අපි කලින් ලිපියෙන් Butterfly
effect කොහොමද අපේ ජීවිත වල පොඩි කාලේ සිදු වෙන දේවල්
එක්ක බලපාන්නේ කියල කතා කළා.
ආයෙත් විශ්ව විද්‍යාල නවක වදය කරලියට
ඇවිත් තියෙන නිසා නවක වදය සහ Butterfly effect අතර සම්බන්ධය ගැන පැහැදිලි කරනිමු.
නවක වදය ගැන අපි මීට කලිනුත් යම් දුරකට කතා
කරපු නිසා ඒ ලිපිය කියවලාම
ආවොත් හොඳයි කියලා හිතෙනවා මේ ලිපිය වැඩි දුර තේරුම් ගැනීමට.
විශ්ව විද්‍යාල නවක වදය පටන් ගන්නේ
හරිම අහිංසක විදියට.
ජේෂ්ඨ ශිෂ්‍යයෝ කියනවා බැජ් එකේ
හැමෝම අඳුනගන්න ඕනේ නිසා හැමෝගෙම නම් සහ උපාධි පාඨමාලාව මතක තියාගන්න ඕනේ කියලා.
ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද. එක බැජ් එකේ ඉද්දි හැමෝම අඳුනගෙන ඉන්න එක හොඳයිනේ
කොහොමත්. ඉතින් ඒක හොඳ දෙයක්.
ඩ්‍රෙස් කෝඩ් එකක් දෙනවා ගැහැණු ළමයි
චීත්ත ගවුම් හෝ දිග සායවල් ඇඳන් එන්නත් පිරිමි ළමයි කොණ්ඩය කොටට කපලා රැවුල කපලා
අත් දිග ෂර්ට් සහ කලිසම ට බාටා දෙක දාගෙන එන්නත්. (විශ්ව විද්‍යාලය අනුව මේක වෙනස්
වෙන්න පුළුවන්, පොදුවේ මේ වගේ ලක්ෂණ දකින්න පුළුවන්)
මෙහෙම කරන්නේ බැජ් එකේ ඉන්න දුප්පත්
ළමයි සහ පොහොසත් ළමයිගේ වෙනසක් නැති කරන්න. හැමෝම එකයි කියලා දන්වන්න. දුප්පත්
කෙනාත් අඳින්න ඕනේ මෙහෙමයි පොහොසත් කෙනාත් අඳින්න ඕනේ එහෙමයි. ඒකත් ඉතින් වැරදි
දෙයක් නෙමෙයිනේ, ඉතින් කරාට ප්‍රශ්නයක් නෑ. කොච්චර හොඳ දෙයක්ද ඇති නැති පරතරය නැති
කරලා හැමෝටම සමානව සලකන එක.
මෙහෙම හරිම අහිංසකව පටන් ගන්න නවක
වදය, ටිකක් ස්වරුපය වෙනස් කරනවා. කැන්ටින් එකේදී අහු වෙන නවක සිසුන් ට ජේෂ්ඨ
ශිෂ්‍යයෝ එක එක පුංචි නියෝග දෙනවා. බොහොම අහිංසක සහ විනෝදජනක ඒවා. සින්දුවක්
කියන්න, අභිරූපනයක් කරලා පෙන්නන්න, කතාවක් කරන්න.
මේකත් ඉතින් බොහොම අහිංසක විනෝදජනක
දෙයක් නිසා හැමෝම කරනවා.
මේ සියල්ල වෙන අතරේ ජේෂ්ඨ ශිෂ්‍යයෝ
නවක සිසුන්ගේ ඔලු හදනවා උඹලට අපි නැතුව මුකුත් කරන්න බෑ, ආචාර්ය වරුන්ටත් වඩා අපි
උඹල ගැන හොයනවා සහ උදව් කරනවා කියල. කොටින්ම පාඩම් පවා ආචාර්යවරුන්ට වඩා ජේෂ්ඨ
ශිෂ්‍යයෝන්ගෙන් අහගන්න පුළුවන් කියන තැනට ඔලු හදනවා.
මේ අතරේ නවක වාදයේ සැබෑ ස්වරුපය
එලියට එනවා. දැන් අහිංසක බව නැති වෙලා දරුණු නියෝග සහ ලිංගිකත්වය උඩට එනවා.
රෑ 8 හෝ 9 වෙනකන් කැන්ටින් එකේ ඉන්න
වෙනවා නවක සිසුන්ට ජෙෂ්ඨයන්ගෙන් බැනුම් අහ අහා. ඇයි බැනුම් අහන්නේ? හේතුවක් නැතුව.
බැලුවත් බනිනවා බලන්නේ නැතුව හිටියත් බනිනවා. අහන දේට උත්තර දුන්නත් බනිනවා,
දුන්නේ නැතත් බනිනවා. බනින්නේ අසභ්‍ය වචන වලින් බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.
එහෙම බනින්න හේතුව කියල කියන්නේ දැන්ම ඒවා අහල පුරුදු වුනාම අයෙත් කවදාවත් එහෙම
අසභ්‍ය වචන ඇහුවට අඬන්න තරම් දුකක් දැනෙන්නේ නෑ කියලා.
මේ අතරේ නවක ශිෂ්‍යයෝන්ට නවක වදය එපා
වුනත් දැන් ගැලවෙන්න බැරි වෙනවා. මොකද ඔලුව හේදුමට ලක් වුනු සහෝදර ශිෂ්‍යයෝ වහල්ලු
වගේ පස්සෙන් යද්දී මේකට විරුද්ධ වෙන නවකයින්ට රැඳෙන්න බැරි වෙනවා. ඔවුන්ව කෝන්
කරනවා. ඔවුන්ට වාචික මෙන්ම ශාරීරික ප්‍රහාර එල්ල වෙනවා.
