Wednesday, August 3, 2011

දේව්දාස් නැමති ගුරුවරයා...

            කලින් ලිපි වලින් කිව්වා වගේ දේව්දාස් කියන්නේ ගුරුවරයෙක්... අද මේ ලිපිය දේව්දාස් නැමති ගුරුවරයාගේ ගුරු ජීවිතය ගැන යමක් පැවසීමට ලියන ලද්දක්... කලින් ලිපියේ විසිතුරු අහල තිබුනා පාරෝ, චන්ද්‍රමුඛ් ගැන... එයාල ගැන ලිපි ඉදිරියට පල කරන්න බලාපොරොත්තු වෙනවා... ඉතින් අද කියන්න හදන්නේ දේව්දාස් ගේ ගුරු ජීවිතේ ගැන...

            මම ඉංග්‍රීසි විෂය භාර ගුරුවරයෙක් උනත් අනිත් භාහිර වැඩ කටයුතු, පරිගණක අංශයේ වැඩ කටයුතු වලටත් සම්බන්ධ වෙනවා... මම මුලිනුත් කිව්වා වගේ මම ඉගැන්වීම් කරන පාසල ගම්බද පාසලක්... මට ඉගැන්වීම් කටයුතු තියෙන්නේ 1 කාල පරිච්චේදයක විතරයි... දවසක් මම දැක්ක 8 හෝ 9 යේ පන්තිවල පෙනුම තියෙන ළමය ටිකක් ඩෙස්ක් එකක ලෑලි කඩනවා... ඉතින් මම ලඟට ගිහින් සැරෙන් ඇහුව මොකද ඔය කරන්නේ කියල... එතකොට බයෙන් බයෙන් අ ළමය කිව්වේ සර්, බෝල ගහන්න බැට් එකක් හදා ගන්න කියල... අපි අතරේ ක්‍රිකට් කියන ක්‍රීඩාව කොච්චර ජනප්‍රියද කියල මම කියන්න ඕනේ නෑ... මම පාසලේ ක්‍රීඩා ගැන හොයන කොට තමය දන ගන්න ලැබුණේ මේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමක් වත නෑ කියල... හැබැයි ලොකු පිට්ටනියක් නම් තියෙනවා...

             ඉතින් මම ක්‍රීඩා කරන ගුරුතුමා එක්ක කතා කරලා 8 , 9 පන්තිවලින් කණ්ඩායම් හදල ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්න සූදානම් කළා... එක පන්තියකින් එක කණ්ඩායමක් විදියට තරඟය සූදානම් කළා... ඉතින් ඒ තරගාවලිය ඊයේ දවසේ ඇතලත පවත්වලා ඉවර කළා... ඒත් අන්තිම මහා තරඟය අද දවසේ පාසලේ ළමුන් , ගුරුවරු ඉදිරියේ පවත්වන්න ළමයි කැමති උනා... මොකද උන් ආසයි කොල්ලෝ කෙල්ලෝ ඉස්සරහා, තමන්ට උගන්නන ගුරුවරු ඉස්සරහා තමන්ගේ වැඩ පෙන්නන්න... උන් විතරක් නෙමෙයි අපිත් ආසයි නේ...

             අද අවසන් මහා තරඟය පැවැත්වුවත් යම් යම් හිත රිදෙන සිද්ධීන් නොවුනාම නෙමෙයි... 35 කට ආසන්න ගුරු මණ්ඩලයට කල ආරාධනය පිළිගෙන ළමයින්ගේ දක්ෂතා බලන්න ආවේ ගුරුවරු 2 යි... අනිත් ගුරුවරු නොආපු හේතුව මම දන ගත්තේ පස්සේ... හේතුව තමයි මේ තරඟාවලිය සූදානම් කලේ දේව්දාස් වීම... හැම තැනකම මෙහෙම අය ඉන්නවා කියල මම දන්නවා... එක නිසා මම සැලෙන්නේ නෑ... හැබැයි මේ තරඟාවලිය දැකල ඒ අතර හිටිය දක්ෂතා ඇති ළමුන් එකතු කරලා පාසැල් ක්‍රිකට් කණ්ඩායමක් හදන්න ක්‍රීඩා භාර ගුරුතුමා තීරණය කළාම දේව්දාස් ට දැනුන සතුට වචනෙන් විස්තර කරන්න බෑ...

