Saturday, September 14, 2019

කල කිරීම 2

කලින් කතා කරා ඇයි අපිට සිදුහත් කුමාරයා දැකපු සතර පෙර නිමිති කොච්චර දැක්කත් කලකිරෙන්නේ නැත්තේ කියලා.

ඇත්තටම කලකිරෙන්න හේතු වෙන එකම දේ ඒ සිද්දීන් 4 විතරක් නෙමෙයි. එක් හාමුදුරු නමක් සිත එක් තැන් කරගෙන භාවනා කරලා රහත් වෙන්න උත්සහ කරත් එක කරගන්න බැරි වුනා. කොච්චර භාවනා කරත් බැරි වුනා. හැම ක්‍රමයක් කරා. මේක දැනගත්තු බුදුහාමුදුරුවෝ ඒ හාමුදුරුවොන්ට සුදු රෙදි කෑල්ලක් දීල කිව්වා මේ රෙදි කෑල්ල හොඳින් පිරිමැද මැද ආනපානව වන්න කියලා.

ඒ හාමුදුරුවෝ හුස්ම ඉහල ගනිද්ද්යි පහලට හෙලද්දියි අර සුදු රෙදි කෑල්ල හොඳින් පිරිමැද මැද භාවනාව කරා. භාවනාව ඉවර වෙලා බලද්දී අර සුදු රෙදි කෑල්ල කුණු පාට වෙලා. ඒ හාමුදුරුවෝ කල්පනා කරා, මගේ අතේ කුණු වලින් මේ රෙදි කෑල්ල මෙච්චර කුණු පාට වෙන්න නම් මගේ අතේ කොච්චර කුණු තියෙන්න ඕනෙද. මම කොච්චර පිරිසිදු වෙන්න උත්සහ කරත් වැඩක් නෑ නේ. මෙහෙම කල්පනා කරපු හාමුදුරුවොන්ට තමන්ගේ ශරීරය ගැන කලකිරුණා. ඒ මොහොතේම උන්වහන්සේ රහත් ඵලය ලැබුවා. බුදුහාමුදුරුවෝ එතැනදී උපක්‍රමයක් පාවිච්චි කරලා ඒ හාමුදුරුවොන්ට කලකිරීම ඇති වෙන්න ක්‍රමයක් හදල දුන්නා. එත් වැදගත් කාරණාව උන්වහන්සේ රහත් වුනේ සතර පෙර නිමිති දැකල නෙමෙයි. සුදු රෙදි කෑල්ල කුණු පාට වෙලා තියෙනවා දැකලා.

ඉතින් කලකිරීමට හේතු වෙන්න පුළුවන් විවිද දේ. වර්තමානයේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ට මහල්ලන් ලෙඩ්ඩු දැකල දැකල දැන් කිසි ගානක් නැති වෙන්න පුළුවන්. ඒත් සමාජයේ දකින දේවල් නිසා කලකිරීම ඇති වෙන්න පුළුවන්.

උදාහරණයක් විදියට කෙනෙක්ට තේරෙනවා නම් මේ ලෝකයේ ආදරය කියල දෙයක් නෑ, ඒ බෝඩ් ලෑල්ල එල්ලගෙන හැමෝම එන්නේ තමන්ගේ ආසාවන් ඉෂ්ට කරගන්න කියලා, එක කලකිරීමට හේතුවක් වෙන්න පුළුවන්.
තවත් කෙනෙක්ට හිතුනොත් අපි මැරෙනකන්ම ඉන්නේ අනිත් අයට ඕනේ විදයට නේද කියල, ඒක කලකිරීමට හේතුවක් වෙන්න පුළුවන්.
සමහරවිට ඉතාමත් සුළු දේවල් හේතුව වෙන්න පුළුවන් කලකිරෙන්න. නමුත් හේතුව සුළු වුනත් විශාල වුනත් මේ විදියට සත්‍ය තේරුම් ගන්න පුළුවන් ඉතාමත් සුළු පිරිසකට විතරයි. මොකද ඇති බහුතරය මේ කෑම ලෝකයේ ඇලිලා ගැලිලා මුලාවෙලා ඉන්නේ. ඒ අයට මේ කිසිම දෙයක සත්‍ය තේරෙන්නේ නෑ. ඉතින් ඒ අයට මේ කිසිම දුකක බරපතලකමක් තේරෙන්නේ නෑ. මැරෙනකන් මේ දුක විඳිනවා මැරෙන මොහොතේ හරි ලෞකික සැපක් විඳිනවා කියන බලාපොරොත්තුවෙන්. එත් කවුරුවත්ම එතනින් එහාට ගැන හිතල වැඩ කරන්නේ නෑ.

