පෘථිවියේ ආරම්භය
හින්දු ධර්මයට අනුව පෘථිවියේ ආරම්භය
සිදු වන්නේ බ්‍රහ්ම විසින් මැවීමට ලක් කිරීමෙනි. එය අප පෙර ලිපියේ සඳහන් කර පරිදි
දේව සංකල්පයෙන් බැහැර වී මූලික ධර්මතාවන් ලෙස ගැනීමෙන් එහි අර්ථය වටහා ගත හැකිය.
එනම් බ්‍රහ්ම නමැති “හට ගැනීම” නමැති මූලික ධර්ම තාවය විසින් පෘථිවිය හට ගෙන ඇත.
එය වේද ග්‍රන්ථ තුල සඳහන් වන්නේ විෂ්ණු නින්දේ සිටින විට විෂ්ණුගේ නාභිය තුලින්
මතු වූ නෙලුම් මලක් මත සිට බ්‍රහ්ම පෘථිවිය ඇතුළු විශ්වය මැවූ බවයි.
නාභිය යනු කේන්ද්‍රයයි. නෙලුම් මල
යනු කේන්ද්‍රයෙන් හට ගෙන ඉහලට පැමිණීමයි. (විකාශනය වීමයි) එනම් බ්‍රහ්ම එක්
පරමාණුවක් ලෙස හට ගත අතර එය බෙදී වෙන් වී අණු සැදී එය විකාශනය වී විශ්වය සැදුණු
බවයි.
විෂ්ණු නින්දේ සිටින අතර බ්‍රහ්ම
විසින් මුළු මහත් විශ්වයම මැවීමට ගත වන කාලය බ්‍රහ්ම වර්ෂ 100කි.
මෙය තරමක් ගැඹුරින් වටහා ගනිමු.
බ්‍රහ්ම ගේ එක් දිනයක (දහවල් කාලය
පමණක්) එක් කල්පයක් වේ. එය මහා යුග 1000 කි. (යුග පිළිබඳව මෙම ලිපියේ ඉදිරියට ඇත)
බ්‍රහ්ම ගේ එක් සම්පූර්ණ දිනයක් (දිව
රාත්‍රී) කල්ප දෙකක් වේ. එනම් මිනිස් වර්ෂ බිලියන 8.64කි. (මිනිස් වර්ෂ යනු සුර්ය
වර්ෂ)
බ්‍රහ්ම ගේ දින 30ක් එනම් 1 බ්‍රහ්ම
මාසයක් මිනිස් වර්ෂ බිලියන 259.2 වේ.
බ්‍රහ්ම මාසයන් 12ක් එනම් 1 බ්‍රහ්ම
වසරක් මිනිස් වර්ෂ ට්‍රිලියන 3.1104 වේ.
බ්‍රහ්ම වර්ෂ 50ක් එනම් 1 පරාර්ධයක්
මිනිස් වර්ෂ ට්‍රිලියන 155.52 වේ.
පරාර්ධ 2ක් එනම් බ්‍රහ්ම වර්ෂ 100ක්
පරා 1ක් වේ. එනම් මහා කල්පයක් වේ. එය මිනිස් වර්ෂ ට්‍රිලියන 311.04 කි.
බ්‍රහ්ම දිනයක් කොටස් 10,000 කට
බෙදනු ලැබේ. ඒවා චරණ ලෙස හඳුන්වයි.
චරණ මෙලෙස බෙදේ යුග 4 සමග බෙදේ
සත්‍ය යුගය චරණ 4කි (මිනිස් වර්ෂ 1,728,000)
ත්රේත යුගය චරණ 3කි (මිනිස්
වර්ෂ
1,296,000)
ද්වාපර් යුගය චරණ 2කි
(මිනිස් වර්ෂ 864,000)
කලි යුගය චරණ 1කි
(මිනිස් වර්ෂ 432,000)
මෙය නැවත නැවත චක්‍රයක් ලෙස සිධු
වීමෙන් මහා යුග 1000 ඇති වේ. එවිට චරණ ගණන 10,000කි.
මීළඟ ලිපියෙන් ඉහත සඳහන් යුග 4
පිළිබඳව සොයා බලමු.
No comments:
Post a Comment