            දේව්දාස් මේ පාසැල තුල සිදු කළ තවත් දේවල් ඉදිරි ලිපි වලින් ලියන්න දේව්දාස් බලාපොරොත්තු වෙනවා... නමුත් මම මේ දේ කියන්නම ඕනේ... මේක අද මගේ ඇස දෙක ඉස්සරහා සිදු උන සිදුවීමක්...

            මම විභාග ශාලාවේ ඉන්න වෙලාවේ එකතරා ගුරුතිමියක් *** කියන්නේ කව්ද කියල ඇහුවා... ඉතින් *** කියන ළමයා ඇත ඉස්සුවා... ඊට පස්සේ ඒ ගුරුතුමිය ඒ ළමයට හොඳටම බැන ගෙන බැන ගෙන ගියා... මුළු විභාග ශාලාවම මේ ළමය දිහා බලාගෙන... හේතුව අ ගුරුතුමිය ගේ ප්‍රශ්න පත්‍රයට ලියල තියෙන උත්තර වැරදි නිසා... මේ ළමය ඔලුව උස්සන්නේ නැතුව ඉන්නවා... ඇස දෙකේ කඳුළු පිරෙනවා නොදැක්කත් එහෙම වෙන්න ඇති... මොකද එයා ගැහැණු ළමයෙක්... පාසලේ ඉන්න අහිංසක ළමයෙක්... මේ ළමයා ඒ වෙලාවේ ලිය ලිය හිටිය ප්‍රශ්න පත්‍රය දිහා බලාගෙන ඉන්නවා... මම ලඟට ගිහින් කිව්වා " *** ඔයා ඕවා ඔලුවට ගන්නේ නැතුව දැන් ඕකට උත්තර ලියන්න, නැත්නම් ඕකටත් ඔහොම බැනුම් අහන්න වෙයි. " කියලා... ඒත් ඒ ළමයා ඒ ප්‍රශ්න පත්‍රයට හරියට උත්තර ලිව්වා කියල මම හිතන්නේ නෑ...

            මම මේ දේ ලිව්වේ මෙහෙම ගුරුවරුත් අපි අතරේ ඉන්නවා කියල කියන්න... තමන්ගේ විෂයට ලකුණු අඩු උනොත් කලාප කාර්යාලයට ඒ ගැන හේතු කියන්න වෙනවා...  ඒකයි මේ ගුරුවරු අසරණ ළමයන්ට මෙහෙම කරන්නේ... ගොඩාක් ගුරුවරු හිතන්නේ ළමයි ගැන නෙමෙයි තමන් ගැන... ඒ අසරණ කෙල්ලා ඒ ලිය ලිය හිටපු විෂයට හරියට උත්තර ලිව්වා කියල ඔයාල හිතනවද? මම නම් හිතන්නේ එහෙම උනේ නෑ කියලා...

දේව්දාස්

18 comments:

  1. මචං මේ ලංකාවනේ බං ඒක හින්දා ඕවා සාමාන්යයි.... උබ හරියට උබේ වැඩේ කරපං..... කවුරු මොනා කිවුචත් ගනං ගන්නේ නැතුව

    ReplyDelete
  2. ඒ ළමයි තේරුම් ගන්න පුළුවන් එක ගුරුවරයෙක් හරි ඉන්න එක ලොකු දෙයක්... ඒත් ගෑනු ළමයින්ගෙ හිත හදන්න කතා කරනකොට "දුවේ" කියලම කතා කරන්න. නැත්නම් ඔය ටීචර්ම ඊලඟට කතාවක් හදලා පතුරයි...

    ReplyDelete
  3. මාලන් කියපු දේ ඇත්ත , මේක ඉතින් ලංකාවනේ.ඔය දේවල් හරි සාමාන්‍යයි.අපිට තියෙන දේ අපි හරියට කරාම හරි වෙන අය කියන දේවල් ගනන් නොගෙන..

