Tuesday, August 13, 2019

හින්දු ධර්මය 7

හින්දු ධර්මයට අනුව අප දැන් සිටින්නේ කලියුගයේ.

හින්දු ධර්මයට අනුව අප දැනටමත් බ්‍රහ්ම වර්ෂ 50ක් ගත කර දැන් මේ සිටින්නේ 51 වන බ්‍රහ්ම වර්ෂයේ 1 වන දිනයේය. මෙම බ්‍රහ්ම දිනය / කල්පය හැඳින්වෙන්නේ ශ්වෙතවරහ කල්පය නමිනුයි.

මෙම කල්පය තුලද මන්වන්තර 6ක් ගෙවී ගොස් ඇත. මන්වන්තරයක් යනු මහා යුග 71 කි. එනම් මිනිස් වර්ෂ 306,720,000 කි. (මහා යුගයක් යනු සත්‍ය, ත්රේත, ද්වාපර් සහ කලයුග යන යුග 4ම ගත වී අවසන් වීමට යන කාලයයි.) සෑම මන්වන්තරයකටම පසුව සන්ධි කාල නමැති නිශ්චල කාලයක් පවතී. එය සත්‍ය යුගය තරම් දිගු කලක් පවතී. එනම් මිනිස් වර්ෂ 1,728,000 කි.

එබැවින් අප දැන් සිටින්නේ 7 වන මන්වන්තරයේ ය. එය වෛවස්වත මන්වන්තරය ලෙස හඳුන්වයි. මෙම වෛවස්වත මන්වන්තරය තුල මහා යුග 27ක් දැනට ගත වී ඇති අතර අප මේ ගත කරන 28 වන මන්වන්තරයේද සත්‍ය, ත්රේත සහ ද්වාපර් යුග ගත වී අවසාන වී ඇත. එබැවින් අප දැන් සිටින්නේ 28 වන මන්වන්තරයේ කලි යුගයේය. එම කලි යුගය ක්‍රි. පු. 3102 දී ඇරඹී අතර දැනටමත් බ්‍රහ්ම වර්ෂ 50ක් ගත වී ඇති බැවින් අප දැන් සිටින්නේ දෙවන පරාර්ධ යෙයි.

එබැවින් තවත් බ්‍රහ්ම වර්ෂ 50 කින් අප පෘථිවිය විනාශ වී සන්ධි කාලයකට පසු නැවතත් සත්‍ය යුගයක් ඇරඹී නැවත කාලය මෙලෙස ගත වෙනු ඇත.

හින්දු ධර්මයට අනුව මෙම යුග 4 නැවත නැවත එළඹෙමින් නැවත නැවත සිදු වෙමින් චක්‍රයක් ලෙස පවතී. එබැවින් හොඳම යුගය සත්‍ය යුගය ලෙසත් එය කෙමෙන් කෙමෙන් කලි යුගය වන විට පිරිහෙමින් පැමිණෙන බවත් සදහන් වේ.

හින්දු ධර්මය පිළිබඳව ලිපි මාලාව මින් අවසන් කිරීමට තීරණය කරනු ලැබුණු අතර අවසානයේ ඔබගෙන් මා ප්‍රශ්නයක් අසන්නම්.

මෙම දීර්ඝ ලිපි මාලාවේ සියල්ල ඔබ කියවා ඇත්නම් මෙම ප්‍රශ්නයට පිළිතුර ඔබ තුල ඇතැයි විශවාස කරමි.
රාවණා රජු, බ්ර්හ්මාස්ත්‍ර, න්‍යෂ්ටික යුද්ධ, මහා බලගතු ආයුධ, මේවා සියල්ල කලියුගයේ සිටින අපට හිතළු වුවාට අපට පෙර යුග වල සහ අපට පෙර කලි යුගයේද සිටි අපගේ මුතුන් මිත්තන් අපට වඩා බෙහෙවින් අධ්‍යාත්මික මෙන්ම බලගතු යුෂ වැඩි මිනිසුන් බව වේද ග්‍රන්ථ තුලින් හින්දු ධර්මයේ පැහැදිලිව සඳහන් ව ඇත.

එසේ නම් අප තරම් දියුණු පිරිසක් නැති උදම් අනන්නේ අප මේ මිත්‍යා ලෙස අවඥාවට ලක් කරන්නේ අපගේම ඉතිහාසය නොවේද

No comments:

Post a Comment