මීට කලින් හින්දු දර්ශනයේ යුග ගැන කතා කරද්දී යුග හතරක් ගැන සහ මිනිසුන්ගේ හොඳ සහ ප්‍රඥාව එන්න එන්න අඩු වෙනවා කියලා කතා කරා. ඒ ගැන කියෙව්වේ නැත්නම් යුග හතර සහ කලි යුගය ගැන විස්තරය කියවලම ආවොත් මේ ලිපියේ කියන දේ හොඳින්ම තේරෙයි.
අපි පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරගෙන් එන දේවල් වගේම අපි වර්තමානයට නොගැලපෙනවා කියල ඇත ඇරලා දාන ගොඩක් දේවල් තියෙනවා.
පරම්පරා ගට්ඨනය කියන්නේ අපි හොඳට දන්නා කියන සුලබ දෙයක්. අපි බලමු ඇයි මේ පරම්පරා ගට්ඨනය ඇති වෙන්නේ කියල.
මේක හොඳින් තේරුම් ගන්න අපි පරම්පරා 3ක් සැලකිල්ලට ගමු.
60 ගණන් වල ඉපදුනු පරම්පරාව (1 පරම්පරා), 80 ගණන් වල ඉපදුනු (2 පරම්පරාව) සහ 2000 ගණන් වල ඉපදුනු පරම්පරාව (3 පරම්පරාව).
පළමු පරම්පරාව දැකපු ලොකුම දේ රේඩියෝවයි. රුපවාහිනිය කියන්නෙත් ඒ වෙද්දී තිබුනේ නැති දෙයක්. ඉතින් මේ පරම්පරාවේ අයට තමන්ගේ දවසේ වැඩ කටයුතු වලට අමතරව කරන්න තිබුන එකම දේ රේඩියෝවට කන් දීම විතරයි.
නමුත් මේ පරම්පරාවේ අයට හොඳ දැනුමක් තිබුනා ඔවුන්ට කලින් පරම්පරාවෙන් ලැබුණු. මොවුන් ඒවා අන්ධ විශ්වාසයෙන් හෝ හොඳින් තේරුම් ගෙන එලෙසම පිළිපැද්දා සහ ඊළඟ පරම්පරාවට ලබා දුන්නා. මොවුන් ට අලුතින් යමක් ලැබුනා නම් ලැබුනේ රේඩියෝවෙන් පමණයි. නමුත් රේඩියෝව රාජ්‍ය මාධ්‍ය වුනු නිසා ඒ තුල සංයමයක් සහ ප්‍රබුද්ධ බවක් තිබුනා. භාෂාව සිංහල පමණක් වුනා. ගීත අර්ථවත් සහ කනට මිහිරි ගීත වුනා. සමාජයේ යහ පැවැත්මට උදව් වුනු වැඩසටහන් විකාශය වුනා. මේ පරම්පරාව ලෝකයට එතරම් විවෘත නොවුනත්, ඔවුන්ට හොඳ අවබෝධයක් තිබුනා තමන් අවට ලෝකය ගැන. මිනිස්සු එකිනෙකා එක්ක හොඳින් ගනුදෙනු කරා. ඔවුන් එකිනෙකා වගේම සමාජය ලෝකය හොඳින් තේරුම් ගත්තා. මොකද ඔවුන්ට ලැබුණු හැමදේම කලින් පරම්පරාවෙන් ලැබුණු දේවල්. ඒවා ඉදිරියට ගෙන යාම හැර වෙනත් කරන්න යමක් තිබුනේ නෑ. රේඩියෝවෙන් විකාශය වුනු සියලුම වැඩසටහන් තුලිනුත් අනුබල ලැබුනේ සම්ප්‍රධාය රැකීමට පමණයි.
දෙවැනි පරම්පරාව වෙන 80 ගණන් වල ඉපදුනු පරම්පරාව ඉපදුනු දවසේ ඉඳන් බැලුවේ රුපවාහිනිය. ලෝකයේ සිදු වෙන දේවල්, ලකාවේ අනිත් පැත්තේ වෙන දේ මොහොතකට පස්සේ බලන්න පුළුවන් පිරිසක්.
මේ පරම්පාවට තමන්ගේ පෙර පරම්පරාවෙන් ලැබුණු දැනුම සහ සියල්ල ගබඩා කරගන්න තිබුණු ඉඩ මොවුන් දෙකට බෙදලා භාගයක පෙර දැනුමත්, අනෙක් භාගයේ අලුතින් තමන් රුපවාහිනිය සහ රේඩියෝව හරහා ලබන දැනුමත් ගබඩා කිරීමට පටන් ගත්තා.
