හැමෝම දන්නවා බුදුහාමුදුරුවෝ වෙසක්
පොහොය දවසක බුද්ධත්වය ලබල ඊළඟ මොහොතේම තමන් වටහා ගත සත්‍ය ඉක්මනටම කාට හරි කියන්න
ඕනේ කියල හදිසි වුනේ නැති බව. එත් ඇයි ඒ?
මොකද එක තමයි මාකටින් කියන්නේ.
නිකන් හිතන්න, අපේ සමාජේ ගැන
මුලින්ම. අපේ සමාජයේ වැඩියෙන්ම ඉන්නේ අලුත් දෙයක් කරන්න උත්සහ කරන අයද නැත්නම් කරන
අයටත් අපහාස කරන කකුලෙන් අදින අයද? අපි උදාහරණයකින් තේරුම් ගමු.
කමල් කියල පුද්ගලයෙක් ඉන්නවා වෙනස්
විදියට හිතන, අලුත් දේවල් කරන්න කැමති කෙනෙක්. කමල්ට අලුත් අදහසක් ඔලුවට එනවා. දැන් කමල්ගේ මුල්ම
කාර්යය වෙන්නේ තමන්ගේ ඔලුවට ආපු අදහස හිතේ තෙරපගෙන ඉන්න අමාරු නිසා මේක කාට හරි
කියන එක. අපි හිතමු කමල් මේක සමන් කියල පුද්ගලයෙකුට කියනවා.
සමන් ගත් කටටම අපෝ ඕක වැඩක් නෑ. ඔයිට
වඩා හොඳ ඒවා දැන් කොච්චර නම් තියේද. නිකන් බොරු වැඩ නොකර ඉන්නවා, කියල අධෛර්යට පත්
කිරීම. දැන් කමල්ගේ ඔලුවට ආපු අලුත් අදහස උපදින්නත් කලින්ම මැරුණා වගේ නේද.
සමන් එතනින් නොනැවතී මේක විහිලුවට
අරන් අනිත් අයත් එක්කත් මේ ගැන කියා කියා කමල්ව හාස්‍යට ලක් කරනවා. දැන් කමල් ගේ
ප්‍රතිරූපය අනිත් අයට, ඔවුන්ගේ කෝණයෙන් පෙන්නේ විකාර වැඩ කරන පිස්සෙක් විදියට.
දැන් කමල් ගේ අදහසට වටිනාකමක් නෑ වගේම කමල්ටත් වටිනාකමක් නැති වෙනවා. කමල්ව
කවුරුවත් ගණන් ගන්නේ නැතුව යනවා. කමල්ව පිස්සෙක් මෝඩයෙක් විදියට හංවඩු ගැහෙනවා.
දැන් ඇත්තටම කමල්ගේ ඔලුවට ආපු අලුත්
අදහස සමාජ ගත වෙන්න කිසිම ඉඩක් නෑ. අදහස කෙසේ වෙතත් කමල්ටත් සමාජයේ ඉන්න අමාරු
වෙනවා.
එත් අපි මෙහෙම හිතමු. කමල්ගේ ඔලුවට
ආපු අදහස කමල් කාටවත් නොකිය ඉවසගෙන ඉන්නවා ඒ අදහස තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හමු
වෙනකන්. ටික කාලෙකට පස්සේ කමල්ට හමු වෙනවා පසන් කියලා කෙනෙක්. පසන්ට බුද්ධියක්
තියෙනවා මේ අදහස තේරුම් ගන්න. ඒ නිසා කමක් පසන්ට තමන්ගේ ඔලුවට ආපු අදහස කියනවා.
පසන් ඒ දේ අහල ගොඩක් සතුටු වෙනවා වගේම කමල්ට ඒ අදහස සාර්ථක කරගන්න උදව් කරනවා.
පසන් කමල් ව ගොඩක් අගය කරනවා. කමල්ව අනිත්
අය ඉස්සරහ වර්ණනා කරනවා. දැන් කමල්ගේ ප්‍රතිරූපය අලුතින් ගොඩ නැගෙනවා (කිසිවෙකුත් නොදන්නා කමල්ගේ සිට) සමාජය ඉස්සරහ
බුද්ධිමත් නව නිර්මාණ කරුවෙක් විදියට. සමාජය කමල්ට සලකනවා. කමල් කියන දේ අහන්න
පටන් ගන්නවා. එකෙන් සමාජයට වෙන්නෙත් යහපතක්.
දැන් හිතන්න. බුදු හාමුදුරුවෝ තමන්
වටහා ගත සත්‍ය ඉස්සරහට හම්බෙන කාටහරි කිව්වා නම්, ඒ මනුස්සය ඒ ගැඹුරු ධර්මය අවබෝධ
කරගන්න පුළුවන් මට්ටමේ බුද්ධියකින් හෙබි නොවුන නම්, බුදුහාමුදුරුවෝ ගැන සමාජයට
යන්නෙත් කමල් ගැන සමන් සමාජයට දුන්නු ප්‍රතිරූපයමයි.
නමුත් බුදුහාමුදුරුවෝ මාකටින්
දන්නවා. මෙච්චර ගැඹුරු සත්‍ය අවබෝධ කරගත්තු බුදුහාමුදුරුවොන්ට ඒක තේරෙන්නේ නැත්නම්
එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
ඒ නිසා බුදුහාමුරුදුවෝ කලබල නොවී
හදිසි නොවී තමන් අවබෝධ කරගත් සත්‍ය වටහා ගත හැකි මට්ටමේ බුද්ධියක් හිමි අයෙක්
මුණගැහෙන තුරු ඒ ගැඹුරු ධර්මය සහ තමන්වහන්සේගේ ප්‍රතිරූපය නැති කරගත්තේ නෑ.
මුලින්ම පස්වග තවුසන් හමු වෙනකන් ම උන්වහන්සේ බණ කිව්වේ නෑ. පස්වග තවුසන් ගෙන්
පස්සේ යස කුල පුත්‍රයා, ඔහුගේ යහළුවන් 54 දෙනා ට ධර්ම අවබෝධය ඇති කරලා කිව්වා දැන්
ධර්ම ප්‍රචාරයේ යන්න කියලා. මොකද බුදුහාමුදුරුවෝ දැනගෙන හිටිය පළමු රහත් 60 නම
තමන් අවබෝධ කරගත් ධර්මය යම් දුරකට ඔවුනුත් අවබෝධ කරගෙන රහත් වූ නිසා සමාජයට මෙම
සත්‍ය සත්‍ය ලෙසම පැතිරෙන බව.
ඉතින් අපිත් අපේ හිතට එන අදහස්, නව
සංකල්ප උපදින්නත් කලින් මරන්නේ නැතුව ඒ අදහස හෝ සංකල්පය තේරුම් ගන්න පුළුවන්
කෙනෙක් හමුවෙනකන් ඉමු ඒ දේ කියන්න. ඉස්සරහට හම්බෙන හැමෝටම කියා කියා යන එකෙන්
වෙන්නේ අපි අපේම ප්‍රතිරූපය සහ ධෛර්ය නැති කරගන්න එකයි. හිත ඇතුලේ තෙරපි තෙරපි
තියෙන අදහස කියන්නම ඕනේ නම් එත් කියන්න කෙනෙක් නැත්නම්, කොලයක් අරගෙන එකේ ලියන්න.
එත් ඒ අදහස තේරුම් ගන්න බැරි කෙනෙකුට කියල ඒ දේ උපදින්නත් කලින් මරල දාන්න නම්
එපා.
No comments:
Post a Comment