හැමෝම හිතන්නේ මේ ජීවිතේ ඉන්න ටික කාලය ගැන විතරයි. එතනින් එහාට කිසිම අදහසක් නෑ. අපි කලින් කතා කරා අපි මේ ඉන්නේ කලියුගයේ. එන්න එන්නම හොඳ නැති වෙලා නරක වැඩි වෙන යුගයේ. බුද්ධිය හීන වෙලා කාමය වැඩි වෙන යුගයේ. මේ යුගයේ කලකිරෙන්න දේවල් ගෙදරින් එලියට බැස්ස මොහොතේ ඉඳන්ම දකින්න පුළුවන්. ඒත් ඒ දේ යතාර්ථය දකින්න තරම් බුද්ධියක් නැති මිනිස්සුන් (බෞද්ධයින්) ඉන්න සමාජයක කලිකිරීම කියන්නේ නිකන්ම නිකන් වචනයක් විතරයි.

3 comments:

  1. “කළකිරීම“ කියන්නෙ තවත් එක් මිනිස් “හැඟිමක්“ මෙතැන වැදගත්ම දේ කළකිරීමක් වුනාම “එයට හේතුවූ සාධකය හෝ හේතුව “ හඳුනාගෙන , ජිවිතයේ ඉදිරියට යාම. නමුත් අපේ රටේ බොහෝ දෙනෙක්ගේ අද “රැල්ලක්“ වීගෙන යනවා (මේකට මූලික හේතුවක් දහම නොදැන අවස්ථානුකූල ,රැල්ලට “බණ“ කියන ආගමික පූජකයෝො) , යම් හේතුවක් නිසා “කළකිරීමට“ ලක්වුනාම , ඒ කළකිරීමේ ගිලිල මානසික ලෙඩෙක් වෙන තරමට “කළකිරීමේ අන්තයට“ යන්න , ඒ ඔස්සේ විවිධ “අන්ධ භක්තික“ රැළි ඔස්සේ යමින් “මිනිසෙක්“ ලෙස ජීවත් විය යුතු මේ ජීවිතය මරෙන තුරු විඳවමින් ඉන්න. සමාවන්න මේ මගේ පෞද්ගලික මතය පමණි.

    ReplyDelete
  2. ඔබේ මේ අදහස එක්ක මම හරියටම නැතත් 90% විතර එකඟයි. මෙතන කලකිරීම කියන්නේ "දුක" කියලා ලඝු කොට නොතකුවොත් දහම් සංවේගය කියන දේ තේරුම් ගන්න පුළුවන්. ඒක අඩන්නේ නැති දෙයක්.
    සමහර මිනිසුන් එහෙම දහම් සංවේගය නිසා ඇස් ඇරිලා නුවණ පහල වෙනවා. ඕක නොතේරෙන සමහරු තමයි ප්‍රේම සම්බන්ධතා කැඩිලා මහන වෙනවා කියන මතේ ඉන්නේ. එතැනදී තියෙන්නේ ආශාව වැඩිකමට ඒක ලබාගන්න බැරි උනාම, ඉල්ලපු සෙල්ලම් බඩුව දුන්නේ නැහැ කියල ගෙදරින් තරහවෙලා යන ජාතියේ පොඩි උන්. එහෙම අය විමුක්තියක් දකින්නේ නැහැ. ඒවා සංදර්ශන

    ++++++++++++++++++

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete