Wednesday, October 2, 2013

දේව්දාස් ගේ ඇරියස් කවර් කිරීම

         මෙන්න අදත් ටිකක් විතර වැඩිහිටි කතාවක්. ඒත් හිතන්න යමක්. වල්පල් ඕනේ නෑ. කෙලින්ම කාරණේට එන්නම්.
       
         මේක කියවන ඔයාගේ ඉඳං මේක ලියන මගේ ඉඳං අපි හැමෝම ආදරේ කියන දේ විඳලා තියෙයි. මේ කියන්න යන්නේ ඔන්න ඔය ආදරේ කරද්දී හැමෝටම ඇත විඳින්න වෙන පොදු බාධකයක් ගැන. අන්තිමට පොඩ්ඩක් ට්‍රැක් පනියි. මොකද මේක ඇරියස් කවර් කිරිල්ලක් නිසා.

         හොඳයි. ආදරේ කරන දෙන්නෙක්ට හමු වෙන්න මේ ලංකාවේ නිදහස් තැන් කීයක්‌ තියෙයිද? ගාල්ලේ උන් කියයි ගාල්ලේ සමනල පාර්ක්‌ එක තියෙයි කියලා. කොළඹ උන් කියයි විහාරමහාදේවි පාර්ක්‌ එක තියෙයි කියලා. මම අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ. ඒත් මම හොඳටම දන්නා මාතර නම් එහෙම එක තැනක්වත් නෑ. තියෙන්නේ එකම එක තැනයි. ඒ තමයි මුහුදු වෙරළ. ලංකාව වටේම මුහුද තියෙයි. ලංකාව වටේම පෙම්වතුන් මේ මුහුදු වෙරළවල් වලට නිදහසේ ඉන්න කියලා යනවා තමයි. ඒත් අද මම කියන්නේ මම ඇහැට දැකල තියෙන, අහල තියෙන 100% සත්‍ය කරුණු මත පදනම වුනු දෙයක්. මෙන්න මේකයි සිද්ධිය.

         මාතර අපිට නිදහසේ ඉන්න යන්න තියෙන්නේ මාතර මුහුදු වෙරළ විතරයි. සෙනසුරාදා, ඉරිදා වගේ දවසක මාතර ආපු කෙනෙක්ට ඇත්තටම මුහුදු වෙරළේ වැලි වලට වැඩිය කුඩ දකින්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතයි ෂා මාතර උන්ට මාර නිදහසක් නේ තියෙන්නේ කියලා.  ඇත්තටම නෑ.

        ඔහොම නිදහසේ ඉන්න අතරේ කොයි වෙලාවේ පොලිසියෙන් එයිද කියල බයේ ගැහි ගැහියි මේ පෙම්වතුන් ඉන්නේ. එහෙනම් එතන කොහෙද නිදහසක් තියෙන්නේ. ඕගොල්ලන්ට හිතුනේ එහෙම වෙන්න ඇති. ඔව් ඇත්ත. එතන කිසිම නිදහසක් නෑ. ඒ වගේම එහෙම එන්නත් පොලිසියේ අයට කිසිම අයිතියක් නෑ. අසංවරව හැසිරෙන අයව අල්ලන්න ඉන්න පොලිසිය ඒ බලය අයුතු විදියට පාවිච්චි කරලා අමුතු ආතල් එකක් ගන්නවා. පෙම්වතුන් බය කරනවා ගෙදර ලිපිනය දුරකථන අංක වගේ අරගෙන. ඒත් මේක මෙහෙම බලල නිකන් ඉන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. හේතුව මෙන්න මේකයි.

         දැන් කොල්ලෝ කෙල්ලෝ මේ එකිනෙකා මුණ ගැහෙන්න එන්නේ ගෙවල් වලින් ආශීර්වාදේ අරන්ද? ගෙවල් දැනගෙනද? නෑ. එහෙනම් මේ එන්නේ හොරාට. ඉතින් මෙහෙම හොරාට ඇවිත් හරම පොලිසියෙන් බය කලාම මුන් ඊළඟ පාර මොකද කරන්නේ? ගෙදරටත් හොරාට, අහු වෙන්නේ නැති, පොලිසියටත් හොරාට, අහු වෙන්නේ නැති තැනකට යනවා. කොහෙද? ෆිල්ම් හෝල් එකට.

         පලවෙනි දවසේ ෆිල්ම් එක බලයි. දෙවැනි දවසේ භාගයක් බලයි. තුන වෙනි දවසේ ටිකක් බලයි. ඊළඟ දවසේ ඉඳං ඇතුලට යන පාරෙත් ෆිල්ම් පෙන්නයි. මේක තමයි සාමාන්‍ය යතාර්ථය සහ ඇත්ත. ඊළඟට මොකද වෙන්නේ? රසේ අහු වුණාම දෙන්න ඊටත් වැඩ එහාට යන්න අඩිය තියනවා. කොහෙද? රූම්ස්.

