ශිව ලිංග කියන්නේ මොකක්ද කියල අපි
කලින් ලිපියෙන් කතා කරා. මේ ලිපියෙන් විස්තර කරන්නේ හැමෝම වගේ විවේචනය කරන ශිව
ලිංග කිරි වතුර තෙල් වැනි දියර වලින් නාවන්නේ ඇයි කියන කාරණය.
හින්දු කෝවිල් තුල ශිව ලිංගය උදෙසා
පූජා පවත්වනුයේ ශිව සඳහා වූ ස්තෝත්‍ර ගයමිනි. ඒ අතරින් ශිව තාණ්ඩව ස්තෝත්‍රය බහුලව
ගායන කරයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය යනු බොහෝ හින්දු න් දිනපතා ගායනා කරනා ස්තෝත්‍ර
යකි. හින්දුන් උදෑසනම දෙවියන් උදෙසා පහන් දල්වා ගයත්‍රී මන්ත්‍රය වැනි භජන් ගයමින්
positive energy තම නිවස තුලට ඈඳා ගනී. ශිව තාණ්ඩව ස්තෝත්‍ර බොහෝ විට ගායනා කරන්නේ
කෝවිල් තුල වුවත් නිවස් තුලද එය ගායනා කිරීම සුලබ දෙයකි. නමුත් හින්දුන් විශ්වාස
කරන පරිදි ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායන කරන විටදී අවට පරිසරයේ සියලු negative energy
ඉන් ඉවත් ව තමන්ට ශිව ශක්තිය ලැබෙන බවයි. එසේ ඉවත් වන negative energy ශිව ලිංග
තුලට ඈඳා ගන්නා බවට ඔවුන් විශ්වාස කරයි.
මෙහි විද්‍යාත්මක සත්‍යක්ද ඇත. එනම්
කාබන් වලින් සැදී ඇති ග්‍රැනයිට් වැනි පාෂාණ විෂ උරාගන්නා බව විද්‍යාවෙන්ද ඔප්පු
කර ඇත. (අඟුරු කාබන් වලින් සෑදී ඇති අතර ඊට විෂ උරාගනී. සිංහල අලුත් අවුරුද්දේ ලිඳ
හා ගනුදෙනු කිරීමේදී අඟුරු කැබැල්ලක් ලිඳට දමන්නේ මේ හේතුවෙනි.) එබැවින් මෙම මතය
බැහැර කල නොහැක.
එලෙසම ශිව ලිංග ජලය කිරි තෙල් වැනි
දියර මගින් නහවන්නේද හේතුවක් මතය. පාෂාණයක් නිතර තෙතමනය රඳා ගනියි නම් එහි කල්
පැවැත්මද වැඩි වේ. එබැවින් අතීතයේ සිට බැතිමතුන් ශිව ලිංග ජලයෙන් නැහැවීම
පුරුද්දක් ලෙස සිදු කර ඇත. කිරි වලින් නැහැවීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ වැඩි
කාලයක් තෙතමනය රඳා පැවැත්වීමයි. ජලයට වඩා කිරි වල ඝනත්වය වැඩි බැවින් එයද සත්‍යකි.
කිරි වලට වඩා තෙල් වල ඝනත්වය අධික බැවින් එයද සිදු කර ඇති බව පෙනේ. නමුත් අද වන
විට මෙහි අර්ථය නොදැන බැතිමතුන් අනවශ්‍ය ලෙස කිරි තෙල් වැනි දෑ සෑම විනාඩියේ ම
භාවිතා කරමින් ශිව ලිංග නැහැවීම අන්ධ
භක්තියට කදිම උදාහරණයකි.
වරක් ජලයෙන් නැහැවූ විට හොරා දෙකක්
යන තුරු නැවත නැහැවිය යුතු නැති බවද, කිරි වලින් නහවා දින දෙකක් යන තුරු ද, තෙල්
වලින් නහවා සති දෙකක් යන තුරුද නැවත නැහැවිය යුතු නැති එකල මිනිසුන් අවබෝධයෙන්
ක්‍රියා කලද අද වන විට එය හුදෙක් චාරිත්‍රයක් පමණක් වී ඇත.
එමෙන්ම පැරැන්නන් විසින් negative
energy උරා ගැනීමෙන් ශිව ලිංග (පාෂාණය) අධික ලෙස රත් වන බවත් ඊට ප්‍රතික්‍රියාවක්
ලෙස මෙලෙස දියර වලින් නැහැවීම සිදු කර බවත් පුරාන ග්‍රන්ථ වල සඳහන් වේ. එය තහවරු
වනුයේ එලෙස නහවා ගලා යන දියර කිසි විටෙකත් ස්පර්ශ නොකරන ලෙස නියම කර තිබීමයි.
ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගැන මීළඟ
ලිපියෙන් කතා කරමු.
ඒ වගේමයි ශිව දෙවියන් කියලා කෙනෙක්
නැත්නම් ඒ ශක්තියක් විතරය් නම් නිල් පාට
නයෙක් කරේ ඔතාගෙන ත්‍රිශුලයක් අතේ තියන් ඉන්නේ කවුද කියලත් ලොකු ප්‍රශ්නයක්
තියෙනවා. ශිව ශක්තිය විදියට මුලින් පහනක් භාවිතා කරලා, ඉන් පසුව පාෂාණයෙන් කරවූ
පහනක ආකෘතියක් භාවිතා කරලා ශිව ශක්තියට ආදේශක ආකෘති දීමේ වර්තමාන ස්වරුපය තමයි නිල්
පාට නයෙක් කරේ ඔතාගෙන ත්‍රිශුලයක් අතේ තියන් ඉන්න මනුස්ස රූපය. මනුස්සයෝ විදියට
අතීතයේ ලංකාවේ පැරැන්නන් ගස් ගල් වලට වැඳලා තියෙනවා දෙවියන් කියල. මේක මිහිඳු
හාමුදුරුවෝ නවත්තන්න උත්සහ නොකරේ මිනිස්සුන්ට වඳින්න යමක් අවශ්‍ය බව තේරුණු නිසා.
මේ නිසා මිහිඳු හාමුදුරුවෝ හැම ගහකටම වැඳ වැඳ යන්නේ නැතුව බුදුහාමුදුරුවොන්ට බුදු
වෙන්න සෙවන දීලා බුදු හාමුදුරුවොන්ගෙන් සතියක් පුරා කෘතඥ පූරක ගෞරවයට පාත්‍ර වුනු
ඇසතු ගස් (බෝ ගස්) වලට වඳින්න කියල කිව්වා. මොකද බෝ ගහ ඊට සුදුසු නිසා බුදු
හාමුදුරුවෝ එක්ක බැඳෙන නිසා. එදා ඉඳන් මිනිස්සු පොල් ගහටයි කෝස් ගහටයි වඳින එක
නවත්තල බෝ ගහට වඳින්න පටන් ගත්ත. ගල් වලට වඳින්නේ නැතුව බුදු හමුදුරුවොන්ගේ ධාතු
ඇතුලත් චෛත්‍යට වඳින්න කිව්වා. මිනිස්සු එහෙම වැන්දා. එත් මිනිස්සුන්ට
බුදුහාමුදුරුවෝ කියන මිනිස් රූපේ ඕනේ වුනා. ඒ නිසා කළු ගල් එක්ක පොර බදලා කළු ගල්
වලින් බුදුහාමුදුරුවොන්ගේ රූපේ නෙළුවා. මොකද මිනිස්සුන්ට හැමතිස්සෙම සංකේත නෙමෙයි
ඕනේ මිනිස් රූපයක්.
No comments:
Post a Comment