ශ්‍රී ලංකාව අවුරුදු 72ක් තිස්සේ එකම තැන තියෙනවා මේක කවදාවත් දියුණු වෙන රටක් නෙමෙයි, අපේ සීයලාගේ කාලෙත් දියුණු වෙමින් පවතින, තාත්තලාගේ කාලෙත් දියුණු වෙමින් පවතින, අපේ කාලෙත් එහෙමයි අපේ දරුවන්ගේ කාලෙත් එහෙමයි, මේ කතාව දැන් පෙර පාසල් යන පොඩි ළමයා පවා කියන දෙයක්. අපි හැමෝම මේක කතා කරනවා මහා පිළිකුල් ස්වරයකින්. ඒත් අපි කවදාවත් හිතුවද ඇයි එහෙම වෙන්නේ, මොකක්ද මේකට හේතුව කියලා?
නෑ...
අපිට සුපුරුදු "හැමෝම කියනවා ඉතින් අපිත් කියනවා" න්‍යාය තමයි මෙතනත් අපි කරන්නේ.
මේක රටක් විදියට හීනමානය නොවුනත් මේ දේ නොකිය බෑ. අනිත් රටවල් වල මිනිස්සු හිතන්නේ "අරූට මේක කරන්න බැරි වුනා නම් ඇයි එහෙම වුනේ කියල හෙව්වොත් මට පුළුවන් ඒක කරන්න" කියලා.
අපි හිතන්නේ "ඌට ඒක බැරි වුනා නම් මම කොහොමද යකෝ එක කරන්නේ, මම වෙනම අමුතු එකෙක්ද" කියල.
මෙන්න අපේ රටේ එක තැන තියෙන්න පලවෙනි හේතුව. එකින් එක තේරුම් ගමු.
1. අරූට බැරි නම් මටත් බෑ. (මට බැරි නම් අරුටත් බෑ)
අපි මේක මීට කලින් ඉබ්බාගෙයි හාවගෙයි අලුත්ම කතාව... සහ ඉබ්බාගෙයි හාවගෙයි අලුත්ම කතාව season 2... තුලින් කතා කළා විස්තරාත්මකව. ඒක නොකියපු කෙනෙක් නම් උඩ ලින්ක් එකෙන් ගිහින් කියවලම අවොත් ලේසි වෙයි තේරුම් ගන්න මේ කතාව.
අනිත් රටවල් වල අලුතින් හිතන්න පතන්න පුරුදු කරන්න රජයන් විසින් වෙනම ව්‍යාපෘති දියත් කරනවා ඒ රටේ මිනිස්සුන්ගේ චින්තන හැකියාව දියුණු කරන්නත්, ඒ මිනිස්සුන්ගේ නව චින්තනයන් ගෙන් රටට ප්‍රයෝජන ගන්නත්. ලංකාව හැර අනිත් ලෝකයේ සියලුම රටවල් එකට උදාහරණ. ඒක හැමදාම කර වගේ ලංකාව පහත කිරීමක් නෙමෙයි, ඒත් අවාසනාවකට ඒකයි ඇත්ත.
නව චින්තනයන් දියුණු කිරීම කෙසේ වෙතත් කවුරු හරි මනුස්සයෙක් අලුත් දෙයක් හිතල කරොත් එකට වටිනාකමක් වත් දෙන රටක්ද මේක? මට මතකයි අනාරක්ෂිත රේල් ගේට්ටුවකට කෙනෙක් ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක් අත් හදා බලලා එක සාර්ථක වෙලා තිබුනා. ඒකට ලැබුණු වටිනාකම මොකක්ද. ඒ මනුස්සයට එරෙහිව නඩු දැම්මා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් රේල් ගේට්ටුවක් අත් හදා බැලීමකට යොදාගත්තා කියලා.
මේකේ දෙපැත්තක් තියෙනවා. දෙගොල්ලොම වැරදියි කියන්න බෑ.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දේපලක අනවසරයෙන් එහෙම දෙයක් කරාම එකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා.
ඒ මනුස්සය එකට අවසර ගන්න ගියා නම් අදටත් අතනටයි මෙතනටයි දුව දුව ලියකියවිලි අත්සන් කර කර ඉන්න තිබුනා.
දැන් මෙතන දෙගොල්ලොම වැරදි නෑ. එහෙනම් කොහෙද වැරැද්ද?
ජනප්‍රිය මාතෘකාව සිස්ටම් එකේද?
අපෝ නෑ.
දැන් අර රාවණා විහිළුවක් වෙලා වගේ සිස්ටම් එකත් විහිළුවක් වෙලා.
වැරැද්ද තියෙන්නේ චින්තනයේම තමයි. එක සිස්ටම් එක නෙමෙයි. එක අපි අපිමයි. අපි හිතන හැටි.
