අපි කලින් කතා කළා පලවෙනි හේතුව ඇයි මේ රට හැමදාම එකම තැන තියෙන්නේ කියල. මේ ලිපියෙන් අපි තවත් හේතුවක් කතා කරමු.
මේ රට මෙතනම හැමදාම තියෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ රටේ අධ්‍යාපනය.
ඔව්. අපේ රටේ අධ්‍යාපනය අපේ රට තව තවත් පහලටම ඇදලා දාන්න උදව් කරනවා. ඒ කොහොමද කියල දැනටමත් ඔබ දන්නවා ඇති යම් දුරකට. විස්තරාත්මකව අපි ඒ ගැන කතා කරමු.
අපේ රටේ ඉස්සර තිබුනේ පිරිවෙන් මූලික අධ්‍යාපන ක්‍රමයක්. ඉගෙන ගන්න කැමති අය ගිහින් ඉගෙන ගන්නවා පන්සලෙන් අකමැති අය ගෙදර ඉන්නවා. කාටවත් බලකිරීමක් නෑ. කොහොම හරි ඉංග්‍රීසින් ගෙන් පස්සේ මේක යම් යම් වෙනස් කම් වල භාජනය වෙලා අනිවාර්ය අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය තුලින් ළමයින්ට අධ්‍යාපනය ට අයිතියක් ඇති කරා. ඇත්තටම මේ ඉතාමත් වටිනා වගේම වැදගත් ක්‍රියාමාර්ගයක්.
ඒත් මේකේ තිරේ පිටු පස කතාව ටිකක් වෙනස්. අපි කතා කරන්නේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන නෙමෙයි නිසා මම මේවා කරේ කවුද විරුද්ධ වුනේ කවුද කියල කියන්න යන්නේ නෑ. නමුත් මෙතැනදී කියන්නම ඕනේ අපේ අධ්‍යාපන ක්‍රමය බ්‍රිතාන්‍යයෙන් උපුටා ගත්ත එකක් කියල.
කාර්මික විප්ලවයත් එක්ක බ්‍රිතාන්‍ය ළමයින්ට දවසට පැය කිහිපයක් අධ්‍යාපනය අනිවාර්ය කරා. එකට හේතු තිබුන. ළමයින්ට තිබුණු ආදරයක් නිසා නෙමෙයි. කාර්මික විප්ලවය එක්ක යන්ත්‍ර සුත්‍ර එක්ක වැඩ කරන්න කලින් වැඩවසම් යුගයේ වගේ ඇඟ පත සහ හයිය විතරක් තිබිල මදි. එකට යන්ත්‍ර සුත්‍ර ගැන දැනුමක් තියෙන්නත් ඕනේ. අඩුම තරමේ මූලික දැනුමක් වත්. ඒ නිසා ළමයින්ට දවසට අනිවාර්යෙන් පැය කිහිපයක් අධ්‍යාපනය අනිවාර්ය කරපු බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය ගොඩ නැගුවා ඒ කාර්මික ක්‍ෂේත්‍ර වලට අවශ්‍ය දැනුම සහිත කම්කරුවන් බිහි කරන්න.
මේකට විද්‍යාව සහ ගණිතය අනිවාර්ය විෂයන් බවට පත් කරා. දැන් අධ්‍යාපනයෙන් එලියට එන්නේ යන්ත්‍ර සුත්‍ර එක්ක ගැටෙන්න පුළුවන් දැනුම සහිත කම්කරුවෙක්. කාලයත් එක්ක බ්‍රිතාන්‍ය කාලයට අවශ්‍ය විදියට අධ්‍යාපනය වෙනස් කරත් අපේ රට උපුටා ගත්ත අධ්‍යාපන ක්‍රමය නොවෙනස්ව යම් යම් ඇමිණුම් සහිතව අදටත් ඒ විදියටම ගෙනියනවා.
අපේ රටේ අදට තියෙන්නෙත් මේ අධ්‍යාපන රටාවම තමයි. විද්‍යාව සහ ගණිතය ප්‍රධාන විෂයන් වුනු කම්කරුවන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක්. නමුත් අපේ රටේ කිසිම කාර්මික විප්ලවයක් සිදු වුනේ නෑ.
පස්සේ කාලෙකදී ඉංග්‍රීසි විෂය එකතු වුනා. ඊටත් පසුව අතිරේක විෂයන් තාක්ෂණික විෂයන් වගේ යම් යම් ඇමිණුම් සිදු වුනත් අදටත් ප්‍රධාන ක්‍රමය වෙනස් වෙලා නෑ.
එතකොට අපි අදටත් බිහි කරන්නේ කාර්මික විප්ලවය කාලේට අවශ්‍ය වුනු කම්කරුවන්.
මේකට විවේචන තියෙන්න පුළුවන් දොස්තරලා වෙන්න ඉංජිනේරුවරු වෙන්නත් ඕනේ විද්‍යාවයි ගණිතයයි කියල. ඔව් ඒත් ඒක වෙනස් කතාවක්. කොහොමද කියල බලමු.
අපි පොඩි කලේ ඉඳන්ම අපේ අධ්‍යාපන රටාවෙන්ම බිහි කරන්නේ කට පාඩම් ළමයි. මේක දැන් ඇහිලා ඇහිලාම කවුරුත් දන්නා දෙයක්.
