Saturday, October 29, 2011

දේව්දාස් නම් වූ සහෝදරයා...

            අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සහ කරන දේව්දාස්; බ්ලොග් පිටුවේ මේ ලියන්න හදන්නේ දේව් ගේ සහෝදර, සහෝදරියෝ ගැන නම් නෙමෙයි... මේක විශ්වාස කරන්න අමාරු, නමුත් 100% ඇත්ත සිදුවීම් කිහිපයක් එක මාතෘකාවක් යටතට ගන්නට දරණ උත්සාහයකුයි...

            කතාව පටන් ගන්නේ දේව්දාස් උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලයේදීයි... නිකන් ඉන්න කම්මැලි කම නිසා මුහුද පැත්තේ ගිහින් අනූ නමයෙන් බේරුණු සිද්ධිය දැනටමත් දන්නවනේ... මේ සිද්ධිය  වුණේ එහෙම අත කඩාගෙන ඇවිදින්න බැරුව ගෙදරට වෙලා ඉන්න කාලෙදියි... දේව් ගේ ගෙදර පෙර පාසලක් පැවැත්වෙනවා... ඒ කියන්නේ දේව් ගේ ගෙදර, ගොඩනැගිල්ලක ගුරුවරියෝ දෙන්නෙක් උගන්නවන පෙර පාසලක් තියනවා... දේව් ට කොහෙවත් යන්න තහනම් නිසා දේව් නිකන් ඉන්න කම්මැලි කමට මේ පෙර පාසලට යන්න පුරුදු වුණා... මේ පෙර පාසල පාලනය කරන්නේ දේව් ගේ අම්මා... ඒකයි එහෙම යන්න පුළුවන් වුණේ...

            ඉතින් මෙහෙම ගිය පළවෙනි දවසෙම දේව් ට එක පොඩි ළමයෙක්ව හිතට ඇල්ලුවා... එකට හේතු ගොඩක් තිබුණා... එකක් ඒ පොඩි ළමයට තිබුණේ පාරෝගේ පොඩි කාලෙට ගොඩාක් හුරු මුහුණුවරක්... අනිත් එක දේව්දාස් තමයි පවුලේ බාලයා... ඉතින් දේව් හරි ආසයි නංගිලාට... දැන් ඉතින් දන්නවනේ මේ පොඩි කෙනා ගෑණු ළමයෙක් කියලා...

            ඉතින් දේව්දාස් මේ පොඩි ගෑණු ළමයා එක්ක ගොඩක් යාලු වුණා... කොච්චර යාලු වුනාද කිව්වොත් ඒ පොඩි කෙනා දකින්නේ නැතුව දවසක් ඉන්න බැරි වුණා... දේව් ට විතරක් නෙමෙයි, ඒ පොඩි කෙනාටත් එහෙමමයි... ඉතින් අවුරුද්දකුත් මෙහෙම ගෙවිලා ගියා... මේ අවුරුද්දක කාලය ඇතුලත දේව් එක්ක පොඩි ගෑණු ළමයා වගේම, එයාගේ පවුලේ අයත් ගොඩක් ලං වුණා... ඒ ළමයගේ අම්ම දේව් ට කිව්වේ ලොකු පුතා කියලා... දේව් ඒ පොඩ්ඩි ගේ අක්කලට කිව්වේ පොඩි නංගි, ලොකු නංගි කියලා...

             ඒත් දේව් පාසලේ උගන්නන්න යනවාත් එක්කම ඒ පොඩ්ඩි එක්ක තිබුණ ආශ්‍රය ටිකක් අඩු වුණා... ඒත් දේව් ව දැකපු තැන දුවල ඇවිත් දේව් ව බදාගන්න තරම් ආදරයක් ඒ පොඩ්ඩි ගේ හිතේ තිබුණා... දේව් ටත් එහෙමමයි...