    ReplyDelete
  4. අම්මෝ පුදුම ගුරුවරු නේ. ප්‍රශ්න පත්තරයක් ලිය ලිය ඉන්නකොට ඒ ළමයගේ මානසික මට්ටම ගැන හිතන්න එපැයි.

    ReplyDelete
  5. MaRLaN - ඔව්... තමන් කරන වැඩේ හරියට කළාම ඉවරයි... ඒත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු විදියට ඒ සිද්ධ වෙන දේවල් දිහා බලලා අහක බලන් ඉන්න අමාරුයි... ඉවසීමෙන් සැනසීම ලැබෙනවද කියල මම මේ දවස වල බලනවා...

    ReplyDelete
  6. මන්තරකාරී - ඒක නම් ඇත්ත... ඒත් තාමත් අවුරුදු 19 ක කෙනෙක්ට අවුරුදු 12 ළමයෙක්ට දුවේ කියන්න පුළුවන් ද කියන ගැටලුව දේව්දාස් ටත් මුලින් ආවා... තාමත් දේව්දාස් ට ඒ ගැටලුවේ අගක් මුලක් හිත ගන්න බැරුවයි ඉන්නේ...

    ReplyDelete
  7. ChammA - ඔව්... තමන් කරන වැඩේ හරියට කළාම ඉවරයි... ඒත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු විදියට ඒ සිද්ධ වෙන දේවල් දිහා බලලා අහක බලන් ඉන්න අමාරුයි... ඉවසීමෙන් සැනසීම ලැබෙනවද කියල මම මේ දවස වල බලනවා...

    ReplyDelete
  8. මධුරංග - සිල් රැක්කත් නැතත් සිවුරට අපි ගරු කරලා "හාමුදුරුවනේ" කියල කියනවා වගේ, තමන් ට කරන්න තියෙන උතුම් රාජකාරිය අමතක කරලා මාසේ අන්තිමට ලැබෙන පඩිය ගැන හිතන ගුරුවරුන්ටත් අපිට ගරු කරන්න වෙලා... අසරණ ළමයි...

    ReplyDelete
  9. ගුරුවරු නෙවෙයි දෙවිවරු උනත් උපන් ගති අත අරින්න බෑලුනේ....

    ReplyDelete
  10. StArry aNgeL - ඒක ඇත්ත... ඒත් ඒ වගේ ගුරුවරු ඉන්න පාසැල් වල ළමයින්ට දෙයියන්ගේම පිහිටයි...

    ReplyDelete
  11. try to change the system...but be careful.. cause most of people don't like people who try to change the system..

    ReplyDelete
  12. Red Riding Hood - I am trying to change this system... As you said, there many people who don't like me as i am trying to do something different... But I don't care them... I try to do my best... Thanks a lot for your comment...

    Dhevdhaas...

    ReplyDelete
  13. රහස් පරීක්ෂකයා - බොහෝම ස්තුතියි...

    දේව්දාස්...

    ReplyDelete
  14. ගුරුවරයා කියන්නේ ළමයින්ට යහ මග පෙන්වන වැදගත් පුද්ගලයෙක්.එවැනි තනතුරු වල ඔය වගේ අය ඉන්න එක කණගාටුවට කරුණක්.නමුත් ලංකාවේ ගොඩක් තැන් වල සිද්ධ වෙන්නේ ඕකයි .....................

    ReplyDelete
  15. The Lion - ඕනෙම තැනක ඒ වගේ ටික දෙනෙක් ඉන්නවා... ඒ අය කවද හරි පසු තැවෙයි මේ දේවල් ගැන...

    දේව්දාස්...

    ReplyDelete
  16. ඕව ගණන ගන්න එපා. ලංකාවේ ඔහොම තමයි..

    ReplyDelete
  17. වර්ණා - ඔව්... ලංකාවනේ කියල හිත හදා ගන්න එක තමයි කරන්න තියෙන්නේ...

    දේව්දාස්...

    ReplyDelete