පොඩි කලේ ඉඳන්ම හුරු කරලා 5 වසරේදී ළමයින්ට ඉගෙනීම එපා කරවලා 11 වසරේදී කට පාඩම් ළමයි ටික වර්ග කරලා 13 වසරේදී හොඳම කට පාඩම් ළමය සෙවීමේ තරඟයට අපේ රටේ කියන්නේ අධ්‍යාපනය කියල.
ඇයි මේ ක්‍රමේ හොඳ නැත්තේ සහ ඇයි මේක වෙනස් කරන්න කවුරුවත් උත්සහ නොකරන්නේ?
අන්න ඒකයි වැදගත්ම ප්‍රශ්නේ. මම කතා කරන්නේ අධ්‍යාපන ක්‍රමය කොහොමද රටේ ඇද වැටීමට බලපාන්නේ කියල නිසා මම වැඩි අවධානය යොමු කරන්නේ ඒ දේටයි.
මේ ක්‍රමය හොඳ නැත්තේ මේ ක්‍රමය මගින් බිහි කරන ළමයා කිසිම චින්තන හැකියාවක් නැති පරිකල්පනය හීන දරුවෙකු වීමයි.
අධ්‍යාපනයෙන් බිහි කල යුත්තේ තමන්ගේ බුද්ධිය වෙහෙසවා යමක් ඉගෙන ගන්නා අයෙකු මිස වෙනත් අයෙකු සොයා ගත දෙයක් කට පාඩමින් මතකයේ තියාගන්නා ගිරවෙකු නොවෙයි.
අනිකුත් රටවල ළමයින් කුඩා කල සිටම නව නිර්මාණ නව අදහස් නව සංකල්ප බිහි කරද්දී අපේ දරුවන් අහම්බෙන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණක් එසේ වෙයි. ඒ ඇයි?
අපේ රටේ දරුවන් දෙමව්පියන් විසින්ම මේ තරඟයට තල්ලු කරනවා. ඉතින් අසරණ දරුවන් රැල්ලට දුවනවා. ඒ අතරින් බුද්ධිමත් දෙමව්පියන් ඉන්න දරුවන් එක්කෙනෙක් දෙන්නෙක් වාසනාවකට ඒ රැල්ලට අහු නොවී කට පාඩම් රැල්ලෙන් එලියට වෙලා ඉගෙන ගන්නවා.
අපේ රටේ ළමයි 99% කට පාඩම් රැල්ලට යද්දී 1% එකෙන් බේරිලා ඉන්නවා.
ඇයි මේ කට පාඩම් රැල්ල කියල අපි වෙනම ලිපියකින් කතා කරමු.
දැන් මේ ක්‍රමය හොඳ නැත්තේ ඇයි? මොකද මේකෙන් දෙයක් හිතන්න පුළුවන් අයෙක් බිහි වෙන්න ඉඩ කඩ හරිම අඩු නිසා. නොවෙනවා නෙමෙයි. ඒත් බොහොම සුළු වශයෙන්.
එහෙනම් ඇයි මේක කවුරුවත් වෙනස් නොකරන්නේ?
මොකද මේ අධ්‍යාපන රටාවෙන් බිහි වෙන දෙයක් හිතල බලල තීරණය කරන්න බැරි මහා ජනයා මේ රටේ ඉන්න ලොකු ලොක්කන්ට නැතුවම බැරි නිසා.
මේ වගේ තක්කඩි පාර්ලිමේන්තු යවන්න නම් මේ වගේ තක්කඩි කියන අමු බොරු වලට ඇන්දන මෝඩ ඡන්ද දායකයෝ රැලක් ඉන්නත් ඕනේ.
හැබැයි රටේ ඡන්ද දායකය හරි වැරැද්ද මොකක්ද කියල හිතල බුද්ධියෙන් තීරණ ගන්න පිරිසක් නම් මේ තක්කඩින්ට එතෙන්ට යන්න බැරි වෙනවා.
එහෙනම් කරන්න තියෙන්නේ රටේ ජනතාව බුද්ධිමත් වීම නවත්තන එකයි. එකට කරන්න තියෙන්නේ මේ අධ්‍යාපන රටාව දිගටම පවත්වා ගෙන යන එකයි.
ඒ අතරේම වේදිකාවට නැගල කියන්න ඕනේ අද රටේ ජනතාව හරිම බුද්ධිමත් කියලා. දැන් මිනිස්සු හිතනවා ඔව් අපි බුද්ධිමත් කියල. ඒ අතරේ තක්කඩි ටික එකතු වෙලා පරම්පරා ගානකට හම්බ කරගන්නවා.
රැල්ලෙන් බේරුණු හතර පස් දෙනෙක් ට මොනවද කරන්න පුළුවන්. එයාල පැත්තකට වෙලා බලන් ඉන්නවා සිද්ද වෙන විනාසය.
බුද්ධිමත් අපේක්ෂකයෙක් ඡන්දය ඉල්ලුවත් මේ මෝඩ ඡන්ද දායකය ඡන්දය දෙයිද. නෑ. දෙන්නේ නෑ.
ඡන්දේ දෙන්නේ විසිල් බල්ටි පෙන්නන ආතල් දෙන ඇඟේ මයිල් කෙලින් වෙන්න යටි ගිරියෙන් කෑ ගහල කතා කරන තක්කඩි රැලටමයි.
රට එක තැන තියෙන්න අධ්‍යාපන රටාව හේතු වෙන්නේ එහෙමයි. ඒ කියන්නේ මහා ජනයාත් හේතුවක්. ඒ කියන්නේ ඔබත් මමත් හේතුවක්.

No comments:
Post a Comment