මේ අතරේ ටිකෙන් ටික දරුණු නවක වදය
ලිංගික නවක වදය බවට පත් වෙනවා. ලිංගිකව එක් වෙන හැටි අභිරුපනයෙන්
පෙන්නන්න, පළමු ලිංගික අත්දැකීම ගැන විස්තර කරලා වචන 500 ක රචනාවක් ලියන්න වගේ එක
එක විකෘති දේවල්. දැන් නවක කියන්නේ ජේෂ්ඨ ශිෂ්‍යයන්ගේ මානසික ආශාවන් ඉෂ්ඨ කරන්න
යොදා ගන්නා ක්‍රමයක් විතරයි.
මේ අතරේ නවක වදයට යොමු නොවෙන
නවකයින්ට විශ්ව විද්‍යාලය එපා වෙලා දාල යන තැනට ජෙෂ්ඨයෝ වැඩ කරනවා.
එතන තියෙනවා බොහොම ගැඹුරු කතාවක්.
නවක වදයට විරුද්ධ ව තමන්ගේ පාඩුවේ
ඉන්න ශිෂ්‍යයන් ඇත්තටම හරිම අඩුයි. බහුතරය ඉන්නේ රැල්ලට අනුන් කරන නිසා මමත් කරනවා
තාලේ අය. නමුත් නවක වදයට විරුද්ධව ඉන්න පිරිස සුළු වුනත් ඔවුන් වෙනස් විදියට හිතන
පිරිසක්. ඔවුන් රැල්ලට නොයන පිරිසක්. මේ වගේ අය හරිම අඩුයි සමාජයේත් විශ්ව
විද්‍යාල තුලත්. ඇත්තටම මේ ලෝකය වෙනස් කරේ මෙන්න මේ වගේ වෙනස් විදියට හිතපු අයයි.
නමුත් විශ්ව විද්‍යාල තුල මේ වෙනස් පිරිසට තැනක් නැති වෙනවා. එක්කෝ නවක වදයට යොමු
වෙලා අනිත් අය වගේම කියන කියන දේ කරන්න ඕනේ. නැත්නම් විශ්ව විද්‍යාලය දාල යන්න
ඕනේ.
මෙහෙම නවක වදය මාස 3 ඉවර වෙද්දී
ජෙෂ්ඨයෝ කියන ඕනෙම දෙයක් හරි හෝ වැරදි කිසිවක් නොහිත නොබලා කියන ඕනම දෙයක් කරන
තත්වෙට මේ නවක ශිෂ්‍යයෝ හැඩගැහෙනවා. වෙනස් පිරිස විශ්ව විද්‍යාලය දාල යනවා.
මෙන්න මෙතනින් තමයි ප්‍රශ්නේ පටන්
ගන්නේ.
දැන් නවක ශිෂ්‍යයා හරි මොකක්ද වැරදි
මොකක්ද දන්නේ නෑ. ඇත්තටම දන්නේ නෑ නෙමෙයි හිතන්නේ නෑ. ඉහලින් කියන ඕනෙම දෙයක්
කරනවා. එහෙම හිතන හරි දේ පමණක් කරන වැරැද්ද නොකරන පිරිසට විශ්ව විද්‍යාලයේ ඉන්න
බැරි තත්වයක් උදා වෙන නිසා ඔවුන් උපාධිය දාල ගෙදර යනවා.
දැන් මෙහෙම හිතන්නේ. අපේ රටේ සියලුම
ඉහල තනතුරු වල ඉන්නේ මෙන්න මේ විශ්ව විද්‍යාල වලින් බිහි වෙන උපාධිදාරීන්.
මොවුන්ගේ ඔලු හදල තියෙන්නේ හරි හෝ වැරදි ඉහලින් කියනවා නම් ඒක කල යුතුයි කියලා.
ඉතින් ඔවුන් රටේ ඉහල තැන වලට ගිහින් කරන්නේ තීරණ ගන්නේ හරි දේ නෙමෙයි. ඉහලින් කියන
ඕනේ දෙකට ඔලුව නමල ඉන්නවා. හොඳම උදාහරණය දේශපාලුවෝ ගේ නියෝග පිළිපැදල හිරේ ගිය
නිලධාරින් පහු ගිය කාලේ.
මොවුන් අලුතින් දෙයක් හිතන අය
නෙමෙයි. එකම දේ කර කර ඉහල නියෝග පිළිපදින අය විතරයි.
අර වෙනස් පිරිස මෙතනට පත් වුනා නම්
ඔවුන් වෙනස් දෙයක් කරයි. ඔවුන් හරි දේ පමණක් නියෝග ඉටු කරයි. වැරදි දේට බෑ කියයි.
එත් අවාසනාවකට ඔවුන්ට උපාධිය නැති නිසා මේ තනතුරු ඔවුන්ට ලැබෙන්නේ නෑ.
ඉතින් රටක් දියුණු වෙන්නේ කොහොමද මේ
විදියට? අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. හිඟා කෑම බැරි වුනු තැන ලගී ගයා
මරගී කියල කුමරතුඟුවන් කිව්වේ නිකන් නෙමෙයි.
ඉතින් එක් තැනක විනෝදයට පටන් ගත්
දෙයක් අවසානයේ රටක දියුණුව නවත්තන එක Butterfly effect එකක් කියල තේරුම් කරන්නයි මේ ලිපිය ලිව්වේ.
No comments:
Post a Comment