Monday, November 21, 2011

දේව්දාස් ගෙන් පුංචි කතාවක්...

            ගොඩාක් කාලෙකට පස්සේ ආයෙත් ආවත් දේව්දාස් ට ඉස්සර වගේ ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි... මේ පාර උසස් පෙළ වුවමනාවක් ඇතුව කරන නිසා ටිකක් මහන්සි වෙනවා ඒ වෙනුවෙන්... ඒ වුණත් ලියන්නේ නැතුව ඉන්නවා කියන එක නම් දේව් ට ටිකක් අමාරු වෙන දෙයක්... මොකද දේව්දාස් මේ බ්ලොගේ එක ලියන්නේ තමන් ලබන අද්දැකීම්, දුක, සතුට වගේ දේවල් බෙදා ගන්නනේ... ඉතින් දේව් ලියන්නේ නැතුව ඉන්න නම් කොහෙවත් නොගිහින්, මොනවත් නොකර එකම තැන ඉන්න වෙයි... මොකද එහෙම උනොත් විතරයිනේ ඔය කිව්ව එකක්වත් අත්දකින්න වෙන්නේ නැත්තේ...

             අද කියන්න යන්නෙත් දේව් අත්දැකපු දෙයක්... මීට දවස්‌ 2 කට කලින් දේව් අම්මත් එක්ක ගියා දේව් ගේ පෙර පාසැල් කාලේ යාලුවෙක්ගෙ ගෙදර... ඇත්තටම කිව්වොත් ඒ ගියේ අවුරුදු 14 න් කියන එක කවුරුවත් විශ්වාස කරන එකක් නෑ... පෙර පාසලෙන් අයින් වුනාට පස්සේ එදායි ආපහු ගියේ...

             අවුරුදු ගානකට පස්සේ වුණත් යාළුවගේ ගෙදර නම් වෙනස් වෙලා නෑ පොඩ්ඩක්වත්... දේව් යාළුවා එක්ක කතා කර කර ඉන්නකොට දැක්කා බිත්තියේ එල්ලලා තියනවා යාළුවගේ පුංචි නංගිගේ පින්තූරයක්... ළමා සාරිය ඇඳන් ඉන්න ඒ පින්තූරේ දැක්කම අවුරුදු ගානකින් දැකල නැති වුණත් නංගි කොච්චර පින්වන්ත පාටද කියල දේව් ට හිතුණා...

             ඒත්... විශ්වාස කරන්න එතකොටම දොරකින් එලියට මතු වුණේ ඒ පින්තූරේ ඉඳපු නංගිම  තමයි... ඒත් ස්වරූපය නම් සම්පූර්ණයෙන්ම වෙනස්... අඟල් වලින් මනින්න පුළුවන් පුංචි සාය කෑල්ලක් ඇඳන් ස්කිනර් එකක් ඇඳන් ආපු ඒ නංගි මද මේ පින්තූරේ ඉන්නේ කියල මම ආයෙත් පින්තූරේ දිහා බැලුවා... ඔව් මේ නංගි ම තමයි... ඒත් අර මුලින් හිතට දැනුණු දේවල් යටපත් කරගෙන පිළිකුලක් වගේ දෙයක් මතු වුණා... ඒත් ඒ ඇයි කියන්න දන්නේ නෑ...

             දේව්දාස් ට කියන්න ඕනේ වුණේ මෙන්න මේ දේයි... අපේ ළමා සාරිය අඳින ඕනෙම ගැහැණු ළමයෙක් හරිම පින් පාටයි... හරිම අහිංසක පාටයි... ඒත් අපේ ගැහැණු ළමයින්ට ඔය ළමා සාරියම දහම් පාසලට වුණත් ඇඳන් එන එක කොච්චර අමාරු වැඩක්ද? ගොඩක් ගැහැණු ළමයි කැමති නෑ ළමා සාරිය අඳින්න... ඊට වඩා හොඳයි එයාලට ගවුම අඳින එක... ඒත් ළමා සාරියෙන් මතු වෙන ඒ චාම් බව, පින්වන්ත බව මතු කරන්න මේ ලෝකේ කිසිම ඇඳුමකට බෑ කියලයි දේව් ට හිතෙන්නේ...

