Thursday, December 1, 2011

දේව්දාස් ගෙන් මුරණ්ඩු හිතුවක්කාරියෙක්ට...

               ටික දවසක් නිහඬව ඉඳල මේ වගේ ලිපියක් පල කරන්න වෙයි කියල දේව්දාස් කීයටවත් හිතුවේ නෑ... වැඩි වැල් වටාරම් ඕනේ නෑ... සිද්ධ වුණු දේ කියන්නම්...

            දේව්දාස් ට හොඳ යාළුවෙක් හිටියා... මෙයා ගැහැණු ළමයෙක්... ටිකක් මුරණ්ඩු හිතුවක්කාර කෙනෙක්... දේව්දාස් නුයි මෙයායි යාළුවො වුණේ මීට මාස 6 කට විතර කලින් මුහුණු පොතෙනුයි... පස්සේ ගොඩක් ලඟින් ඇසුරු කරන යාළුවෙක් වුණා... ගැහැණු ළමයෙක් වුණත් දේව්දාස් පිරිමි ළමයෙක් වුණත් යාළුකමට ඒ කිසි දෙයක් බලපෑවේ නෑ...

            කොච්චර මුරණ්ඩු වුණත්, හිතුවක්කාර වුණත් මෙයා දේව්දාස් කියන දේ ඇහුවා... වැරද්දක් කරන කොට ඒක පෙන්නලා දුන්නම ඒ දේ හදා ගන්න තරම් නිහතමානි වුණා... දේව්දාස් මෙයාව හම්බවෙලත් තියනවා... මේ ලිපිය ලියන්න හේතුව වුණේ, මේ හිතුවක්කාරී දේව්දාස් ගේ හිත රිද්දවපු නිසයි... මේකයි වුණේ...

            දේව්දාස් ගේ අම්මට මේ හිතුවක්කාරිගේ අම්මව හම්බවෙන්න ඕනේ කිව්වා මොනවද වැඩකට... ඉතින් දේව්දාස් අම්මයි තාත්තයි එක්ක දැන් ටිකකට කලින්, දන්නා කියන විස්තර හොයාගෙන ගියා මෙයාගේ ගෙදර හොයාගෙන... ගෙදර එනවා කියල නොකිව්වේ පුදුම කරවන්න හිතාගෙනයි...

           එත දේව්දාස් දන්න විස්තර මදි වුණා ගෙදර හොයා ගන්න... ඉතින් ඒ වෙලාවේ දේව්දාස් මෙයාට call එකක් අරන් කිව්වා "අපි දැන් ගෙදර එන ගමන්... දැන් ඉන්නේ ***** තැන... මෙතනින් එහාට එන්නේ කොහොමද" කියලා... එතකොට මෙයා ටිකක් කලබල වෙලා කිව්වා "ඉන්න මම තව ටිකකින් call එකක් ගන්නම්" කියලා...

           මේ වෙලාවේම මොකක්දෝ අවාසනාවකට දේව්දාස් ගේ phone එකේ battery ඒක බැස්සා... දැන් කරන්න දෙයකුත් නෑ... මේ number ඒක තියෙන්නේ දේව් ගේ phone එකේ විතරයි... දේව් තාත්තගේ phone ඒක අරන් දේව් ගේ සිම් ඒක දාල බලන හිටියා call ඒක එනකන්... විනාඩි ක් විතර හිටියා... ඒත් නෑ... ටිකකින් sms එකක් එනවා "අපි මේ *** ලගේ ගෙදර ඉන්නේ... එයාගේ බාප්පා හදිස්සියේම නැති වෙලා... අපි මේ එහෙ ඉන්නේ" කියලා...

            මේ වෙලාවේ දේව්දාස් ට ඇති වෙච්ච වේදනාව හිතා ගන්නවත් බැරි තරම්... වෙන මොහොකටවත් නෙමෙයි... ඒ කිව්වේ බොරු කියලා දැනුන නිසා... දේව් ට ඒක බොරු කියල හිතුනේ මොකද කියල ඔයාලා බලනවා ඇති... හිතන්න පොඩ්ඩක්... ඇයි එහෙනම් දේව් ට ටිකක් ඉන්න කියල විනාඩි 10 කට පස්සේ ඔය දේ කිව්වේ..? ඇයි ඔය දේ ඒ වෙලාවේම කිව්වේ නැත්තේ..? ඒක හිතල කිව්වා දෙයක් කියන්න ඒ දේම ඇති නේද..?

