන්ට එනකන් තේරුනා නම් ටිකක් සංකීර්ණ කොටස දැන් තේරුම් ගමු.
අපේ ජීවිතේ අපිට හම්බෙලා තියෙනවා එක වයසේ අය, හැබැයි අපිට තේරෙන දේ ඒ අයට තේරුම් ගන්න බෑ. කොච්චර කිව්වත් බෑ. ඒ වගේමයි අපිට හම්බෙනවා අපිට වැඩ වයසින් වැඩි අය, එත් අපිට තේරෙන දේවල් ඒ අයට තේරෙන්නේ නෑ. ඒ වගේම අපිට හම්බෙනවා අපිට වැඩ දැනුමෙන් රැකියාවෙන් තනතුරෙන් ගොඩක් ඉහලින් ඉන්න අය. ඒත් අපිට තීන පොඩි පොඩි දේවල් පවා ඒ අයට තේරෙන්නේ නෑ.
මතක් කරලා බලන පොඩ්ඩක්. ඇයි එහෙම වෙන්නේ?
මෙන්න මේකයි හේතුව.
අපි ජීවිතේ "අවුරුදු" ගත කරනවා වගේ තමයි, අපි මේ සංසාරේ "ආත්ම" ගත කරන්නේ. අපේ එක ජීවිතයක එක අවුරුද්දක් = අපේ සංසාරේ එක ආත්මයක් කියල හිතන්න.
මිනිස් ආත්මයක් ලබන හැම ආත්මයක්ම අපේ ජීවිතේ එක අවුරුද්දක් කියල හිතන්න.
තේරුනේ නැත්නම් මම මෙහෙම කියන්නම්.
අපි මේ සංසාරේ ඉපදෙනවා, මැරෙනවා, ආයේ ඉපදෙනවා, ආයේ මැරෙනවා, මෙහෙම දිගටම මේ චක්‍රය යනවා. අපි මේ ආත්මේ මනුස්සයෙක් උනාට ලබන ආත්මේ මනුස්සයෙක් වෙයිද විශ්වාසෙන් කියන්න බෑ. සතෙක් වෙන්න පුළුවන්. පෙරේතයෙක් වෙන්න පුළුවන්. මම කියන්නේ සතුන් සහ පෙරේතයන් වගේ ආත්ම ඇත ඇරලා මිනිස් ආත්ම ලබපු ප්‍රමාණය අපි පොඩ්ඩක් සලකා බලමු.
හිතන්න ඔයා මේ සංසාරේ මොන යම් හෝ ආත්ම 100ක් ලබල තියෙයි මේ වෙනකන් ඉපදී ඉපදී මැරී මැරී. පලවෙනි ආත්මය මනුස්සයෙක්, 2 ආත්මය බල්ලෙක්, 3 පෙරේතයෙක්, මෙහෙම මෙහෙම හිතන්න මේ ආත්ම 100න් ආත්ම 10ක් මනුස්ස ආත්ම, 75 තිරිසන් ආත්ම, 15ක් පෙරේත ආත්ම.
දැන් අපිට වැදගත් වෙන්නේ මිනිස් ආත්ම ලබපු ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ ඒ මිනිස් ආත්ම ලබපු ආත්ම 10 විතරයි.
ඔයා ඔයාගේ සංසාරේ මිනිස් ආත්ම 10ක් ලබල අත්දැකීම් තියෙන කෙනෙක්.
මෙතෙන්ට එනකන් පැහැදිලියි නම් ඉතුරු ටික තේරෙන්න ඕනේ.