            මේ දේව්දාස් අත්දැකපු පුංචි සිදුවීමක් පමණයි... නමුත් දේව්දාස් හිතනවා මෙතන හිතන්න යමක් තියනවා කියලා... ඒ නිසයි මේ පුංචි සිදුවීම පළ කළේ... ඉතින් සිතීම හෝ සිනාසීම ඔබට භාරයි...

දේව්දාස්...

14 comments:

  1. ඉස්සර ගමේකමට අහිංසකව පින් පාටට හිටපු ඈයෝ පොෂ් වෙන්න ගිහින් !!!
    ඔවුවා ඔහොමට ගිහින් පින් පාට, කියන එක පාට පෙට්ටියට විතරක් සීමා වෙයිද මන්දා.

    ReplyDelete
  2. අනේ අප්පේ.. මෙහෙමයි ගම වල ඉන්න ඈයෝනට සමහරක් වෙලාවට මේ පොෂ් විෂබීජේ ඇතුල් උනාම ඒ ගොල්ලෝ දන්නෙම නැතුව ඕනාවට වඩා කැපී පෙන්න ගිහින් විකෘර්ති වෙනවා. සමහර නගරබද ගැහැණු ළමයි ඉන්නවා සිංහල කමට අදින පළදින අය.. එහෙම අය මම දැකලත් තියෙනවා. මේක ට වැරදිකාරයා කියන්න කෙනෙක් නැහැ, සමාජේ හැඩගැහිලා තියෙන විදිය. සමහර අය එහෙම අදින්නේ ඒ ගොල්ලන් ඒ සමාජයෙන් නෙරපයි කියල බයට.. ගැහැණු කම තියන අදිනවානම් පලදිනවානම් මේ ලංකාව මීට වඩා ලස්සනයි.. මේ මම දාපු පලවෙනි කමෙන්ටුව.. සතුටුයි.. දිගටම ලියන්න..

    ReplyDelete
  3. මධුරංග - ඒක ඇත්ත... පොෂ් වුණත් කමක් නෑ... එත පොෂ් වෙන්නත් විදියක් තියෙයි... මේ යන විදියට ගියොත් නම් අනිවාර්යෙන්ම ලංකාවේ ජාතික ඇඳුම අඟල් 10 පුංචි සාය කෑල්ල වෙනවා...

    දේව්දාස්...

    ReplyDelete
  4. හා හා. පිලිකුළක් හිතුනෙයි කියලා හිතමුකො..හ්ම් හ්ම්..:))

    ReplyDelete
  5. වර්ණා - හැම කෙනාම මේ වගේ නෑ තමයි... එත බහුතරයක් මේ ගොඩට අයිතියි කියලයි දේව් ට හිතෙන්නේ... බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට... දිගටම ඇවිත් දේව්දාස් ව ධෛර්යමත් කරයි කියල දේව් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  6. සීතල අයියා - පිළිකුලක් ඇති වුණා කිව්වේ ඉස්සෙල්ල ඇති වෙච්ච සිතුවිලි කොහෙත්ම ඒ දැක්ක රූපෙට ගැලපෙන්නේ නැති නිසා වෙන්න ඇති කියලයි දේව් ට හිතෙන්නේ...

    දේව්දාස්...

    ReplyDelete
  7. හ්ම්... ඇත්තටම ළමා සාරිය ගෑණු ලමයෙක්ට මොන තරම් ගැලපෙනවද.මොනවා කරන්නද අද කාලෙ කොට සායවල් වලට පුදුම තැනක් ලැබිලානෙ.ඕවා ඇදගෙන කොහම ඇවිදිනවද මන්දා.

    ReplyDelete
  8. නිසුපා - ඕවා ඇඳන් ඇවිදින එක කළා කියමු, එත කොහොමද හරිහැටි වාඩි වෙලා ඉන්නේ...

    දේව්දාස්...

    ReplyDelete
  9. වර්ණා - මොකද හ්ම්ම්..?

    දේව්දාස්...

    ReplyDelete
  10. කෝ ඉතින් මේ ළමයා ගියා ගියාමයි තාම නැහැ නොවැ

    ReplyDelete
  11. ආවා... ආවා... මෙන්න ආවා...

    දේව්දාස්...

    ReplyDelete
  12. නෑ නේ...

    දේව්දාස්...

    ReplyDelete