මෙතැනදී ඔවුන්ට සිද්ද වුනා පෙර පරම්පරාවෙන් ලැබෙන දෙයින් 50% අයින් කරන්න. ඉතින් ඔවුන් තෝරනවා තියාගන්න ඕන දේවල් සහ අයින් කරන්න ඕනේ දේවල්.
මෙතැනදී ටීවී සහ රේඩියෝ නුත් යම් කිසි භාහිර බලපෑමක් කරනවා. උදාහරණයක් විදියට කෙනෙක්ට පෙර පරම්පරාවෙන් ලැබෙනවා කොස් දෙල් කන්න වැඩියෙන් නීරෝගී සහ ශක්ති සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. නමුත් රුපවාහිනිය සහ රේඩියෝව තුලින් පාන් සහ බත් වලට ලොකු ප්‍රචාරයක් ලැබෙනවා. දැන් මේ පුද්ගලයා තමන්ගේ පෙර පරම්පරාවෙන් ලැබුණු දැනුම අයින් කරලා අලුත් දැනුම එතනට පුරවා ගන්නවා. මොකද ඒ දැනුම් දෙකටම එකම තැන තියාගන්න තරම් ඉඩක් නැති නිසා.
මෙන්න මෙහෙම අලුතින් ලැබෙන භාහිර දැනුම නිසා කලින් පරම්පරාවෙන් ලැබුන සම්ප්‍රධායික දේ අයින් කරන්න මේ 2 පරම්පරාව පුරුදු වුනා.
මේකට නමකුත් දැම්මා "හණමිටි අදහස්" කියලා.
තමන්ට අයින් කරන්න ඕනේ දෙයක් තිබුනොත් එකට කිව්වේ හණමිටි අදහසක් කියලා.
නමුත් එයින් සිදු වුනු හානිය එතරම්ම දරුණු වුනේ නෑ. මොකද මේ කාලයේදීත් භාහිර බලපෑම් ඇති කරපු මාධ්‍ය වුනු රුපවාහිනිය සහ රේඩියෝව තවමත් හරවත් සහ ගුණාත්මක බැවින් යුක්ත නිසා. නමුත් හැර සුන් ගුණාත්මක බැවින් තොර දේවල් ද නොතිබුනා නොවේ. නමුත් ඉතාමත් සුළු වශයෙන්.
3 පරම්පරාව වන 2000 වර්ෂයෙන් පසු පරම්පරාව ඉපදුනෙම අන්තර්ජාලය ට සම්බන්ධ වෙමින්.
මෙතැනදී අන්තර්ජාලය හොඳයි ද නරකයි ද කියන දේ නෙමෙයි අදහස් කරන්නේ. ඒක පුද්ගලයා මත තීරණය වෙන දෙයක්.
මේ පරම්පරාව ඉපදුනු ලෝකය පාලනය කරේම රුපවාහිනිය, ගුවන් විදුලිය සහ අන්තර්ජාලය.
මේක ටිකක් තේරුම් ගත යුතු කාරණයක්.
මේ කාලය වෙද්දී සියලුම රුපවාහිනී සහ රේඩියෝ ආයතන පුද්ගලික අංශය විසින් ආක්‍රමණය කරලා ඉවරයි.
පුද්ගලික අංශයට අවශ්‍ය වුනේ ලාභය. ලාභය ලබන්න ඔවුන් තමන්ගේ බාල පරම්පරාවට ඕනෙම කුණු ගොඩක් විකුනන්න පසුබට වුනේ නෑ.
පුද්ගලික අංශය බලය පතුරපු රුපවාහිනී නාලිකා රටේ ප්‍රධානම නාලිකා වුනා. මිනිස්සු ඒ නාලිකා දවසේ වැඩි වෙලාවක් නරඹන්න පුරුදු වුනා. මේ නාලිකා හරහා ලෝකයේ අපිට ගැලපෙන වගේම නොගැලපෙන දේවල් වැඩි වැඩියෙන් පෙන්නන්න පටන් ගත්ත.