හිතන්න නිවන් දකින්න මිනිස් ආත්ම 100ක් ලබල පින් රස කරලා තියෙන්න ඕනේ කියල නිකන්. දැන් එහෙනම් ඔයා මිනිස් ආත්ම 10ක් ලබල අත්දැකීම් තියෙන කෙනෙක්. a කියන්නේ එක සමානයි අවුරුදු 10ක ළමයෙක්ට. ටිකක් තේරෙනවා.
හැබැයි හිතන්න මම මේ සංසාරේ මිනිස් ආත්ම 50ක් ලබපු කෙනෙක්. දැන් මට ඔයාට වඩා අත්දැකීම් තියෙයි මේ සංසාරේ මිනිස් ආත්ම ලබල. ඒ නිසා මට ඔයාට වැඩ දේවල් තේරෙනවා.
හිතන්න "කමල්" කියල කෙනෙක් ඉන්නවා, එයා සංසාරේ මිනිස් ආත්ම ලබල තියෙන්නේ 1යි. මේ පලවෙනි මිනිස් ආත්මය. ඒ නිසා එයට ඔයාට තරම් දේවල් තේරෙන්නේ නෑ. ඔයාට මට තරම් දේවල් තේරෙන්නේ නෑ. නිවන් දකින්න කිට්ටු කෙනෙක් ඉන්නවා නම් එයාට තේරෙන තරම් මට තේරෙන්නේ නෑ.
මේක සංසාරයට වැඩ අවුරුදු වලින් හිතුවොත් තේරුම් ගන්න ලේසි වෙයි.

අවුරුදු 1ක ළමයෙක්ට වඩා අවුරුදු 10ක ළමයෙක්ට තේරෙනවා. එත් ඒ අවුරුදු 10 ළමයට වඩා අවුරුදු 50 කෙනෙක්ට තේරෙනවා.
සන්සාරයත් මේ වගෙයි. අපි මිනිස් ආත්ම ලබපු ආත්ම ගැන වැඩි වෙන්න වැඩි වෙන්න අපේ අවබෝධ ශක්තිය වැඩියි.
එත් හිතන්න. මිනිස් ආත්ම ලබපු ප්‍රමාන වෙනස් වුනත් ඔය, මම, කමල් තුන් දෙනාම මේ ආත්මේ එකම අවුරුද්දේ ඉපදිලා එකම පන්තියට එනවා. එත් අපි තුන් දෙනාගේ තේරුම් ගැනීමේ ශක්තිය වෙනස්. හැබැයි අපි තුන් දෙනාම එකම වයසේ. එහෙනම් තේරුම් ගැනීමේ ශක්තිය වෙනස් වෙන්න බෑ නේ. ඔන්න ඔහොමයි වෙනස් වෙන්නේ.
අපේ සමාජේ ඉන්නවා මිනිස්සු වර්ග 4ක්.
1. කොච්චර ගහල බැනල කිව්වත් තේරුම් ගන්න බැරි මිනිස්සු. (සංසාරයේ මිනිස් ආත්ම අඩුවෙන් ලබපු මිනිස්සු / නිවනට ගොඩක් දුර මිනිස්සු)
2. ටිකක් වැඩිපුර උවමනාවෙන් කියල දුන්නම තේරුම් ගන්න මිනිස්සු. (සංසාරයේ මිනිස් ආත්ම යම් ප්‍රමාණයක් ලබපු අය. / නිවනට ටිකක් දුර මිනිස්සු.)
3. දෙයක් කිව්වම තේරුම් ගන්න මිනිස්සු. ( සංසාරයේ මිනිස් ආත්ම ටිකක් වැඩියෙන් ලබපු මිනිස්සු / නිවනට ළඟ මිනිස්සු)
4. දෙයක් කියන්නේ නැතුව තමන් විසින්ම අවබෝධ කරගන්න මිනිස්සු. හරිම අඩුවෙන් මේ වගේ අය ඉන්නේ. (සංසාරයේ මිනිස් ආත්ම වැඩියෙන්ම ලබපු මිනිස්සු / නිවනට ගොඩක්ම ළඟ මිනිස්සු)

හිතල බලන්න මේ දේ ගැන. හරිද වැරදිද කියල.

No comments:

Post a Comment