මුලින්ම කියන්න ඕනේ හදිසි නොවී
අන්තිම වෙනකන් නිදහස් මනසකින් කියලවල ඊට පස්සේ තීරණය කරන්න කියලා. සමාජ ජාල
මාද්යයේ සිදු කරපු සමීක්ෂණයක ප්‍රතිඵල
අනුව කවුරුවත්ම වගේ කැමති නෑ සම්පූර්ණ ආවරණය වූ හෝ සම්පූර්ණ අනාවරණය වූ කැටගරියේ
පෝන් (porn) වීඩියෝ බලන්න.මේක ඇත්තටම සාමන්‍යය මානසික තත්වය. අපි කාටවත් සම්පූර්ණ
ඇඟ වහන් ඉන්න කෙනෙක් දැක්කම ලිංගික හැඟීමක් එන්නේ නෑ නේ. එහෙම එනවා නම් කියන්න
තියෙන්නේ ඔබට මානසික රෝගයක් තියෙනවා. මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න කියලා තමයි.
ඒ වගේමයි සම්පුර්ණ නිරුවත් කෙනෙක්
දැක්කමත් අපිට ලිංගික ගැඟීම් එන්නේ නැති තරම්. (ඔව් ඒක ටිකක් විශ්වාස කරන්න
අමාරුයි) අපි දරුවෙක්ට කිරි දෙන ගැහැණු කෙනෙක් දිහාවත් බලන්නේ නෑ නේ කිරි දෙන බව
දැක්කම. පාරෙ යන පිස්සු මනුස්සයෝ ඇඟේ මෙලෝ ඇඳුමක් නැතුව යනවා අපි අහක බලාගන්නවා
මිසක් ඒ දිහා කන්න වගේ බලන් ඉන්නේ නෑ නේ.(මේ කියන ගණයට අයිති නැති අයත් ඉන්න බැරි
නෑ) ඒ කොහොම වුනත් අපේ මනසේ සාමන්‍යය විදිය නම් ඕකයි.
දැන් මේ දෙකටම අයිති නැති තවත්
විදියක් තියෙයි. ඒ තමයි, ඇඟේ වැහෙන්න ඕනේ තැන් භාගෙට වහගෙන (ඒ කියන්නේ භාගෙට
පේන්න) ඇඳුම් අඳින අය.
අපි පුංචි කාලෙ සෙල්ලමක් කරනවා නේ
ආච්චි ආච්චි පොල් කඩන්නද කියලා. ඒකේ එකක් කැඩුවා නම් කමක් නෑ අනිත් ඒවත් කඩන්න
කියන්නේ. අන්න ඒ වගේ තමයි මෙතනත්. ඇඟේ වැහෙන්න ඕනේ තැන් බාගෙට පෙන්නද්දි පලවෙනි
පොල් ගෙඩිය කැඩුවා වගේ තමයි. ඔක්කොම කඩන්න බලනවා ඊට පස්සේ.
නිකං හිතන්න. එතනදි ඇති වෙන්නේ
කුතුහලය. කුතුහලය කියන්නේ මේ ලෝකේ වෙනස් කරපු තාමත් වෙනස් කරන ඉස්සරහටත් වෙනස්
කරන්න පුලුවන් හරි ප්‍රභල දෙයක්. කුතුහලය තමයි මිනිසා ඉගෙන ගැනීමට යොමු කරන්නේ. ඒ
නිසා මේ කුතුහලය හරියට පිහිය වගේ. පාන් කපන්න ගන්නත් පුලුවන් බෙල්ල කපන්න ගන්නත්
පුලුවන්. ඒක එක් එක් මනුස්සයගේ මානසික මට්ටම අනුව වෙනස් වෙනවා. මානසික මට්ටමෙන්
පහල ඉන්න අයට තමන්ට ඇති වෙන කුතුහලය පාලනය කරගන්න බැරි වුනු අවස්ථා ඕනේ තරම්
තියෙයි.
මේක තව ටිකක් පැහැදිලි වෙන්න මේ
උදාහරණය ගමු.
කැම්පස් වල උගන්නන්නේ නෑ නේ. කුතුහලය
අවුස්සනවා පොඩි දෙයක් කියල දීලා. අපි ඒ ගැන උනන්දු වෙලා හොයලා බලලා දැනගන්නවා. ඒ
අපිට ඒ ගැන කුතුහලයක් ඇති වුනු නිසා.
ඉගෙනුම් ඉගැන්නුම් ක්‍රියාවලියෙදි මේ
කුතුහලය කියන්නේ සාර්ථකව යොදාගත හැකි දෙයක්.
ටෙලි නාට්‍ය වල සිකුරාදට මොකක් හරි
අලුත් සිද්ධියකින් ඉවර කරන්නේ සඳුදා වෙනකන් කුතුහලය නිසා මිනිස්සු බලන් ඉන්නවා
මොකද වෙන්නේ කියලා දැන ගන්න.
ඉතිං මේ ඔක්කොම කිව්වේ මේකයි. අපි
ඇඳුම් අඳිද්දී ඇඟේ වැහෙන්න ඕනේ තැන් වහගෙන යමු එක්කො. නැත්නන් ඔක්කොම ඇරගෙන යන්න.
මොකද මේ දෙකම නැතුව භාගෙට පෙන්නගෙන යන එකෙන් වෙන්නේ නැති ලිංගික කුතුහලය ඇති
වීමක්. (ලිංගික වචනේ දැම්මට ඒක බරපතල අර්ථයෙන් ගන්න එපා) ඒත් මේ කුතුහලය පාලනය කර
ගත හැකි , නොහැකි කියලා කොටස් දෙකක් ඉන්නවා. නොහැකි අය තමයි අද සමාජයේ ගොඩක්ම අපිට
අහන්න දකින්න ලැබෙන්නේ. ඒ අයටම ඇඟිලි දික් කරනවට වඩා අපිම අපේ නොපෙන්විය යුතු තැන්
නොපෙන්වා ඉන්නව නම් මේ අහන දකින දේවල් ගොඩක් අඩු කරගන්න පුලුවන් වෙයි නේද.
පොඩ්ඩක් බලන්න අද සමාජයේ ඇඳුම්.
භාගෙට පෙන්නගෙන නෙමෙයිද. ඒක ඇයි එහෙම පෙන්නන්නේ. වහගන්න ඕනේ කියන්නේ වහගන්නවට
මිසක් භාගෙට වහගන්නවට නෙමෙයි. ඔව් තර්කයක් එන්න පුලුවන් නොබල හිටිය නම් හරි නේද
කියලා. ඒත් ඊට වඩා ලේසි නැද්ද මුලින්ම
(ගහේ මුල වගේ "මුලින්ම") කපලා දාන්න පුලුවන් විදියට අපි පුරුදු වුනොත්.
මොකද කුතුහලය ඇති වෙන්න හේතුවක් තියෙන නිසයි ඵලය ඇති වෙන්නේ. හේතුව නෑ කියන්නේ
ඵලයත් නිකන්ම නැතුව වෙනවා.
එක්කෝ සම්පූර්ණ වහගන්න, නැත්නම්
සම්පූර්ණෙන් ඇරගෙන ඉන්න කියන අන්ත දෙකින් එකක් තෝරගන්න. මැදුම් පිලිවෙත මෙතනදි නන්
හොඳ නෑ. ඒ කිවේ භාගෙට වහන් භාගෙට ඇරන් කියන්නේ නිකං නැති කුතුහලයක් ඇති කිරීමක්.
No comments:
Post a Comment