            මීට දවස් කීපයකට කලින් පෙර පාසලෙන් ළමයින් චාරිකාවක් එක්කරගෙන ගියා... ඒ චාරිකාවට සහභාගී වෙන්න දේව්දාස් ටත් අවස්තාවක් ලැබුණා... මුළු චාරිකාව පුරාවටම මේ පොඩ්ඩි හිටියේ දේව් එක්කමයි... අම්මලා ගාවට නොගිය තරම්... ඇවිද්දේ දේව් එක්ක... කෑවේ දේව් එක්ක... නිදා ගත්තේ දේව් ළඟ... මෙතැනදී පොඩ්ඩි දේව් ට ගොඩක් ලං වුණා...

            මේ ලිපිය ලියන්න හේතු වුණු සිද්ධිය සිද්ධ වුණේ අදයි... අද හවස දේව් ගේ අක්කා ගෙදර ආපු ගමන්ම දේව් හොයන් ආවා... ඇවිත් කිව්වා අර පොඩ්ඩියි එයාගේ අම්මයි, පොඩි නංගියි පාරේදී උදේ මුණ ගැහුණා කියලා... එතැනදී පොඩ්ඩි ගේ අම්මා දේව් ගේ අක්කට කියලා, මේ පොඩ්ඩි කියනවලු ගෙදරදී මේ මාස දෙකෙන් පස්සේ මොන්ටිසෝරි ගිහින් ඉවර නිසා දේව් අයියව බලන්න වෙන්නේ නැති නිසා, දේව් අයගෙන් ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලගන්න, කතා කරලා ඉන්න වෙලාවක් බලලා මාසෙට සැරයක් ගිහින් බලලා එමු කියලා...

             තාමත් පෙර පාසල් දරුවෙක් වුණත් ඒ පොඩ්ඩි හිතල තියන දුරක් කියලයි දේව් ට නම් හිතුනේ... පොඩ්ඩි දන්නවා තව මාස දෙකකින් දේව් අයියව බලන්න වෙන්නේ නෑ කියලා... ඉතින් එකට විසඳුමකුත් හිතලා... පොඩි අයගේ මොළයට ගොඩක් දේවල් හිතන්න, තීරණ ගන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා අපි කවදාවත් හිතන්නේ නෑ... ඒත් මේ පොඩ්ඩි තාමත් පෙර පාසල් දරුවෙක්... බලන්න හිතපු දුරක්... ප්‍රශ්නේ අඳුනගෙන, ඒකට උත්තරයත් එයාම හොයාගෙන...

            දේව්දාස් දන්නේ නෑ මේ පොඩ්ඩි දේව් ගේ ජීවිතේට කොහොම ආවද කියලා... ඒත් දේව් දන්නවා දැන් මේ පොඩ්ඩි දේව් ට දේව් ගේම නංගි වගේ කියලා... සමහර සම්බන්දතා උපතින් නොලැබුණත් ආශ්‍රයෙන් ඇති වෙනවා... මේ පොඩ්ඩි ත් දැන් දේව් ට තමන්ගේම නංගි වගෙයි... පෙර පාසලින් පාසලට ගියත්, පාසලෙන් විශ්ව විද්‍යාලයට ගියත්, මේ පොඩ්ඩි දේව් ට හැමදාමත් පොඩ්ඩි විදියටම පෙනෙයි...

            මේ දේව්දාස් ට උපතින් නොලැබුණත්, අහඹු ලෙස මුණ ගැසුණු හුරුබුහුටි සහෝදරිය මුණ ගැසුණු ආකාරයි...

දේව්දාස්...

10 comments:

  1. කාලෙකට පස්සේ බ්ලොග් පැත්තට ආවේ. මම හිතාගන හිටියේ දේවත් මම වගේම අතුරුදහන් වෙලා කියලා. බලන් යනකොට අපි දෙන්නම ඉන්නවා. බැදීම් කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. අපිට සමහර අය දකිනකොට පුදුමාකාර බැදීමක් ඇති වෙනවා. තවත් සමහර අය දකිනකොට එහෙම හැගීමක් ඇතිවෙන්නේ නැ. සමහර විට එක සංසාර පුරුද්දක් වෙන්න ඇති. ආදරේ කියන බැදීමට ලොකු පොඩි බේදයක් නැහැනේ.

