හින්දු ධර්මයේ බ්‍රහ්ම දිනයක ඇති යුග
4.
සත්‍ය යුගය චරණ 4කි (මිනිස් වර්ෂ 1,728,000)
ත්රේත යුගය චරණ 3කි (මිනිස් වර්ෂ 1,296,000)
ද්වාපර් යුගය චරණ 2කි (මිනිස් වර්ෂ 864,000)
කලි යුගය චරණ 1කි (මිනිස් වර්ෂ 432,000)
1.සත්‍ය
යුගය
මෙය ස්වර්ණමය යුගය වේ. පළමු සහ හොඳම
යුගයයි. මෙම යුගය සත්‍ය සහ පරිපුර්ණත්වය සපිටි යුගයයි. දැවැන්තයින් වන මිනිසුන්
සිටි. අගුණ කිසිවක් නොමැති කරුණාව මෛත්‍රිය ගුණ පිරුණු මිනිසුන් 100% ආධ්‍යාත්මික
යුගයයි.
2. ත්රේත යුගය
මෙම යුගය වන විට අධිරාජ්‍යයන් නැගී
සිටීම ඇරඹේ. යුද්ධය ඇරඹේ. මෙත් සමගම දේශගුනයද වෙනස් වීමට පටන් ගෙන කාන්තාර හා
මුහුදු බෙදී වෙන් වෙයි. කෘෂිකර්මාන්තය, පතල් කර්මාන්ත, වැනි කර්මාන්ත ඇරඹේ. මෙහි
අගුණ 25% වන අතර තවමත් ගුණ 75% පවතී. ආධ්‍යාත්මය 75% කි.
3. ද්වාපර් යුගය
මෙම යුගයේදී මිනිසුන් ශාරීරිකව
දුර්වල වීම ඇරඹේ. මුතුන් මිත්තන් මෙන් ශක්තිමත් නොවූ ඔවුන් නිතරම අනිකා හා සටන්
කිරීම රුචි කරයි. මොවුන්ගේ ආයු කාලය ශත වර්ෂ කිහිපයකට සීමා වෙයි. මෙහි අගුණ 50% හා
ගුණ 50% වේ. ආධ්‍යාත්මය 50% කි.
4. කලි යුගය
මෙය අවසාන යුගයි. අඳුර සහ පවින්
පිරුණු යුගයයි. මිනිසුන් පවෙහි ඇලෙමින් ආශාවන්හි ඇලෙමින් ගිලෙමින් සිටින යුගයයි.
පෙර මුතුන් මිත්තන් මෙන් කිසිදු ශාරීරික හෝ මානසික ශක්තියක් නොමැත. ආධ්‍යාත්මික
මිනිසුන් අල්ප ගණනක් පමණක් සිටින අතර මිනිසුන් මුසාවෙහි අග පැමිණෙයි. පෙර පවතී
දැනුම විනාශ වී යන අතර ආහාර පාන ජලය වාතය යන සියල්ල විෂ සහිත වේ. මෙම යුගයේ
මිනිසුන්ගේ ආයු කාලය වසර 20 දක්වා අඩු වේ. මෙහි අගුණ 75% හා
ගුණ 25%
වේ
හින්දු ධර්මයට අනුව අප දැන් මේ ගත
කරන්නේ කලි යුගයේ ය. ඒ පිළිබඳව මීළඟ ලිපියෙන් හමුවෙමු.
No comments:
Post a Comment