Monday, August 26, 2019

3, 6, 9

මේ අංක 3 ඉතිහාසයේ ඉඳන්ම හරි අත්භූත ස්ථානයක් රැක ගෙන ඉන්න අංක තුනක්. ලෝකයම විශ්වාස කරත් 7 කියන්නේ වාසනාවන්ත අංකය 9 කියන්නේ අවාසනාවන්ත අංකය කියල ඉතිහාසයේ ඉඳන් කරුණු අරන් බැලුවොත් මේක ටිකක් වෙනස් වෙනවා.

නිකොලා ටෙස්ලා.

නිකොල ටෙස්ලා කියනවා ඔබ 3, 6, 9 යන අංක වල සත්‍ය දන්නේ නම් ඔබ මුළු විශ්වයම පිළිබඳව ම දනියි කියල.
ටෙස්ලා කියන්නේ මේ නිකන් ගෝල් ෆේස් එකේ කඩල තම්බපු කෙනෙක් නෙමෙයි නිසා ඒ කතාවේ මොකක් හෝ රහසක් තියෙන්න ඕනේ කියල මුළු බටහිරම මේ රහස හොයන්න තවමත් උත්සහ කරනවා.

පොදුවේ ලෝකේ ගොඩක් සම්මත පිළිගැනීම් මේ 3, 6, 9, කියන අංකයෙන් ගැලවෙන්න බැරි වීමකුත් පෙන්නුම් කරනවා.

අවුරුද්දකට දවස් 365 තවත් දවස් කාලයි. ඒ කියන්නේ 365.25
මේ අංක ටික එකතු කරාම 3+6+5+2+5 = 21 --> 2 + 1 = 3

මාස 12 --> 2 + 1 = 3
දවසට පැය 24යි 2 + 4 = 6
පැයට විනාඩි 60යි
විනාඩියට තත්පර 60යි

ඒ කාලය සම්බන්ධව. හැඩ තල සම්බන්ධවත් හරි අපූරු සම්බන්ධයක් තියෙයි.
ඕනෙම හැඩ තලයක කෝණ වල එකතුව අංශක 360යි
වෘත්තය - 360 --> 3 + 6 = 9
ඍජුකෝණය - 90 x 4 = 360
සමචතුරශ්‍රය - 90 x 4 = 360
සමකෝණී ත්‍රිකෝණය 60 x 3 = 180
වෙනත් ඕනෑම ත්‍රිකෝණයක් = 180
මෙතනින් එහාට එන සියලුම හැඩ තල වල කොණිය එකතුව සමානයි අංශක 360

මන්තර ජපා කරන්නේ 108 වාරයක් 1008 වාරයක් වගේ 9 හැදෙන විදියට
බුද්ධ දර්ශනයේ සහ හින්දු දර්ශනයේ 3, 6, 9 අංක තුනට ලොකු වැදගත් කමක් ලැබෙනවා.
අපි සරලව දන්න ත්‍රිලක්ෂණ, තුන් දොර, ත්‍රිවිධ රත්නය,
ප්‍රථම රහත් 60 නම
පස්වග තවුසන්, යස කුල පුත්‍රයා සහ මිතුරන් 54 දෙනා. එතනත් යාලුවෝ 54 විශේෂයි.
හින්දු දර්ශනයේ තමයි වැඩිපුරම 3, 6, 9, එතනිනුත් 9 වැදගත් කරලා තියෙන්නේ.
නව රාත්‍රිය
නවග්‍රහ
ශරීරය දොරටු 9ක එකතුවක් කියල හින්දු දර්ශනයේ කියනවා
නාස් පුඩු 2, දෙඇස, දෙකන, නාභිය සහ භාහිර විවර 2 (ලින්ගේන්ද්‍රය සහ ගුද මාර්ගය)
හින්දු සනාතන ධර්මයට අනුව යුගයන් හි අවුරුදු ගණන බෙදෙන්නේ ද අපුරු අන්දමට.
සත්‍ය යුගය අවුරුදු 172,800 කි (1 7 2 8) = 18 =(1 8 = 9)
ත්‍රේත යුගය අවුරුදු 1296000 කි (1 2 9 6) = 18 =(1 8 = 9)
ද්වාපාර් යුගය අවුරුදු 864000 කි (8 4 6) = 18 =(1 8 = 9)
කලි යුගය අවුරුදු 432000 කි (4 3 2) = 9
හින්දු ජ්‍යෝතිෂයට අනුව තරු රටා 27ක් ( 2 + 7 = 9 ) වන අතර ඒ සියල්ල දිශා 4කට බෙදී යයි.
27 x 4 = 108 ( 1 + 0 + 8 = 9 )
එනම් එම 108 තුලින් මුළු මහත් විශ්වයම ආවරණය කරයි.
හින්දු යෝගීන් භාවිතා කරන ඇට මාලයේ ඇට 108ක් තිබේ.
හින්දු දර්ශනයේ අංක 9 නිරුපනය කරන්නේ බ්‍රහ්ම වයි. එනම් මැවුම් කරුවායි.
ජ්‍යෝතිෂයට අනුව ලග්න 12කි --> 2 + 1 = 3
අංක වලින් මූලික අංක තියෙන්නේ 9යි.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9
0 නොහොත් ශුන්‍ය එකතු වුනේ ඉන්දියාවෙන් පසු කාලෙදියි අරාබි ඉලක්කම් වලට. (ඉන්දියාව ශුන්‍ය භාවිතා කරේ මීට වසර දහස් ගනකකට පෙරයි)
ඒ නිසා මූලික අංක 10 විදියට සැලකුවොත් මේ අංක ඔක්කොම එකට එකතු කරාම එකතුව වෙන්නේ 45
4 + 5 = 9
ඒ කියන්නේ මූලික අංක ඔක්කොම එකතු කරාම එකතුවත් 9යි
මේ විදියට 3, 6, 9 කියන අංක 3 තියෙනවා මොකක්දෝ රහසක්. 
තව දෙයක්. මේ දවස් වල ක්‍රිකට් පිස්සුව නිසා එකත් පොඩ්ඩක් බලන්න. ගොඩක් ක්‍රිකට් ලෙජන්ඩ්ස් ල ගේ අංක 3, 6, 9 ට සමාන වෙන ඒවා.
මාලිංග - test cap 99 ODI cap 123
මහේල - test cap 69 ODI cap 92 (පසුව 27 ලෙස ජර්සි අංකය වෙනස් කරගත්ත)
සංගා - test cap 84 ODI cap 105

No comments:

Post a Comment