Thursday, August 29, 2019

අටුව කඩා පුටුව හදන එක ඇත්තටම අප්සට්ද?


හැමෝම  අහල ඇතිනේ අටුව කඩලා පුටුව හදපු වඩුවා ගැන. ඒ ගැන අපි අහලා තියෙන්නේ මහම මෝඩ වඩ්ඩෙක් කියලා. ඒත් ඒක එහෙමමද. මෙහෙම වෙන්න බැරිද?

මුලින්ම  මතක තිය ගමු ඒ වඩ්ඩෙක්. ඒ කතාවේ හැටියට වඩ්ඩගෙ ගෙදරට කවුදො ආවම වාඩි වෙන්න දෙන්න පුටුවක් නැති නිසා වඩ්ඩ කලේ අටුව කඩලා ඒ ලී වලින් පුටුවක් හදපු එක. ඒකෙන් අපි පොඩි කාලෙ ඉගෙන ගත්තේ වටින දෙයක් නැති කරගෙන ඊට වඩා වටිනකම අඩු දෙයක් ලබා ගන්නවා වගේ අර්ථයක්නේ. ඒත් ඒක එහෙමමද?

හරි මෙහෙම හිතමුකෝ. ඒ වෙලාවේ වඩ්ඩට ඕනේ වුනේ පුටුවක්. ඒ නිසා අටුව කැඩුවා. ඉතින් ඒකෙ අවුලක් නෑ නේ. අටුව කියන්නේ වී මලු ගබඩා කරල තියෙන තැන.

1. අපි හිතමු වී මලු තිබුනේ නෑ කියලා අටුවේ. එහෙනම් ඉතිං අටුව කඩල පුටුව හැදුවට කමක් නෑ නෙ. ඒ වෙලාවේ අවශ්‍යයතාවය පුටුව මිසක් වී මල්ලක් වත් නැති අටුව නෙමෙයි නේ.

2. අපි හිතමු වී මලු තිබුන අටුවකුයි ඒ කැඩුවේ කියලා. ඉතිං ඒත් අවුලක් නෑ නෙ. ඒ වඩ්ඩට වී මලු ටික එක රැයකට බිම තිබ්බ කියලා හානියක් වෙන්නේ නෑ නේ.

නිකං හිතන්න වඩ්ඩට ඒ වෙලාවේ අවශ්‍යය පුටුව හදන ඕනෙ කරන දැනුම තිබ්බා. නොතිබ්බේ ලී. ඒකට ලී සපය ගන්න තිබුනු එකම තැන අටුවද? එහෙනම් ගෙදර දොර කඩලා ලී අරගන්න තිබුන නෙ. ඒක ඊට ලේසියිනේ. ඒත් දොරක් නැතුව රැයක් ගෙවන එකට වඩා වී මලු ටික බිමින් තියලා අටුවෙන් ලී ගන්න එක හොඳ් නැද්ද. දොරක් නැතුව රැයක් ගෙවනවට වඩා අටුව කඩල ඊලග දවසේ හදා ගන්න එක හොඳ විකල්පයක් නෙමෙයිද.

සරලව කිව්වොත් එතනදි වඩුවා තෝර ගත්තේ තමන්ගේ ඒ වෙලාවේ අවශ්‍යයතාවය ඉටු කරගන්න ගන්න පුලුවන් හොඳම විකල්පය.

අවශ්‍යය දේ පුටුවක්. නැත්තෙ ලී. එක්කො දොර කඩල ලී ගන්න පුලුවන් නැත්නම් අටුව කඩලා ගන්න පුලුවන්. මොකක්ද හොද. ඒක නිකං අර ආර්ථික විද්‍යයාවේ ආවස්තික පිරිවැය වගේ කේස් එකක්.

දැන් කියන්න එපා කලිංම පුටුවක් හදලා තිබුන නම් ඉවරයිනෙ කියලා.

අපේ ජීවිතෙත් මේ වගේ අවස්තා ඕනේ තරම් වෙනවා. වෙලාව තියෙද්දි කරන්නේ නෑ හැබැයි හදිස්සියෙන ඒ දෙම ඕනේ වෙනවා. ඒ වෙලාවට මෙන්න මේ කතාව මතක තියාගෙන අවම හානියක් වෙන දේ තෝර ගන්න. වඩ්ඩ තෝර ගත්තේ අවම හානියක් වෙන අටුව. ඊට වඩා හානිය වැඩියි දොර කැඩුව නම්.

ඒත් කලින් කිව්ව වගේ හොඳම දේ අව්ව තියෙන වෙලාවේ පිදුරු ගොඩ වේල ගන්න එකයි. වෙලාව තියන කොට පස්සට නොදා කරන්න තියෙන දෙයක් කරන්න. ඒත් හදිසියෙවත් වඩ්ඩට වගේ අවස්තාවකට මූණ දුන්නොත් පුලුවන් තරම් අවම හානියක් වෙන දෙ තෝර ගන්න.

3 comments:

  1. අටුවක් කියන්නේ ඉස්සර ගම ගෙදරක මොනවගේ අවශ්‍යතා සම්පුර්ණ කරගන්න යොදාගත්ත එකක්දැයි නොදන්නාකමද කියන්න මම නම් දන්නේ නැහැ. ඉස්සර ගම ගෙදරක, අටුවක් ප්‍රයෝජනවත් පුටුවකට වඩා. මොකද පුටු පාවිච්චි කරන්නේ දැන් අපි. ඉස්සර පිල් කණ්ඩියක් තියෙනවා පැදුරක් එලපු. ඔක්කොම ඉන්නේ ඔතන තමයි. ගෙදරට පොඩ්ඩක් ප්‍රභූ කෙනෙක් ආවම තමයි පුටුවක් දෙන්නේ. (හාමුදුරු කෙනෙක්, ගමේ මුලාදෑනි, විදුහල්පති වගේ) ඉතින් භාවිතාව අඩුයි. හැමදාම ඕනේ වෙන අටුවක් කඩල පුටුවක් හදන්නේ ඒ කාලේ මෝඩයෝ.

    දැන් කාලේ හැටියට නම් බුද්ධිමත්තු!

    මම දකිනෙ නම් එහෙම. ඇත්තද කියන්න දන්නේ නැහැ

    ReplyDelete
  2. Methana atuwe wath putuwe wath gana deyk nemi kiyla thyenne. Eken kiyla thyna de witharak dakka nam hari. Katapadam theory noda me kiyna arthe hithata gaththa nam aththatama watina kathawak thama kiyala thyenne. Hadisi awasthawaka awama haniyak wena dei karanna oni.

    Mm nam dakinne ekemai.

    ReplyDelete
  3. Aththatama api meken therum ganna one udaharanayak vidiyata ganipu kathawa newei. E kathawa haraha samajayata therum karawanna hadapu de gena. Hadisi awasthawaka karanna puluwan dewal dekak thiyei nam e deken awama haniyak wena de thora genimai niweradi visanduma kiyana de thamai mama nam eken therum gaththe.

    ReplyDelete