කුතුහලය කියන්නේ මිනිසුන්ගේ ජානමය ගතියක් නිසා තමන්ට අලුත් මේ දේවල් වලට මිනිස්සු උනන්දු වුනා. ඒ වැඩසටහන් වලට තිබුණු ඉල්ලුම නිසා මේ නාලිකා වැඩි වැඩියෙන් මිනිස්සුන්ට ඒ වගේ වැඩසටහනම ලබලා දුන්නා. මෙතැනදී ඒ තුලින් රටේ මිනිස්සුට මිනිසුන්ගේ ආකල්ප වලට සමාජයේ සිදු වෙන වෙනස් කම් ගැන මේ නාලිකා හිතන්න ගියේ නෑ. හිතුව එකම දෙය ලාබය විතරයි. මේ නිසා කුණු රසයට වැඩි වැඩියෙන් ඉඩක් වගේම ඉල්ලුමකුත් ලැබුනා.
රේඩියෝව තුලත් දකින්න ලැබුනේ මේ දේම තමයි. භාෂාව මරන්න පටන් ගත්තේ රේඩියෝව තුලින්. එය රුපවාහිනිය තුලින් සමාජ ගත කරා. ගීත අර්ථ සුන්, නිකන්ම නිකන් වචන ගොඩකට සංගීතය යොදපු විනාඩි 3ක් වුනා.
රුපවාහිනිය සහ රේඩියෝවෙන් මෙය සිද්ද වෙද්දී අන්තර්ජාලය බොහොම සුලබ දෙයක් වුනා.
දැන් අර කලින් පරම්පරාවෙන් ලැබෙන දෙයින් භාගයක් අයින් කරන ලක්ෂණය මේ 3 වෙනි පරම්පරවෙනුත් එහෙමම කරා. නමුත් වෙනසක් තිබුනා.
2 පරම්පරාව ඔවුන්ගේ කලින් පරම්පරාවෙන් ලැබුණු දෙයින් භාගයක් පමණයි ඉදිරියට අරන් ආවේ. ඔවුන් ඒ භාගය 3 වෙනි පරම්පරාවට දුන්නා. නමුත් ඔවුන් ඒකෙන් ගත්තෙත් භාගයයි.
දැන් ඇත්තටම 1 පරම්පරාව දැනන් හිටිය දෙයින් 3 වෙනි පරම්පරාව දන්නේ කාලක් විතරයි. ඔවුන්ගේ ඉතිරි තුන් කාලම පිරිලා තියෙන්නේ ඔවුන් විසින් සොයාගන්න දැනුමෙන්.
නමුත් මේ දැනුම ඇත්තටම වටිනා දැනුමද කියන එක ප්‍රශ්නාර්ථයක්.
අද මිනිස්සු හිතන හැටි තීරණය කරන්නේ රුපවාහිනී නාලිකා විසින්. මිනිස්සු කන්න බොන්න ඕනෑ විදිය වගේම අඳින්න පළඳින්න ඕනෑ විදිය තීරණය කරන්නේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය.
හිතන්න. භාහිර බලපෑම් නැති කාලකය අපිට ලැබුණු දැනුම අපි අද වෙද්දී දන්නේ එයින් බොහොම ටිකයි. අපි නැති කරගත් ප්‍රමාණය බොහොම වැඩියි.
අද අපි ඔලු පුරවාගෙන ඉන්නේ කිසිදු ඵලක් නැති කිසිදු හරයක් නැති හිස් දේවල් වලින්.
එහෙනම්, ඔබ හණමිටි අදහස් දරණ කෙනෙක් නම්, ඔබ අර්ථවත් දැනුමෙන් පිරුණු පුද්ගලයෙක් බව ට සැකයක් නෑ.
නමුත් ඔබ කාලයත් සමග අලුත් වෙන කෙනෙක් නම් ඔබ පිරී ඇත්තේ අර්ථ සුන් හිස් දේවල් වලින්.
මේ දෙකම සමබරව ගෙනියන්න පුළුවන් නම්, ඔබ බුද්ධිමත් පුද්ගලයෙක්. මොකද අන්තර්ජාලය රුපවාහිනිය රේඩියෝව කියන්නේ නරක දේවල් නෙමෙයි. ඔබ ගන්න දේ නරක නම් එය ඔබේ වරදක් මිස අන්තර්ජාලයේ වත් අනෙකුත් මාධ්‍යන්ගේ වරදක් වත් නොවේ.
ඔබ ගන්නේ නිවැරිදි අවශ්‍ය දේ පමණක් නම් ඔබ බුද්ධිමත් පුද්ගලයෙකු බවට කිසිදු සැකයක් නෑ.

No comments:
Post a Comment