            දේව්දාස් ට ඒ වෙලාවේ හිතුනා ඇයි මෙච්චර දුරක් ආවේ කියලා... දේව් ලගේ ගෙදර ඉඳං මෙයාලගේ ගෙදරට එන්න ටිකක් නෙමෙයි ඇත්තටම ගොඩක් දුරයි... ඒ ආවෙත් වෙන දෙයකට නෙමෙයි දේව් ගේ අම්මට මෙයාගේ අම්මව හම්බවෙන්න ඕනේ කිව්වා නිසා... ඒත් දේව් ට හිතා ගන්න බැරි ඇයි මෙයා එහෙම දෙයක් කලේ කියලා... මෙයා කලේ බොරුවක් කියන ඒක දේව් හොඳටම දන්නවා... ඒත් මෙච්චර හොඳ යාළුවෙක් වෙලත් ඇයි එහෙම කලේ..?

           හේතු ඇති... ඒත් ඒ හේතු කියන්නේ නැතිව බොරුවක් කියපු එකට දේව් කවදාවත් සමාව දෙන්නේ නෑ... දේව් ට බොරු කියන අය පෙන්න බෑ... කොච්චර හොඳ යාළුවෙක් වුණත් බොරු කිව්වා නම් දේව් එයාව තවත් යාලු කමේ තියා ගන්නේ නෑ...

           දේව් දන්නවා මේ ලිපිය මේ මුරණ්ඩු හිතුවක්කාරිත් බලනවා කියලා... දේව් ට කියන්න ඕනේ වුණු හැම දේම මේකේ කියවිලා නෑ... මොකද මේ ලිපිය ලියන්නේ සැලසුම් කරලා නෙමෙයි... හිතට එන දේ ලියනවා... ඔයාගේ හිත දන්නවා ඔයා කලේ බොරුවක් කියලා... ඒ වගේම ඔය දන්නවා දේව් ට බොරුකාරයෝ පෙන්න බෑ කියලත්... ඉතින් සමාවෙන්න... අදින් පස්සේ ඔයාට දේව් කියල යාළුවෙක් නැති වෙයි... ඒ වගේම ඔයා කියල තියන විදියට හොඳ සහෝදරයෙකුත් නැති වෙයි... මේ ඔයාගේ වැරැද්ද නිසයි... ඉතින් අපි සමුගනිමු... දුක වුණත් මේ අපේ යාලු කමේ අවසානයි...

දේව්දාස්...

12 comments:

  1. කලබල නොවී ටිකක් හිත නිවාගෙන හිතුවක්කාරිත් එක්ක කතා කරල බලමු නේද දේව්..සමහරවිට මොකක් හරි අසරණකමක් නිසා..කාගෙහරි බලපෑමක් නිසා එයාට එහෙම කියන්න වුණාද දන්නෙ නෑ නේ..කොච්චර කිට්ටු යාලුවෙක් වුනත් තව කෙනෙක් එක්ක බෙදාගන්න අකමැති දේවල් අපි හැමෝගෙම ජීවිත වල තියෙනවනෙ නේද..

    ඔයා කියනව වගේ එයා හොඳ යාලුවෙක් නම් එයාට නිදහසට කාරණා කියන්න ඉඩක් දීල බලන එක වටිනවනෙ..බොරු කිව්ව එක සාධාරණිකරණය කරනවා නෙවෙයි..ඒකනම් හරිම පහත් වැඩක්..ඒත් හැම සිදුවීමකම එක පැතිකඩකට වඩා පැති තියෙනවනෙ නේද..??

    ReplyDelete
  2. බොරු කියන එක නම් හරි නැ තමා..
    ඒත් හැමෝටම හේතු තියෙනවානේ දේව්.. ඒ නිසා එයාට පැහැදිලි කරන්න අවස්ථාවක් දීලා ඊට පස්සේ තීරණයක් ගන්න..

    ReplyDelete
  3. හදිසි තීරණ අරගෙන පසුතැවෙන්න එපා. තවත් අවස්තාවක් එයාට දෙන්න

    ReplyDelete
  4. හ්ම්ම්ම්.... මගේ නම තියන නිසා බය වුනා ඩිංගක්.. හික් හික් :D

    මොනා වුනත් කලබල වෙන්න එපා දේව්.. අපි ටිකක් ඉවසල බලමු නේ??? මොකද අවස්ථාවක් දෙන එක හොදයි.. මොකඩ පසුවට එතකොට පසුතැවෙන්න ඕනෙ නෑ....ඉක්මණ් තීරන නිසා දුක් වෙන්න ඕනෙ නෑනෙ.. නේද??