දුම්රිය දෙපාර්තමේන්තුව තේරුම් ගත්ත නම් මේකෙන් යහපතක් වෙන්නේ අපිටමයි මේ රටේ ජනතාවටමයි, අපේ දෙපාර්තමෙන්තුවටමයි කියලා, මේ ප්‍රශ්නේ මෙහෙම වෙන්නේ නෑ. ලංකාවේ රේල් ගේට්ටු ගාව විශාල පිරිසක් ඉන්නවා රැකියාව විදියට කෝච්චිය එන වෙලාවට ගේට්ටුව වහන්න අරින්න ඉන්න. මට මතකයි එක පාරක් මෙයාල වැඩ වර්ජනයකුත් කරා පඩි වැඩි කරලා ඉල්ලලා. එදා කොච්චි දිව්වේ නෑ. මොකද රේල් ගේට්ටු ආරක්‍ෂිත නැති නිසා. තවත් මතකයි ඒ එක්කෙනෙක් බීල ගේට්ටුව වහන්න අමතක වෙලා වුනු අනතුරු.
එයාලට වැරදි කියනවා නෙමෙයි. එත් අපි මෙහෙම හිතමු.
මේ ලංකාවේ ගේට්ටු වහන්න ඉන්න පිරිස 200යි මුළු ලංකාවටම. (අතුරු පාරවල් වල ඉන්න පිරිස පමණක් බව සලකන්න)
මෙයාලා එක්කෙනෙක්ට දවසට 300ක් ගෙවනවා. එතකොට මාසෙට 9000යි.
9000 x 200 = 1800000
දැන් හිතන්න ස්වයංක්‍රීය රේල් ගේට්ටු දැම්මොත් ඇති වෙන වාසිය.
1. අඩු වියදම්.
2. වැඩි ආරක්‍ෂිත බව.
3. සියලුම රේල් ගේට්ටු වලට යොදා ගැනීමේ හැකියාව. (දැන් හැමතැනම නැත්තේ ගොඩක් තැන වලට මිනිස්සු දාන්න තරම් සල්ලි නැති නිසා දුම්රිය දෙපා ට.)
දැන් මේකට විරුද්ධව ඕනේ තරම් තර්ක එන්න පුළුවන්. හැමතැනටම රේල් ගේට්ටු දාන්න යන මූලික වියදම, ඕකට කරන්ට් එක යනවා, කරන්ට් නැති වුනොත් මොකද කරන්නේ ගෙට්ටුව වැහෙන්නේ නෑ නේ. මේවා අර ඕනෙම දේකට විරුද්ධ වෙන ඍනාත්මක මිනිස්සුන්ගෙන් එන ප්‍රශ්න. කරන්ට් එක කොහොමත් යනවා සිග්නල් වලට ඉඳන් හැමදේටම. ඒවා වෙනම ලයින් එකක්. කරන්ට් එක ගියාට ඒවා නැති වෙන්නේ නෑ. එහෙනම් ඒ ලයින් එකෙන්ම කරන්ට් එක දුන්නොත් ගේට්ටුවට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. ඔව් ඕනෙම දෙකට මූලික වියදමක් යනවා. හැබැයි මූලික වියදම විතරයි නම් එතනින් එහාට ආරක්ෂාව සහ කාර්යක්ෂම තාවය ඉහලයි නම් ඒ වියදම කරාට පාඩුවක් නෑ.
දැන් මෙච්චර දුර එන්නේ නැතුව අපි බලමු ඇත්තටම වුනු සිද්දිය දිහා හැරිලා.
මනුස්සයෙක් රේල් ගේට්ටුවක් අත් හදා බැලුව. එක සාර්ථක වුනා. ඒ වුනාට ඒ මනුස්සයට එරෙහිව නඩු වැටුනා අනවසරයෙන් රේල් ගේට්ටුවක් අත්හදා බැලුව කියලා.
දැන් ඒ මනුස්සයට ලැබුණු තෑග්ග ඒක.
ඒ අත්හදාබැලීම සාර්ථක වුනු නිසා ඒක තමන්ගේ දෙපාර්තමේන්තුවට යොදාගන්න හිතන්නේ නෑ. හරි නම් විය යුත්තේ එකයි. ඒ මනුස්සය තමන්ගේ වියදමින් රේල් ගේට්ටුවත් හදලා ඒක තමන්ගේ වියදමින් කරන්ට් එක දීල අත්හදා බලල සාර්ථක වුනාම කිසිම උදව්වක් නොකරපු දෙපාර්තමේන්තුව නඩු දානවා. දැන් ඒ මනුස්සයට මොනවා හිතෙනවා ඇත්ද.