    ReplyDelete
  2. හම්මෝ... දේව් ආයෙත් ආව එකනම් හොදයි.. :)
    හ්ම්ම්... සමඩර බැඳීම් තියනවා අපිට හිතාගන්න බෑ... ඒ පොඩ්ඩි ඔයාගෙ පෙර ආත්මෙකදි ළගින්ම හිටපු කෙනෙක් වෙන්න ඇති.. ඒ තරම් සමීප බවක් ඔයාටත් දැනෙන්න ඇත්තෙ ඒකයි...ඒක සංසාර පුරුද්දකට හමුවුනු අපූරු බැදීමක්...

    ReplyDelete
  3. අම්බලම - අම්බලමත් පහු ගිය කාලේ අතුරුදහන් වෙලා ඉඳල වගෙයි... අම්බලම කිව්වා වගේ මේ පොඩ්ඩි සංසාරේ දේව් එක්ක එකට හිටපු කෙනෙක් වෙන්න ඇති... එක නිසා වෙන්න ඇති මෙච්චර කිට්ටු බැඳීමක් තියෙන්නේ...

    දේව්දාස්...

    ReplyDelete
  4. හිතුවක්කාරී - ඇත්ත... මේ පොඩ්ඩි පෙර ආත්මෙක මගේ කිට්ටුම කෙනෙක් වෙන්න ඇති... මේ ආත්මෙත් එහෙමයි... ඉදිරියටත් එහෙම කියලා දේව්දාස් ප්‍රාර්ථනා කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  5. සමහර බැඳීම ඇත්තටම හිතාගන්න අමාරුයි මල්ලී, මට වුනත් ඒ වගේ බැඳීම් ඇති වෙලා තියෙනවා. ජීවිතේට හිතපු නැති අය එක කුසින් උපන් සහෝදරයෝ ගානට ලං වුන අවස්ථා,. ඒ වගේ බැඳීම් හරිම සුන්දරයි,.

    ReplyDelete
  6. ප්‍රාර්ථනා - මේ බැඳීමත් ඒ වගේම බැඳීමක්... දේව්දාස් ව තේරුම් ගන්න ප්‍රාර්තනාට පුළුවන් ඇති එහෙනම්...

    දේව්දාස්...

    ReplyDelete
  7. මටත් ඔය වගේ බැදීමක් තියෙන නිසා ඔයා කියන එක හොදට තේරෙනවා.පොඩි එකී හරි දක්ෂයි වගේනෙ.

    ReplyDelete
  8. නිසුපා - ඔව්... පොඩ්ඩි ගොඩක් දක්ෂයි... අනාගතේ හොඳ තැනකට යන්න පුළුවන් කෙනෙක්... ඒ වෙනුවෙන් දේව්දාස් පුළුවන් හැම උදව්වක්ම කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  9. ගොඩක් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. පොඩ්ඩි උනාට හිතන්නෙ නම් ලොක්කියෙක් වගේ. කොහොම උනත් මොලේ තියන කෙළි පැටියෙක්.

    ReplyDelete
  10. හංසි - දේව්දාස් බ්ලොග් ලිපියක් පල කලෙත් ගොඩක් කාලෙකින් හංසි... ඔව්... පොඩ්ඩි වුණාට හිතන්නේ ලොක්කියෙක් වගේ කියන කතාවට නම් දේව්දාස් නුත් එකඟයි... :) බොහෝම ස්තුතියි හංසි කාලෙකින් වුණත් මේ පැත්තේ ආවට...

    දේව්දාස්...

    ReplyDelete