    ReplyDelete
  5. මචෝ මාත් ඔහොම තමා. ඒත් අනිත් පාර්ශවේ නිදහසට කාරණා අහලා තමා මම නම් තීරණයක් ගන්නෙ. ඒක නිසා දෙයක් වුන සැනින් තීරණයකට එන්න එපා. අහලා නැද්ද ඇස් දෙකෙන් පේන දේ දැක්ක සැනින්වත් කන්වලට ඇහුන දේ ඇහුන සැනින්වත් ඒ පිළිබඳව තීරණයකට එන්න එපයි කියලා.

    තව දෙයක්, රැවුලයි කැඳයි දෙකම බේර ගන්න වුන අවස්ථාවකට ඒ වෙලාවෙදි ඒ ළමයා මූන දීලා හිටියනම් එතනදි බොරු කීම සාධාරණීකරනට වෙනවයි කියලා මම හිතන්නෙ.

    ReplyDelete
  6. ඒත් දැන් පරක්කු වැඩියි... ඊයේ ඒ වෙලාවේම දේව් ඒ යාළුකමට තිත තිව්වා... දන්නවා කලේ මෝඩ වැඩක් කියලා... ඒත් දැන් ඒ දේ වෙලා ඉවරයි... :(

    දේව්දාස්...

    ReplyDelete
  7. මටනම් හිතෙන්නෙම කාරනා කියන්න තව අවස්තාවක් දෙන්න කියලයි.ඔච්චර හොද යාලුවෙක්නම් ඔයා කොහොමද එක පාරටම ඒ යාලුකම නැති කරන්නෙ?

    ReplyDelete
  8. කිසිම යාළුකමකට එහෙම තිත් තියන්න බෑ දේව්... ඔයා ටිකක් නම්‍යශීලී වුණොත්තෙයත් විවෘතව කතාකරාවි කියලයි මටනම් හිතෙන්නෙ... ''ඉක්මනට ක්‍රියාත්මක වුණොත්'' හදාගන්න බැරි වැරදි ජීවිතේ හරි අඩුයි...!!

    ReplyDelete
  9. මළ ගෙදර ගැන හෙව්වේ නැද්ද? එකෙන් පුලුවන් ඇත්ත නැත්ත අල්ල ගන්න. නියම සාක්ෂි එනකම් තිරණ ගන්න එපා

    ReplyDelete
  10. එයා අද message එකක් එවලා තිබුණා... ඒත් දේව්දාස් ට හිතෙන්නේ නෑ කොහොමටවත් ඒ වැරැද්දට සමාව දෙන්න... ලොකු කමකට නෙමෙයි... බොරු කියනවා කියන එක දේව්දාස් ට පේන්නම බැරි දෙයක්... මළගෙදර ගැන හොයල බලන්න ක්‍රමයක් නෑ... මොකද ලිපියෙන් කිව්වා වගේ මෙයාගේ ගෙදර තියෙන්නේ ගොඩක් දුරින්... දේව්දාස් ඒ පැත්තේ කවුරුවත්ම අඳුනන්නේ නෑ... ඉතින් ඒ ගැන හොයන්න ක්‍රමයක් නෑ... මේ යාළුකම නැති අඩුව පාළුව දේව් ට හොඳටම දැනෙනවා...

    දේව්දාස්...

    ReplyDelete
  11. සමාවෙන්න දේව් මෙහෙම කියනවට...''මේ යාළුකම නැති අඩුව පාළුව දේව් ට හොඳටම දැනෙනවා...'' යටි හිත එහෙම කියද්දි ඔයාගෙ ආඩම්බර උඩු හිත කියනවා...එයාට බොරුවක් කියන්න පුලුවන් වුණානම් තව මොනවට එයාගැන හොයනවද කියලා...ඒ ගැන පොඩ්ඩක් ඔයාගෙ හිතින්ම විපරම් කරලා බලන්නකො...

    ReplyDelete
  12. ඔව් ඇත්ත... හොඳ යාලුවෙක් නැති වෙන එකේ පාඩුව හැමෝටම වගේ දේව්දාස්ටත් දැනෙනවා... ඒත් ඒ හොඳම යාළුවම එහෙම බොරුවක් කිව්වා කියල හිතන කොට හිතට දැනෙන කලකිරීම කොහොමවත් නැති වෙන්නේ නෑ... ඔව් දේව් ගේ උඩු හිත ආඩම්බරයි... යටි හිත අවංකයි... ඒත් මොනවද දැන් කරන්න පුළුවන්..?

    දේව්දාස්...

    ReplyDelete