දෙපර්තම්නේතුව නීති පොතයි තමන්ගේ ඊගෝ එකයි පැත්තකින් තියලා ටිකක් පුළුල්ව ලොකු පින්තුරය දිහා බැලුව නම් දෙගොල්ලොන්ට එකට වැඩ කරන්න තිබුනා. ඒත් නීති සහ බලය ඊගෝ මේවා එක්ක රටකට තියා මනුස්සයෙක්ටවත් ඉදිරියට යන්න බෑ.
මේ එක උදාහරණයක් විතරයි.
තව ඕනෑ තරම් තියෙනවා.
අලුත් අඩු වියදම් කාර් එකක් හදපු තරුණයව පොලිසියෙන් අත් අඩංගුවට අරන් නඩු දැම්ම මෝටර් රථ දෙපර්තමෙන්තුවී ලියාපදිංචි නොකර වාහනයක් පාරට දැම්ම කියලා. (test drive එකේදී)
හැමතැනම පෝස්ටර් ගහල ජරා කරලා තිබුණු තැනක් සුද්ද කරලා එතන තමන්ගේ වියදමින් අපුරුවට සිතුවම් කරපු තරුණයන් පිරිසකට පොලිසියෙන් නඩු දැම්ම පොදු දේපල ට හානි කිරීම කියලා.
දැන් මේ යමක් කරන්න හදන තරුණයන් රටේ. නව චින්තනයන්. කෝ මේ අයට අත් වැලක්?
ආයෙත් මේ අය දෙයක් කරන්න උත්සහ කරයිද? මේක අහපු කිසිම කෙනෙක් දෙයක් කරන්න පෙළඹෙයිද?
රටක් විදියට ඉදිරියට යන්න නම් නීතිය බලය සහ ඊගෝ පැත්තකින් තියලා පුළුල්ව ලොකු චිත්‍රය දකින්න පුළුවන් වෙන්න ඕනේ. පොලිසිය දකින්නේ තමන්ගේ නීති පොත විතරයි නම් එකෙන් සිද්ද වෙන රටක් විදියට දියුණුව හෝ පියවරක් ඉදිරියට පෙන්නේ නෑ.
දුම්රිය දෙපාර්තමේන්තුව දකින්නේ තමන්ගේ සීමාවේ අනවසරයෙන් කිසිම දෙයක් බෑ කියන නීතිය විතරයි නම්, එකෙන් රටටම ගන්න පුළුවන් සේවය පෙන්නේ නෑ.
දුම්රිය දෙපාර්තමේන්තු, පොලිසි, අමාත්‍යංශ, ආයතන මේවා ඔක්කොම සංකල්පමය දේවල්. මේ දේවල් නිකන් නම් විතරයි. පොලිසිය අත් අඩංගුවට ගත්ත කිව්වට මේක කරන්නේ ඒ බලය තියෙන මනුස්සයෙක්. ඒ මනුස්සයාගේ මානසිකත්වය අනුවයි ඒ මනුස්සය හැසිරෙන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුව නඩු දැම්ම කිව්වට එක කරන්නේ යම් නිලධාරියෙක්. ඒ මනුස්සයාගේ මානසිකත්වය අනුවයි එක කරන්නේ.
ඒ මනුස්සයට මේ ලොකු පින්තුරේ පේනවා නම් ඒ මනුස්සය ගන්න තීරණේ යහපත් වෙනවා.
ඒ මනුස්සය දකින්නේ පටුව තමන්ගේ ආයතනයේ නීතිය විතරයි නම් ඒ මනුස්සය ගන්න තීරණය පටු රටට අයහපත් තීරණයක් වෙනවා.
මොකද මේ හැම තීරණයක්ම ගන්නේ කවුරුන් හෝ මනුස්සයෙක්. ඒ කෙනාගේ පාරිසරික, සමාජ, දේශපාලන සහ සංස්කෘතික කියන සියලුම වට පිටාව මේ තීරණ වලට හේතු වෙනවා.
ඔව් නීතිය එහෙමයි. ඒත් නීතියට වැඩ කරපු කිසිම කෙනෙක් දියුණු වෙලත් නෑ.
එතකොට කොහොමද කොතනදිද නීතිය නවන්න ඕනේ, නවන්න ඕනේ නැත්තේ කොතනදිද කියල තේරුම් ගන්නේ?
ඒක මීළඟ ලිපියෙන් කතා කරමු.

මේ ලගදි සාමනේර හාමුදුරුවන් දෙන්නාට ගහපු එක විඩියෝ කරලා දාපු එකාවත් පොලොසියෙන් හෙව්වේ සම්මානයක් වත් දෙන්නද දන්නෑ.
ReplyDelete