         මේක මාතර නගරයට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඒත් මාතර නගරයේ තියෙන පන්සල ප්‍රමාණයට වඩා රූම්ස් තියෙනවා. ලොකුවට නම ගහල වරහන් ඇතුලේ ආරක්‍ෂිත කියල ගහලා. මොකක්ද මේ ආරක්‍ෂිත? වෙන විදියකට කිව්වොත් පොලිසියෙන් නම් පනින්නේ නෑ කියන එක. මේකට ගියාම ඉතින් නිකන් ඉඳල කතා කරලා එයි කියල හිතෙනවා නම් ඒක මහා විහිළුවක්. එතකොට මුහුදු වෙරළෙන් පෙම් කරන්න පටන් ගත්තු පෙම්වතුන් අන්තිමට කාමර අස්සෙන් නවතිනවා. වරද කාගේද? පොලිසියේද? පෙම්වතාගේද? පෙම්වතියගේද?

         ඇත්තටම මේ තුන්ගොල්ලම වැරදියි කියලයි මට හිතෙන්නේ. මුල්ම වරද කරන්නේ පොලිසියෙන්. මේ නිදහසේ ඉන්න ජෝඩු බය කරලා අන්තිමට උන් කාමරෙන් නවත්තන්නේ පොලිසියේ මේ ඉන්න ගොන් හරක්. අසංවර නම් උන්ව අල්ලන ඒක වෙනම දෙයක්. ඒත් ඕනේ එකයි එපා එකයි ඔක්කොම ඇල්ලුවම මේවා නිකන්ම තල්ලු වෙනවා කාමර වලට.

         පෙම්වතා ඊළඟට වැරදියි. මම නම් හිතන්නේ කොල්ලෙක් කෙල්ලෙක්ට ඇත්තටම ආදරෙයි නම් කවදාවත්ම ඒ කෙල්ලව කාමර ගානේ එක්කන් යන්නේ නෑ. එහෙම එක්කන් යනවා නම් ඒ කෙල්ලට ආදරේට නෙමෙයි, ඒ කෙල්ලගේ ඇඟට ආදරේට.

        කෙල්ලත් වැරදියි. තමන්ගේ කොල්ල තමන්ට කාමරේකට යන්න කතා කලොත් කනට දෙකක් දීලා ඒ සම්බන්ධෙ එතනින් නවත්තන්නේ නැතුව එහෙම යන කෙල්ලත් වැරදියි. ඇයි කෙල්ල කියන්නේ මොලේ නැති එකෙක්ද. පොඩ්ඩක් හිතන්න බැරිද බැන්දට පස්සේ කරන දේවල් බඳින්න කලින් කරන්න කතා කරන කොල්ල හොඳ එකේද නැද්ද කියල.

        අද වෙනකොට ෆිල්ම් හෝල් වල අර පෙට්ටි වලට පොලිසියෙන් පැනලා චෙක් කරනවලු. තවත් හොඳයි. දැන් කොල්ලෝ කෙල්ලෝ කෙලින්ම යාලු වුන ගමන කාමර ගානේ යයි. අද යාලු වුනා. හෙට කාමරේ. ඊළඟ අවුරුද්දේ ළමයෙක අතේ. ඊට පස්සේ කියයි තාත්තා නැතේ.

         ඇයි මේ දේවල් හිතන්න බැරි? මේ රටේ පොලිසියේ ඉන්න ඔක්කොම පිස්සෝ නෙමෙයි, හරක් නෙමෙයි. මේ රටේ ඉන්න හැම කොල්ලම වලත්තයෙක් නෙමෙයි. මේ රටේ ඉන්න හැම කෙල්ලම මෝඩ එලදෙන්නු නෙමෙයි. ඒත් ඇයි මෙහෙම වෙන්නේ? ආසියාවේ ආශ්චර්ය කරන්න කතා කරනවා. ඇයි මුන්ට නොතේරෙන්නේ මේවා හදාගන්නේ නැතුව මොන චර්යා කලත් වැඩක් නෑ කියලා.

         මේ පොස්ට් එක ඇරියස් කවර් කිරිල්ලක් තමයි. මොකද මම අනන්තවත් අනාථ වුන කෙල්ලෝ දැකල තියෙයි. මගේම යාලුවෝ කියන්නත් ලැජ්ජ බල්ලෝ කියන්න පුළුවන් යාලුවෝ වෙලා හිටිය උන්ගේ අතින්. ඒත් දැල්ලට පිච්චෙනකන් පළඟැටියට දැනුනේ නෑ වගේ ඒ කෙල්ලොන්ටත් තේරුනේ නෑ වෙනකන්. බීරි අලින්ට වීණා වායුවට වැඩක් නෑ වගේ අර බල්ලොන්ට කිව්වා දේ තේරුනෙත් නෑ. කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන්න ආපු දේව්දාස් මේ ඒ ඇරියස් කවර් කරනවා පොස්ට් වලින්.

         කොච්චර කෑගැහුවත් අර රෙපා කිව්වා වගේ මේවා දැන් සාමාන්‍ය දේවල් වෙලා. කියෙව්වට ඔබට බොහොම ස්තුතියි. මේ දේව්දාස් ගේ ඇරියස් කවර් කිරීමයි...

1 comment:

  1. ඕව මාතර විතරක් නෙවෙයි රටේම එහෙම තමයි. මුන්ගේ හිතේ ෆිල්ම් එකක් තහනම් කරලා ලව් කරන කොල්ලෝ කෙල්ලෝ අල්ලලා කුඩු කෙරුවාම රටේ සංස්කෘතිය සදාචාරේ රැකෙනවා කියලා. ආච්චිගේ රෙද්ද තමා :3

    ReplyDelete